කොළඹ නගරයේ පිහිටි කාර්යාලයක ආරක්ෂක අංශයේ ස්ථාන භාර නිලධාරියා වූයේ විශ‍්‍රාමික රජයේ නිලධාරියෙකි. යුරෝපීය ඇඳුමින් සැරසුණු තරුණයෝ දෙදෙනෙක් ගාම්භීර විලාශයෙන් ආරක්ෂක කුටිය පසු කරමින් කාර්යාලයට පිය නගන්නට වූහ. එක්්ස්කියුස් මී (මට සමාවෙන්න) යැයි පැවසූ ස්ථාන භාර නිලධාරියා සර්ලා කොහාටද යන්නේ යනුවෙන් විමසීය. ”අපිට මිස්ටර් ගාන සේකරන් හමුවෙන්න ඕනේ එක් තරුණයෙක් පැවසීය.
”එහෙම කෙනෙක් මෙහෙ නැහැ. සර්” ස්ථාන භාර නිලධාරියා පිළිතුරු දුන්විට එහෙම කොහොමද ඔයා කියන්නේ ඊයෙත් අපේ ඔෆීස් එකට මිස්ටර් ගාන සේකරන් ඊමේල් කළානේ. අනෙකා පැවසීය. ඒ උනාට සර් මේ ඔෆිස් එකේ එහෙම නම තියෙන කෙනෙක් නම් නැහැ. ස්ථාන භාර නිලධාරියා නැවතත් සුහදව පැවසීය. දෙන්න ඔෆීස් ඇටෙන්ඩන්ස් එක. (පැමිණීමේ ලේඛනය) ඉන්නවද නැද්ද කියලා අපි පෙන්වන්නම්” යැයි කෝපවූ තරුණයෙක් පවසා තම මිතුරාට ළංවී ස්ටාෆ් එකේ නම් දන්නැති මිනිසුන් මොනවට තියා ගන්නවාද දන්නැහැ”යි පැවසූ විට ස්ථාන භාර නිලධාරියාට ද එය ඇසුණි. හෙතෙම නිහඬව කාර්යාලයීය පැමිණීමේ නාම ලේඛනය ඔවුනට පෙන්වීය. එහි ඉංග‍්‍රීසි බසින් ලියා තිබූ නම් පිරික්සූ තරුණයෙක්. ආ මේ තියන්නේ නම, ඔයා බොරුනේ කීවේ. මම මිස්ට ගාන සේකරන්ට කම්ප්ලේන් කරනවා. බොරු කියන ඔයාලා වාගේ අය මෙහෙ තියාගන්න එපා කියලා” යැයි උද්වේගයෙන් පැවසීය. තරුණයා පෙන්වන ලද නම බැලූ ස්ථාන භාර නිලධාරියා අහිංසකව සිනාසුනේය. සර් මේ ගාන සේකරන් නෙමේ. ඥානසේකරන්. ”ඥ” කියලා ඉංග‍්‍රීසියෙන් ලියද්දී ලියන්නේ ඨභ් දාලයි යැයි පැහැදිලි කළේය. හුළං බැස්ස බැලූම් බෝලයක් මෙන් තරුණයෝ කාර්යාලය තුළට පිවිසුනහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ ළමයින්ට වරදක් කියන්න බැහැ; ඉංග්‍රීසි සබ්ද කෝසය හැටියට එයාල සබ්ද කරලා තියෙන්නේ. මම දන්නා පර්සියන් ළමයෙකුගේ නමත් ඔය වගේ. නමුත් බටහිර රටවල් වල අය ඒ නම කියන්නේ ඥානවති කියලා. ඉතින් එයාල ළඟ අර කියන්න අමාරු අකුරු නැහැ . ඉංග්‍රීසිය බටහිරින් මෙහාට එනකොට මේවා වෙනස් වෙන්න ඇති.(නදී)
සනත් දිල්රුක්ෂි රුවන් දිමුතු .කොහෙන්ද පාත් වුනේ ....අසරණයෙකුට උදව් කරන්න කියල අපි ලියන කොට එකතු නොවෙන පිරිස ගැහැණියෙකුට ගහන්න එන හැටි පේනවද?? ඒ කවුරුත් කතා කරන්න එපා මාත් එක්ක මට නිකා කලන්තේ වගේ අයියෝ දිල්රුක්ෂි (ස)
දිරුක්ෂි, ඔයා නිදිද? මම ආවා. අපි යමු දොස්තර මහත්තයා මුණගැහෙන්න (නි)
රුපව හොදයි කියන චන්දියි රූපා නංගියි බ්ලොග් එකක් හදා ගෙන එතන සතුටු සාමිචියේ යෙදුනොත් නරකද (නදී)
දිසනයක, හේරත් මහත්වරුනේ, මෝඩයින්ටයි, නරින්ටයි අකුරු ලියන්න පුලුවන්ද? (නි)
ලංකාදීප පුවත්පත නිලදාරීන් පත් කරලා පාඨක තීරුවක් පවත්වා ගෙන යන්නේ ඉන්දුගෙයි, රූපගෙයි චන්දිගෙයි අල්ලාප සල්ලාපයට නොවෙයි. ඕගොල්ලෝ ඒකට සුදුසු වෙබ් අඩවියක් තෝරා ගන්න අනික රුපවති අඩනවද නැද්ද කියන දේ ලංකාදීප පාඨකයන්ට වැඩක් නැහැ ප්‍රවෘත්තියට අදාලව කතා කරන්න ඕගොල්ලෝ මෙතන කරන්නේ වැදගත් විචාර වලට ඇති වටිනාකම අඩු කිරීමක්.(නදී)
මමත් යුරෝපයේ රැකියාව කරන්නේ. උසස් අධ්‍යාපනය ජීව විද්‍යා මාධ්‍යයෙන් ලබා දැන් ඊට අදාළව රැකියාවක් කරන්නේ. ලංකාවේ මිනිස්සු හරිම කුහකයි. මොකද ඉංග්‍රීසි භාෂාව අපේ මව් බාසාව නෙවෙයි. යුරෝපයේදී ඉංග්‍රීසි කතා කරන්න ගිහිල්ලා ග්‍රැමටිකලි මිස්ටේක්ස් වුනාට සුද්දෝ අපිට හිනා වෙන්නේ නැහැ. ඒත් ලංකාවේදී වරද්ද වරද්ද සිංහල කතා කරද්දී කවුරුවත් හිනා වෙන්නේ නැහැ. නමුත් අපේ දෙවන බසක් වූ ඉංග්‍රීසි වැරුද්දුවොත් සම හරක් බලා ඉන්නේ හිනා වෙන්න. ඒ වුනාට ප්‍රසිද්ධ ස්ථානවල අනන්තවත් සිංහල වරද්දලා ලියලා බෝඩ් දාලා තියෙනවා. කවුරුවත් ඒවාට හිනා වෙන්නේ නැතිවා විතරක් නෙවෙයි වැරදිලාද කියලා දන්නේ වත් නැහැ. ඔන්න ඕකයි අපේ රටේ තත්වය. මේ වගේ හීන දීන මානසික ආකල්ප වෙනස් වන තුරු අපේ ජාතිය දියුණු වෙන්නේ නැහැ.(නදී)
රුපගේ තීරණය හොද තීරණක් ඇයට කම්මැලි කම මකා ලන්න මිතුරන් ඇති කර ගන්න. වෙනත් සුදුසු වෙබ් අඩවියක් හරහා හැකි වේවි සුබ පතමු. ලංකාදීප පුවත්වත කියන්නේ ඊට වඩා වැදගත් සමාජ මෙහෙවරක් කරන පුවත්පතක්.(නදී)
සමහරුන්ට කතාකරන හැටි උගන්නන්න වෙලා.හරියට දැනගත්තා නම් හොදයි බල්ලෝ බිරුවට අපි ලියන ඒවා නතර කරන්න බැහැ කියලා. ඒක අපේ සහෝදර සංස්කාරක මණ්ඩලය තීරණය කරාවි.මේ පුවත් වලට පණ දුන්නේ අපියි මේ තරම් දවසක් (නි)
මම හැමදාම අක්කගේ අදහස් කියවා හිනාවෙනවා. අදහස් දැමීම නවත්වන්න එපා අක්කේ. නින්දා ප්‍රසංසා දෙකම ලැබෙන එක සාමාන්‍ය දෙයක්. (නදී)
දිල්රුක්ෂි, හැමෝම අත ඇරලා දාලා ඉන්නේ. ඔයත් ප්‍රවෘත්තිය විතරක් කියවල නිකන් ඉන්න. (ස)
මොකද්ද මේ? හැමෝටම හරියට කතා කරන්න ඉගෙනගන්න. කවුරුවත් ලියන එක නතර කරන්න එපා. අපි හැමෝම මාතෘකාවට අදාලව ලියමු.මොකටද මේ බොරුවට රණ්ඩු කරන්නේ? (නි)
නම්බුකාර කියන පාඨකයෝ මොකටද ගැහැණුන්ගේ ඇගේ එල්ලිලා කෑගහන්නේ. ලැජ්ජයි (නි)
අනේ මේ , කුසුම් සිරිමාමේ ..! අපි ලියන ඒවා මාතෘකාවට අදාළ වුනත් , නැතත් කතෘ තුමා අනුමතිය දෙනවා නම්, මෙහි පල කරනවා නම් .., ? ඇයි අනේ ඔයාලා නිකම් බොරුවට උඩ පනින්නේ ..,?අපි මේකට ලියල සතුටක් ලබා ගනිමු. විනෝද වෙමු පිටරට ඉන්නවා කියන්නේ පාලුවෙන් තනි කමෙන් ඉන්නේ ඔය එක එක දේ ලියලා ., කවි ලියලා ,විරිදු ලියලා කතා ලියලා අපි මොන තරම් සතුටු උනාද (අපේ ඒ සතුට නැති කර අයට ශාප වේවා කියලයි දැන් කියන්න වෙන්නේ ) සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ...!!!! (ස)
මේ රුපවතිව මන් දන්නවා . මෙයා ඉන්නේ ලන්ඩන් ජන්ෂන් වල . හරියට හවස 8 න පසු ලන්ඩන් ජන්ෂන් වලට ගියාම රූපවති ඇන්ටිව බලා ගන්න පුළුවන් . මම ඉන්නේ කිග්ස්බරි ජන්ෂන් වල (නදී)
අපේ අසල්වැසි නිවසේ මිත්‍රරත්න අයියා සේවය කළේ විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක නිලධාරියෙක් හැටියටයි. ඔහු නිතරම කියාසිටියේ මෙම රැකියාවට එන්න පෙර නැව්වල සේවය කළ නිසා ඔහුට ඉංග්‍රීසි භාෂාව වතුර වගේ කතා කරන්න පුළුවන් බවයි. ඔහු හැමදෙනාටම නිතර කිවුවේ විවේක වෙලාවක එන්න මම ඉංග්‍රීසියෙන් විසිල් ගහන්න කියලා දෙන්නම් යනුවෙනි. ඔන්න දවසක් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානියා තීරණය කළා නිවාඩු දවසක සේවක පිරිස එක් දින චාරිකාවක් සඳහා පේරාදෙණිය මල්වත්තට රැගෙන යන්න. ප්‍රධානියා ලේකම්වරියට දැනුම් දුන්නේ එක්දින චාරිකාවේ කාල සටහන සකස්කර හැමදෙනාටම එහි පිටපතක් ලබාදෙන ලෙසයි. ඉංග්‍රීසියෙන් සැකසු කාල සටහන අනුව 8ට රැස්වීම සඳහන්ව තිබුණි, චාරිකාව යන දිනය උදාවි මිත්‍රරත්න හැර සියලුම සේවකයන් උදැසන අටට පැමිණ සිටියහ, සියලුම සේවකයන් බස් රථයට ගොඩවී බලා සිටින්නේ ඔහු එනතුරුය. කෙසේ හෝ උදේ 8,45 වෙද්දී මිත්‍රරත්න සුපුරුදු පාපැදියෙන් නියමිත තැනට ළඟාවිය. විදුලි බල මණ්ඩලයේ ප්‍රධානියා කේන්තියෙන්.. අයිසේ මිත්‍රරත්න අපි තමුසෙට කීයටද එන්න කිව්වේ? මිත්‍රරත්න කියා සිටියේ සර්, ලේකම් නෝනා දුන්නු කාලසටහනේ තිබුනේ ගෙදරින් උදේ අටට එන්න කියලා යනුවෙනි. (නි)
ඉන්දු -ලන්ඩන් පුවෘත්තියට අදාලව අදහස් දෙක තුනක් පල උනොත් හැමෝම ඒක කියවයි. ඕගොල්ලන්ගේ වැඩක් නැති වැල් වටාරම් වලින් මෙතන පුරවන්න එපා එතකොට කව්රුවත් අර වැදගත් දෙක තුනවත් කියවන එකක් නැහැ (නදී)
මහත්තුරුන්ට වරදක් තිබෙනවා නම් එය ලස්සනට පෙන්නලා දෙන්න තිබුනා. නිකන් ගැහැනුන්ව පහත් කරලා අදහස් දාන්න හදන්න එපා. ඕක මානසික ලෙඩක් ... (නි)
දිසා අයියේ ......!!!! ඔය කෝප්ප හෝදන අයගෙන් අපිට වැඩක් නෑ.චන්දි අක්කා කිව්වා වගේ ලස්සන කවියක් ලියන්න වස් දොස් යන්න....!! (ස)
පාර්ශව දෙකම එක වගේ මට හිතෙන්නේ.ඕක සිංහලෙන් කිව්වා නම් හරිනේ.බාගයක් සිංහල බාගයක් ඉංග්‍රීසි මොකද ? (නි)
නාවින්න මහත්තයෝ, ඔය කියන සමාජ කතිකාවත උදෙසා ඔබතුමා දාලා තිබෙන එක සටහනක් අපිට පෙන්නන්නකො (නි)
මිතුරනි, මමත් ලංකාවෙන් ගොඩක් ඈත රටක ඉන්නේ. ඒත් හැමදාම වගේ මේ තීරුව බලල ලේ ටික පිරිසුදු කර ගන්නවා ඔයලගේ කොමෙන්ට්ස් කියවලා. ඉතින් රුපවති අක්ක මෙතනින් ගියොත් හරියට අර අහවල් ඇමති නැති පාර්ලිමේන්තුව වගේ වේවි. රුපවති අක්කේ අනේ යන්න එපා මට ඇඩෙනවා (කොහෙද මේ කෙහෙල්මල් පරිවර්තකයා හරි අකුර ගත්තේ නැහැ ). රුපවති අක්ක කළු උනත්, සුදු උනත්, හොද උනත් නරක උනත් අපිව ජෝලියෙන් තියන කෙනෙක්.(නදී)
මම චන්දි කියපු උපදෙස ගන්නවා. රූපා අක්කට ඕනෑ දෙයක් කියන්න. අපි බලාගෙන ඉන්නම් (නි)
අම්මෝ!උඩ ඉදලා කොමෙන්ට් අදහස් කියවාගෙන ඇවිල්ලා මට හරිම මහන්සියි. කව්රු හරි මට රතුපස්වලින් වතුර ටිකක් දෙන්න. හරි තිබහයි (නි)
නිරුවත ගැන ලියන්න ගිහිල්ලා පිට උගුරේ ගියා. සමහරක් නොදැනුවත්වම නිරුවත් වෙලා කියලා මේක බලන බුද්ධිමත් උදවියට වැටහෙනවා ඇති. ඒ අයට නම් නොතේරුනාට නොදැනුනාට. ඒක තමයි කියන්නේ මොණර නර්තනය දාන්න කලින් පොඩ්ඩක් උඩ බිම බලලා කතා කරන්න කියලා. දැන ගියොත් මඟ කතරගම. නොදැන ගියොත් වේවි අතරමග. සමහරක්ට මේක සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවෘත්තියක් බවත් අමතක වෙලා දැන් නිරුවත කියන වචනයේ එල්ලිලා දඟලන්නේ තමන්ව නිරුවත්වෙලා බව නොදැනයි. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක අයියේ ලංකාදීපයට අති දක්ෂ කතෘ මණ්ඩලයක් ඉන්නවා ඔයාටයි මටයි මේ පුවත් වලට පණ දෙන්න දෙයක් නැහැ, ලංකාදීපය කියන්නේ බොහොම ලොකු පාඨක සංඛ්‍යාවක් ඉන්න පුවත්පතක් . ලංකාදීපය කියන්නේ දැවැන්ත වෘක්ෂයක් (ස)
සභාවෙන් අවසරයි මෙතන කතෘ තුමන්ගේ පණිවිඩය "සුළු සේවකයන් අවතක්සේරු නොකළ යුතුයි යන්නයි " අද කාලයේ බොහෝ දෙනෙක් මනා අධයාපනයක් ලබපු අය(නදී)
අනුරුද්ධ මහත්තයෝ, මම කිවුවේ ඔයාලා වගේ අය ගැන තමයි (නි)
බටහිර,නැගෙනහිර භාෂාවලත් අකුරු ශබ්ද කරන විදිහ වෙනස්. ස්පාඤ්ඤ අකුරු වලින් නම් අපේ අමාරු වචන ශබ්ද කළ හැකිවේවි. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක මහත්තයෝ, හේරත් දිසනායක කියන්නේ පිරිමි අය කියලයි මම හිතුවේ. වාසගමෙන් අදුනාගන්න අමාරුනේ ඉතින්. කව්රු වුණත් ඒ විදිහට කතා කරන එක වැරදිනේ (නි)
