එක්තරා අධිකාරියක සාමාන්‍ය සේවකයන් දෙදෙනකු වූ ඔවුහු පසුගියදා දකුණේ වෙරළබඩ හෝටලයකට ගියේ කෙටි ආහාරයක් රැගෙන තේ දෙකක් බීමටය. මෙය සංචාරකයන් සඳහා වූ හෝටලයක් බව දැන ගත්තේ ඇතුළු වූ පසුවය. ආ ලජ්ජාවට එහි අසුන්ගත් ඔවුන් ඉදිරියට ආ වේටර් තැන ආහාර මනුපත ඉදිරිපත් කළත් ඉංගී‍්‍රසි වට්ටෝරුව කියවීමට අපොහොසත්වූ ඔවුන් මනුපතෙහි එක් කෑම වර්ගයක් පෙන්වූයේ තත්ත්වය රැක ගැනීමටය. ඔහු ආපසු හැරෙත්ම ”මල්ලී ප්ලේන්ටි දෙකකුත් ගේන්න” යිද කීය. වේටර් තැන ඉදුණු පැපොල් පලූ දෙකක් හැඳි දෙකක්ද සමඟ රැගෙන එන ආකාරය දුටු ඔවුන්ට තරු පෙනිණි. ඒ සමඟම උණුවතුර දැමූ කෝප්පයකට කුඩා තේ කොළ බෑගයක්ද සීනි භාජනයක්ද ගෙනැවිත් තැබුවේය. පළපුරුදු අය ලෙස පැපොල් කා තේ බී නැගිටින විට ගෙනා බිල පරීක්ෂාකළ ඔවුන්ට තරු පෙනුණේ එය රුපියල් තුන්සිය තිහක බිලක් වූ නිසාය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම භාණ්ඩයකට සාධාරණ වටිනාකමක් තියෙනවා. එම වටිනාකම ස්ථානය අනුව වෙනස් වෙන්නේ කොහොමද? (නි)
කෑවනම් බල මාළු විදවපන් කොලුවෝ (ස)
ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි. (නි)
ඕකතමයි කියන්නේ දන්න සිංහලෙන් වැඩකරන්න කියලා. (නි)
යහළුවෝ දෙන්නාට තිබුණේ හෝටලේ බෝඩ් එක බලලා ඇතුළට යන්නනේ. (නි)
ජයතිසර,ඔයා කේන්ති ගන්න එපා.මේ කියන්නෙ ලංකාවෙ සිදු වීමක්. ඔයා ඉතාලිය ඈදල ගත්තු එකත් වැරදියි. අනික රුපියල් තුන්සීය ලොකු ගානක් වෙන්නෙ අවස්තාවෙ හැටියට නේ.... මේ දෙන්න ගියෙ පොඩි දෙයක් කාල තේ එකක් බොන්න නේ. අතේ රුපියල් සීයක් නැති වෙලාවල් මට නම් තිබිල තියෙනව. ඇත්ත ඒකනේ යාළුවේ .(ස)
දුක් මහන්සියෙන් හම්බකරපු දේ රැකගන්න ලැජ්ජා වෙන්න ඕනි නෑ ! .(ස)
ඉතාලිෙය් කඩයක කෑම කන්න ගියවිට දාන මේස රෙද්දටත් මුදල් අය කරනවා...? දවල්ද?(නු)
අද ලොකු පැපොල් ගෙඩියක් වත් ගන්න බැහැ ඔය ගානට.. 330 ගෙවා අද හෝටලයක ඉදගෙන කන්නත් වාසනාවක් තියෙන්න ඕන..!(නු)
නයි කයිද රෝ්‍ස්පාන් කිව්වලු (ස)
තරු නොපෙනී තියෙයිද
තමන් වැරදි තැනකට ආව කියල දැනුනානම් ආපහු හැරිලා යන්න අයිතියක් තියෙනවා. ලැජ්ජා වෙන්නේ මොකටද? මේක ලැජ්ජාව නෙවෙයි මෝඩකම. (ස)
අපිට උනා නම් මොකද කරාන්නේ
330 ක් කියන්නෙත් ගානක්ද?? (ස)
ඕක නම් ඇත්තතමට මෝඩ කමක් තමයි හැබැයි වෙන වැඩක් කිව්වනම් නියමෙටම කරයි...!(නු)
අසිත ඔයා හරි.පොලවේ පය ගහලා ඉන්නවනම් ඔවා ගනන් ගන්න දේවල්ද (ස)
