වත්තලට නුදුරු ගමක පිහිටි මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයකි. කාමර දෙකකින් යුත් නිවාස 30කින් පමණ සමන්විතවූ එම නිවාස යෝජනා ක්‍රමය වෙත සතියකට වරක් බැගින් සෑම ඉරිදා දිනකම හිඟමන් ඉල්ලා පැමිණෙන හිඟන්නෙක් සිටියේය.
සතියකට වරක් පමණක් පැමිණෙන නිසා එන සෑම අවස්ථාවකදීම අඩුම වශයෙන් රුපියල් දහයක්වත් හිඟන්නාට දීමට එහි නිවැසියෝ පුරුදුවී සිටියහ.
නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවසක පදිංචිවී සිටි උදවිය හිටි හැටියේම විදෙස් ගතවීම නිසා එම නිවස වෙනත් පවුලකට කුලී පදනම මත ලබාදෙනු ලැබීය.
ඊළඟ ඉරිදා දිනයේ එම නිවාස යෝජනා ක්‍රමය වෙත හිඟමනේ පැමිණි හිඟන්නා අදාළ නිවාස වෙතද ගොස් ගේට්ටුව ශබ්ද කර හිඟමන් ඉල්ලා සිටියේය.
එම නිවසට අලුතින් පැමිණි පවුල ඉතාමත් ලෝභ පවුලක් බව හිඟන්නා දැන නොසිටියේය. ගේට්ටු ශබ්දය ඇසී ඒ දෙසට පැමිණි කාන්තාව නිවසේ කලින් සිටි කාන්තාව නොවන බව දැනගත් හිඟන්නා කෑගසා හිඟමන් ඉල්ලීය.
කාන්තාව හනික ආපසු ගොස් ඉක්මනින් පැමිණ රුපියල් දෙකේ කාසියක් හිඟන්නා අත තැබුවාය. එය දුටු හිඟන්නාට තදින්ම කේන්ති ගියේය.
“රුපියල් දෙකකින් මොනවද ඕයි කරන්ඩ පුළුවන්? පොල් අතු ගෙවල් වලිනුත් රුපියල් දහයක් පහළොවක් හම්බවෙනවා. මේ වගේ ගෙදරක ඉඳන් රුපියල් දෙකක් දෙන්ඩ ලැජ්ජාවක් නැද්ද?” හිඟන්නා තදින් කියාගෙන ගියේය.
එයින් ලැජ්ජාවටත් කේන්තියටත් පත්වූ කාන්තාව ලැජ්ජාව වසා ගන්නටත් හිඟන්නා ලැජ්ජාවට පත් කිරීමටත් සිතා උපායක් යෙදුවාය.
රුපියල් දෙකක් දුන්නේ මාරු සල්ලි නැති නිසයි. මේ වෙලාවේ ගෙදර තියෙන්නේ සේරම රුපියල් දෙදාහේ කොළ විතරයි. මාරු සල්ලි තිබුණානං රුපියල් පනහක් ලේසියෙන්ම දෙන්ඩ තිබුණා. ඔහේ ළඟ ඒ තරම් සල්ලි නැති එකට මං පලි නැහැ” කාන්තාව එසේ කීවේ හිඟන්නා ලැජ්ජාවට පත්වී ආපසු යාවි යැයි සිතාගෙනය.
එහෙත් හිඟන්නා සටන අත්හැරියේ නැත. ඔහු වහාම තම කරේ එල්ලාගෙන තිබුණු බෑගය තුළින් මුදල් පසුම්බිය එළියට ගෙන එයින් රුපියල් 1950ක් අතට ගත්තේය.
‘ඉතුරු රුපියල් 1950 මට දෙන්ඩ පුළුවන්. රුපියල් දෙදහසේ කොළේ මට දෙන්න.” හිඟන්නා එසේ කී විට කාන්තාව ලැජ්ජාවට පත්වී ආපසු යන්නට ගියාය.
(වත්තල විශේෂ හෙන්රි නිමල් පෙරේරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ හිඟන්නෝ කියල කට්ටියක් නැහැ. ඒක තමා ලේසිම රක්ෂාව. බැරි වෙලාවත් කිවුවනම් ගෙය සුද්ද කරල දෙන්ඩ සල්ලි දෙන්නම් කියල එයාට හොදවයින් අහ ගන්න තිබුණා.(අ)
කැළණි පන්සල අසළ හිඟාකන පුද්ගලයෙකුට මම මීට අවුරුදු 20 ට විතර ඉස්සර ශත50ක් ටින් එකට දැම්මා. එ් මනුස්සයා එ්ක දිහා බලලා "තුහ්ං නොදකින් දවසම මස්තබාල්දුයි" කියලා ටින් එක හොල්ලලා ශත 50 විසිකළා. (නි)
හිඟන්නන්න්ට සතයක් දෙන්න එපා. (අ)
උඹ වරෙන්කො හිඟාකන්න අපේ ගෙවල් පැත්තේ එහෙම , කරනවා හොඳ වැඩක් (අ)
මා පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි විටක, මාතර වෙරළ අද්දර පිහිටි අවන්හලකට ගොඩ වැදුනෙමි. පිටතට පැමිණි මට අපූරු දෙයක් දැක ගැනීමට ලැබුණා. කිහිලිකරු ආධාරයෙන් ඇවිදගෙන පැමිණි යාචකයෙක් අසල තිබුන බිත්තියකට හේත්තුවී, සාක්කුවෙන් විශාල මුදල් නෝට්ටු තොගයක් එළියට ගෙන ගණන්කිරීමට පටන්ගත්තා. යාචකයා දිනපතා උපයන කාසි තොග පිටින් මේ අවන්හලට ගෙනවිත් දී, මුදල් නෝට්ටු වලට හුවමාරු කර, පසුවදා එම නෝට්ටු බැංකුවක තැන්පත් කරන බව මල්ලි මට කිවුවා (නි)
රුපියල් 1950 තිබ්බ නම් තව මොකට හිඟමනේ ගියද? (අ)
අපි ඒ තරම් පහළට දාන්න දුක නැද්ද නගෝ?