කලිසම දාගත්ත මහත්තයෙක් පාරේ අයිනේ කඩයක් ළඟ නතර කරලා. ඇහැට කනට පේන ලස්සන තරුණ කෙල්ලගෙන් අහනවලු නංගි මේ බතල කුඩේ කීයද? රුපියල් 8 දෙන්න මහත්තයෝ. අඩු නැතිද? ඔතන කිලෝ 4 තියෙනවා නේ..අඩු කොරන්න අමාරුයි සර්...මේ බතල ගමේ හදාපුවාද? අනේ නෑ සර්..අපේ වත්තේ...අර ගේ පිටු පස්සේ. ...මේ ඉඩම කොච්චර ලොකුද.... අක්කර 5 විතර...ආණ්ඩුවෙන් වගා කොරන්න කියල ලැබිච්ච සර්...ඉතින් නංගි ඔයාල බතල විතරද හදන්නේ... .ඉතින් මේ ඉඩම කාටද අයිති. කියමින් පිලට ගොඩ උනා වෙන සිහියකින් ..මේ දෙබස අහගෙන හිටය ආච්චි අම්ම හැරමිටිය වනවන එලියට ඇවිල්ල කියනවා ..මහත්තයෝ බතල ගන්න ආවනම් බතල අරන් පල යන්න . එනවද මෙතන හතර මායින් හොයන්න. ඒ මදිවට හිතුවද බතල හිටවන්න. කොල්ලෝ ලිහාපිය ඔය බල්ලෝ දෙන්නා හ්නිකට ..කියන කොටම සර් එළියට පැනල කාර් එකට පැන ගත්තේ බතලත් අමතක කරලා..කලිසමේ බෙල්බෝටම් එකත් නැතුවලු. ඒ හින්ද ලු කතාවක් තියෙන්නේ බතල ගන්න ආව නම් බතල අරන් යන්නේ නැතුව හතර මායින් අහන්නයන්ට එපා කියල...මේවා හොඳ පාඩම්...(නදී)
විදුලි කොටනවා... අකුණු ගහනවා... වැස්සක හෝ හඬ කනට දැනෙනවා... අර පැත්තෙන් දැන් කළුවර එනවා // වැස්සට බැහැ අනේ සන්තෝෂය බිදින්නට... අකුණු වලට බැහැ හදවත් කඩන්නට... අකුරු වලට පණ දී කවි ලියන්නට... දෙයියොත් සාක්කියි අපේ හඬ නගන්නට.... (නි)
පහන් මල්ලි කතාවේ පොඩි අඩුවක් තියෙනවා . පිටිපස්සෙ කට්ටියට අත දික්කරලා තෑන්ක් යු කියලා ඉද ගන්න කලින් ඇස්.ඊ. එක්ස් . ගෝ අවුට් කිව්වා නේ.(නදී)
පෙටි මල්ලියේ නැව තියෙන්නේ ඔයාගේ ලගම තමයි (නදී)
මමත් ආසයි බයයි දැනගන්න. (නි)
අර්ථය විතරක් ගන්න. නම, ගම, උස, මහත, බැඳලාද කියලා බලන්නේ නැතුව රසය විතරක් උරන්න. මුරුංගා කන හැටි දන්නවනේ..මේකයි ස්වාධීනව හිතන්න තිබෙන ආයුධය. පුවත්පත් කලාව.. (නි)
අර මොකෝ සරත් ..!!(නදී)
ඇත්ත තිත්ත අය කව්ද කියලා අදහස් වලින් පැහැදිලි වෙනවා. මේ තිරය ගද ගස්සන්නේ නැතිව ඉන්න ඒ අය. රුපවති අක්කේ ඔයාගේ එඩිතර අදහස් වලට අපි ගරු කරනවා. නිකමටද කියන්නේ පල ඇති රුකට ගල් කියලා.....!නේද.....?(නදී)
හේරත් හා දිසනායක කියන්නේ දෙන්නෙක්. දිල්රුක්ෂි පත්තරේ අදහස් සියල්ල කියවලා නෙමෙයිනේ ප්‍රශ්න අහන්නේ. නිකරුනේ දොස් කියන එක වැරදියි. (නි)
කැරට් සහ ගෝවා කසාද බැන්දේය .දින කීපයකට පසු බීට් කැරට්ගෙන් මෙසේ ඇසීය "'කොහොමද හනිමූන් එක? ''අනේ කතාකරන්න එපා (අ)
චන්දී දිසා ,නිලූ ඕගොල්ලෝ දිනපොත් එහෙම ගන්න ඕනේ නැහැ ඒවත් මෙතනම ලියල දාන්න (නදී)
සරත්ට උණු වතුර ප්‍රශ්නයක්ද චන්දි?(නදී)
පෙරහැර එක දිගට යනකොට නැහැ එළියක් ....මට මේ බව සිතුනි තනිවම දහවලියක් .......වෛරයේ කවට කම් ලිව්වට නැහැ ජොලියක් ...වස් දොස් යන්න ගහනවා මම පොල් ගෙඩියක් ....(2) අසරණ තැනට ගසනා නිවටුන් බෝමා ...... තම පරපුරට ගරහන ගැහැනුන් පෝඩා......වල් මත් වීලා නැගිටින ගොන් රැල ආදා..... ඔබලා එවන කුණු ගොඩවල් මට වානා.... (ස)
නිලූ, ඔයත් කෝප්පේ හෝදලා තේ, වතුර එහෙම බොනකොට බොන්න අපිරිසිදුවට ඉන්න එපා. (ස)
ගිනි ගත් සිත් සතන් සිහිලෙන් නැහැවේවා..... පාලුව කාන්සිය සැමගේ දුරු වේවා.... නුවණැස ඇරී සාමය ඉන් වැඩි වේවා..... මේ පින් බිම සව් සිරියෙන් ඉතිරේවා..... (නිලූගේ ආරාධනයෙන් දිසා අයියා කට අරින්නට පෙර මම පැන්නා ඉස්සරහට. කමක් නෑනේ) (ස)
මට නම් හොදටම සුවර් ..අපේ රූපා අක්කි කරන පින්වලට ...කවදා හරි දේව දත්තයෙක් වෙලා ඉපදිලා අංගුලිමාල වගේ ඇගිලි වල කොච්චි ගාලා නිවන් දකිනවාමයි..(නදී)
තොප්පි වෙළෙන්දෙක් දවසක් තොප්පි විසිකළා- පාට පාට තොප්පි දමා සත්තුත් බිරුවා - සමාජ මණ්ඩප දාගෙන තොවිලෙත් නැටුවා - රූප අනේ තිරෙ අස්සෙන් කෝලම් බැලුවා.// (නි)
හේරත් දිසනයක කියන්නේ දෙන්නෙක් කියල දන්නවා. පැංචියෝ කාන්තාවන් කියලා දැනගෙන හිටියේ නැහැ. (ස)
පල ඇති රුකට ගල් ...මොන බොරුද නිලූ..පඩි දාට පොල් ...ඇඩ්වාන්ස් එක දාට ගල්...කියල නේ අපේ පොතේ තියෙන්නේ.(නදී)
අලුතින් කවුද කෙනෙකුත් "කටා" කියලා අදහස් දාලා. "කටා මාමා" ස්වාධීනයි. (නි)
කව්ද මේ පෙටි..? නිකන් ''කොච්චි'' කරලක් වගේමයි...!!(නදී)
අපේ ගෙදරට වෙළද නියෝජිතයෙක් එනවිට මම උදයට ඉඳි ආප්ප කමින් සිටියා. තාත්තත් තේ එකක් අතේ තියාගෙන හිටියා. අපි දෙන්නම උඩුකය ට ඇඳුම් නැතිව තාත්තා සරමකුත් මම කොට කලිසමකුත් ඇඳගෙන හිටියා. එයා ඉංගිරිසියෙන් මට සුබ උදෑසනක් කියලා අපගේ ඉඩමේ කරන ඉදිකිරීමක් සම්බන්දයෙන් ඉංගිරිසියෙන් ඇහුවා. මම ඇත හෝදගෙන එනතුරු තාත්තා සමග කතාකරන්න කියලා ඉංගිරිසියෙන් පිළිතුරු දීලා ,තත්තට කන ඇහෙනවා අඩු නිසා මේ කව්ද කියල ටිකක් උස් හඬින් ඉන්ගිරිසියෙන්ම තාත්තටත් කියපුවම මිනිහට තේරුණා වැරදි ගහට කෙටුවේ කියලා. එතන ඉඳල මිනිහ සුද්ද සිංහලෙන්ම කතාව පටන් ගත්තා. (නදී)
දිල්රුක්ෂි අක්කේ , "හේරත් දිසනායක කියන්නේ පිරිමි අය කියලයි මම හිතුවේ" පිරිමි අය නිසාද ඔච්චර තරහ.ඒ මාමල ජොලි අනේ. ලියන ඒවා රස විඳින්නකෝ. (ස)
ගමේ කඩේකට පොෂ් ගෑනු ළමයෙක් ඇවිත් මුදලාලිට මෙහෙමෙ කිව්වලු " මිස්ටර් මුදලාලි, මට මේ මනිස් වලින් පාන්ස් දීල ඉතුරු මනිස් වලින් ටොපිස් දෙන්න " ...මුදලාලි උඩ ගියාලු....(නදී)
මොනවා උනත් මහත්තයාගේ කවි පන්තිය නම් ලස්සනයි... (ස)
මේ රුපවති එක පාරකුත් හැමෝගෙන්ම හොදට බැනුම් ඇහුව. හැම වෙලේම ආත්ම වර්ණනාව (නදී)
නිල් දිය ඇත්නම් දෝත තිබේ නම් , බඳුන් සොයා වෙසෙන්න එපා ..!! කවුළුව අතරින් සඳ රැස් වැටුනට , පහන නිවා සැනසෙන්න එපා ...!! කවුරුන් නුඹට මොන දේ කිවත්, රූපෝ නොලියා ඉන්න එපා ...!! අදහස් ලියනා කවුරුත් මින්පසු මේ පිටුවේ පහරන්න එපා ,.....!! (ස)
රූපවතී හෝ මෙහි අදහස් දාන කිසිවෙකු නතරවෙනවාට මම ඇකමැතියි. රූපවතීගේ තීරණය ගැන නැවත හිතන්න. කාලයක් නැවතිලා නැවත ආපු එකටත් සතුටුයි.(නදී)
කරාපිටිය ජයලත්,එපා අනේ කලබල වෙන්න (නි)
චන්දි ,සතුටු සිනාවෙන් පිරිලා තිබුණු මේ පිටුවට වෙලා තියෙන දෙයක්? (නි)
රූපා අක්කේ කී පාරක් ඔයා අපිට ඔයාගේ ලොකු කම කියෙව්වද දැන් (නදී)
අපි ලංකාදීප කතෘ තුමාගෙන් ඉල්ලමු මේ අයට සතුටු සාමිචියේ යෙදෙන්න කවි ලියන්න වෙනම බ්ලොග් අඩවියක් ලංකාදීපයට අනුබද්ධිතව ලබා දෙන්න කියලා. (ස)
කොහොම හරි කොහොම හරි බයිලා සබාව දිගටම ගියාලු (නි)
රුපවති යකෙක් නෙමේ යක්ෂණියක් ..මොන පින් පාටද ගොම පාට මිසක් (අ)
කව්ද මේ පෙටි..?...අපටත් හරිම ප්‍රස්නයක්. පෙටි කියන කතා කියවල මුව කන්න හිතෙනවා...කෝ ඉතින් මොන රාක්කෙ ඉන්නවද සුදුද කළුද දන්නෙත් නැතිව කන්නේ කොමද..ඒ නිසා මම කොච්චිත් එක්ක රොටි කෑව.(නදී)
වස් දොස් යන්න පොල් ගෙඩියක් ගහපු එක නම් හොඳයි.. දැන් අපි ඔක්කෝම යාලුවෝනේ....... හැමොගෙම අදහස් දාන්නකෝ..... (කතාවට අදාළව හරි නැතුව හරි) මේ අවුල නිසා දෙයියෝ සාක්කියට ලියන්න දැන් ගොඩක් පිරිස ඉන්නවා.... හරිම සතුටුයි... අපේ කතෘ මණ්ඩලයට වැඩ වැඩි වෙයිද මන්දා...... (ස)
නිලූ රුපවති අක්කගේ ප්‍රතිචාර තියෙන්නේ මේ වගේ පොඩි අයගේ දේවලට විතරයි ලොක්කන්ගේ වැරදි තියන ප්‍රවුර්ති වලට විවේචන දාන්න මෙයා බයයි කාඩ් බොඩ් වීරවරිය (නදී)
බටිති ඒ ඔයාගේ පොතේනේ නේද.ඉතුරු ටික හිතා ගන්න පුලුවන්.නොදන්නා දේට දොඩවන්නේ නැතිව පාරේ අයිනෙන් යන්න.(නදී)
කේ.එච්.ආර්.කේ. දිසානායක, ඔයා ගැන කණගාටුයි. කතා විලාශයෙන් හිතෙන්නේ වැඩිහිටියෙක් කියලයි. අනිත් අයට ආදර්ශයක් වෙන්න. බලාගෙන ඉදලා බැරිම තැන ලියන්නේ. (නි)
ෂා! කවි ටික නම් ලස්සනයි. හැබැයි නාන කාමරයේ ක්‍රිකට් ගහනවා වගේ (නි)
ෂා..... චන්දි අක්කේ, ඔයාගෙ කවිය නම් මල් හතයි (නි)
"මින් පසු මම ලියන්නේ නැහැ" - ඔයා හරිම නරකයි. එතකොට මට කව්ද පැංචි නෝනා කියන්නේ. ඔයාගේ අගර දඟර සරුන්ගෝල රා නැති උනාම අපේ සැලඩ් එක බිත්තර නැති ආප්පේ වගේ.(අ)
මම නම් දන්නවා ඉංග්‍රීසියෙන් අඩන හැටියි,හිනාවෙන හැටියි. ඒත් කියලා දෙන්නෙ නැහැ කාටවත්.එතකොට අගය අඩුවෙනවා (නි)
අනේ සුදු සුමුදු බබෝ කියන කෙනා මොනවා කිව්වත් අහන කෙනා බුද්ධියෙන් නො කිව්වොත් තමා අවුල් හැදෙන්නේ. රුප මොනවා ලිව්වත් අපි මොකටද අනේ ලේ පුච්ච ගන්නේ...හිනාවෙන්න...රස විඳින්න මේක තමයි රුපැක්කා ගෙ නයා දුවන හෝටලේ//(නදී)
මෙතන පාර්ශව දෙකක් නැහැ. මට හිතෙන්නේ මෙතන පිරිසක් කල්ලියක් හදා ගෙන විටින්විට ඉදිරිපත් වන බහුතරයකගේ අදහස් අකා මකාලමින් ඉන්නවා (නි)
ඇත්තද පෙටි, 1959 මම හිටියේ මොන ආත්මෙකද? අනේ කියන්නකෝ මට හරි ආසයි දැනගන්න. ඉතින් කියන්නකෝ ඒ කාලේ වෙනකොට ඔයාගේ වයස කියද? (නි)
රුපවති ගෙයි අමිල ගෙයි හැමදාම ලොකු කම අහල අපිට දැන් ඇති වෙලා රුපවති දැන් සේසතම දන් දීලද තියෙන්නේ (නදී)
ඉස්කෝලේ යන පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා මාතෘකාවක් දෙන්නේ ඊට අදාලව කතා කරන්න කියලා (නි)
අපේ රටේ පාස්පෝර්ට් කන්තෝරුවේ පොත හදද්දී, ඔය ගාණසිරිලට මොකද්ද දන්නෙ නැහැ නේද, කියන නම ...? (නි)
කව්ද යකෝ තොප්පි විසි කලේ - දිසා තොප්පි වෙළෙන්දෙක් කියල හිතුවද? ඕවට එන්න එපා. සමාව ගන්න (අ)
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි .., එරන්දක.., සුමුදු .., ඔය දෙන්නට මුකුත් පාඩුවක් හෙම උනේ නැහැනේ නේද...?(නදී)
නැහැ පැංචි,අරාබියෙන් හරාම් කියන්නේ පව් කියන එකනේ.තව අපරාදේ කියන එකටත් කියන්නේ හරාම් කියලා. තක්කාලි වලට කියන්නේ බනදුරා කියලා.ඇයි ඔයාට ආසයිද අරාබි ඉගෙන ගන්න? (නි)
ආන්න .., දැක්කද කුසුම් සිරිටත් බෙහෙත් නැති ලෙඩේ බෝවෙලා ..!!! කවියට කලාවට හිත ලැදි මේ අයගේ .., සතුටට ,බාධා නොකරොත් නම් හොඳයි වගේ.., කුසුමසිරිට කවි ගොතන්න බැරිවා වගේ ..!!අපි ලියනා කවියට ඉරිසියයි වගේ ..!! අපේ සතුටට බාධා නොකර අපේ කවි මෙහි පල කරන කතෘතුමාට.., යෝධ බල , යෝධ ශක්තිය හා දිර්ඝා යුෂ පතමි. (ස)
පෙත්ත පුතේ '' අපේ හම කලුයිනේ චන්දි '' අනේ පුතේ ඒ අපේ ජාතියේ පාටනේ..!! (ස)
"ලංකාවේ මිනිස්සු හරිම කුහකයි." අපේ හම කලුයිනේ ලක්මිණි.පර සුද්දට ගැතිකම් කළ හන්දා අපේ සමහර මුත්තලා ආච්චිලා කළ දේවල් තමයි අපි දැන් විඳින්නේ.සල්ලි දිවෙන් ගන්න අයගේ කුහකකම් මනින්න දියවැඩියා මීටරයෙන් බැහැ නගෝ. (නි)
සමන් සමග මම එකගයි ... එක තැන පල වෙන්න එපා (ස)
චන්දි, ඉන්දු, දිසා අයියේ මෙන්න මල් මිටක් මගෙන්...!!!!! (ස)
