IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිංහල සර්ට අපූරු පාඩමක්

(වියලුව වාර්තාකරු)
තම දියණියට පාඩම් කියා දීම සඳහා නිවෙසට පැමිණ වැල්වටාරම් දොඩවමින් සිටි විශ්‍රාමික ගුරුවරයකු පන්නා දැමීමට නිවැසියන් යෙදවූ අපූරු උපායකි මේ.


සිද්ධිය මෙසේය. 


ඔහු විශ්‍රාමික සිංහල ගුරුවරයෙකි. වැඩිහිටියන් සමග තිබූ හිතවත්කම නිසා ඔහු පසුගිය දිනෙක තම හිතවතකුගේ නිවෙසට ගොඩ වූයේ මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින එම නිවසේ දරුවකුට ඉගෙනීමට අපහසු සිංහල ව්‍යාකරණ පාඩමක් කියා දෙන ලෙස එම නිවෙස් හිමියා කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.


විනාඩි කිහිපයක් පාඩම් කියා දුන් ගුරුවරයා දරුවා සමඟ තම සේවා කාලය පිළිබඳ විවිධ වූ වැල්වටාරම් දොඩමින් සිටිනු දුටු නිවෙස් හිමියා දරුවාට පාඩම කියාදෙන්නැයි ගුරුභවතාගෙන් කාරුණිකව ඉල්ලා සිටියේ විභාගයට ඇත්තේ ඉතා සීමිත කාලයක් බව පෙන්වා දෙමිනි.


කෙසේ වෙතත් මඳ වේලාවක් පාඩම කියා දුන් ගුරුභවතා නිවැසියා දුන් අවවාදය යළි අමතක කර රටේ තොටේ සහ ගමේ විස්තර දරුවා සමග පවසන්නට වූයේ නිවෙස් හිමියාගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යවමිනි.


එසේ වුව ද නිවෙසට පැමිණි අමුත්තාට හිත රිදෙන්නට යමක් නොකීමට වග බලාගත් නිවෙස් හිමියා තම බිරිඳ ද හවුල් කරගනිමින් ඔහු නිවෙසින් පන්නා දැමීමට අපූරු උපායක් ක්‍රියාවට නැංවූයේ තම දරුවාට ද නොදැනෙන පරිද්දෙනි. 


නිවෙසේ පසුපස දොරෙන් පිට වී ගිය හෙතෙම නිවෙසේ විදුලි සැපැයුමේ ප්‍රධාන ස්විචය අක්‍රිය කර දැමුවේ විටින් විට සිදුකරන විදුලිය කැපීම පිළිබඳ විදුලිබල මණ්ඩලයට ද දෙස් දෙවොල් තබමිනි.


ටික වේලාවකින් විදුලිය එතැයි සිතූ ගුරුවරයා තවදුරටත් පාඩම කියාදීමට පැමිණි සිසුවා සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට වූයෙන් නිවැසියාගේ උපාය අසාර්ථක විය. එහෙත් අවසානයේදී පරාජය බාර ගන්නට අකැමැති වූ නිවෙස් හිමියා, “සර් ආයෙ නම් ලයිට් එන එකක් නැහැ, දැන් රෑත් වුණා, ගෙදර යන්නත් එපැයි නේ ද?” යැයි කියමින් සිය දරුවා වෙනත් වැඩකට යොමුකළේ එතෙක් වේලා තම නිවෙසේ රැඳී සිටි ගුරුවරයාට ද සමු දෙමිනි.



අදහස් (1)

සිංහල සර්ට අපූරු පාඩමක්

Chamila prasanna Friday, 11 September 2020 03:06 PM

අනේ මෙහෙමත් ගුරුවරු....!!! 

:       109       117

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site