එය ඉන්ධන පිරවුම් හලකි. සේවකයින් නිතරම කාර්ය බහුලය. ශාරීරික අවශ්‍යතා සඳහා කාලය ලබා ගන්නේද ඉතාම අපහසුවෙනි.
පසුගිය දිනක එහි කාර්ය බහුලත්වයත සමගම ලද මඳ විරාමයෙන් එක් සේවකයකු වැසිකිළියට දිවගියේ ඉක්මනින් පැමිණීමේ සිහියෙනි.
එහෙත් සියල්ල අමතකව තිබූ එම අවස්ථාවේ නොසිතූ දෙයක් සිදුවුණේය. කරකියාගත නොහැකි විය. රුපියල් 60,000 වටිනා ජංගම දුරකතනය වැසිකිළි පෝච්චියට වැටී අසුරු සැණින් අතුරුදන් විය.
ඒ තුළට අත දාන්නටද බැරිය. කෙසේ හෝ වතුර ගසා හිත හදාගන්න තැත් කළ ද එයත් කරගැනීමට නොහැකි වුණේ කොතරම් වතුර දැමුවත් වතුර බහින්නේ නැති නිසාය. බැලින්නම් ජංගම දුරකතනය ‘යූ’ අකුර හැඬේ ඇති කොටසේ හිරවෙලාය. දුරකතනය ඉවත් කරනතෙක් වතුර බැසීමක් බලාපොරොත්තුවිය නොහැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ!!!!! දන්නෙම නැතුව මගේ උපන් දිනෙත් කියවිලානේ !!!! හා හා ඔන්න මන් දන්නේ නැහැ .., තෑගි බෝග නැතුවට කමක් නැහැ හොදේ!!!!! හැබැයි එදාට මට ඔයගොල්ලෝ සේරම විෂ් කරන්න නම් ඕනෙමයි .., ''අමතක කරන්න නම් එපා'' (වරුණත් දැන් දන්නවනේ කෙනෙක්ව හිනස්සවන්න හ්ම් හ්ම් හ්ම් බොහොම හොදයි බොහොම හොදයි ) ඔන්න ඔහොම යන්කෝ.(නදී)
ඒ මම හිතුවේ චන්දී හොස්පිටල් එකේ කියල
මම පොඩි කාලේ අමාරුවෙන් සියල් පෑනක් ගත්තා මුත්‍රා ගොඩට වැටුනා. ඒක හෝදලා ගත්තා නැතිනම් ගෙදරින් ගුටිකන්න වෙන නිසා.(නදී)
ධම්මික මේ අහන්නකො දැන් ඔය වන්නිනායක වගේ අයට එච්චර වටිනා ෆෝන් ගන්න සල්ලි නැහැනේ !!!ඉතින් අර බෙහෙත් නැති ලෙඩේ එයාටත් හැදෙන්න ඇති !! පව් අපි අනුකම්පා කරමු.(නදී)
දත් නැති කට මට පෙන්නලා රූපවතී සිනා සුනා.......(නදී)
රූපවතී අක්කා දකින්න ආසයි. (නි)
බෙහෙත් නෙති ලෙඩේ. චන්දි මගෙන් මොකුත් අහගන්න එපා. ඔයා නිසා තමයි මම අද මේ බෙහෙත් නෙති ලෙඩෙන් විදවන්නේ.(නදී)
ෆෝන් එක ආයේ වැඩ කලාද චමත්? මමත් අයෙත් නම් කවමදාවත් ෆෝන් එක අරන් වැසිකිලි යන්නේ නැහැ .කියන්න බැහැනේ මේ වගේ වැඩක් උනොත් කාට කියන්නද? (දී)
රූපවතී අක්කේ, ඔයත් හරි. ඒ වගේම වැටුප කිව්වා කියලා මෝහන්ගේත් වරදක් මම දකින්නේ නැහැ. එය කීම හෝ නොකීම අදාළ පුද්ගලයාගේ දෙයක්. වැදගත් වන්නේ කවර හෝ ලැබෙන වැටුප ක්‍රමානුකූලව වියදුම් කිරීමට පුරුදුවීමයි! නිහතමානිවීමයි (නි)
මොහාන් මල්ලි සල්ලි ගැන කියපු නිසා මටත් හිතුන මගේ ගැන කියන්න මගේ ගෙදර ලක්ෂ 900 මගේ කාර් එක ලක්ෂ 360 මගේ දුරකතනේ ලක්ෂ 2 මගේ ඔරලෝසුව 40,000 මගේ පඩිය මාසෙට ලක්ෂ 16 මගේ වයස 35 මගේ ගම දකුණේ මගේ හිත සංවේදියි මම පුණ්‍ය කටයුතුවලට දෙන මගේ අදායම 5% (නදි) හරියට ඉගෙනගෙන හිත හොඳින් නිහතමබ්නීව වැඩ කරනවානම්, උපන් රටට, ගමට සමාජෙට වැඩදායි මනුස්සයෙක් වෙනවනම් සියල්ල ඔබසොයගෙන ඒවි. සැමටම ජය ...