ඔය මෝඩයි කියන අය ඔළුව අතගාලා බැලුවා නම් හොඳයි. ඉතාලියේ සිදුවන දෙයක් කීමට, ඉතාලියේ ජීවත්වීමට හෝ ඉතාලියේ යාමට අද ලෝකයේ අවශ්‍ය නැත. ළිඳේ ඉන්න මැඩියෝ වගේ අදහස් ලියන එක වැරදියි. අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් පමණක් ලියන දේ ඉතා ස්වල්පය. ලංකාදීපය පමණක් නොව ලංකාවේ තිබෙන වෙනත් භාෂා වලින් ප්‍රසිද්ධ වන ප්‍රවෘත්ති පත්‍රද, පොත පතද කියවන්න. ඔබලා මේ අදහසට පැමිණීමට හේතුව, ඉතාලිය ගැන වෙනත් භාෂාවලින් ලියවූ පොත් කියවා නැති බවයි. මට ඉතාලියට යාමටවත් එහි ජීවත්වීමටවත් කිසිදු අවශ්‍යතාවයක් නැත. සුමුදු ජීවත්වන්නේ ඉතාලියේ බව ඔබේ ප්‍රතිචාරයෙන් මට වැටහුණි. මෝඩකම ඇත්තේ ඔබ ලියූ වාක්‍යයේය. (නි)
මාලදිවයිනේ කොකාකෝලා බෝතලයක් ඩොලර් 3ක් විතර වෙනවා. (නි)
ඕක වෙන විදියකට අපි අහලා තියෙන පරණ කතාවක්..!(නු)
ඇති ඔයින් බේරුනා, පාන් කෑවොත් ඔහොමමමයි (ස)
හෝටල් කරුවන් කාගේ හරි දත් ගලවන්නමයි හදන්නේ (ස)
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග (ස)
330 ක් කියන්නේ මොකද්ද අද කාලේ. 330 කට තරු පේනවානම් 1000 - 1500 ක බිලක් ආවම පපුවේ අමාරුව හැදිලා මැරිලා වැටේවි (ස)
ඕක මොකක්ද? ඉතාලියේ කඩයක කෑම කන්න ගියවිට දාන මේස රෙද්දටත් මුදල් අය කරනවා. (ස)
ගස්ලබු හොද විරේක පළතුරක් කියනවනේ. (නි)
330ත් ගානක්ද? හිහ් හිහ්.. පාන් ගෙඩි 6ක් වත් ගන්න පුලුවන්ද? (නි)
අනේ තිසර .....ඔයා ඉතාලියේ කිව්වනම් ඉවරනේ... (ස)
අනේ ඉතිං වෙච්චදේට මොනවා කරන්නද?(නු)
දැං පැපොල් ගෙඩියක් රැපියල් එකසිය පනහක් විතර වෙන නිසා ඒක ගානක් නැහැ..!(නු)
මේක මෝඩ කමේ උපරිමය . නැත්නම් ඇවිත් ඕක කියන්න ඕනැයැ , පාඩුවේ ඉන්නේ නැතුව (ස)
සංචාරක හෝටල් වල මිල ගණන් හදන්නේ විදේශිකයින්ට හරියන විදිහට,රු330/= කියන්නෙ $ වලින් පොඩිගානක්(2-3).අපි ගියත් ඔච්චර තමයි.කොළඹ සමහර සුපිරි අවන්හල්වල පේස්ට්‍රි එකක් රු400/= පනිනවා.අනික ලංකාවෙත් මේස රෙද්දට,ඉඳගන්නවට,සේවයට ඔක්කොටම සල්ලි ගන්නවා,එකම දෙය බිල් එක කියවනවා නම් අය කරලා තියෙන්නේ මොනවාටද කියලා දැන ගන්න පුලුවන්.(නු)
ලෝකේ වෙන කොහේවත් ඔය ගානට කන්න බෑ (ස)
ඕක මොකද්ද . ගස්ලබු ගෙඩියක් දැන් ඔය ගණන් වෙනවා තමයි (ස)
නුවන්, මගේ වරද පෙන්වා දුන්නාට ඔබට ස්තූතියි. කුඩා සංචාරක හෝටලයක් කියූ බැවින් මම එය වැඩිදුර නොබලා ලිවුවෙමි. (නි)
විශ්වාසද 330ක් කියලා මටනම් හිතෙන්නේ 3300ක් කියලා මොකද අදකාලේ 3300 එතරම් ගානක් නෙමෙයිනෙ..!(නු)
යන්න කලින් එතන කෙයිවගේ තැනක්ද කියලා බලලා ගියානම් නේද හොද?
ඉංග්‍රීසි පන්තියකට නොගියොත් තවත් අමාරුවේ වැටෙයි. (නි)
රැපියල් 330 ගානක්ද දැං කලේ ඔහොම තමයි.. ගනන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනා වෙලා ඔහෙ අපි ඉමු..!(නු)
දැනට දශකයකට පෙර ඔය ගානට කෝපි එටකක් බීල තියෙනවා. කරන්නම දෙයක් නැති කමට. ගණන් ගන්න එපා. (ස)
ඔය ගාන හරි. (ස)
තරු නොපෙනී තියෙයිද