(තිහගොඩ - උපසේන ලියනගම)
අට වසරේ සිංහල උගන්වන ගුරුතුමිය විරුද්ධාර්ථ පද පිළිබඳ පාඩමක් කිරීමේදී එක් සිසුවකු දුන් පිළිතුරෙන් ගුරුවරිය අන්දමන්ද වූ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි.
විරුද්ධාර්ථ පදවල ස්වරූපය කියා දුන් ගුරුතුමිය සිසුනට එබඳු වචන පහ බැගින් ලියන්නට කීවිට එක් සිසුවකු ලියූ පිළිතුරෙහි ”උඩ-යට, අහස-පොළව” යන්න සමඟ ”අම්මා-තාත්තා” ද විය. ගුරුතුමිය කීවේ ”අම්මා-තාත්තා” යනු ස්ත‍්‍රී පුරුෂ ලිංග පද මිස විරුද්ධාර්ථ පද නොවන බවයි.
”විරුද්ධාර්ථ පද කියන්නෙ එකිනෙකට හාත්පසින් වෙනස් පද. නාම පද ලියන්න එපා” ගුරුතුමිය කීවත් ”නෑ මිස් අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. දෙන්නා එකිනෙකාට හොඳටම වෙනස්. ඕන දේකට හැමතිස්සෙම ගහමරා ගන්න හදනවා. අද උදෙත් ඇරගත්තා” කීවේ පන්තියේ සියලූම සිසුන් හිනස්සමිණි.
ගුරු විවේකාගාරයේදී මේ රස කතාව සෙසු ගුරුවරුන්ට කියත්දී බුද්ධාගම ගුරුතුමිය ”අනේ ඒ ළමය හරි මෙයා. ඔයාට වැරදිලා” කීවේ තම අත්දැකීම් ද ප‍්‍රකාශ කරමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් පොඩි දරුවෝ බොරු කියන්නේ නැහෑ.
එ්ක නම් මරු කතාවක් තමයි.
ටිකක් අපැහැදිලියි. මේ ගුරුවරිය කියන්නේ අම්මාගේ විරුද්ධ පදය තාත්තා නෙවේ කියලද? එහෙම නම් වෙන මොකක්ද? මගේ දැනුම ටිකක් අඩුයි මේ සම්බන්ධව. මට කියලා දෙන්න.
නාම පද ලියන්න එපාලු .අහස පොලොව නාම පද නෙමෙයිද ?
අලුත් පත්වීම් ගත්ත ගුරුවරු, ආචාර්ය, මහාචාර්යවරුන්ගේ ව්‍යාකරණ හා පද භාවිතය පිළිබඳව හැදෑරුවොත් හොඳයි ..
අනේ නෝනාවරුනි, මහත්වරුනි. ජනමාධ්‍යය පිළිබඳව ඉගෙනගෙන, ගුවන්විදුලිය සංස්ථාවේම පුහුණව ලබලා අපේ සහෝදර සහෝදරියෝ සිංහල ප්‍රවෘත්ති කියද්දී මොනවද කියන්නේ කියලා අහලා බලන්නකෝ. ඒ අතින් පොඩිදරුවෝ හොඳයි. ලස්සනම වැඩේ, මේ ප්‍රවෘත්ති කියන්න කලින් සංස්කරණ අයෙකුගේ නමකුත් කියනවා. ඒ මොන සංස්කරණද කියල කියන්නේ නෑ...