ඉස්කෝලේ බුද්ධාගම ඉගෙන ගන්නකොට සම්මා වාචා කියන පාඩම කට්ටි පැනපු අය ඉන්නවා නම් අත උස්සන්න (නි)
අනුරුද්ද මාමේ, "නාන කාමරයේ ක්‍රිකට් ගහලා" අම්මාට අහුවුණොත් ඔයාට බෝලය ආයේ හොයන්න හම්බ වෙන්නේ නැහැ හොදේ (නි)
පැන්චියේ.., ඉක්මනට රොටි කෑල්ලක් එලියට විසි කරන්න .., මගේ කටට කෙල ඉනුවා හලෝ ....!! හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම් කොච්චි කොටලා රොටිත් එක්ක මාරු ආ (ස)
නොදන්නා දේ කියලා දෙන අනුරුද්දට, තණකොළ මිටක්. (නි)
නොදන්නා දේට දොඩවන්නේ නැතිව පාරේ අයිනෙන් යන්නම් අය්යේ.. ඔයා පාර මැද උපන් ඇඳුමෙන් යන කොට අපට බයේ බෑ..හපුනොත් මොන දෙයියන්ට කියන්නද? (ස)
අනුරුද්ධ මල්ලි, ඇයි ඔයා ක්‍රිකට් ගහන්නේ නාන කාමරේද? බලාගෙන බෝලෙ කොමඩ් එකට වැටිලා ගන්න කියා අත දාලා ගන්න නොහැකිව, ඔන්න අපිට නම් එන්න බැහැ ඔයා කෑ ගැහුවට හොදේ (නි)
පෙත්තෝ . මේ අහන්න, මෙහේ අල්ලන්න තියා, දකින්නවත් තැබිලි නැහැ. ලංකාවට ආවාම ගුවන් තොටුපලේ සිට ගෙදර යන අතර මගදී එයින් එකක් බිල තමයි ගෙදර යන්නේ..! (ස)
මට දුක රූපා ගැන නෙමෙයි. පිටිගල මිලානෝ, අනේ එයට මක් වුණාද? තව ප්‍රශ්නයක්. පැන්චයි, පෙරේරා (පර්ත්) මේ දෙන්නම එක්කෙනෙක්ද?මේ අපි වගේ නෙමෙයි, රූපවති කියන්නේ බොරු නමක් (නි)
වන්දි දුවගේ කවි පන්තියත් ලස්සනයි (නි)
අනේ රූපවතී අක්කේ ඔයා දිගටම ලියන්න අනේ. ඔයාල ලියපු රස කතා නිහඬව රස විඳපු තවත් කෙනෙක් මම. මේ පිටුව කියවන්නේ හරි ආසාවෙන් හැමදාම. . රූපවතී අක්කේ ඔයාගේ විභාගෙට මගෙන් උණුසුම් සුභ පැතුම්. (නදී)
රූපවති අක්කේ ඔයා නොලියා ඉන්න එපා. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ. ඔයාගේ අදහස් වලට අපි ගරු කරනවා. ඉතාම අසාවෙන් බලන්නේ. මේකේ ඉදලා හිටලා අදහස් දාන අය නිසා ඇයි ඔයා සැලෙන්නේ. නිදහසේ අදහස් පල කරන්න කාගෙන් වත් අවසරේ ඕනේ නැහැ.(නදී)
නාන කාමරයේ ක්‍රිකට් ගහන මාමල කන්නේ මොනවද නැන්දේ? (ස)
ඔයාලා කාටවත් මතක් වුණාද අසරණ සරත් අයියා ගැන හොයන්න. ඊයෙ පෙරේදා දවසක එයාට මොකද්ද ලෙඩක් වගෙයි කියලා දාලා තිබුණා. දැන් මේ හෙයියම්මාරුව දැකලා ලෙඩේ හොඳ වෙලාද වැඩි වෙලාද දන්නේ නෑ. අනේ දන්න කෙනෙක් කියනවාද?? (ස)
මමත් පුවත්පතක අවරුදු 30 ක් විතර සේවය කර විශ්‍රාම ගිය කෙනෙක්. මාතෘකාවට අදාලව ලියන්න කියන දේ නම් මට කිසිම වැරැද්දක් පෙනෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් මේ ප්‍රවෘත්තියක් කියවන්නේ ඒ සම්බන්ධව රුචිකත්වයක් දක්වන නිසා. අනතුරුව අනෙක් පාඨකයන්ගේත් අදහස් දැන ගන්න තමයි පාඨක තීරුව කියවන්නේ. 100 ක් අදහස් තුලින් 75 ක් මාතෘකාවෙන් පරිබාහිර නම් කව්රුවත් මේ තීරුව කියවන්න යොමු වෙන එකක් නැහැ (නි)
සිංහල භාෂාව හරිම සංකීර්ණයි පමණක් වචන වෙන භාෂාවකින් ලියන්න ගියාම හරිම අමාරුයි.(නදී)
නිලූ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඔයාටම දෙනවා. ඔන්න අපි යනවා එහෙනම් ඕගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්නේ මොකටද අපි මීට පස්සේ ප්‍රවෘත්තිය විතරක් කියවන්නම් කො (ස)
සමදරා ඇන්ටිත් දන්නා ජාති..? (නි)
කැරට් සහ ගෝවාගේ කසාදේට පහුවෙනිදා පහන් අයියත් හෝම් කමින් ගියාද? පස්සේද බීට් වැඩි වෙලා කැරැට්ටුව එලි උනේ ? දෙයියෝ සාක්කි.(නදී)
අම්මෝ ලොකු ගෝරනාඩුවක් වෙලානේ....කස්ටියම ගේමටම බැහැලා.ඕනෙම කෙනෙක්ට විවිධ නම් වලින් අදහස් පලකරන්න පුළුවන් .එක ඒ කෙනාගේ අයිතිය.නමුත් මධුක අදහස් පළකරන්නේ තමන්ගේම නමෙන්මයි ...මොකද ප්‍රතිපලය කුමක් උනත් බය නැතුව මුහුණ දෙන නිසා.මම ගොඩක් දෙනෙකුට ගරු කරනවා තමන්ගේ නමින්ම ඇවිත් බය නැතුව අදහස් පල කරන එකට..(අ)
අනේ ....අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා...තැඹිලි නැති කොට...බොමු පොල් වතුර..(නදී)
ඉංග්රීසි වලට හොදයි කියන අයත්, බනින අයත් දෙගොල්ලොම මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ කරුවල ගෙදර සිරිමල් ,තුන් ඈදුතු කතාවේ තිස්ස වගේ චරිත කියවලා තේරුම් ගන්න බලන්න. (නි)
මෙහෙ මගේ සේවා ස්ථානයනේ..මගේ නම හැමෝම දන්නවා එත් කවුරුත් මට කතා කරන්නේ "රටේ යකා " කියලයි. (දිල්)
රූපවති අක්කේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ඔය අඩ අඩා ප්‍රතිචාර දැම්ම කියලා නාකි හුරතල් කරන්න නෙමෙයි මේ පුවත්පත තියෙන්නේ . ලංකාදීප පාඨක තීරුව තියෙන්නේ මීට වැඩිය වැදගත් සමාජ කතිකාවතක් උදෙසා.(නදී)
රූපය දිරයි නාමය නොදිරයි . ඒවගේම රූපවතිගේ නාමය මේ ලංකාදීපේ හැමදාම තිබෙනවා .රූපවති ටික කලකට නැවතුනත්. අපි රූපවතිට තොරණක් ගහමු කට්ටියම එක් වෙලා. (ස)
පරණ කතාවකුත් මතක් වුණා සනත්. දවසක් හාමුදුරුවරු දෙන්නෙක් ගඟකින් එගොඩ වෙන්න විදිහක් කල්පනා කළා.රෑ බෝවීගෙනත් එනවා. සමදරාගේ ඔරුත් නැහැ.පන්සලට යන්නත් ඕනෑ.පස්සේ ටිකක් එහායින් තරුණ ලස්සන කාන්තාවක් අඬනවා, අනේ හාමුදුරුවනේ මාවත් අරන් යන්න, මගේ ළමයි බඩගින්නේ තනියම.මෙතන මං තනි වුණොත් සත්තු කාවි.අනේ මාවත් එගොඩ කරන්න කියලා. හාමුදුරුවරු දෙන්නට දුකයි. මොනවා කරන්නද? දාලා යන්නත් බැහැ.අරගෙන යන්නත් බැහැ.ඒ පාර ලොකු හාමුදුරුවෝ කිව්වා පොඩි හාමුදුරුවනේ, මේ සිවුර ඔබ වහන්සේ ගන්න. මම අදනකඩය පිටින් මේ කාන්තාව එගොඩ කරනවා. කියලා. පොඩි අමුදුරුවෝ අන්දුන් කුන්දුන් වුණා. ලොකු හාමුදුරුවෝ අර කාන්තාව උරහිසට අරගෙන ගඟෙන් එගොඩට ගිහින් දැම්මා. අර කාන්තාව පින්දුන්නා. හාමුදුරුවෝ කිව්වා සුවපත් වේවා කියලා. පස්සේ හාමුදුරුවරු පන්සලට වැඩියා, කතා නැතුවම.ඊට පහුවදා ඉඳලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වැඩිය ගරු කරන්නේ නැහැ.දවස් කීපයක් ගියාට පස්සේ ලොකු හාමුදුරුවෝ ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ එදා රෑ නාඳුනන කාන්තාවක් කරේ තියාගෙන ආවා. ඉන්පස්සේ ඔබවහන්සේ පාරජිකයි කියලා. ඒ නිසා මම ඔබ වහන්සේට ගරු කරන්නේ නැහැ කියලා. ඒ පාර ලොකු හාමුදුරුවෝ කියනවා අනේ පොඩි හාමුදුරුවනේ, මම ඒ කාන්තාවට පිහිටක් වුණා වෙලාවේ හැටියට. දැන් ඒ ගැන හිතන්න වෙලාවක් නැහැ.ඒක ඒ වෙලාවේම මගේ හිතෙන් බැහැර කළා. ඔබවහන්සේ තවමත් ඒ කාන්තාව කරේ තියාගෙනද මට වෛර කරන්නේ.එහෙම නම් ඔබවහන්සේ භාවනා කරන සිත මගේ ක්‍රියාවටත් වඩා පලුදු කරගෙනනේ කියලා. පොඩි හාමුදුරුවෝ වැඳලා සමාව ගත්තා. අනේ මහත්වරුනේ, බුද්ධිමත්ව අව් කණ්ණාඩිය ගලවලා සතුටින් පිරිසුදු සිතෙන් ලියමු. හිනාවෙමු. (නි)
අනුරුද්ධ මල්ලියේ අද ද ඔයාට තේරුනේ.. (ස)
මම ගියාට පස්සේ මේ මඩුව සිනහව, යහළුකමින් නැවත පිරෙන බව මට පේනවා. මටද එය ලොකු සතුටක්. මම පොර කිකිළියක්. ඒ මගේ හැටි. මගේ ජිවිතේ අසාර්ථකයි. මම ගොඩාක් දුක් වින්ද කෙනෙක්. මගේ ජිවිතයේ හැම දවසක්ම දුකක්. මම වැරදි උපදෙස් මෙහි ලිවුවා. සමාව යදිමි. හොඳ දේවලුත් ලිව්වා. නැවත එන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ අදහස් හැමදාම දවසකට කීප සැරයක් කියවනවා. ඕගොල්ල රණ්ඩු කරගන්නේ නැතුව ඉන්න. චන්දි, දිසා, පැංචි නායකත්වය ගන්න. සැමට බුදු සරණයි (නි)
හොඳයි ඉංග්‍රීසි ජාතිකයක් ඔය නම සබද කරන්නේ කොහොමද? ගානසේකරන් කියලනේ එමනිසා කලබල වෙන්න කාරී නැත. ප්රෝපෙර් නවුන් අකුරු අනුව සබද කලට ගැටළුවක් නැත. (අ)
රූපවති මෝඩකමට තමන්ගේ ලොකුකම කියවනවා. සුවබර ජීවිතය කියන එකෙන් එයා අදහස් කරන්නේ මොකද්ද?එයාගේ පවුල් පසුබිම අපිට හිතාගන්න පුළුවන් (නි)
චන්දි අක්කේ නිහඩ වෙලා නැහැ. මන් දාපු අදහස් තාම පල වෙලා නැහැ. කාටවත් අයිතියක් නැ තාම රුපවති අක්කාට ලියන්න එපා කියන්න. ඒක කතෘතුමා ඇරෙන්න.(නදී)
අඩු කලය නිසා සෙලවෙන්න පුලුවන.(නදී)
අයියෝ අනුරුද්ධ .....!!!!! ඔයාට විහිලුවක් තේරෙන්නේ නැද්ද අනේ....!!සමාවෙන්න හිත රිදුනද...? කෝ ඉතින් ආඩම්බර නොවී ලියන්න, ලියන්න , හොඳ ළමයා වගේ.අපි ඔක්කොම ලක් මවගේ දරුවොනේ නේද.විහිලු කලාට හිත් නපුරු නෑ සොයුර....! (ස)
එතකොට ඔය නම් දෙකම ලියන්නේ එකම විදිහටද .(අ)
පහන්,චෝප්පෙගේ කතාව බොහොම පරණ එකක්. ඒකෙ ඇත්ත නැත්ත කොයි හැටිවෙතත් එහි යමක් ගැබ්වෙලා තිබෙනවා. ලෝකයේ ඕනෑම රටක ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙක් යායුතු තැනක කොටසක් හරි නොපැහදිලි බසින් කිවුවත් අපේ මිනිහා ගොළු භාෂෘවෙන් හරි අර මිනිහට මගතොට කියලා දෙනවා. ලෝකයේ වෙන කිසිම රටක මිනිසෙකුට එම හැකියාව නැහැ.අපේ රටට එන බොහෝ සංචාරකයින් මේ හැකියාව ගැන බොහොම ඉහළින් වර්ණනා කරනවා. (නි)
පිස්සුද රජෝ...මොකද වදේ මේ වෙලා තියෙන්නේ. (අ)
නිලූ අපි ඉදලා හිටලා අදහස් දාන්නේ රූපලගෙයි, නිලුලගෙයි ඕපාදුප වලට සම්බන්ද වෙන්න අකමැති හින්දා. මාතෘකාවට අදාලව කතා කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ.(නදී)
වරුණ මල්ලි, ඔයාවත් කියලා දෙන්නකෝ බලන්න මොන වගේ ශෛලියකින්ද මම ලියන්න ඕනෑ කියලා.මගේ සිංහල කියවන්න බැරිද ..? (නි)
මුළු ජීවතයම දුක දොම්නස පමණි මට... මේ දිවියේ කෙළවර අද හෙට පතමි මම... කිසදා නොකළෙමි කිසිවෙකුට අවැඩ... මට පෙනෙනුයේ මේ සසර අපායක් මෙන... (නි)
පිස්සු හැදෙනවා. දෙයියෝ මේවා දැක්කහම කොහොමද මම කට්ටියව චුන් කරපු ලස්සන ....දැන් තේරෙනවා නේද අපේ කට්ටිය වචන පස්සේ ඔහේ එලවන්න දක්ෂයි කියලා..තණකොළ මිටක ඔක්කොම කලා ..යකෝ රුප මගේ කවුද......දිල්රුක්ෂි නංගි දැන්වත් බුරු පිටෙන් බැහැපන් දුවේ බැහැපන්. (ස)
අයියෝ නැහැ හිත රිදුනේ නැහැ. බහුතරයකගේ අයිතිය සුළු පිරිසක් වැරදියට භුක්ති විඳිනාවය කියන දේ තේරුම් ගන්න ඕගොල්ලන්ට ශක්තියක් නැත්තන් වාද කරලා වැඩක් නැහැ. (ස)
මහන්සි වී ලාබ බඩු ගොඩක් විකුණුනා ලබන වාසියත් වටිනා එක බඩුවක් විකුණා ලබන වාසියත් එකයි වෙලදාමේදී,(නදී)
ගයාන් මහත්තයෝ කණගාටුව ප්‍රේක්ෂ කලාට ස්තුති ...ගහන්න ඕන තැනට රිදෙන්න ගහන්න ඕනේ නැත්තන් දැනෙන්නේ නැහැ .බයිලා කියන්නේ නැතුව කියමුද දෙන්නත් එක්ක කවියක්. (ස)