අයියෝ සල්ලි. (දී)
මට මේ දුරකථන ,දුරකථන කියනකොට පොඩි කතාවක් මතක්උනා මීට කලකට ඉතත පළාත් සබා පිහිටවපු අලුත එක්තරා පළාත් සබා මන්ත්‍රී වරයෙකුට නිල දුරකතනයක් දෙන්න රජයේ දුරකථන සමාගමෙන් ගියාලු ගිහින් කිව්වලු අපි ආවේ ඔබතුමාට නිල දුරකථනයක් සවිකරන්ඩ කියල එපාර අපේ පළාත් සබා මන්ත්‍රී තුමා කියනවලු ,මේ ,මේ නිල කතාකරන්ඩ එපා කොළ ,කොළ ඕනෙනම් කොලදුරකථනයක් හයිකරලයන්ඩ නිලනම් මේ පලාතෙවත් නැහැකියල .ඒපාර අපු කට්ටිය දුරකතනයේ කොලපාට පින්තාරු කරලා හයිකරලා දීල ආවලු (දී)
මනෝරි, ඔයා අහලා නැද්ද, පිරිමි කවදාවත් ගන්න පඩිය කියන්නේ නැහැ කියලා? (නි)
මගේ නම් පෝන් එකේ වැටුනේ නැහැ. ඒත් දවසක් නින්දෙන් ඇහැරිලා ටොයිලට් එකට ගිහින් අනික් පැත්තට හැරුන වතුර එක ප්‍රෂ් කරන්න . එවිට ටක් ගාල යමක් වැටෙනවා ඇහුනා. ඒත් එක්කම දැක්කේ මගේ කරේ චේන් එක කොක්කෙන් ගැලවිලා ඇදුමේ රැදිලා , උපන්දිනයට මහත්තය තෑගී කල ,වටිනා දිය මන්තියක් එබූ ආර් අකුර අදටත් ටෝයිලට් වලේ .... ඇති ...?(නදී)
ධම්මි, ඔයාගේ අදහස කියවාගෙන යනවිට මට හිතුනේ ඔයා පත්තරේට මංගල දැන්වීමක් දාලා කියලා. ඔයා දකුණේ කොහෙද..? මමත් දකුණේ. (නි)
දිල්ෂානි නංගි, වටිනා දේවල් මිනිසුන් මහා මග දමල යන් නැහැ....? මහමග හමුවන, දිලිසුනාට සියල්ලම වටිනා දේවල් නෙවේ ....? අනික මගේ මහත්තය මට තෑග්ගක් වශයෙන් යමක් දුන්නොත් එය ඉස්තරම් දෙයක්...?අදටත් මට දුකයි ඒ පෙන්ඩන්ට් එකට,අපේ රුපසිංහගේ ප්‍රාර්ථනාව ලබන ආත්මෙවත් ඉටු වේවායි,ඔහුගේ සිතට සැනසීම ලැබේවා.(නදී)
වරුණයි, අපේ දිසානායකයි හොයන්නෙම දත් නැති කට්ටිය නේද? (නි)
මහේෂ් මල්ලි,හැමදාම කියන්න බැහැ එතකොට අගේ අඩුවෙනවා (නි)
ප්‍රේම්, ඔයා අපේ අදහස් බලලා සතුටු වෙලා විතරක් මදි. අපිට ඔයාගේ අදහස් බලලා සතුටක් ලබන්නත් සලස්වන්න හොදේ.(නදී)
ධම්මි, ඔය වැරදි පුවත්පත් තීරයක ඔයාගේ දැන්වීම පලකරලා තියෙන්නේ. ඕක දාන්න තිබුනේ මංගල යෝජනා තීරයේ (නි)
