(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට පත් වූ තරුණ රූමත් කාන්තාවක් එම හෝටලයේ සූපවේදියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් පසුගිය දිනක ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
එම වාර්තාවට අනුව මෙම සිද්ධියට මුහුණපෑ කාන්තාව බියගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරන ඇය විවාහක තරුණ රූමත් කාන්තාවකි.
බස්නාහිර පළාතේ හෝටලයක පැවැති මෙම මංගල උත්සවය ද එම ආයතනයේම සේවිකාවකගේය. මේ සඳහා ආරාධනා ලැබු අදාළ කාන්තාව ද සිය සැමියා සමඟ මේ සඳහා සහභාගි වූ අතර, ඊට අමතරව එම ආයතනයේ මෙන්ම මනාල යුවළගේ පාර්ශ්වවලින් ද සැලකිය යුතු පිරිසක් මෙම මංගල උත්සවයට සහභාගි වී සිටියහ.
සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍රවලින් අනතුරුව මංගල සාදයේ වැඩකටයුතු ආරම්භ විය. එය වඩාත් හැඩ වැඩ ගන්වන්නට හෝටලය ගානේ කඨෝර සංගීතයක් ද සපයා තිබිණි. ඇතැම්හු කති, බොති, නටති, ගී ගයති. ඇතැම්හු මුකුත්ම නැතිව ඒ දෙස බලා සතුටු වෙති.
කෑම කන අය අතර අදාළ කාන්තාව ද වූවාය. බත්පතින් හරි අඩක්වත් කන්න ඇයට ඉඩක් ලැබුණේ නැත. වම්පස හස්කේ දිරාපත් වෙමින් තිබියදී ළඟදී ගලවා දැමූ දතකට සම්බන්ධ කුහරය තුළ යමක් තදින් සිරවීම නිසා ඇති වූ වේදනාව හේතුවෙන් කෑම ගැනීම තියා ඇයට උන්හිටි තැන් පවා අමතක වී එක් වරම කට අල්ලාගෙන ”අම්මෝ.....” යැයි කීවාය. එහෙත් මේ වන විට මංගල සාදය උණුසුම් අවස්ථාවට පැමිණ තිබූ නිසා ඇගේ කෑ ගැසීම ළඟ සිටි යෙහෙළියන් කීප දෙනකුට හැර සෙස්සන්ට ඇසුණේ නැත.
ඒ අනුව ක‍්‍රියාත්මක වූ යෙහෙළියන් දෙදෙනකු සිද්ධියට මුහුණපෑ කාන්තාව හෝටලයේ කාමරයකට රැුගෙන ගොස් ඇගේ මුඛය පරීක්ෂාවට ලක්කර අනතුරුව එහි දත් කුහරයක සිරවී තිබූ කඩල ඇටයක් තරමේ ගල් කැටයක් පිටතට ගත්තාය. එයින් නොනැවතුණු ඔවුහු එම හෝටලයේ සූපවේදියා සොයා හෝටලයේ මුළුතැන්ගෙට ද ගියහ. එහිදී සූපවේදියා හමුවූ මෙම පිරිස ‘‘මෙන්න ඔහේගේ මඟුල් මුද්දෙ ගල ද කොහෙද ඒක අපේ යාළුවගෙ හක්කෙ තිබිල මේ දැන් හමුවුණේ. පරිස්සම් කරල අරන් තියා ගන්නවා” යැයි කියා ගල් කැටය සූපවේදියා අත තැබීමට ද ඔවුහු අමතක නොකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අක්කගේ හක්ක පටස් (නදී)
උසස් නිලධාරිනියක් වෙලත් සංවරව කෑම ටික කෑවා නම් හරිනේ (නි)
සිය දෙසීයකට කැම පිසිනකොට ඔය වාගේ දේවල් සිදුවෙනවානේ. ඕකට ඉතින් සුපවේදියාට දොස්කියල මොනවා කරන්නද .හෙමිහිට බත් ටික කැවා නම් ඔහොම වෙන්නේ නැහැනේද? (ම)
වම්පස හස්කේ දිරාපත් ඇති (ම)
කඩල ඇටයක් තරම් ගලක් තිබෙන මගුල් මුද්දක් දාන්න වත්කමක් තිබෙන කෙනා කුස්සියේ උය උයා ඉඳීවිද ? මම කියන්නේ ලංකාවේ කුස්සියක. පිටරට වල සුප වේදීන්ට නම් හොඳ පඩි ලැබෙනවාලු. (බ)
කඩල ඇටෙක ගලක් කටේ හිරවෙන්න ඉඩ තියනවනම් තිබෙන දත් ගණන හිතා ගන්න පුලුවනි.(ම)