යු. එස්. ඒගෙ කතාව හරියටම හරි. විදේශයකදී එකම ජාතිකයෝ දෙන්නෙක් මුණගැහුණාම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ අපේ අය විතරයි. ඒකට හේතුව හීනමානය. සමහරු හිතන්නේ ලොකුකම මනින්නේ ඒකෙන් කියලායි. මම නම් හැකි හැම විටම සිංහලෙන් කතා කරන්නයි කැමති. ඒ වුණාට ලංකාවට ගියාමත් සමහර පෞද්ගලික ආයතන වල සේවාදායකයන්ට කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒකත් මුල ටික විතරයි. අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තාම එයාල සිංහලට බහිනවා. ඔය ස්ටයිල් එක හදාගෙන තියෙන්නේ අහිංසක දුප්පත් ඉංග්‍රීසි දන්නේ නැති අපේ රටේ මිනිසුන්ට පහත් කරලා සලකළා වීරයෝ වෙන්නයි (අ)
දිල්රුක්ෂි යකෝ මේකි මගේ ඇඟේමනේ එල්ලෙන්නේ, මට අප්‍රියයි ... (ස)
රූපා අක්කේ ඔයාට ඒ නම කියන්නෙ ඇයි කියලා කිව්වේ නැතිනම් අපට අර බන්දුල කිව්ව විදියට තමයි හිතන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයා සැරයි කියලාද එහෙම කියන්නේ?? (අ)
මම ආයේ ඔයාලට ලියන්නෙ නැහැ.මේක ලියන්නේ අඩ අඩා. මම ලියූ දෙයකින් ඔයාලට අවමානයක්, අපහසුවක්, සිත් වේදනාවක් වූවා නම් සමාවෙන්න. මම හැමදාම ලංකාදීපේ සමග ඔයාලට කතාකළේ මෙහෙ මට මගේ මවුබස කතාකිරීමට යහළුවන් නැති නිසා. මම ඔයාලට විහිලුවට යමක් ලියලා අප්‍රමාන සතුටක් ලැබුවා.ඔයාලා මා වෙනුවෙන් ලියු සෑම අකුරකටම ස්තුතියි.කොතැනකවත් මම ලොකුකම් කියවලා නැහැ, මගේ දැනුමේ ප්‍රමාණයට මා මව්බස හැසිරුවා.ඒක ඔයාලට අපහසුවක් වෙනවා නම්, මම තවත් මෙහි රැදී නොසිටිමි.මෙතෙක් කල් මාගේ අදහස් නොපිරිහෙලා පළකළ මාගේ ප්‍රියතම ලංකාදීපයට මම සදා ආදරෙයි.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!මා නිහඩ වෙමි. (නි)
ඔයා හරි මදුක. මේකේ ගොඩක් අය බොරු නම් දාගෙන දෙපැත්තක් හදන්න හදනවා.ලියන සෑම කෙනෙකුගේම හිතේ සතුට නැති කරනවා.එයාලට ශක්තියක් නැහැ ඇත්ත නමින් අදහස් දාන්න.තමන්ගේ හිතටත් වංචාව. ඉතින් තව මොන කතාද......? ඒ අය ගැන. (නි)
මාතෘකාවට අදාල අදහස් කීයද තියෙන්නෙ? (නි)
සමදරා අක්කේ,ඔයා ඕනෑ දෙයක් ලියන්නකෝ. මම කරන විහිළුවකින් හිත රිදුනා නම් සමාවෙන්න. අපි කවුරුත් ඔයාට ආදරේටනේ විහිළු කළේ. ඉතින් ඊයේ සිල් ගත්තද? (නි)
චන්දි අක්කේ ඉක්මනට සරත් අයියාට යකඩ ඇණයක් අතට දීලා, රෙද්දක් පොරවලා, කාමරයක දාලා වහලා, ඔයා යන්න යකැදුරෙක් හොයන්න. ඹය ලෙඩේට ප්‍රතිකාර කරන්න පරක්කු වෙන්න එපා. .(නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක අයියේ, හරි හරි. ඔයාගේ වෙරි හිදුනහම යමු (නි)
අනේ අනුරුද්ද සීට් ගානට වෙන් කරපු තැනක් වගේ ඔයා කතා කරන්නේ සොයුර.මේ තීරුවේ ඕන තරම් ඉඩ තියනවා ලියන හැම කෙනෙකුටම.ඇයි වැරදි විදිහටම හිතන්නේ....?අනේ මංදා වැරැද්ද අපි සතුටින් ලියන එකද අනුරුද්ද.....? (ස)
සමදරා අක්කේ, ඔයත් අපි වගේ සාමාන්‍ය විදිහට හිතන කෙනෙක්. ඒකයි ඔයාට මේ බලු නරි භාෂාවල් වලින් කතා කරන අයත් එක්ක ඉන්න අමාරු. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හැමදාම කරදරෙන් තමා අක්කේ (නි)
සසර අපායක් විදිහට හිතන ඔයා සසර සුව පහසු ගමනක් කියලා හිතන අයට වඩා සම්මා දිට්ඨියෙන් ඉන්නවා (නි)
මගේ චන්දි නැන්දා අමු බනදුරා ගෙඩියක් වගෙයි.මේ වාක්‍යය හරිද? (නි)
ඉංග්රීසි දන්නවා නම් ඉංග්‍රීසි වලින් කතා කරන්න බය වෙන්න එපා , ඉරිසියාවට ඉංග්‍රීසි හරියට දන්නේ නැති අය තමා ඉංග්‍රීසි වලට බනින්නේ. ලෝකේ තියෙන ලස්සනම භාෂාව වන ඉංග්‍රීසියෙන් කතා කරන්න දන්නව නම් කව්රු මොනවා එයින්ම කතාකරන්න.(නදී)
අපි මේ තීරය අපේ අදහස් වලින් රසවත් කලා රටට දැනෙන්න යමක් ලිව්වා. ඒ අතර විනෝදයටත් බර වෙන්න අදහස් හුවමාරු කර ගත්තා. කිසිම වැඩක් නැති අවස්තාවාදියෝ ටිකක් ඇවිල්ලා රූපට කැපිල්ල දැම්මට අපි දන්නවා එයා ලංකාදීපේ සමහර නිවිස් වලට සංවේදී වෙලා උදව් කෙරුවා පෞද්ගලිකව ඒ අයට මුදලින් පවා. ඒ නිසා සමහරක් කියන දේවල් අපිට වැඩක් නැහැ. ඒ අයට ප්‍රවෘත්තියට අදාල කතා දාන්න මේකේ නිවිස් තියනවා. ඒවාට යන්න කියන්න මේක පිට රට වල වල සිටින අපේ හදවත් නිවා සනසාලන තෝ තැන්නක්. ඔය ලොකු කම් කියන ගොන්න්න්සේලා වෙන ප්‍රවෘත්ති බලන්න .මම රූපට ආරාදනා කරනවා සැලෙන්නේ නැතුව එන්න කියලා. අපි එයාලට උත්තර දෙමු ඒ වගේම රටත් හදමු. අන්න රූපා අපි බලාගෙන ඉන්නවා. කෝ චන්ඩි හේරත් සරත් ඉන්දුලා පෙත්තලා කටාමාමලා.(නදී)
හේරත් අයියේ, දිසානායක අයියේ, ඉතින් අත උස්සාගන්න (නි)
ඊයේ වෙරි පිට කෑ ගගහ ඉඳලා දැන් දිසානායක අයියා නිදිද කොහෙද?? සමාවෙන්න අයෙත් අයියා කියවුණා. (ස)
දිල්රුක්ෂි, ඔයාද මගේ අලුත් සරඹ ටීචර්? ඔන්න හේරත් අතක් නෙමෙයි අත් දෙකම ඉස්සුවා. මම ඉතින් ගමේ කොලුවෙක්. ඇඳලා ඉන්නේ සරමක්.ලැජ්ජයි මට. (නි)
සමදරා අක්කේ,කෝ ඉතින් සිල් ගත්තද? මමත් සිල් ගත්තානේ ඊයේ. මම කල්පනා කළේ මම අද බත් කෑවා.වැස්සට තෙමුනෙත් නැහැ.කේන්ති ගත්තෙත් නැහැ.මම කොච්චර ශෝක්ද? (නි)
ලිවීම කලාවක්..කියවීම තවත් කලාවක්...අර නෙල්ලි ගෙඩියේ වගේ රස වෙනස්. මේ රස හඳුනන අයගේ සතුට තමයි පත්තර කලාව. රුපගේ ලස්සන කතා මගේ කතා වලට වඩා වෙනස්. අපේ අතර තරගයක් නෑ දෙයියනේ.සංස්කාරක වරු ගැලපෙන දේ මෙතන පලකරාවී..මෙතන තියෙන්නේ ලංකාදීපේ කතු වැකිය ට අදහස් ලියනෙක නෙවෙයි.දෙය්යෝ සාකි තීරුව බව විසාදරයෝ තේරුම් ගත්තොත් වාසනාවන්.රූපා අන්තිමට ලියපු වැකි ටික කියන්නේ අහිංසක වේදනාවක්. එවැනි හිත රිදවීම් බුලින් වලට රැග් වලට පත්තරේ යොදා ගන්නෙපා...සැමට තෙරුවන් සරණයි. රුප ට 20 විබාගයක් තියෙනවා කිව්වා දැක්ක. එකට හොඳට ලියන්න ශක්තිය ලැබේවා.ජයම වේවා...(නදී)
රූපවති කියන්නේ බොරු නමක්? (නදී)
අයියෝ අනුරුද්ධ, ඔය කියන බහුතරයටත් අදහස් දාන්න මෙතන ඇති තරම් ඉඩ තිබෙනවා. ඉතින් කතාවට අදාළ ප්‍රබුද්ධ අදහස් දාන්නකො කියව කියවා ඉන්නේ නැතුව. එතකොට අපිත් ඒවට හවුල් වෙන්නම් (නි)
කිව්වට මටත් එහෙම ප්‍රියක් නැහැ. අනුන්ට එක ඇගිල්ලක් දික් කරනකොට හතරක් තියෙන්නේ තමුන්ගේ පැත්තට. (නි)
අනේ නිලූ, ඉංග්‍රීසියෙන් ''හූ'' කියන හැටි අහගන්න වෙන්නේ නම් නරි බෑනාගෙන් තමයි. ඒත් නගෝ මට දුවෙක් නැති නිසා කවදාවත් නරි බෑනෙක් දකින්නවත් ලැබෙන්නේ නැහැනේ (නි)
සමාවෙන්න දිසානායක අක්කේ (නි)
සමන් ඔයා ගැන නම් හිතා ගන්නවත් බෑ. ලොකේ ඕනෑම ජාතිකයෙකුට ලස්සනම භාෂාව වෙන්නේ තමන්ගේ මව්බස. ඉංග්‍රීසි ජීවිතේට අවශ්‍ය වෙන අවස්ථා තියෙන නිසා ඉගෙන ගත යුතුයි. ඒත් පාවිච්වි කරන්න ඕන මොන වෙලාවටද කියලා තේරුම් ගන්න මොළයක් තිබිය යුතුයි. මම නම් ඉංග්‍රීසි වලට බය නෑ. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ආචාර්යවරියක් විදියට මගේ ඉංග්‍රීසි දැනුම අඩුවක් නැතුව තියෙනවා. ඒත් මට මගේ මව්බස අගෙයි ලස්සනයි හැම බසටම වැඩියෙන්..(අ)
මෙතන ලියන අය දැනගන්න ඕනේ මේ දෙයියෝ සාක්කි තීරයේ ඉන්න විදෙස්ගත අය සහ ලංකාවේ ඉගෙන අදහස් දාන අය තමයි මිනිහෙක් අසරණ උනා කියල දැනගත්තහම උදව් කරන්න පෙළඹෙන්නේ. අපි නෙව්ස් එකට අදහස් දානවා ඊට පස්සේ අපේ කවි වලින් අදහස් වලින් අපි මේ තීරය තවත් රසවත් කලා රූපට ගහන්න ඉස්සෙල්ලා ඒ අසත් පුරුෂයෝ බැලුවද අපි මේ වෙනකම් මෙතන නාඩගම් විතරද නැටුවේ කියලා ..මම රුපට ආරාදන කරනවා එන්න බය නැතුව අපි ලියමු ..අපි ඔයත් එක්ක ඉන්නවා ඔය නාවොත් ඔයා අපිටත් කරන මදි පුංචි කමක් වෙනවා අපි අසරණ උන ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මේ නරින්ට කියල දෙන්න කෝ අපේ සගයෝ ටික වරෙල්ලා පටි තද කරගනිල්ලා අපි ලියමු රට හදමු.(නදී)
අයියෝ මේ කට්ටියට නම් මෙලෝ සිංහලක් තේරෙන්නේ නැහැ. රූපවති කැමති නම් ලියයි අකමැති නම් නොලියා ඉදියි. ඒක එයාගේ කැමැත්ත. අපි මේ මාතෘකාවට අදාලව කතා කරමුද. මේකත් හරියට නිකන් විල මැද බංගලාව වගේ. කොහෙද යන්නේ මල්ලේ පොල් .මාතෘකාවට අදාලව කතා කරන්න බැරි අය මෙතන ඇත්ත සම්පුර්ණ නම දාන්න . තමුන්ගේ විස්තරත් ඇතුළුව. ඊට පස්සේ කට්ටිය වෙන බ්ලොග් එකක සෙට් වෙලා ඕන තරම් ඔප දුප කතා කර කර ඉන්න (නදී)
සැමදා ඇන්දේ සාරිය... දිග සාය හෝ චීත්තය... සරම ඇන්දා සමදරා කී.. ඔය කටට ගහනවා හෙණ.. (නි)
පෙත්තත් දන්නා දේවල්? (නි)
ඔන්න මම වහ ගත්තා, තහනම් වචනය. කෝ මේ බේසමේ අඩිය බිම නේ... (නි)
ගෝ ටු ලංඩන් ජන්ෂන්. කිග්ස්බරි ජන්ෂන් මයි ජන්ෂන් .යේස් ජන්සෝන් මිඩල් ජන්ෂන් රූපවති ජන්ෂන් ...මොනවද අප්පා මේ අවලාද.(නදී)
මෙතන මොකද වෙන්නේ? කට්ටිය ළිඳ ළඟ සංගමය වගේ,කොහෙද යන්නේ මල්ලේ පොල් කතා නේ කතා කරන්නේ. (නි)
සසර දුක ගෙන අවබෝධයෙන් අනෙක් කෙනාගේ දුකෙහිදී පිහිට වෙලා කරන පින්කම් වලයි තමුන්ගේ පව්ලේ අයට හෝ පිට අයට හෝ පෙනෙන්න කරන පින්කම් වලයි ලොකු වෙනසක් තිබෙනවා රූපවති දුවේ. බුදු හාමුදුරුවෝ පින් කරන එකට වඩා උතුම්කොට සැළකුවේ සත්‍යවබෝධයට ළං වෙන්න භාවනා කිරීමයි. මෙතන ඉන්න අදහස් දමන ගොඩක් අය යහපත් පින් දහම් කරන අය. සසර දුක ගැන මේ අය දන්නා නිසා ඒ පින්කම් ගැන කයිවාරු ගහන්නේ නැතුව ඇති. ඔච්චර සසර ගෙන අවබෝධයෙන් ඉන්නවා නම් මහණ දම් පුරලා ඉක්මනට එතෙර වෙන්න බලන්න (නි)
හෝව් පොඩ්ඩක් ඉන්න අනුරුද්ද ..!!එහෙම යන්න දෙන්න බැහැ..!! ඔයත් ලියන්න අපිත් එක්ක අනේ හො ළමයනේ ..!! ප්ලීස් (ස)
"හිත රිදවීම් බුලින් වලට රැග් වලට පත්තරේ යොදා ගන්නෙපා...සැමට තෙරුවන් සරණයි. රුප ට 20 විබාගයක් තියෙනවා කිව්වා දැක්කා. ඒකට හොඳට ලියන්න ශක්තිය ලැබේවා. ජයම වේවා.." නියමයි හේරත් ලොක්කා,,,එසේම වේවා..(නදී)
උසස්වීමක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගිය කොස්තාපල්වරයකුගෙන් ඉහළ නිලධාරියා මෙසේ ඇසිය. "කොම්පඤ්ඤවීදියේ මරණයක් වී ඇත. තමා කොහොමද ඒ ගැන ක්‍රියාකරන්නේ? ". එවිට කොස්තාපල් වරයා, "සර්, මම මිනිය මැලේ විදියට අදිනවා" යැයි පැවසිය. එම පිළිතුරෙන් තුෂ්නිම්භූත වූ නිලධාරියා, "ඇයි, මිනිය වෙන තැනකට අදින්නේ?" යැයි ඇසිය. එවිට කොස්තාපල්වරයා පැවසුවේ, "සර්, මට කොම්පඤ්ඤවීදිය කියලා ලියන්න දන්නේ නැති නිසා, මැලේ විදියට ඇදලා එතන මරණය සිදු වුණා කියලා" වාර්තා කරන බවයි. (නි)
හේරත්, ඔව් ඉතින් ඕගොල්ලන්ගේ කට්ටිය කොහෙද යන්නේ මල්ලේ පොල්නේ. එක අතක් විතරයි සිරිපාල අයියා උස්සන්න කියලා තියෙන්නේ (නි)
රුපව්තී එතරමටම කළුද..කැතද? (ස)
රූපවති, මා හරි උගතා මා හරි ජගතා කියනා මිනිහා මෝඩයෙකි (නි)