මට ඇහුනා දිසානායක මාමා හොරෙන් චන්දි නංගිට කියනවා කොහෙ හරි තනි පංගලමේ ගිහින් කතාකරන්න ඕනෙලු. චන්දි නංගි ඔය සීයලත් සමග කොහෙවත් තනි පංගලමේ යනවා හෙම නෙවේ. අනික අපේ සරත් මල්ලිවත් මිනිමරුවෙක් කරන්න හදන්න එපා.(නදී)
අපි කට්ටිය එකතු වෙලා සංගමයක් හදමුද..? වසරකට වරක් එකතු වෙලා අපිට පාටියක් දාල සෙට් වෙන්නත් පුළුවන්... අපේම කතා වලට හිනාවෙලා ගෙදර යමු...ලංකාදීප අනුග්‍රහය දක්වයි මගේ හිතේ..!!(නදී)
මගේ ෆොනේ එක රුපියල් 5000 යි. මගේ පඩිය 300,000 යි. බොරු සෝබනේට හොද පාඩම.(නදී)
රූපවතී, ලබන ආත්මෙදි ඉටු වේවා කිව්වේ, ළමයෙකුත් එක්ක කසාදයක් කර ගන්න ප්‍රර්තනාවද ?(නදී)
චන්දි නංගි, ඔයා දැන් උපන් දිනේ කියලා හැමෝටම ...දිසානායක මල්ලි ඔයාටත් අලින්ට අන්දන ඇදුමක් පාර්සල් කරන් එයි උපන් දිනේට. එයාගේ බුසල් බාගේ නෝනෝ හාමිගේ... 5 හේ 4 සයිස් එක විතරමයි එයා දන්නේ...?හැඩට ඉන්න අපි වගේ කෙල්ලන්ට ඇදුම් තෝරන්න දන්නේ නැහැ.(නදී)
මේ දිසෝ,දෙවියන්ගේ පිහිටෙන් මම හොදින් ඉන්නවා. මගේ මේ ගෙදර අය වෙන රටකට ගිහින් ඉදලා සෙනසුරාදා ආවේ. (නි)
රූපවති දෙන්නෙම ලොකු කතා. ඔයා කොහෙද ඉන්නේ වැටුන දියමන්තියේ කැරට් කියක් තියෙනවද? (නදී)
ඒකියන්නේ රූපවතී අක්කත් හීනෙන් ඇවිදිනවා නේ? මම හිතුවා ටොක් ගලා වතුරට වැටෙන්න ඇත්තේ රූපවති අක්කගේ බොරු දත් කුට්ටම කියලා. එකෙන් කමක් නැ ඔයා වැරදිලාවත් ගුවන් යානා වල යන්න එපා නැත්තම් ඔයත් හීනෙන් දොරවල් අරින්න යයි අපේ අහවල් පුතා වගේ.(නදී)
"මම නම් දන්නේ නැහැ මගේ පෝන් එකේ ගාණ." මොකක්ද අනේ මේ පෝන් කියන්නේ. මුනේද කනේද මේක තියෙන්නේ?(නදී)
මගෙත් ෆෝන් එක නිතරම කමිසේ උඩ සාක්කුවේ තමයි තියෙන්නේ වැසිකිලි ගිහාම හැමදාම හිතාගන්නව ආය හදිස්සියට අමතකවනවා කාටත් හොද පාඩමක් (දී)
ජංගම දුරකථනය ජීවිතය වූ කට්ටියට මේ පුවත හොද පාඩමක් (දී)
පහන් මඩුගල්ලේ,ඔයාගේ කතාවට අපි හිනාවෙන්න ඕනෑද කියන්නකෝ. එතකොට අපි හිනා වෙන්නම්. (නි)
අර එයාපෝර්ට් එකේදී කුඩු රත්තරන් පොලු අරන් යන අය වගේ මෙයත් ෆෝන් එක ගහගෙන ගියේ අතනද? (නදී)
හිතුවක්කාර ජංගම දුරකථනයක්. (දී)