ඔය සුදු සැරයටිය අරන් එන්නේ ඇත්තටම අන්ධ අයමද? ඒ අය මෙය දැකලා මටත් ගහන්න හොයයි කෝ මේකා කියලා. (නි)
දවසක් අපේ ගෙදරට ආ අන්ධ හිඟන මනුස්සයෙකුට අම්මා රුපියල් දහයේ කාසියක් දීලා. ඒක මදි කියලා අම්මාට සුදු සැරයටියෙන් ගහලා නළලට තුවාල කරලා අපිට ඉස්පිරිතාලෙට ගෙනියන්නත් සිදුවුණා (නි)
හිඟන්නෝ කරන්නේ බිස්නස් එකක්. (නි)
මට එහෙම වුණා නම් දුන්න රුපියල් දෙකත් ඉල්ලගෙන ගේ ඇතුළට යනවා. හිඟන්නට තියෙන්නේ තට්ටු කරලා ලේසියෙන් මුදල් උපයන ක්‍රම. අපි එහෙම නෙමෙයිනේ. දවසේ පඩිය ලබාගන්න කොයිතරම් දුකක් විඳිනවද? දැන් ඒ හිඟන්නට වෙන පළාතකට යන්න වෙයි (නි)
මේ හිඟන්නෙක්ද? බිස්නස්කාරයෙක්ද? (නි)
අනේ මෙහෙමත් “හිඟන්නෝ“ (නි)
කණ පැලෙන්න ගහන්න තිබ්බේ.(ම)
හිඟන්නන්ට සල්ලි දෙන්නම හොඳ නැහැ. ගැහැණු ඔය මෝඩ වැඩේ වැඩිපුරම කරන්නේ. (නි)
රජය දුප්පත්කම තුරන්කිරීමට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එබැවින් අප හිඟන්නන් දිරිගැන්වීම අනවශ්‍යය (නි)
හිඟන්නන්ට ගිය රට! තව ඉස්සරහට මොවුන් තුවක්කුත් අරන් එයි අපිව නටවන්න (නි)
තමන්ගේ ලොකුකම හා ගුණවන්තකම ලෝකෙට පෙන්වන්න හිඟන්නන්ට සල්ලි දෙන මෝඩ අයට ඔහොම වෙලා මදි (නි)
අනේ දෙවි හාමුදුරුවනේ! මේ අදහස් දැකලා මම ජීවිතේ කවදාවත් කොහෙවත් ලංකාවේදී අතරමං වෙන්න එපා කියලත්, හිඟමන් යදින තත්වෙට පත්නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ..!!!!!!! (නි)
තියෙන විදියට තමයි මිනිස්සු දෙන්නේ දැනගෙන අරන් යන්න ඕන ඔය වගේ අයට හිඟමන් දෙන්න වටින්නේ නෑ (බ)
මේ නම් හිඟන්නෙක් නෙමෙයි. හිඟන රජෙක් (නි)
පිටබැද්දරලජගේ ගෙදරට යන පාර දිගේවත් මමනම් යන්නේ නැහැ. බයේ බැහැ හිඟාකන්න අාවා කියලා පන්නාගෙන එයි දොර පොල්ලකුත් අරන්? (නි)
මේවා අපේ වැරදි , සල්ලි නැතිනම් නොදී ඉන්න එක තම හොදම දේ , අනික් එක ඕකුන්ට බය වෙන්න නරකයි, මොනා හරි කිව්වොත් බැනල පන්න ගන්න ඕනේ හොර හැත්ත, ඕකුන් නිසා නැති බැරි මිනිහෙකුටවත් හිඟමනේ යන්න බැ.(අ)
ඔය වගේ ගොඩක් හිඟන්නෝ ඔය එකතුකරගන්න ඔක්කොම අරන් හවස බාර් එකට ගිහින් ඉවර කරනවා. මිනිහෙකුට හැදෙනවා නම් ලංකාවේ හිඟාකෑවත් ඇති. හිත හොඳ මිනිස්සු දන් දෙනවා. බලන්න එයා ළඟ 2000ක් තියනවා දවල් වෙද්දී. මාසෙට 60,000ක් විතර හොයනවා ඇති. රජයේ සේවකයෝ දෙදෙනෙකුගේ පඩි නේ. (නි)