නවින් විහිලුවක් ලිව්වට එක ඕපාදුප වෙන් නැහැ.අනික කියවන්න බැරි නම් නොකියවා ඉන්න පුලුවන්. ඒක ඔයාගේ කැමැත්ත.හිත රිදුනානම් සමා වෙන්න. අපි හැමෝම ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් හරි ඇත් වෙන්නේ එසැනට ලියා.(නදී)
කටා, මම කිව්වේ ඕපාදුප කතා කරන්න කැමති අය තමුන්ගේ විස්තර හුවමාරු කරගෙන ඊට පස්සේ විද්‍යුත් තැපෑලෙන් හෝ වෙනත් බ්ලොග් එකක ඕපාදුප කතා කර කර ඉන්න කියලා. හැම එකක්ම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෑද? පොඩ්ඩක් තමනුත් හිතලා විසදුම් සොයා ගන්න (නි)
පෙත්තෝ, පැන්චි, දිල්රුක්ෂි, සිරිපාල , දිසා අයියේ, චන්දි ඕගොල්ලෝ මතක් වෙනකොට මගේ පපුව හෝස් ගාලා පත්තු වෙනවා. දාලායන්න හිතෙන්නේ නැහැ. එහෙත් සභාවේ වැඩි හොඳට මම ඉවත් වෙනවා. මම නිහඬව ඕගොල්ලෝ කියනදේ බලා ඉන්නවා (නි)
මෙතන ඉන්න කට්ටියට නම් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ ප්‍රවෘර්තියට අදාලව කතා කරන්න කියලා. හැම දෙයක්ම කතා කරන්න සුදුසු තැනක් තියනවා මේ ප්‍රවෘත්තියට මාතෘකාවක් දීල තියෙන්නේ ඒක යටතේ කතා කරන්න මේගොල්ලෝ කොහෙද යන්නේ මල්ලේ පොල්නේ රූපගේ දෙතුන් දෙනා හිතන් ඉන්නේ මේක ඒගොල්ලන්ට බදු දීල කියලා. විබාගයට සුබ පතන්න විද්‍යුත් තැපෑලෙන්. නිලූ මිනිස්සුන්ට බල්ලෝ දිසානයකේ මිනිස්සුන්ට ගොන්නන්සේලා කියල අපහාස කරන්න එපා හැමෝටම කාරුණිකව කතා කරන්න.(නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක මහත්තයෝ, මම කිව්වේ මේ ඕපාදුප නවත්තලා සමාජ කතිකාවතක් පටන් ගනිමු කියලා. ඔයා කියන්නේ මට ඕගොල්ලන්ගේ ඕපාදුප අස්සේ තනියෙන් සමාජ කතිකාවතක් කරන්න කියලද? කියවන අය හිතයි මට පිස්සු කියලා (නි)
"ලංකාවේ මිනිස්සු හරිම කුහකයි." අපේ හම කලුයිනේ චන්දී....මාධවී..(අ)
ඔය නම ඇත්තටම ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද?? (නි)
දිසානායක අයියේ, මම ඔයාව මනෝ වෙද්‍යවරයෙකුටත් පෙන්නලා දහම් පාසලකටත් ඇතුලත් කරවලාම එන්නම්කෝ. අයියා කියලමයි කියැවෙන්නේ. සමාවෙන්න (නි)
රස කෑමකි රොටී සහ සම්බල කොච්චි.... ගා ගත්තොත් ඇහේ දැවිලා යයි පිච්චී.... හිත රිදවන කතා හොඳ නෑ රළු වෙච්චී.... ආදරයෙන් ඉමුකො එක රටෙ උන් වෙච්චී..... (නි)
පාළු කාමරයකි. ඇත්තේ දුබල එළියකි. සමදරා ඉන්නේ එහි මුල්ලක තනි වීය. එසැණ පමණි ඇයහට තිබුණ ලොකුම එළිය. අහෝ එයත් නැතිවීද? හදවත පිරෙයි තනිකම... (නි)
මම ඉන්දු - ලන්ඩන් එක්ක එකගයි. ඉංගිරිසි වලට වඩා කොච්චර ලස්සන භාෂා තියනවද, සමන් මන් හිතන්නේ ඉංගිරිසි ටියුෂන් ගුරෙක් ද කොහෙද ?.(නදී)
රූපවති, මේ පාඨක තීරය තියෙන්නේ ඕගොල්ලන්ගේ පෞද්ගලික විස්තර කතා කරන්නවත් ලොකුකම් කියන්නවත් අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නවත් නෙමෙයි. ප්‍රවෘත්තියට අදාළ අදහස් විචාර යොමු කරන්න (නි)
කටා, ඉතින් ඕගොල්ලන්ගේ දුක සැප බෙදාගන්න, අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ඕපාදුප කතා කරන්න සමාජශීලී නෙට්වර්කින් වෙබ් අඩවි තියෙන්නේ. ලංකාදීප කියන්නේ ලංකාවේ තිබෙන ඉතා වැදගත් පුවත්පතක්.මේ එක ප්‍රවෘත්තියක් 10000 කට වඩා කියවනවා. ඒගොල්ලන්ට ඕගොල්ලන්ගේ ඕපාදුප වැඩක් නැහැ (නි)
චන්දි.දිසා,සරත්, නිලූ, ඉන්දු,හේරත් පෙත්තා මධුක, රූපා සහ අනිකුත් පැරැන්නන් වෙත - මගේ අදහස් වලින් මෙම සභාවේ සමඟිය බිඳුණු බව මට දැනෙනෙවා. ඒ ගැන උදක්ම සමාව යදිමි. මින් පසු මම ලියන්නේ නැහැ. සණ්ඩු නොකර සතුටින් අදහස් දාගන්ඩ. සැමට බුදු සරණයි (ස)
දානවා හිරේ කට්ටියම. (ස)
සුගත් මාමේ සිංහල නොදන්නා පුංචි උන් මෙතන ලියාපුවා දෙන්.. සිංහල දන්නා මාතෘකාවට අදාලව කතා කරන අය වෙන තැනක් හොයා ගන්නවද. පොඩි අපේ නිදහසට බාධා නොකර. ඉංගිරිසි පත්තරේ යටිකුරු කරලා සන් ග්ලාස් දාල පෙන්නන වැඩ අපි ළඟ නෑ මාමේ. (ස)
සිංහල_ඉංග්‍රීසි පටලගත්තට වඩා දරුණුයි කෙහෙවලු පටලවා ගන්න එක. හෙට අනිද්දා නත්තලුත් එනවා. අපි ඔක්කොම එකම ලක් මවකගේ දරුවන් විදියට හැකි පමණින් දන් පින් කරමින් මේ ජිවිත වන්දනාවේ යමු. මම හිතන්නේ එසැණ පාඨකයෝ හුගක් විදේශ වල ඉන්න අය; කාන්සියට අපිට පිහිටට ඉන්න ලංකාදීපයට ස්තුතියි.(නදී)
සුද්දෙක් චෝප්පෙගෙන් මොකද්දෝ හන්දියක නමක් කියලා කොහෙද තියෙන්නේ කියලා අහලා. චොප්පේ කිව්වලු නෙක්ස්ට් ජන්සන් නෝ ජන්සන් ,ටු ජන්සන් නෝ ජන්සන්, ත්‍රී ජන්සන් ඊස් ජන්සන් (තුන්වැනි හන්දිය තමයි හන්දිය කියලා )සුද්දා තෑන්ක් යු කියලා ගියාලු (නි)
අපේ ටීචර් කිව්වේ මැලේ විදියෙන් බැහැලා,කොම්පකඩ වීදියට ගිහින් මාරකට්ටුවෙන් මයියොක්කයි තියබරයි ගේන්න කියලායි, චීන පටස් පත්තු කරන්නයි (නි)
අනේ ඔයාලා හරිම නෝටි ..! (නි)
සමදරා, මට හිතෙන්නේ රූපවති දැනටමත් වෙන නමකින් අදහස් දානවා වගෙයි. (ස)
බන්දුල පෙරේරා අයියේ,මම කළුත් නැහැ,කැතත් නැහැ."පින් පාටයි"...!! (නි)
රූපවති කියලා ඇත්ත නම් කොහිද ඔය බොරු නමක් මට හිතෙන්නේ. කුසුම් කියන්නෙත් රූපවති කියන්නෙත් එක් කෙනෙක් (ස)
බලාගෙන ගියහම රූපගේ කට්ටියම එකම වල්ලේ පොල් . මොකද්ද මේ කතා කරන විදිහ බල්ලෝ නරි ගොන්නන්සේලා ඔහොමද ඕගොල්ලන්ට උගන්නල තියෙන්නේ(දිල්)
එයාලට කොම්පඤ්ඤවීදියට ගිහින් මඤ්ඤොක්කයි පිපිඤ්ඤයි ගේන්න කියල රතිඤ්ඥයක් පත්තු කරන්නයි තිබුනේ. (අ)
හේරත් මහත්තයෝ , දිසානායක මහත්තයෝ මේ අපේ යාළුවන්ට නරි අසත්පුරුෂයෝ ගොන්නන්සේලා කියලා ආමන්ත්‍රණය කරනවා නම් අපි විරුද්ධයි. විරුද්ධ අදහස් මැදහත් සිතින් ඉවසීමෙන් කියවන්න .මෙතන කවුරුවත් ඔය දෙන්නට එහෙම කතා කරලා නැහැනේ. (ස)
අනේ කාලේ වනේ වාසේ කීවලු (අ)
රූපෝ, මොකද කලබල. ඔබේ අදහස් සිංහලෙන් ලියන්න කියලයි ආරාධනය උඩින් ලියලා තියෙන්නේ. ඔබත් මමත් ලංකාදීප පාඨකයෝ විතරයි. උගත් නුගත් බලවත් දුබල කටකාර කවිකාර කාටත් හමුවිය හැකි තැනක්. ඒ නිසා කලබල වෙන්න එපා පින්වත්නි. සන්සුන් වන්න. සුනේ සුන් වෙන්න බෝම්බ දාන්න එපා.අපි එකතුවෙලා රස විඳින ගමන් ලංකාදීපය රැක ගනිමු. කියවන අය තව එකතු කරමුකෝ... (නි)
ඔයා හරි ඉන්දු,මව් බස තමයි කෙනෙකුගේ වටිනාම බස ,(අ)
ප්‍රවෘත්තියට අදාළ අදහස් දාන්නා බැරි අය අදහස් නොදා ඉන්න (නි)
දිසෝ..ඇයි ද කලබොල...පාට් හල හල...ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ...පදේ පොඩ්ඩක් බලමුකෝ...රුප හෙමිහිට ආවකෝ. සෙමින් හෙමිහිට නටමුකෝ..// (නදී)
ඔවා දෙනු පරහට ..තමා සම්මතෙහි පිහිටා සිට. පොලීසියේ සර් ලා වගයක්ද කොහෙද? සමාජ කතිකාවතක් කරන්න කතා කොරනවා. දෙයියෝ සාක්කි තීරුවකින්.. (ස)
අපේ ගමේ ජෝන් සින්නයියා කොළඹ තිබෙන කවුරුත් දන්නා වීදියක එයාගේ වත්තේ හිටවපු අල වර්ගය විකුණන බව ලියලා කරුණාකර මෙම තීරයෙන් මට උගන්වන්න! (නි)
මේක දෙයියෝ සාක්කි සිංහල තීරුව මිසක් දෙයියන්ගේ සංගමයවත් දෙයියන්ගේ සභාවවත් නෙමෙයි. මේ ටික තේරුම් ගන්න බැරි විශාරදයෝද මේකේ අදහස් දාන්නේ.. (නි)
අනේ සමදරා ඇන්ටී, අපි සමගිය නැති කරගන්නේ නැතුව හොඳින් ඉමු. ලිව්වත් නොලිව්වත් දහස් ගණනක් පිරිස මෙතැනට හැමදාම එන්නේ හිනාවෙලා හිත සතුටු කර ගන්නනේ. ඉතින් අපි හැකි පමණින් ඒකට සහයෝගය දෙමු....... (ස)
මෙතන මොකද වෙන්නේ?එක්කෙනෙක් අඩනවා. අයියෝ! ප්‍රවෘත්තියට අදාල දේ ගැන පමණක් කතා කරන්න (නි)
බුද්දිමත් ලංකාදීප පාඨකයන්ට නරියන් ගොන්නන්සේලා වැනි යෙදුම් යොදා ආමන්ත්‍රණය කිරීම කණගාටුවට කරුණකි (නදී)
මේක මායම් 64 න් එකක්ද? (නදී)
සමන් ගේ අදහස හරි .(නදී)
හේරත් අයියටයි, දිසනායක අයියටයි කොහොමද අප්පේ ඔච්චර හොදට සත්ත්ව භාෂාවන් තේරෙන්නේ? ඕගොල්ලොත් කතා කරන්නේ ඒ භාෂා වලින්ද? (නි)
ජීව විද්‍යාව අනුව අපි කළු වුණත් බුලත් නොකනවා නම් දත් සුදුයි. කොන්ඩෙත් සුදුයි.ඩයි නොකළොත් තැඹිලි පාටයි. (නි)
හැමෝම හැමෝටම නම්බු දීල කතා කරන්න මෙතන සේරම ඉන්නේ වැඩිහිටියෝනේ (නදී)
ඔක්කොම වගේ පිටරට ඉන්න ඩොලර් කාක්කෝ. සල්ලි වැහි වහලා. දුප්පත් අපි කන හැටි ලිප දනී. අනන්ත ඉඳලා තියෙනවා එක වේලක් පමණක් කාලා. මම ගිහිල්ල තියෙන්නෙ නගදිපෙට, මලදිවයිනටවත් ගිහිල්ල නැහැ. ප්ලේන් එකක යන්න හරි ආසයි. (ස)
සිංහල භාෂාවත්, ඉංග්‍රීසි භාෂාවත් හරිහැටි නොදන්න සම හරක් පිටින් පොෂ් ගතිය පෙන්නීමට දෝ තමන් සිංග්‍රීසි දන්නා බව පෙන්නීමට වෑයම් කරති. බස්රථවල යන එන ගමන් දුප්පත් මිනිස්සුන්ට ඇහෙන්න බ්‍රෝකන් ඉංග්‍රීසි කෑලි සිංහල වචන අස්සට දාලා වරද්ද වරද්ද කලවම් කරමින් කතා කරන සමහරුන් එවැනි අයයි. මේ කැත සිරිත ඉතා උසස් ගතිගුණයක් හැටියට නිරතුරු අගය කිරීමට සම හරක් කටයුතු කරති. (දිල්)
අපේ පෙත්තත් දන්නා දේවල්....? (නි)
අපි කාටවත් ලියන්න එපා කියන්නේ නැහැ ..! අනෙක අලුත් , පැරණි.., කියලත් නැහැ .., මෙතන අපි කාටත් ලියන්න පුළුවන් තැනක් ,,!! මේ දස අත විසිරි සිටින අපි මෙතනට ලියලා ගොඩක් සතුටක් විදිනවා .. මුහුණු වලින් අදුරන්නේ නැති උනත් අපි හොඳ යාළුවො .,ඇත්තටම මෙතන අදහස් ලියල තිබුනා කුණුහරුප ( පද මාරු කරලා ) ඒත් අපේ කතෘතුමා පල කරලා තිබුනේ අපිට විනෝද වෙන්න ඉඩ දීලා අපි කවුරුත් මනුස්සයෝ, උගත් නුගත් දුප්පත්. පොහොසත් කියල භේදයක් නැහැ. නුගත් කෙනෙක් නම් ලැප් එකක් පාවිච්චි කරලා මෙතනට අදහස් ලියන්න දන්නේ නැහැනේ , සමදරා..!! ඔයා ඔයාගේ වැරැද්ද පිළිගත්තා , ඒක ලොකු දෙයක් ඔයත් අපි එක්ක ලියල සතුටු වෙන්න.., රූපා අක්කත් විභාගේ ඉවර වෙලා.., අපිට ලියයි .., සමහරුන්ට විහිළු දන්නේ නැහැ ,තව සමහරු ඉක්මනට කේන්ති යනවා මට කි දෙනෙක් කි පාරකට බැන්නද නමුත් මම අදටත් ලියනවා ඒ වගේ අපි හැමෝම ලියමු සතුටු වෙමු (අපේ සංස්කාරක මඩුල්ලට ටිකක් වැඩ වැඩි කරමු ) (ස)
ඉන්දු ලන්ඩන් අක්කේ, ඔයා කියලා තිබෙන දේ හරියටම හරි (නි)
අපේ යාලුවෙක් මගුල් ගෙදරකදී ඉංග්‍රීසියෙන් කතාවක් කරනවා කියලා කිව්වා. අපි හිතුවා නිකමට කිව්වා කියලා. මෙන්න මේ හාදයා හොදටම බීලා කතා කරන්න නැගිට්ටා. මනමාල ජෝඩුව දිහා බලලා ඒ ,බි කිව්වා. මනමාලිගෙයි මනමාලයාගෙයි අම්මා තාත්තා දිහා බලලා සි ,ඩී,ඊ , එෆ් කිව්වා. අයි ජේ කේ එල් එම් එන් ඕ කියලා ඉස්සරහා හිටි අමුත්තන්ව ඔලුවෙන් පෙන්නුවා. පි, කිවූ, ආර් කියලා වම්පැත්තේ අයව හිසින් පෙන්නුවා.එස්, ටි, යු, වී කියලා දකුණු පැත්තේ අයව හිසින් පෙන්නුවා. ඩබ්ලිව්, එක්ස්, වයි, ඉසෙඩ් කියලා පිටිපස්සෙ කට්ටියට අත දික්කරලා තෑන්ක් යු කියලා ඉදගත්තා (ඔයාලත් කරලා බලන්න ) (නි)