චික් විතරක්...සියලුම දෙනා වැසිකිලි කතා විතරමයි කරන්නේ. හැබැයි ඉතින් වටිනා කියන දෙයක් නම් අත දාල ගත්තට කමක් නැහැ. ඔය ජපානේ කට්ටිය වැසිකිලි වතුර පිරිසිඳු කරලා බොනවා කියලත් කියන්නේ.(නදී)
මේ බොරු කියන්න එපා වන්නි රාල! (නි)
රූපවති, මමත් මුද්දක් අහුලලා,ලොකු දියමන්තියක් තිබුනා ඒකෙත්.මම දවසක් වටිනාකම දැනගන්න රත්තරන් බඩු සාප්පුවකට ගියා.මුද්ද ඉමිටේෂන්.වීදුරු කෑල්ලකට තමා දියමන්ති කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. (නි)
ඔන්න කට්ටියට නැවතත් දුරකථන සාකච්ඡාවක්. (නි)
මටනම් දන්නේ නැහැ මගේ පෝන් එකේ ගාණ. මේ කීවෙනි එකද කියල මතකත් නැහැ. මට පෝන් පාවිච්චි කරන්න අමාරුයි. හදිසියට දුවද්දී කොහේ හරි වැටෙනවා. ඉන් පසුව වැඩ නැහැ. මහත්තය අරන් දෙන්නේ ඕන් ලයින් එකෙන් යු.කේ වලින්. දැන්නම් පාවිච්චිය ටිකක් වටිනා එකක්. මොකද මම පොරොන්දු උනා මේ සැරේ පෝන් එක පරිස්සම් කර ගන්න බවට. ඒත් ගාණ දන්නේ නැහැ.(නදී)
රූපවති හීනෙන් කියන්නෙත් මා ගැන වෙන්න ඇති. පුදුම ආදරයක් තියෙන්නේ මා ගැන. මගේ නමත් ර අකුරෙන් පටන් ගන්න නිසා මට හිතෙන්නෙම මම ඒක රුපවතිට දැම්ම කියලමයි. දැන් ලංකාදීපේ නිව්ස් ඔක්කොම වැසිකිලි සහ ගුද මාර්ගය ගැන විතරයි.(නදී)
හරිම සතුටුයි අපිට මේවා කියවනකොට (නි)
ඔයා නැති ලංකාදීපේ වැඩකුත් නැහැ චන්දි නංගි..?(නදී)
ඔන්න බොලේ අලි මදිවට හරකුනුත්. කිව්වලු.මනෝරිත් දන්නා දේවල්? (නි)
මොහාන්, රුපසේන ගේ බලා පොරොත්තුව අපි එකතුවෙලා ප්‍රර්ථනා කරමු එයාගේ බලාපොරොත්තුව එයාට කාගෙන් හරි ඉෂ්ට වෙන්න කියලා.(නදී)
බොරු කියන්න ඕනෑ නැහැ. මම නම් පාවිච්චි කරන්නේ කුවේට් ඩිනාර් 245 ක් වෙන ෆෝන් එකක්. ලොකුකමට නෙමෙයි ආසාවට ගත්තේ (නි)
රුපවති අක්කේ ඔයාගේ බොරු දත් අන්ද වැටුනේ නැත්ද ? (නදී)
අපෝ අපේ ගජබා මාමට..අපිවගේ ඇහැට කනට පෙනෙන, ගැහැණු ළමයි ටික මුණ ගැස්සුවොත් ලංකදීපෙත් එයින්ම ඉවරයි. ඇයි ඉතින් මෙයාලට අපිව හමු උනොත් අපේ කැලිවත් හොයා ගන්න ලැබෙන එකක් නැහැ. අපේ අලුටික ගෑඋන වැලි ටිකත් එකතු කරලා මහා මුදට දමාවි.(නදී)
වන්නිනායකගේ ඉරිසියාව සහ කුහකකම දොරේ ගලනවා.මනුස්සයෙකුට අකරතැබ්බයක් වුණාමත් ඔහොමද කතාව? (නි)
