IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හෝටල් හිමියාගේ කනෙන් රිංගන්න ගොස් ඉදිමෙන්න කාලා

හෝටල්වලින් නිකන් කන්න ගිය උපාය එදා අතේම පත්තුවී බඩකට පුරා කෑම බීම සමගම ගුටිබැට කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


හේ හෝටල්වලට ගොස් නිකන් කන්න අපූරු උපායක් භාවිතා කළ අයෙකි. මෙලෙස ඔහු හෝටල් කිහිපයකින්ම නිකන් කෑවේය. ඔහුට එදා සිය උපාය වැරදුණේ හෝටලයේ සවිකර තිබෙන සීසීටීවී කැමරා පද්ධතිය නිසාය.


එදත් ඔහු හෝටලයට ගියේ බඩකටපුරා නිකන් කන්නය. ඒ සඳහා ඔහු හෝටලයේ තියෙන ඉස්සරම්ම කෑම බීම වර්ග ඇණවුම් කළේය. සේවකයින් ඔහු ඉල්ලූ කෑමබීම සැපයූ පසු ඔහු ඒ කෑමබීම ජාති බඩට හනි හනිකට දමා ගත්තේය. තමන්ගේ බඩ හොඳටම පිරුණු පසු හේ මහා හයියෙන් කෑගසා මේවද අපිට කන්න දෙන්නේ හොඳ වැඩක් මම තමුසෙලාට කරනවා කියමින් සිය කමීස සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගත්තේය.


මේ කලබලය ඇසී එතනට පැමිණි හෝටලයේ සේවකයින් ඇයි ඇයි මොකද මොකද කියා ඔහුගෙන් ඇසුවේය. මේ බලනවා අයිසේ මේ කුකුල් මස් කරියේ මැරිච්ච කැරපොත්තෙක් පීඑච්අයිට දන්වනවා යැයි කියමින් එතන දෙවනත් කරමින් සිටියේ මීට පෙර තමන් වෙනත් හෝටල්වල මේ උපාය ක්‍රියාත්මක කරමින් නිකන් කා ඇති පුරුද්ද නිසාය.


පිරිසුදුකම ඉහළින්ම තියෙන මේ හෝටලයේ මේ පුද්ගලයා කියන ආකාරයට කෙසේවත්ම කුකුළු මස් හොද්දට කැරපොත්තෙක් වැටෙන්න බැරිබව වටහාගත් හෝටලයේ අයකැමි පුටුවේ සිටි හෝටලයේ අයිතිකරු සැකසිතෙන අයුරින් වටපිට බලමින් සිය හෝටලයේ කෑම කමින් සිටි මේ පුද්ගලයා පිළිබඳව අවධානය ඔහුට යොමුවූයේ වරක් දෙවරක් නොවේ. එම නිසා මඳක් ඒ පිළිබඳව කල්පනා කළ හෝටල් හිමිකරු සිය හෝටලයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය හොඳින් නිරීක්‍ෂණය කළේය. මොහුගේ මේ කූට උපාය අසුවුණේ එවිටය.


මේ පුද්ගලයා බඩ පැලෙන්න කෑම බීම කා අවසානයේදී තමාගේ ගමන් මල්ලෙන් ගිනිපෙට්ටියක් එළියටගෙන එයින් මියගිය කැරපොත්තෙකු අවසන් වෙමින් තිබූ කුකුළු මස් හොද්දට දමන ආකාරය සීසීටීවී කැමරාවේ සටහන්වී තිබුණේය. මේ දර්ශන ඔහුට ද පෙන්වූ හෝටලයේ හිමිකරු සිය හෝටලයෙන් නිකන් කෑමට ගොස් තමන්ගේ හෝටලයට ද කැලළක් එක් කිරීමට ගිය මේ පුද්ගලයාට හොඳට අතින් පයින් හෙළන්නටද උපදෙස් දුන්නේය. මෙයින් දිරිමත් වූ එම හෝටල සේවකයෝ ඔහුට හොඳට ලුණු ඇඹුල් ඇතුව ඔහුගේ සිරුර ඉදිමෙන තෙක් නෙළුවෝය.


හොඳට බඩකට පිරෙන්න කෑම බීමද කා ඊටත් වැඩියෙන් ඇඟපත ඉදිමෙන්න ගුටි කෑ ඔහු එතැනින් දිවගියේය.


වෙනදා වෙනත් හෝටලවලට ගොස් ඔහු මේ උපක්‍රමය අපූරුවට රඟ දක්වන අතර එහි හිමිකරුවන් ඔහුට පවසනුයේ අනේ මහත්තයෝ මේ ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට දන්වන්න එපා එසේ කීවොත් අපිට දඩ කන්න වෙයි. කියමින් ඔහු දෙසාබෑ කෑමවලට ද මුදල් නොඉල්ලා ඔහුගෙන් සමාව ගනිමින්ය.

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

හෝටල් හිමියාගේ කනෙන් රිංගන්න ගොස් ඉදිමෙන්න කාලා

පිටබැද්දර ජයා Wednesday, 03 August 2016 01:08 PM

බඩගින්නේ මැරෙනවා මීට හොඳයි නේද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site