IMG-LOGO

හැට පහේ සැමියා නම ගම හංගාගෙන එ​ෙලාව ගිහින්

(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය) 
මියගිය සැමියාගේ නම, වාසගම, වයස නොදන්නා අපූරු බිරිඳක් පිළිබඳව කුලියාපිටිය ප්‍ර​දේශයෙන් වාර්තා විය.


මෙම කාන්තාවගේ වයස අවුරුදු හැට පහක් පමණ වේ. 


ඇය විවාහ වී වසර තිස් පහක් පමණ වන අතර දරුවන් තිදෙනෙක් සිටිති. ඔවුහු වසර තිස් පහක් තිස්සේ දරුවන් තිදෙනාද ලොකුමහත් කර ගනිමින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් කාලය ගත කළහ. 


සැමියාට එදිනෙදා ලැබෙන ආදායමෙන් පවුලේ වියදම දරාගෙන ජීවත්ව ඇති මෙම යුවළ දරුවන් රැකියා ලැබීමෙන් පසුව නිවසට වී සුවසේ කාලය ගතකර තිබේ. 


අවුරුදු හැට පහක් පමණ වයසැති සැමියා නොසිතූ ලෙසින් සිය නිවස තුළම මියගොස් තිබේ. හදිසි මරණයක් නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී දරුවන් කිසිවකුත් නිවසෙහි සිට නොමැති අතර නිලධාරීන් මියගිය අයගේ බිරිඳ ගෙන්වා ඔහුගේ නම වයස පිළිබඳව විමසා තිබේ. 


ඇය තම සැමියාගේ නම වාසගම, වයස කිසිවක් නොදන්නා බව නිලධාරීන්ට කීවාය. දරුවන් තිදෙනෙකුත් ලැබී වසර තිස් පහක් පමණ කාලයක් ගතවනතුරු එකට පවුල් කෑ බිරිඳ තම සැමියාගේ නමවත් නොදැන සිටීම පිළිබඳව නිලධාරීන් පමණක් නොව අසල්වාසිනුත් පුදුමයට පත් කරවු කරුණක් වුණාලු. 


සැමියාගේ නමවත් නොදැන සිටියද අනේ මගේ දෙවියෝ ඔයා මාව තනියම දාලා ගියා නේදැයි අසමින් ඇය විලාප තබමින් හඬා වැටුණලු.



අදහස් (3)

හැට පහේ සැමියා නම ගම හංගාගෙන එ​ෙලාව ගිහින්

Bamunuarachchi Saturday, 19 September 2020 06:19 AM

දැන් තේරෙනවා නේද සතුටින්, ආදරයෙන් ජීවත් වෙන්න නම, ගම, වයස දැනගන්න ඕනෑ නැහැ. ආදරණීයයා මැරුණායින් පසුව ආදරය හිතේ ඉතුරු වෙනවානම් නම, ගම, වයස මොන බම්බුවකටද?

:       1       82

BamunuarachchiMonday, 21 September 2020 02:22 AM

ගෙදරදී කියන්නේ 'ඒයි' පිටදී කියන්නේ 'මගේ එක්කෙනා' මගේ මහත්තයා, ළමයින්ගේ තාත්තා' වයස ගැන කතාව ආවම වයසක් ගැන හොයන්නේ නැහැ වැඩකටයුතු හොඳින් කරනවා.

:       1       5

sampath Saturday, 19 September 2020 02:51 PM

අනවශ්‍ය දේවල් හොයලා නැහැ.. අදාළ දේවල් නැවැරැදිව හඳුනාගෙන ජීවත්වෙලා..

:       0       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1607 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1718 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site