මොහාන් මල්ලි හරිම සතුටුයි. ඔයාට එපමණ පඩියක් ලැබෙනවා නම්. ඒත් ලොකු පඩියක් ලැබෙන කෙනෙක් කවදාවත් ඒක කියන්නේ නැහැ. .මමත් හොද වැටුපක් ලබනවා ගොඩක් අසරණයින්ට උදව් කරනවා. ඉතිරිත් කරනවා. අවශ්‍ය දේට පමණක් වියදම් කරනවා. බොරු සෝබන වැඩ වලට නම් කැමති නැහැ. ගොඩාක් චාම් ජීවිතයක් ගත කරනවා. හරීම හිතේ සතුටින් ජීවත්වෙනවා. ඒ සේරටම වැඩියෙන් මේ එසැන පිස්සෝ පිස්සියෝ ටික දැකීම හරිම වාසනාවක්.(නදී)
60 000 ක ෆෝන් එකක් ගන්න මිනිහගෙ පඩිය කීයද දන්නෙ නෑ... (ස)
සල්ලිනම් කවුරුත් හම්බ කරනවා .මටහිතෙන්නේ අරෝග්‍යා පරමා ලාභා,සන්තුස්ටි පරමන් දනන් කියලයි . (දී)
මටත් ඔයාලා සේරමාලාව දකින්න ආසයි. චන්දි නංගි, බලමුකෝ අපිට ආදරණීය ලංකාදීපේ දවසක් ඉඩ සලසල දේවී. ඒ වෙනකොට අපි ජීවත් වෙලා හිටියොත් ආදරණීය දෑස සහෝදරතත්වයේ උපන් නාදුනන අපි දොඩමලුවෙන්නට පෙරුම් පුරමු එක විනාඩියක්. කොහේ හෝ මේ දෙරනතුල එසේ වූවොත් යම් දිනක, වගුරන්නට මදි වෙයි කදුළු මගේ දෙනෙතේ සතුටට.(නදී)
මට නම් එපා වෙලා තියෙන්නේ ෆෝන් ගැනම ලියලා (නි)
ඇත්ත නේන්නම් අශෝක !!! සේරම නිව්ස් දුරකථන ගැනමයි !! මගෙත් ඔයවගේ ෆෝන් එක වැටුන 2013.01.19 වෙනිදා මගේ උපන් දිනේ දවසේ,,වසන්ති කියල යාලුවෙකුගේ ගෙදර දවල් කමක් දුන්නේ.., හැබැයි ඒක ඉස්සර කාලේ ලැට් එකක් නිසා ඇස්පිල්ලන් ගහන විට ගිහිල්ලත් ඉවරයි .මේ වගේ පෙන්න තිබුනානම් .., ගන්නත් බැරි වුනානම් මගේ හදවතත් නතර වේවි !! පව් මේ අහිංසකයා හදවතින් කොච්චර පිච්චෙන්න ඇතිද...? (දී)
මට නම් එපා වෙලා තියෙන්නේ පොන් ගැනම ලියල මීට වඩා හොදයි චන්දිත් එක්ක එෆ් බි එකේ චැට් කරනවා.(නදී)
බන්දුල පෙරේරාගේ කතාව නියමයි.(නදී)
ධම්මි, අනේ එහෙනම් දැන්වත් අර මගෙන් ඉල්ලා ගත් ණය ගෙව්වා නම් හොදයි. (නි)
වැසිකිළියක් ගිය දුර... (නි)
බලාගෙන ගියාම රුපවති අක්කත් පොඩි ළමයෙක් වගේනේ !!! පොඩි ළමයි සෙල්ලම් බඩු කඩනවා වගේ මෙයත් බඩු කඩා ගන්නවානේ පව් අනේ ඔයා අපි ඔයාට ආදරෙයි හොදේ !! ඒ ඔයාගේ වයසටවත් ,නමටවත් නොවෙයි !!! ඔයා විනෝදෙන් ඉන්න කෙනෙක් නිසා මමත් විනෝදෙටගොඩක් කැමතියි මගේ යාළුවො මන් නැතුව කොහෙවත් යන්න කැමති නැහැ (දී)