අමිල හරි බොරුවට අඩන එක ගැහැනුන්ගේ 64 මායම් වලින් එක්.(නදී)
මොකද මේ දිල්රුක්ෂි දිසානායක සමග තිබෙන ගැටුම? (නි)
"ප්ලේන් එකක යන්න හරි ආසයි". ඕවත් වැඩද? යමු..යමු..ප්ලේන් එකේ දෙන්නෙත් ප්ලේන් ටී විතරලු. නගිමු (අමිල) කටුනායකින් බහිමු මත්තලින්.. (ස)
ඉතින් රුප අක්කේ ඔය ලියන්න අකමැති නම් සද්ද නැතුව නොලිය හිටියනම් ඉවරනේ ඕකට කියා කියා කරන්න ඕනෙයි.(නදී)
ඔක්කොම වගේ පිටරට ඉන්න ඩොලර් කාක්කෝ.බොරුමයි කියන්නේ. අපේ නැන්දා එතකොට පවුම් කාක්කෝ? (ස)
මට චුට්ටක් අසනීප උනා. මේ දවස් ටිකේම ලීවේ නැත්තේ ලියන්න බැරි උනා.බොරු දේකට රන්ඩූ කරලා ඇයි මේ හැමෝම තරහ වෙලා ඉන්නේ.රටවල් ගානක ඉන්න හැමෝම එකට හම්බ වෙන තෝතැන්නක් වගේ මෙතන. රූපා නැන්දේ ඔයා දුක් වෙන්න එපා.හැමෝම විහිළු කරලා පුංචි සතුටක් ලබාගෙන තියෙන්නේ එක වැරදියට තේරුම් ගත්තු අය තමා වැරදි අදහස් දාල තියෙන්නේ. නැන්දා දුක් නොවී දිගටම ලියන්න. ඔයා ගියොත් අපට පාලූ දැනෙයි, ගොඩක් දුක හිතෙයි.යන්න එපා නැන්දේ මේ පුංචි පිටුවෙන් අපි කී දෙනෙක් සතුටු වෙනවද? ඇයි හිත රිදවලා කාට හරි දුකක් දීලා සතුටු වෙන්නේ. පුංචි ළමයි වගේ රන්ඩූ කරලා මේ විදිහට වෙන් වෙන්න එපා යාලුවනේ. ඒක හිතට දුකක්නේ. (ස)
මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ මෙල්බර්න් වල. මෙහෙත් සමහරු හරි ආඩම්බරයෙන් කියනවා 'අනේ අපේ ළමයට සිංහල බහැ කියල ' හැබැයි ළමයින්ට සිංහලෙන් කතා කරන්නේ නැහැ. ලොකු අයගේ මෝඩකම් වලට ළමයි පලි (අ)
මම අකමැති උනත් රුප අක්කට කැමති අයත් ඉන්නවනේ ඉතින් ඇවිත් ලියන්න (නදී)
අහන්නත් බය හිතෙනවා (නි)
සනත් කුසුම්සිරි හේරත්ලා ඔබලා සමග ඒ අදහසට මමත් එකඟයි. මොකක් බෙදා ගන්නද මේ ඩෝප් කාරයෝ වගේ කෑගහන්නේ.. කිව්වට ලිව්වට විනෝදෙන් සතුටින් ලියා මේහි ..එක අම්මගේ පොඩි ළමයිනේ.. ඉන්නකො සිනා සිසී ..(නදී)
කේ.එච්.ආර්.කේ. දිසානායක, අනේ මහත්තයෝ ඔයයි ඔයාගේ 4 ,5 දෙනයි තමා ලංකාවෙන්ම අසරණයන්ට පිහිට වෙන්නේ . හොඳා හොඳා අපිත් සතුටුයි. (ස)
නොදන්නා අය තමයි වැඩිපුර දන්නා බව පෙන්වීමට හා ප්‍රදර්ශනය කිරීමට ආසා කරන්නේ. සමහරක් මෙසේ ප්‍රදර්ශනය කරන විට ඔවුන්ගේ සැබෑ නිරුවත සමාජයට නිරාවරණය වේ. ඒ අනුව අපි ඔවුන්ගේ නිරුවතට යටි සිතින් සිනාසෙමින් නොමිලයේම නරඹන්නෙමු. ඔවුන් කරන කියන දෑ බාලාංශ පන්තිවල ළමුන් කරන කියන දෑ සිහියට නංවයි. ලෝකයේ භෞතික දියුණුව සඳට එල්ලකොට ඇති රොකට්ටුවක් මෙන් ඉහළට නඟින විට ආකල්ප නැමැති ඉබ්බා පරණ පුරුදු ඉබි ගමනෙහි තවමත් යෙදී සිටියි. (නි)
සිරිපාල අයියේ..මටත් එවනවද පොඩි නැවක්..සසරින් එතෙර වෙන්න..මම එරිලයි ඉන්නේ.(නදී)
ලෝකේ ලස්සනයි කියල අසා තියෙනව අදයි මම දන්නේ.ලෝකේ අනිත් අයස සමග සංසන්දනය කරන විට,ඉංග්‍රීසි ඉතාම ලෙහෙසි භාෂාවක්.රටින් පිට යාමට බලාපොරොත්තු වෙන හැමෝම ඉංග්‍රීසි ඉගන ගත යුතයි.හැබයි පුතෝ..මේක ව්දේශ බලවේගයක්.(දිල්)
ඉංග්රීසි දන්නේ නෑ කියලා හිනා වෙන්න දෙයක් නෑ. අපි සිහලයෝ නෙ. සිංහලයාගේ වැඩේ අනුන්නට හිනා වෙන එක තමා. ඒකනේ අපිට ඉදිරියට යන්න බැරි. සුද්දා කවදාවත් ඉංග්‍රීසි භාෂාව වැරදුනාට හිනා වෙන්නේ නෑ. (ස)
මේක ලෝකයේ තිබෙන එකම රට තමන්ගේ ජාතියේ දෙදෙනෙකු එකම සිංහල දෙදෙනෙකු එකට එකතු වුණහම ඉංගිරිසි කතා කරන. තමන්ගේ භාෂාව ගැන තමන්ටම ලැජ්ජාවක් සිතා ගත් කොටසක් ලංකාවේ ඉන්නේ. (නි)
පින්මාලු වළේ කුසල්හාමි මාළු බානවා වගේ.. (නි)
ගහන්නෙපා පොඩි නංගිට (රූපට) ඔච්චර... හාල් මිටක් ඇය අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්ටයි...බනින්නෙපා මගේ නංගිට හාල් මිටක් ඇය අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්ටයි.// අනේ නංගියේ කෝ ලියපන් ඕනෙම දෙයක්.. අපි කියවනවා...රස විඳිනවා..ඉක්මනට ..ඔහොම තරහ ගත්තොතින් ඉක්මනටම නාකි වේවි...(නදී)
පත්හරේ ලියන අක්කලා නංගිලා නැන්දල අඬන්නේ හදවතින්. ඒක මායමක් කියන අයියලා කව්රු හරි කියන්නේ අකුරු ලියන එකත් මායමක් කියලද? පිස්සුද කොහෙද මේ මාමල ..බාප්පලාට...ඔයාල වස නපුරුයි. පත්තරේට ලියන්න නෙවෙයි අල්ලන්නවත් සුදුසු කමක් නෑ. දුකයි අපට ඔයාල ගැන.(නදී)
පෙත්තා පුතේ ඔය ඉස්සර මහන වෙලත් හිටියද..?(දිල්)
මේකේ මාර විදියට අදහස් දාල අද. මම දන්නා විදියට සිංහල කියන්නේ ලෝකයේ තාක්ෂණික වශයෙන් ඉහලම භාෂාව. එය නාසා ආයතනය පිලිගත් දෙයක්. පාලි කියන්නේ විශ්ව භාෂාවක්. සිංහල භාෂාවෙන් ලෝකයේ තියෙන ඕනෑම ශබ්දයක් ලියන්න පුළුවන් බව දන්නවද? ඒ නිසා අපි අපේ භාෂාව ගැන ආඩම්බර වෙමු. (ස)
ඈත පිටිසර ගමක ගොවිරාළ කෙනෙකුගේ පුතෙක් ලන්ඩන් ගිහිල්ල දොස්තර විභාගේ පාස් වෙලා. ඉතින් මේක මුළු පළාතටම ලොකු නම්බුවක්. පාරවල් හදල...ගෙවල් හැඩ වැඩ කරලා. එත් මේ අම්මයි තාත්තයි බෝම සන්තෝසෙන් ගොවිතැන් කරන් ජීවත් උනා. කාලෙකට පස්සේ පුතා තාත්තලා බලන්න එන දිනෙත් ආව. පුතා සුදු නෝනා කෙනෙකුත් බැඳලා. අනේ මේ අම්මයි තාත්තයි දවල් කෑමට කොස් තම්බල පොල් ගාල කිරි හොදි හදල කට්ට සම්බෝලයක් මේසෙට ඇරලා තියල. සුද්දී බැරි බැරි යෙන් කොස් කන ගමන් අහනවලු ඩාලින් වට් ඉස් දිස්. පුතාට මතක නෑ කන්නේ මොනවද කියල.පුතා තාත්තාගෙන් අහනවලු "වට් පපා දිස්" කියල, තාත්ත දන්නා ඉංගිරිසියක් නෑ.ඒ පාර තාත්ත කියනවලු "දිස් පුතා කොස්" කියල.අම්මගේ මුණ බැලුවාලු. ඒ පාර අම්ම කියනවලු. "දැට් පුතා කොස් ගස්" කියල. (අ)
ඇත්තටම අපි මොන තරම් සතුටු උනාද මේ තීරුවට ලියලා .., මොනතරම් හිනා උනාද .ඇත්තටම අපිට දැනුනේ නැහැ අපි පිටරටක තනිවෙලා කියලා. නමුත්, දැන් අලුතෙන් ලියන අය නිසා ගොඩක් හිත රිදෙනවා, අපි නම් මේ තීරුව බදු ගත්තෙත් නැහැ , සින්නක්කර ගත්තෙත් නැහැ හැබැයි දැන් ලියන අයනම් ලියන්නේ සින්නක්කරම එයාලගේ වගේ , ''දෙයියෝ සාක්කි'' තීරුව තියෙන්නේ හිනා වෙන්න. මට තියෙන ප්‍රශ්නේ අපි ගොඩක් සතුටින් ඉන්නවා කියා ඇයි අනෙක් අයට කේන්ති යන්නේ කියලා.ඔය මහා ලොකුවට අදහස් දාපු අයත් ලියලා තියෙන්නේ අනුන්ගේ ඕපාදුප තමයි ., සනත්, සුගත්, අපිට වෙන බ්ලොග් වලට ලියන්න ඔයා කියන්න ඕනේ නැහැ. මේ පත්තරේ අපි කාටත් අයිතියි ඔයාලගේ හිතට එන අදහස් ඔයාලා ලියන්න. අපිට හිතෙන දේ අපි ලියන්නම්. අපි මොනවා ලීවත් අපේ කතෘතුමා ඕන දේ ,එපා දේ තෝරා බේරා පළ කරයි. අනේ ඔන්න අපි වෙනද ලියපු විදියටම ලියමු. රූප අක්කේ කැමති කෙනෙක් කියවයි ,එපා කෙනෙක් නිකා ඉඳයි. මේ පත්තරේ කාටවත් බදු දීලත් නැහැ,සින්නක්කර දීලත් නැහැ. මේක අපේ පත්තරේ අපි කාටත් අයිතියි .. දැන් අපේ කතෘතුමාට වෙලා තියෙන්නේ සේරම වැඩ පැත්තකට දාල නඩු විභාග කරන්න වගෙයි.., රුප අක්කේ අපි කියන්නේ ඔයා අපේ සුපුරුදු නම් වලට ඕන දෙයක් ලියන්න ., මං ගොඩක් ආදරෙන් කියන්නේ ඔයාගේ විභාගේ ඉවර උන ගමන් අපිට ලියන්න විභාගේ ඉහලින්ම සමත් වෙන්න කියලා පතනවා...!!!අපි.., එනම් ( මම) චන්දි.දිසා,සරත්, නිලූ, ඉන්දු,හේරත් පෙත්තා මධුක තවත් ඉන්නවා ඔයාගේ යහළුවන් අපි අපේ නම් වලින් අදහස් පළකර ගමු. අපේ ගරු කතෘතුමා තීරණය කරාවි අපේ අදහස් පල කරනවද නැද්ද කියලා (සැමට තෙරුවන් සරණයි ) (ස)
චන්දි අක්කේ, අපේ රූපවති අක්කා මේවා කියවනවා ඇති තමා.රුපවති අක්කේ විභාගේ ඉවර උන ගමන් ලියන්න ඒසැනට මඟ බල ඉන්නවා අපි.ඔයාට සියලු දෙවි පිහිටයි.......!!!!!! (ස)
චන්දි නගෝ ඔන්න තැඹිලි වලු අතගාන්න රෑ කළුවරේ ගස්නගිනවා නොවෙයි. වත්තේ මුර කරය නිතරම බයිට් හොයනවලු බිලා.(අ)
මෙතන හැමදාම අදහස් දාන කට්ටියට තියන ජනප්‍රසාදය මේකේ තියෙන ප්‍රතිචාර දැක්කහම තේරෙනවා. (ස)
මං කතාව කියවගෙන යනවිට හිතුවේ ,ආරක්ෂක නිලධාරියට ඉංග්‍රීසි බැහැ කියල , බලාගෙන යනකොට වෙන දෙයක්නේ සිද්ද වෙලා තියෙන්නේ ..!! දන්නා කෙනෙක් ඉන්නවනම් මට ඉංග්‍රීසියෙන් හිනා වෙන්න කියල දෙන්නකෝ ..(අ)
වැලි ගල් ගඩොල් විදුරු කටු යකඩ ඇන හමුවේ කාහටත් ජීවන ගමන යන රුපා සොයුරියේ නුබේ සිත රිදවා නොගෙන එනු මැන සෙනෙහසින් එසැනට සද එලිය ගෙන (නදී)
දැන් මේකේ අදහස් දාලා තියෙන්නේ ඔක්කොම මේ පුවතට අදාලවද නවින්..අනේ එක් කෙනෙක් දෙන්නෙක් විවේචනය නොකර ඔයාලට කැමති අදහසක් ලියාගන්න.අපේ මිතුරන්ගේ අදහස් බලන්න කියලා ඔයාට කවුද ආරාධනා කලේ.ඒක ඔයාගේ කැමැත්ත.ඔයාගේ පණ්ඩිත වදන් ලියන්නකෝ බලන්න කිය කීයා ඉන්නේ නැතිව.නටන්න බැරි මිනිහට පොලව කොහොමත් ඇදයි නේ.රුපා අක්කා,චන්දී,ඉන්දු,දිසා,සරත්,හේරත්,කටා මාමා,වන්නි තිලක්,පෙත්තා.පැංචි,අපේ අනිකුත් සොයුරු සොයුරියන්ට වෙනදා මෙන් සමගියෙන් සතුටින් මේ තීරුව ඔබේ අදහසින් එලිය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ....! (ස)
බන්දුල පෙරේරා මල්ලි, රතුපස්වල වැස්සලු හරියට මේ දවස්වල. චණ්ඩ මාරුතයක් වගේලු. අනේ අපොයි! කට්ටිය ගසාගෙනත් යනවාලු. (නි)
මගේ අම්මේ...ලක්මිණි නෝනා දන්නා දේවල්..මේ කියන්නේ දෙහිවල සත්තු වත්තේ හිටිය කාලේ මතක් වෙලා. ඔක්කොම සත්තු ගැන ලස්සන රචනාව... පුරසාරම් කියවන්න වෙලා නැහැ අනේ...මම තමයි සුදනා? (ස)
මෙතන අදහස් දාන සමහර නම් දකින්නේ ඉතා කලාතුරකින් , ඒකත් කාට හරි ඇදයක් කියලා ,මේ රුපවතිට දොස් කියපු සියලුම දෙනාට , මං කියන්නේ මෙච්චරයි මේ පත්තරේ ඔබෙත්,මගෙත් ,අපි කාගේත්, අපි ලියන දේවල් අපේ කතෘතුමා පල කරනවානම් ඔයාලට තියෙන කැක්කුම මොකක්ද? දැන් ඔයාල දාල තියෙන්නේ අදහසට අනුවද? කෝ ඔයාල ලියල තියෙන්නෙත් අනුන්ගේ ඕපා දුපනේ අපි පිටරටක තනි වෙලා ඉදන් එසැන යහළු යෙහෙලියන් එක්ක අදහස් මාරු කරගෙන විශාල සතුටක් ලබනවා. ඒක විදවන්න බැරි ඉරිසියා කාරයෝ දොස් කියනවා ඔයාලට ඕන දෙයක් ඔයාල ලියන්න මට ඕනදේ මං ලියන්නම් , රූපට ඕනදේ රූපා ලියපු දෙන්. හැබැයි අපි මොනවා ලීවත් හැන්ද තියෙන්නේ කතෘ තුමා අතේ. එතුමායි අපේ අදහස් පල කරන්නේ (රූපට දොස් කියපු අය ගැන මගේ බලවත් කනගාටුව ).(නදී)
රුවන් මලයෝ,හේරත් කොහෙද කාටවත් මුකුත් කියලා තිබුනේ? ඔයා ඒක හීනෙන් ද දැක්කේ?දිසානායක මහත්තයා තැනට කේන්ති ගිහිල්ලද කොහෙද? (නි)
ඔය අතරේ ඉතිරි වෙලා තිබුණු කොස් කටක් ෆොර් යු ඩාලින් කියල දොස්තරගේ කටේ ඔබල. මේක දැක්ක අම්ම ඉක්මනට එලියට ගිහිල්ල ඩාලින් ඉජෝහ්,ඉජෝහ්,ඉජෝහ්,කිව්වම කළු කොට මහත බලු තඩියෙක් ආවලු. තාත්ත කොස්ටිකක් බිමට දැම්මලු. කියනවලු "දිස් කොස් කාපන් පුතා" (අ)