ශරීර සෞඛ්‍යයට අහිතකර කෑම සපයන එක තරු පහේ හෝටල වලත් කෙරෙනවා. මීට වසර ගානකට පෙර ගාලු මුවදොර කිට්ටුව ප්‍රසිද්ධ හෝටලයක මගුල් උත්සව තුනක් සඳහා සැපයු ග්‍රීන් පීස් සහ කජු ව්‍යංජනය නරක් වුනා. උත්සවයට ආපු ආරාධිතයන් බඩේ අමාරුව හැදිලා අහල පහල හෝටල් වල වැසිකිලිත් සොයාගෙන දිව්වා. අන්තිමේ හෝටලයට එම මංගල පාර්ශවයන් තුනම විසින් නඩු දමලා වන්දි ගෙවන්න පවා සිද්ධ වුනා. එයින් එක මංගල උත්සවයක් මම දන්නා කියන කෙනෙකුගේ (බ)
වන්දියක් ඉල්ලන්න පුළුවන් කාරණයක්(ම)
ඔය සිද්දිය දන්ත ලේප දැන්වීමකට සුදුසු නැද්ද ? (ම)
කන්න ගියාම වුණත් සිහියෙන් කන්න කියන්නේ ඕකට තමයි. (නි)
මේ ගැහැණිය ගැන දීල තියන හැඳින්වීම තොටගමුවේ රාහුල හිමිගේ කවියක් වගේ, හැබැයි හක්කේ ඔච්චර තඩි හිලක් තියාගෙන ඉන්න කෙනෙක් කියල හිතුනහම අර වර්ණනා ඔක්කොම ඉවරයි (ම)
ඕක ඇත්තටම මුද්දක අල්ලා තිබුන මැණික් ගලක් වුණා නම් ඔය සද්ද මොකුත් නැහැ නේද? (නි)
මම ඇත්තම කතාවක් කියන්නම් පහුගිය මැතිවරණය කලේ රජයට සහය දැක්වීමට රජයේ ඉහලම නිලධාරීන්ට ගාලු මුවදොර ඉහලම හෝටලයක සුපිරි සදයකට මගේ මහත්තයා ගියා කාලා විනාඩි පහක් ගියේ නැතිලු පුදුම බඩේ කැක්කුමක් හැදුනෙලු.(හේ)
හොද හොද හොටෙල් වල ඔය වගේ දේවල් වෙනවා.(හේ)
සූප වේදියාගේ කොටසක්ද දන්නෙ නැහැ. (බ)
මම දැකල තියෙනවා ඩෙන්ටල් වල ගහල තියෙනවා දතක් ගැලවීමෙන් පසු කියල පොස්ටේර් එකක්. එකේ තියෙනවා දත ගැලවූ සිදුර වසෙනකම් ගන ආහාර ඒ පැත්තෙන් හපන්න එපා කියල. (ම)
කලකට පෙර මඟුල් ගෙදරකදී මගේ බත්පතේ සිගරට් කොටයක් තිබුණා. ඒ මඟුල් උත්සවය මා යටතේ සේවය කළ කෙනෙකුගෙයි.ඔහුගේත් කෑම ඉවූ අයගෙත් නම්බුව තියන්න මම අද වෙනතුරු මේ සිද්ධිය කා එක්කවත් කිව්වේ නැහැ. ඒක දැකපු ගමන්ම කෑම නවත්වලා "මට ටිකක් වැඩියි වගේ" කියලා නැගිටලා ගියා. (නි)
අලුතෙන් දත ගලවපු නිසා පසුව එකක් දාන්න හිතාගෙන ඉන්න ඇති.මම අහල තියනවා කනකොට බත් පතේ කෙස් ගහක් තිබිලා අහුවුනොත් ගෙදර ගෘහණිය කියනවලු අද ඔයාට කොහෙන් හරි සල්ලි හම්බුවයි කියලා.කොහොම වුනත් ආහාර පිසිනකොට පිරිසිදුවට සැලකිල්ලෙන් එය කිරීම උයන කෙනාගේ පරම වගකීම වේ. (හේ)
මම ගිය මගුල් ගෙදරක පලතුරු බිම එකේ දිග කෙස් රොත්තක් තිබුනා. ඒක ගෙදරක තිබුන උත්සවක් නිසා කවුරු හරි බවලතෙක් පිලියල කළ පානයක් වෙන්න ඇති. මමත් හෙමිහිට වීදුරුව පැත්තකින් ගෙනිහින් තිබ්බා මිසක් ඒ ගැන කියන්න ගියේ නැහැ. සමහරවිට දවසේ කුලියට උයන්න ආපු දුප්පත් කාන්තාවකගේ අතපසු වීමක් කියල හිතුන නිසා. (බ)
අර මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් කඩන් වැදිලා සොයා ගත්ත කොළඹ කඩවල කුස්සියේ ඡායරුප මම දැක්කා. නෝනාට දවස ගානේ සාරියක් අරන් දුන්නත් මදි කොහොම හරි එයා රැකියාවට යන අතරෙත් උදේට නැගිටලා මට ගෙදරින් බත් පාර්සලයක් ලෑස්ති කරලා දෙනවාට. (බ)
ඔය වගේ දේවල් වෙනවා හිතලා කරනවා නෙමෙයි (නදී)