ඕක කොමඩ් එකට වැටෙන්න හංගගෙන හිටියේ කොතනද? (නි)
මටත් මේ වගේ වැඩක් වුණා. මම නම් කළේ රබර් අත්වැසුමක් දාගෙන ෆෝන් එක එළියට අරගෙන සිම් එක ගලවාගෙන, අලුත් ෆෝන් එකක් අරගෙන සිම් එක සවි කරගෙන පාවිච්චි කිරීමයි. මම නම් 20000 වඩා වටිනා ෆෝන් භාවිතා කරන්නේ නැහැ. ඒවා පරිස්සම් කරන්න අමාරුයි. සමහර මිනිස්සු ෆෝන් පාවිච්චි කරන්නේ ආභරණයක් විදියට (නි)
චන්දි අක්කේ, දත් නැති කට්ටියට ඔයා ආසා නැද්ද? (නි)
ඉතින් ඉතින් රූපවතී අක්කේ, ඊට පස්සේ? (නි)
මම නම් නැති උනත් දුක් වෙන්න දෙයක් නැති .2000 දුරකතනයක් පාවිච්චි කරන්නේ.(නදී)
ඔය ලොකු ලොකු ෆෝන් පාවිච්චි කරනවාට හොද වැඩේ (දී)
බොහොම ස්තුතියි සරත් මහත්මයා. අපිට හොඳ ගුණගරුක දරුවෝ 3 දෙනෙක්ම ඉන්නවා. සල්ලි හොයාගෙන ගියොත් කවදාවත් හිතේ සතුටක් නැතිවේවි. (නි)
නන්දාවතී නෝනත් මෙලගදී කලිසමක් ඇදන් සාක්කුවේ ෆෝන් එක දාගෙන වැසිකිලි ගිහින් ෆෝන් එක කොමඩ් එකට වැටුන කියල අඩ අඩ හිටිය නේද?
අනේ මේ රූපවතී නැන්දට මොන දියමන්ති මාලද! (නි)
ලොකු ලොකු සල්ලි දීලා ෆෝන් ගන්න එපා
ඔව් දිල්ශානි මමත් රූපවතිට දුන්නේ ඔය වගේ ඉමිටේෂන් වීදුරු කෑල්ලක් තමයි. මට පව් කියලත් හිතෙනවා එයා හිතාගෙන ඉන්නේ දියමන්තියක් කියලා. තාත්තයි මමයි කේලම් අහන්නේ නැතිව රූපවතිව ළමයෙකුත් එක්ක බාරගත්තට මම හරි ආදරයෙන් ඉන්නේ.(නදී)
මීට අවුරුදු 2-3කට පෙර මගේ ෆෝන් එකත් වැටුනා වැසිකිළියට. ඒත් ඒකට අමුණලා තිබුණා නයිලෝන් පටියක්. ඒක එළියේ තිබුන නිසා ඇදල ගන්න පුළුවන් වුණා. (නි)
අනේ මටත් පිරවුම් හලක රැකියාව ලැබෙනවා නම්.පඩි ගෙවනවා හොඳ ඇති මාටියා ගහලා නෑ නේද? (ස)
දාන දාපු කොමෙන්ට්ස් දැක්කම හිතුනු විදියටම ඔක්කොම ටොයිලට් වලවල් ඉහින කොමඩ් වලට අත දාන කට්ටිය තමයි බස් එකේ වැඩි හරියක් ඉන්නේ.(නදී)
ලස්සන කට්ටියක් මෙතන ඉන්නවා. ඔන්න ඔහොම එපායැ ඉන්න. තව ලියන්න. මම පිට රටක ඉදන් කියවලා සතුටු වෙනවා. (නි)