රූපා අක්කේ, ඔයා ලියන්න බය නැතුව ඕන දෙයක්. අපි ඔයාගේ අදහස් කියවල සතුටක් ලබනවා. කෙනෙක් හිනස්සල සතුටින් තියන එකත් ලොකු පිනක් අක්කේ. අනෙක ඔයා ලියන අදහස් අපේ ගරු කතෘතුමා පල කරනවානම් ඇයි අපි නොලියා ඉන්නේ. ඔයා ලියන්න ඔයාට දොස් කියල ලියපු අය මොනවා හරි ආධාරයක් දෙන්න තියෙන දේකට නම් හුම් සද්දයක් නැහැ. අපි ලියමු අක්කේ අපේ කතෘතුමාට අපිව එපා වෙනතුරු ලියමු (සරත්, හේරත්,දිසා,වරුණ, ඉන්දු, නිලූ, කෝ ඔයාලගේ හඩ රූපා අක්ක වෙනුවෙන් ).(නදී)
දිසානායක මහත්තයෝ බල්ලෝ බුරනවා කිව්වේ ? (ස)
අක්කේ ඔබේ අදහස් ලස්සනට ලියන්න.අපේ හදවත් වලට සැමදා හිනැහෙන්න .කවුරුන් මොනවා කිවත් සවිමත් වෙන්න (දිල්)
ලාල් මහත්මයා, ඔබ කියන දේ අනිත් පැත්ත හිතල බලන්න. සිංහල බසින් කියන දේ අනිත් භාෂා වලට බැරි වුනාට අනිත් භාෂා වලින් ලියන දේ සිංහලෙන් ඒ ලෙසම ලියන්න ශබ්ද කරන්න පුළුවන් නේද. අපි අනුන්ගේ වචන ඔය විදියට වරද්දනවද? ඇයි ඒ? ඒ තමයි අපට ස්වර අක්ෂර වැඩියෙන් තිබීමේ වටිනාකම. ඉංග්‍රීසියේ පහයි. ඒ ඊ අයි ඔ යු ඒ පහෙන් වඩා නම්‍යශීලීව ශබ්ධ ජනිත කරන්න අමාරු නිසයි අපේ අචාන ඔවුන්ට නිවැරදිව කිව නොහැක්කේ. නමුත් අපට ඔවුන්ගේ වදන් නිවැරදිව තව කෙනෙක් ලියපු එක පමණක් බලල නිවැරදිව ශබ්ද කරන්න ලියන්න පුළුවන්. ඒ නිසයි අපට ඥාන කියල ලියන්න ඥානය ලැබී තියෙන්නේ. ස්තුතියි.(නදී)
අන්න රුවන් බාප්පා හේරත් මාමායි දිසානායක මාමයි පටලවාගෙන අලුත් කතා මවනවා. හේරත් මාමායි දිසානායක මාමයි දෙන්නම එක්කෙනෙක්ලු. (නි)
මට නම් හරි පිස්සු වගේ අනේ..... (නි)
මම කියන්නම් සත්‍යම කතාවක්. දවසක් මා එක්තරා රජයේ, කාර්යාලයකට ගියා පොඩි වැඩකට. මම එහි උන්න නිලදාරිනියකට ඉංග්‍රීසි බසින් මා ආ කාරණය පැහැදිලි කලා. එවිට ඇය මා දෙස අමුතු ආකාරයෙන් බලා,"ලංකාවේද, පිටරටකින්ද" කියලා මගෙන් ඇහැව්වා.(නදී)
අනේ මොකද මේ අපේ යාලුවෝ දැන් දැන් රණ්ඩු කරගන්නේ. මේ හැමෝම ලියන්නේ සිතේ සාන්කාවටනේ. ඔහේ ලියමු. අනෙකා කුමක් ලීවත් කමක් නැහැ. ඒවා එයාගේ අදහස්නේ. ඔබට ඒගැන වෙනත් අදහසක් තියෙනවා නම් එකත් ලියන්න. නමුත් අනෙක් අය ලියනවට දෝශාරෝපනය කරන්න එපා. . (නදී)
ඔයාලා රණ්ඩු කරනවා නම් අමිල කටුනායක නමින් මම අදහස් දැමීම නතරකරනවා (නි)
අයියෝ රූපවති වෙන නමකින් ඇවිල්ලා අයෙත් ඉවරයි. අනේ යනවා කිව්වා නම් යන්නකෝ, අපිට ඔයාගේ මෝඩ ස්ටයිල් එකෙන් හොයන්න පුළුවන් ඔයා කියලා. (ස)
අර අනුරුද්ද මල්ලි කියනවා වගේ අපි ප්‍රවෘත්තිය විතරක් කියවන්නම්. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කවි මඩුව කරගෙන යන්න. (ස)
නිලූ, මගේ මුල ඉදලම නම දිල්රුක්ෂි. මේක මගේ ඇත්ත නම. ලිපිනය අනවශ්‍ය නිසා දැම්මේ නැහැ (නි)
මන් මේ කියවගෙන යන දෙයියෝ සාක්කි ලිපිය මොකක්ද? මට මතක නැහැනේ...(නදී)
වරුණ පැටියෝ.... මම කැමතියි රුපට ..රුප කැමති නෑ මට ....රුප ඉන්නේ රජ රට ...දන්වමු අපි නැන්දට...(නදී)
මම මැදපෙරදිග ඉන්න කොට ඉංග්ලිෂ් හොඳට දන්නා මලයාසියා ජාතිකයින් දෙදෙනක් කවදාවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නැහැ . ඔවුන් මැලෙ භාෂාව කතා කරන්නේ. නමුත් සිංහල දෙදෙනක් ඉංග්ලිෂ් කතා කරන කොට ඒගොල්ලෝ අහනවා, ඔය දෙන්නගෙන් කාට හරි සිංහල බැරිද කියලා . මෙය සත්‍ය සිදුවීමක්. (ස)
චන්දි ඉංග්‍රීසියෙන් හිනාවෙන්න නම් ඉංග්‍රීසි ක්‍රමයට කිචි කවන්න ඕනේ (අ)
පව් අර සනත් අයියා. එයා බොහොම අහිංසකව කතා කරද්දීත් අපේ දිසානායක අයියා එයා දන්නවයි කියන බස වලින්ම තමා කතා කරලා තියෙන්නේ (ස)
මේක මම පාසල් යන වයසේ කතාවක්. අපි කොළඹ ගියා පාසලේ අධ්‍යාපන චාරිකාවකට. කෞතුකාගාරය බලද්දී ආරිය සිංහල ඇඳුමෙන් ලස්සනට සැරසුණු මහත්මයෙක් තනිවම නරඹමින් යනවා. අපි කොල්ලෝ තුන්දෙනෙක් එකට ගියේ. අපිට හිතුන මේ මහත්තයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඒ කාලේ ආසයි බයයි. අපේ ගුරුතුමා කියල තිබුන කොල්ලනේ බය නැතිව කතාකරපල්ලා. මම හොඳට උගන්නල තියෙන්නේ කියල. එත් කලිසම් අඳින ටයි කෝට දාන යට අපි බයයි. ඒ නිසා අහිංසකයෙක් අල්ල ගත්ත. අපොයි දෙයියනේ එතුමා දක්ෂ ලෙස ඉංග්‍රීසි කතා කළා.අපි යන්තම්ත ගොත ගහ ගහ කියන කොට එතුමා බොහොම සතුටු වෙලා කිව මේ ළමයින්ගේ ඉංග්‍රීසි උච්චාරණය ඉතා හොඳයි බොහොම හොඳයි එහෙම තමයි බය ඇරෙන්න කතා කරන්නේ. අපි ස්තුති කරලා ඉක්මනින් මාරු වුනා.(නදී)
දිල්රුක්ෂි අක්කේ ඔයා නම් නියමයි. (ස)
මෙහි අදහස් දක්වා ඇති සමහරක් උන හපුලුවන් විසින් විසින් මානසික ප්‍රහාරයක් එල්ල කරන ලද බැවින් අසරණ අවිහිංසක ගැහැණු කීප දෙනෙක් අදහස් දැක්වීමෙන් ඉවත්ව ගොස් ඇති ආකාරය හිතට දුක් උපදවයි. සංවේදී අයට නම්. කිව්වත් වාගේ උගත් නූගත් ඒ වගේම තනිකකරම හරක් පැටව් වගේ මේ ලෝකේ දෙයක් නොදන්නා නමුත් හැම දෙයක්ම දන්නා මෙන් අති පණ්ඩිතකම් කට වාචාලකම් දොඩවන දිවා කාලයේ රස්තියාදු ගැහීම හා අදහස් දැමීම පමණක් සිදු කරන පිස්සෝ ටික දෙනෙක් නිසා හෘදයාංගම අයගේ සිතට වේදනාවක් ඇතිවීම සංවේදී තවත් අයෙකුට දුකකි. නමුත් මේ ඔලමොට්ටල හරක් පැටවුන්ට එහෙම කියාවත් සංවේදී බවක් නොදැනේ. කට පාඩම් කරගෙන වරද්ද වරද්දා කට වාචාල කම් හා අති පණ්ඩිතකම් දෙඩවීමට මිස තමන්ගේ වැරුද්ද තේරුම් ගැනීමට තරම් සිහි නුවණක් මෙවැනි අඳබාලයන්ට නොතිබීම ගැන කණගාටුවක් ඇති වේ. පිරිමි නම් වලින් පෙනී සිටින මෙවැනි ඇතැම් අය කරන කියන දේ මෙන්ම දමන අදහස් බැලූ විට සිතෙනුයේ ඒ අය ගැහැණු හා පිරිමි අතර වර්ගයක උදවිය බවකි. ඉංග්‍රීසි යනු භාෂාවකි. සිංහල යනු භාෂාවකි. භාෂා ඇත්තේ පුරසාරම් දෙඩවීමට නොව අදහස් පළ කිරීමටය. වාග් විද්‍යාත්මකව ලෝකේ කිසිදු භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස් හෝ පහත් නැත. ඒ නිසාම කුමන භාෂාව භාවිතා කළත් එය නිවැරදිව භාවිතා කිරීමට උත්සුක වීම බුද්ධිමත් මිනිසුන්ට අයත් කාර්යයකි. එසේම කෙනෙකුට වරදිනවා බලා ඒ දෙස අවඥා සහගතව බලා සිනා නැඟීම තරම් පහත් අලුකුත්තේරු හිවල් ක්‍රියාවක් තවත් නැත.(නදී)
අනේ ඉන්දු නංගි..මම නම් සැර නැහැ ..?ඒ ත් වෙලාවකට ..? මගේ නම .."රුපවතී රත්නායක " මේ හැමෝම කතා කරන්නේ මට "රට්න යකා " රත්නායක කෑල්ල කියවෙන්නේ ඒ විදියටයි ..මේ හැමෝටම ...?(නදී)
කෝ කෝ රුප අක්කේ විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ. ඔයාමනේ කිව්වේ ඔයාට යකා කියනවා කියලා. එන්ඩ එන්ඩ ලියන්ඩ පටන් ගමු (නදී)
අනේ මෝඩ යහලුවනේ චන්දී, ඉන්දු, දිසා, සරත්, හේරත්, කටා මාමා, වන්නි තිලක්, පෙත්තා. පැංචි, ඕගොල්ලෝ සේරම රවට්ටලා රූපා අක්කා දැනටමත් වෙන නමකින් අදහස් දානවා. (ස)
සනත් මහත්තයා බල්ලන්ගේ තොප්පිය දාගන්න එපා. ඒක බල්ලෝ දාගනි. (ස)
දිල්රුක්ෂි,ආවා මෙතන චණ්ඩිකම් පෙන්නන්න? (නි)
පොෂ් ගතිය පෙන්නීමට නිරුවත ප්‍රදර්ශනය කිරීම සම්පූර්නයෙන්ම තහනම් කරන පනත තාමත් හමස් පෙට්ටියේ ....(නදි)
"රට්න යකා " හරි නේ නැන්දේ?(නදී)
අනේ මන්දා රූපා අක්කට ඉන්න කට්ටිය හැටි බලපුවහම හැමෝම එකම වල්ලේ පොල් ටිකක් වගේ. අර කියනවා වගේ අදාල දේවල් නෙවේ කතා කරන්නේ. හැබෑට ඔය ගොල්ලෝ බොල්ග් එකකට සෙට් වෙන්න බැලුවොත් හොදයි නේද? (නදී)
"නිරුවතට යටි සිතින් සිනාසෙමින් නොමිලයේම නරඹන්නෙමු." ඔන්න බස් එකට ටික්කො පැනලා...මොනවද මේ නොමිලයේ බලන්නේ..වැඩිහිටියන්ට පමණයි....(නදි)
රුපවති අක්කේ මම හැමදාම ඔබගේ අදහස් කියවනවා. නමුත් ඔබට පිළිතුරු නොලිව්වත් ඔබගේ අදහස් වලටයි වාග් මාලාවන්ටයි හරිම කැමතියි. කව්රුවත් කී පලියට ඔබ නිහඩ නොවන්න. ඔබගේ රූපයත් පාටත් කාටවත් වැඩක් නැහැ. හදවතින් නැගෙන අදහස් කවටයි රළුයි. අපගේ සිතට රුවක් මැවීමට ඔබ හපනියක්. ඒ නිසයි කව්රුත් ඔබගේ රුව ගැනම නිතරම අදහස් පළකරන්නේ. ඔබ නිහඩ වීම තුලින් කාටවත් සතුටු විය හැකියි කියා නොසිතමි. දැනටමත් ඔබව නිහඩ කල සහෝදරයන්ට මිතුරු සහෝදර පිරිස එලවා පහරදෙනු දැකිය හැකියි. ලංකාදීප පාඨක මිතුරන්ට ඔබ ඔබව නැවත සාදරයෙන් පිළිගනීවි.(නදී)
සතුටු සිනාවෙන් පිරිලා තිබුණු මේ පිටුවට වෙලා තියෙන දෙයක් ...!!! දෙයියෝ '''සාක්කි'' (ස)
අනේ රූපා අක්කේ මම විහිළුවක් කලේ. තරහ නෑ නේද? මෙයාල අපේ නම් කියවන විදිය අහද්දි හතර හිනා (නදී)
දවසක් කොල්ලෝ ටිකක් හවස ඉංග්‍රීසි පන්ති ගිහින් එන ගමන් බස් හෝල්ට් එක ලග නතර උනාලු. එවිටම බස් හෝල්ට් එක ලග හිටපු වයසක සීය කෙනෙක් එකපාරටම බිම ඇදගෙන වැටුනලු .ඒක දැකපු කොල්ලෝ අහනවලු" වට් හැපන් සීයේ කියල ." සීයට හොදටම කේන්ති ගිහින් කියුවලු වට්ටපන් බලන්න දෙන්නේ හැරමිටියෙන් කියලා.(නදී)
ඔය ඥාන සේකරම් වගේම තමයි පුංචි සිංඤෝ කියා ලිවීමත්. සිංහල නොදන්නා කෙනෙක් කියන්නේ සින්නෝ කියලා මිසක් ‘ඤෝ‘ කියලා නෙමෙයි.(නදී)
පැංචියේ, ඔයා කියන්නේ මමත් නපුරුයි කියලද? ඔව් අනේ සමහර වෙලාවට. අපි ඔක්කොම ඩාවින්ගේ මතය දන්නවනේ. ඔයාලා කව්රුවත් අන්දවන්න මේ ලියන මාමලා හිතන්නේ නැහැ. කව්රුවත් වැරදීමකින් එහෙම කළොත් අනේ මට සමාවෙන්න (නි)
කෙලින් හරි වක්‍රාකාරව හරි තව කෙනෙකුට බල්ලා කියලා ආමන්ත්‍රණය කරනකොට (මේ වගේ සුළු කරුණක් මත ) මහත්තයාගේ මට්ටම මට හිතාගන්න පුළුවන් (නි)
සනී අනී හැර මිටියෙන්. (නදී)
ඔන්න අපි ගියා. එහෙනම් හාම්පුතාලා ටික කරගෙන යන්නකෝ (නි)
හ්ම්ම්...චන්දි නෝනද 1959 විතර මගේ කරෙන් ගගෙන් එගොඩ ගිය උපාසක අම්මා. ? කෝමද...අඳුන ගන්න ගිය කල්?(නදී)
නිලූ දුවේ, චන්දි දුවේ, නවීන් පුතා කියල තියෙන්නේ අපි මෙතන අපේ පෞද්ගලික දේ කතා නොකර මේ පුවත් පත කියවන දහස් සංඛ්‍යාවක් ජනයට මාතෘකාවට අදාලව කතා කරන සංවාද මණ්ඩපයක් හදමු කියලා. ඒකේ වැරද්දක් නැහැ නේද??? (ස)
දුගදවතිට රට්ටන කොහොම වුනත් තියන නපුරු කමට "යකා" කියන එක නම් හොදට ගැලපෙනවා. පොඩ්ඩක් ආගම දහමට යොමු වුනොත් නරකද නැත්තන් ලබන ආත්මේ යකෙක් වෙන එක නවත්තන්න බැරි වෙයි (නදී)
ස කාලිම්නාතන් .., දැන් ඔයා අදහස ලියල තියෙන්නේ නිව්ස් එකට අදාලවද...?අනුන්ගේ ඇදකුද හොයලද...? අස්මින් ඔබට ස්තුතියි .. වදනක් ලිවට.., මේවා දැකල රුපක්කගේ හිත ටිකක් හරි සතුටින් පිරේවි.., එයා නැවත අපිට ලියාවි.., ( රුපෝ බොලන් කෙල්ලේ නුබ අද කොයි). (නදී)
මා ඒ කතාව කිවේ, ඉංග්‍රීසි නොදන්නා අය කතා කරන්න දන්නා අය හා ඉංග්‍රීසි භාෂාව සමඟ ඉතාම ක්‍රෝධයකින් පෙළෙනවා. කියන එක අවධාරණය කරන්න. (ස)
මෝඩකමට බෙහෙත් නැහැ කියනවනේ. (නි)
ඉතින් ඒ නිලදාරිනිය මම උනානම් , මම අහන්නෙත් ඒ ප්‍රශ්නෙම තමයි ,, මං එහෙම කීවට.. මිනිපේ..!! මමත් ලංකාවට ගිහින් පොලේ ගිහිල්ල තක්කාලි කීයද කියල ., අරාබි බාසාවෙන් ඇහුව ගමේ දන්නා කියන මල්ලියෙක් හන්දා බේරුනා නැත්නම් බැනුම් තමයි ඉතින්....!!(නදී)
මිනිපේ බාප්පේ....ප්‍රාදේශිය සබාවේ සමදරා නැන්දට ඔයා කතා කරලා තිබුනේ..මෙන්න නැන්දා මගේ කන...රිදෙනවා ඌයියා....?(නදී)
ලියන්න වෙලාව මදි උනත් හැකි සෑම විටම මම මේ තීරය කියවනවා. කිසිම කෙනෙක් මෙම තීරුවෙන් ඉවත් විය යුතු නැහැ. හැකි අයුරින් රස විදින්න බලන්න හැමෝම . රූප අක්කේ හැකි නම් ලියන්න බලන්න. (ස)
සමදරා නැන්දේ ..".පාළු කාමරයක. ඇත්තේ දුබල එළියක... එසැණ පමණි ඇයහට තිබුණ ලොකුම එළිය. අහෝ එයත් නැතිවීද? හදවත පිරෙයි තනිකම.." මටත් බය හිතෙනවා..ඉවසපන් හදවත ..කොටාපන්කෝ කොම්පියුටරයට මම දෙන්නම් කෝ රස කතා.... (ස)
අන්න ගානවති සොයාගෙන රූපවති ගේට්ටුව ළඟ.. (නි)
මේ කතාව තෙල් පිරිපහදුවට අනවසරයෙන් ඇතුල්වීමට උත්සහ කල අපේ මිතුරෙකුට පිලිපීන මිතුරෙක් දුන් උපදෙසක්(අ)
අපේ යාළුවන්ට නරි අසත්පුරුෂයෝ ගොන්නන්සේලා කියලා කියපු මාමලා දෙන්න අපේ යාළුවන්ට සමාවෙන්න කියලා කියන්න නැත්තන්, ඔය දෙන්නත් එක්ක අපි කතා කරන්නේ නැහැ. (ස)
රුපවති අක්කේ තරහා වෙන්ඩ කාරී නැතුවා ඔයාගේ ලියන ශෛයලය හරිම අප්‍රසන්නයි (අ)
"රූපගේ දෙතුන් දෙනා හිතන් ඉන්නේ මේක ඒගොල්ලන්ට බදු දීල කියලා. විබාගයට සුබ පතන්න විද්‍යුත් තැපෑලෙන්" අනේ සනත් ඔයාලගේ බදු ඉඩමේ කොස් අපි ගැන්නේ නෑ. දුක සතුට සැප එකට බෙදාගන්නේ මේ බදු ඉඩමේදී තමයි. මරණයක් දැක්කම අනේ එයාට නිවන්සුව කියල විද්‍යුත් තැපෑලෙන් ලියල යැව්වනම් හොඳයි. ඒ උනාට මේ කිසි කෙනෙක් අපි දැකලත් නෑ.. දන්නෙත් නෑ.එකම යාලු කම සිංහල ලියන එක විතරයි. අනේ ඔයාගේ අතේ පත්තු ගිනි කුර...පණ්ඩිත කතාව මටත් විද්‍යුත් තැපෑලෙන් ලියල යැව්ව නම් හොඳයි දෙයියෝ සාක්කි වල නොදා.(නදී)
ඕනෑම කෙනෙක් ලිව්වොත් එසැනට අදහස් .., අපි කියවනවා හරි සතුටින් පුරවා දෙඇස් .., අපිටම ගහනවා මඩ ගුලි ගොඩක් පිරිස් ., එනමුත් නොනැවතී ලියනවා රස අදහස් ..!!! (ස)
සමන්ත ...මට හිනා ඔයාගේ කතාවට ...? මම ගිය ආත්මේ කරපු ලොකූ පිනක් පහල වීමෙන් තමයි අද මම මේ සතුටින් ...සුවබර ජීවිතයක් ගත කරන්නේ ...? මේ ආත්මේත් ..හැකි හැම අයුරකින්ම කරන්නේ පින් සිදුවෙන වැඩක් ...මම නපුරු නැහැ, නපුරු සිතිවිලි මගේ සිතේ ඇතිවෙන් නැහැ ...(අ)
රූපවතී යන තරමට හොඳයි මහා ලෝක තුවාලයක්. (නදී)
ඉංග්රීසියෙන් හිනාවෙන්න කියලා දෙන්නකෝ. (නි)
දිමුතු දුවේ නිකන් මැද්දට පනින්න එපා.කවුද මාමල දෙන්න. ඔයාල පුවත් හදනවා. (ස)
දිසානායක හේරත් මේ වගේ ප්‍රසිද්ධ පුවත්පතක අදහස් පල කරන විට මීට වඩා විනීතව බස හසුරවන ලෙස ඉල්ලා සිටිනවා. (ස)
වැඩක් නැති නිවුස් එකක් අපරාදේ (දිල්)
රූපවති, ඔයා ලියන දේවල් කියවන්න මමත් කැමතියි. ඉන්දු, චන්දී පෙත්තා, බන්දුල වගේ නිතර ලියන අය මේ තීරුව රසවත් කරනවා. මම හැමදාම ඔයාලගේ කොමෙන්ට් එකමටම පිළිතුරු නොලිව්වත් ඔයාලගේ අදහස් කියවලා සතුටුවෙනවා. රටෙන් පිට ඉඳන් තමන්ගේ රට ගැන අවධානයෙන් ඉන්න රටට, බසට ආදරේ කරන මිනිස්සුන්ගේ අදහස් බෙදා ගන්න එක කොයිතරම් සතුටක්ද? ඒ වගේම අපේ රටේ ඉන්න නොදන්නා මිනිසුන් සමග සංවාදයක යෙදෙන එක කොයි තරම් අගය කල යුතුද?(නදී)
දිසානායක, හේරත් ඕගොල්ලෝ අනිත් අයට නරි අසත්පුරුෂයෝ ගොන්නන්සේලා කියලා බැන්නට කවුරුවත් ඕගොල්ලන්ට ප්‍රති උත්තර ලෙස මෙවැනි ලෙස භාෂාව භාවිතා කරලා නැහැ. මේ අයගෙන් ඉගෙන ගන්න. (ස)
බන්දුල, එන්න එපා පද හදන්න. (නි)
දන්නා සිංහලෙන් ඇහුවනම් ඉවරිනේ.ලොකුකම් දැනේ නැතුව, ගොඩක් අපේ කට්ටිය මේ ආරක්ෂක නිල්ධාරීන්ට සලකනෙන් බල්ලන්ට වගේ, මම ලංකවේ වැඩකරන කලේ මම ඕනෑතරම් අයතන්ව ගහිල්ල තියෙනවා, මෙගොල්ල්නට හොඳින් කතකරල වැඩේ කරගන්න පුළුවන. (අ)
ඇයි සමදරා ඔයා ඔච්චරම නපුරු. හැම පෝයටම සිල් ගන්න සිල් මාතාවක් නේද ? මිනිස්සුන්ට මෛත්‍රී ,කරන්න කියලා හාමුදුරුවෝ බණට කියල දුන්නේ නැද්ද? කොහෙද ඒවා ඇහෙන්නේ සිල් ගත්තත් හොයන්නේ අනුන්ගේ ඕපා දුපනේ. දැන් මමත් මාස7,8ක් මේ එසැනට ලියනවා. රූපා ඊටත් කලින් ඉදලා ලියන්නේ. අපි සතුටෙන් හිනාවුනා ඒත් දැන් ගොඩක් අලුත් අය ලියනවා අනුන්ගේ අඩුපාඩු තමයි සොයන්නේ. කිසි කෙනෙකුට අයිතියක් නැහැ කාටවත් ඇගිල්ල දිග කරන්න සමදරා.(නදී)
සතුටුයි යාළුවනේ. අන්න හරි. දිසා, හේරත්, තිලක්, කටා මාමා, නිලූ, පැංචි, සමන්ත, සමගිය බලය වේ !!! (නි)
අපි ලියන්නේ නිව්ස් එකට අනුව තමයි ., අපිට දොස් කියන සියලුම දෙනා හොඳට බලන්න අනෙක් නිව්ස් වලට අපි ලියපුවා ...!! නමුත් දෙයියනේ....!!! මේ දෙයියෝ සාක්කියට විතරක් අපි විනෝදයට ලියන්නේ එය විනෝදයක් ගෙන දෙන නිව්ස් එකක් නිසයි ..!! මං අහන්නේ .., අපේ කතෘතුමා පල කරනවා නම් ඇයි මේ ගොඩක් අය මේකට විරුද්ධ....? අපේ කතෘතුමා අනුන්ගේ දුක වේදනාව හදුනන ., දුප්පත්කමට නිගා නොදෙන , රත්තරන් හදවතක් තියෙන උතුම් පින් කදක්.., මේ තීරුව අපේ සතුටට ඔහු විසින් අපට ප්‍රධානය කර ඇති බැවින් අපි ඉන් සතුටක් ලබා ගන්නවා. මං දන්නවා මෙහි අදහස් නොලියා අපි ලියන දේ කියවා සතුටක් විඳින අයත් ගොඩක් ඉන්නවා. (මැරෙන තුරා ජොලියේ ඉදිල්ලා) (ස)
රුවනුයි, දිමුතුයි ගැලපෙන තොප්පි දාගෙන..යාලුවන්ටත් දාලා. ලස්සනේ බෑ යාලුවනේ. (ස)
මටත් ඔය වගේ දෙයක් වුණා මම ඉන්න රටේදී.මේ රටේ ‘ජී‘ අකුර ශබ්ද කරන්නේ ‘හ‘ විදියට.මම මගේ නම දීලා පෝලිමේ හිටියා බෙහෙත් ගන්න.පෝලිමේ කට්ටිය ඉවර වෙනකනුත් මගේ නම කිවුවේ නැහැ.පස්සේ මම එතන ඉන්න කෙනෙකුගෙන් ඇහුවා.එය මට කිවුවා කීපාරක් කතා කෙරුවද එන්න කියලා.මම කිවුවා කොහොමද කතා කෙරුවේ කියලා.මට හූන රථ කියලා කතා කරලා තියෙන්නේ.මට ඇහුනා එහෙම කතා කරනවා.මම ගණන් ගත්තේ නැහැ. මම හූනෙක් නෙමෙයිනේ. (නි)
දිසානායකගෙයි හේරත්ගෙයි ඒවාට කවුරුවත් ප්‍රතිචාර දාන්න එපා. මේ දෙන්න අනිත් අයට ගෞරවයෙන් කතා කරන්න දන්නේ නැති අය (ස)
චන්දි නැන්දේ ..ඉතින් පොලේදී තක්කලි වලට අරාබි භාසාවෙන් කිව්වේ හරාම් කියලද? පොලෙන් පලා ගත්තේ නැතිද නැන්දේ?(නදී)
ඇඟිලි වුණත් එකම අතේ නොවෙයි සම... මිනිස්සු වුවත් එකම රටේ වදිති යුද... එකඟ නොවෙතත් අනිකකුගේ අදහසට කරනු ගරු එය පැවසීමේ අයිතියට... (නි)
ඔය රූපවතිට සිංහල මතක නැ කියන්නේ බොරු. අර කොලඹ ලොකු නෝනලා වගේ වෙන්න හදනවා. ගමේ චක්කුඩු පැන්න කෙල්ල.(නදී)
මේගොල්ලන්ට උඩින් ගියොත් රටේ නැති සත්තුන්ගේ නම්. අපිත් හැමදාම පත්තරේ බලනවා මෙතන අදහස් දැම්මේ නැති වුණාට (නි)
සමදරා මං ඔයාට කියන්න ඕනදේ ලියල ඇති ,, අපි කවුරුත් මේ දෙයින් සතුටු වෙමු . අපි අපේ විඩාව නිවා ගන්නවා සියලුම දෙනා අදහස් හුවමාරු කරන ( අනේ ඒකට ඉරිසියා කරන්න එපා ආයුබෝවන් ) ඔයත් ලියන්න මෙන්න මේ විදියට හිතන්න (...මේ කිසි කෙනෙක් නැහැ කිසිවෙකු දැක ඇත්තේ .., එනමුත් අනේ සැමදෙන සතුටින් ඇත්තේ ..එකට පිපුණු මල් පොකුරකි එක ඇත්තේ .., සාමය සතුට පමණයි විද ගත යුත්තේ ..,!! සැමට සුවබර අනාවක් ...!! (ස)
කුසුම් සිරි .., දෙවියෝ සාක්කි තීරුවට ලියන්නේ හිනාවෙන්න ., අනෙක් දේවල් වලට ඒ අනුව ලියනවා , ආධාර උපකාර කෙනෙකුට ඕන උනොත් එකත් කරනවා , නමුත් කාටවත් බැහැ කියන්න අරහෙම ලියන්න , මෙහෙම ලියන්න කියල ,මොකද අපි ලියන දේ හරි නම් විතරයි කතෘ තුමාගේ අනුමැතිය ලැබෙන්නේ , කීවට තරහ වෙන්න එපා දැන් ලගකදී ඉදල මෙතන යුධ පිටියක් වගෙයි , ඇත්තටම කුසුම් දැන් ලියන්න හිතෙන්නෙත් නැහැ "ඒත්" මං ලියන එක නතර කරන්නේ නැහැ. ලියල බලනවා කතෘතුමා අනුමැතිය නොදී පල උනේ නැත්නම් , ඒ කියන්නේ එතුමා අකමැතියි කියන එකනේ , එතකොට ලියන එක නතර කරනවා. නමුත් ඔයාල ලියන ඒවා කියවනවා එහෙම හොඳා නේද...?කුසුම්සිරි මාමේ .......!!!! (ස) "
ඉතින් ඔයාට මොකෝ සමදරා .., ඔය දැන් සිල් ගන්න සමහර අය පිමි හැටම පැනල ඉන්නේ අනේ ඒත් අපේ මොකෝ....!!!(නදී)
මගේ අම්මේ චන්දි ගේ බටර්...බේකරියක පානුත් මදි ගාන්න..(නදී)
දිසෝ , අනේ හොඳ කවියක් කියන්නකෝ දැන් හිත හොඳටම තෙහෙට්ටු වෙලා .. අයියෝ (ෂික්, දැන් දාන අදහස් වෛරයමයි තියෙන්නේ ) (ස)
කවුද බොලේ දිල්රුක්ෂි නැන්දට පක්ෂ තික්ෂණ? (නි)
චන්දි අක්කේ ඔයා ඉංගිරිසියෙන් හූ කියන්න කියලා දුන්නොත් මන් ඔයාට හිනා වෙන හැටි කියලා දෙනවා. (අ)
චන්දි අක්කේ මම නිහඬ වුණේ නෑ. දැන් තමා අවදි වුණේ. ඔයා අපි වෙනුවෙන් හඬක් නැගීම ගැන ස්තුතියි. රූපා අක්කේ ඹයා හිත රිදව ගන්නවත් ලියන එක නවත්වන්නවත් එපා. සමාජයේ හැම ජාතියේම මිනිසුන් ඉන්නවා. ඒ අතරේ නොමිනිසුනුත් ඉන්නවා. ඔයා මෙතන ලොකුකම් කිව්වේ නැතිබවත් සංවාදයට අදාළ රසවත් අදහස් දැමූ බවත් අප දන්නවා. ද්වේශයෙන් අනුන් හෙළා දැමීමට සෑහෙන පිරිසක් එක් රොක් වෙලා තියෙන්නේ...... අපූරුයි..... යාළුවනේ දාල තියෙන නිව්ස් එකට අදාල අදහස් විතරක් දැම්මොත් කමෙන්ට් දෙක තුනකට වඩා දාන්න වෙන්නේ නෑ. අපි සුහදව අදහස් බෙදා හදා ගනිමු. ඔයාලට ඕන අදහස් විනීතව දාන්න. එතකොට සංවාදය ඒ පැත්තට හැරෙයි. මේක නිදහස් විවෘත තැනක්. අපි කවදාවත් දැකලා නැති පිරිසක් සමග සුහදතාවයෙන් බැඳිලා ඉන්නේ. ලංකාදීපයේ "එසැණ" අදහසට සහ අපේ අදහස් ඉතා ඉක්මණින් පළ කරණ කතෘ මණ්ඩලයට තුති මල් මිටක්....(නදී)
පැන්චි දුවේ, මේ කවිය මතකයේ තියාගන්න. හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙනගනින් දුවේ... මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කැතයි දුවේ.// (නි)
තැඹිලි වල්ලක් අල්ලලා බලන්න. ලොකුයි.පොඩියි.පාට වෙනස්.වතුර වෙනස්. බුදුන් වහන්සේ කිව්වේ නානත්ති ලෝකේ නානත්ති සඤා කියලයි. ලෝකය විවිධයි. විෂමයි. රස දන්නෝ සැලඩ් එකට තමන්ට ගැලපෙන දේ එකතු කර සතුට විඳිති. රස නොදන්නෝ සිහින මවති. අරගලය එයයි. මගේ අතේ හකුරු ඇති නිසා ඕනෑම තේ කෝප්පයක් පැණි රසට බොන්නට පුළුවන්. කලාව..සාහිත්‍යය..සුමුදු බස මගේ රසයයි. (නි)
චන්දි, ඔයාගේ රට කියන්න පුලුවන්ද? (නි)