කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
  විසේකාර සිසුවකුට ටොක්කක් ඇන මේවාට වගකිව යුත්තේ විදුහල්පතිගේ දුර්වල පාලනය බව කියමින් විදුහල්පතිට දෙස්දෙවොල් දුන් ගුරුවරයකුට ජීවිතේ අමතක නොවන පාඩමකට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබුණි.
 විසේකාර සිසුවකුට ටොක්කක් ඇන මේවාට වගකිව යුත්තේ විදුහල්පතිගේ දුර්වල පාලනය බව කියමින් විදුහල්පතිට දෙස්දෙවොල් දුන් ගුරුවරයකුට ජීවිතේ අමතක නොවන පාඩමකට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබුණි.
  පාසලට මෙම ගුරුවරයා ආගන්තුකය.වෙනත් පාසලක සිට ස්ථාන මාරුවී ආ ඔහුට  පාසල ගැන ඇතිවූයේ සුභවාදී ආකල්පයක් නම් නොවේ.ඔහු සේවය කළ පාසලේ සිසුන්ගේ විනයත් මෙම පාසලේ සිසුන්ගේ විනයත් අහසට පොළොව මෙනි.ඔහු  පාසලට ආ දා පටන්ම ළමයින් ගහ බැන ගත්තා මෙන්ම ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුකළහ.
     සිසුන්ගේ රැවුල් කොණ්ඩ වැද්දන්ගේ මෙනි.ඔවුන් දුටුවිට පාසල් ශිෂ්‍යයකු යැයි කීමට නොහැකි තරම් ය. මේ කිසිම දෙයක් පිළිබඳව ඇහැක් ඇර බැලුවේ විදුහල්පති නම් නොවේ.මේ නිසාම ගුරුවරුන්ද සිටියේ තමන්ගේ පාඩුවේය.නවක ගුරුවරයා මේ ගැන සිටියේ දැඩි තරහකිනි.පිළිකුලකිනි.
විදුහල්පතිවරයා ගැන ඔහුට ඇතිවූයේ දැඩි කළකිරීමකි.ඔය අතරේ අලුත් කාලඡේදයකට පන්තියකට යන අතරතුර ගල් ගසා ගන්නා කොල්ලෝ ටිකක් මේ ගුරුවරයාට මාට්ටුවිය.මෙම කොලු රෑන ගුරුවරයා ගණන් ගත්තේම නැත.මෙය නොඉවසූ  ගුරුවරයා කොල්ලන්ට ටොකු ඇන මේවාට වගකියන්න ඕන ඉතිං ලොකු තැන තමයි කියමින් විදුහල්පතිවරයාට දෙහි කැපුවේය.
  ගතවූයේ ටික වේලාවකි.ඔහු සොයා විදුහල්පතිවරයා ආවේය.මොකද ඔහේ මට දැන් ටිකකට ඉස්සර වෙලා බැන්නේ යැයි ඇසූවිට ගුරුවරයා තුෂ්නිම්භූතව ගියේය.
මම මේ විදුහල පාලනය කරන්නේ මට ඕන විදිහට ඔයාට මෙහේ ඉන්න බැරිනම් වෙන තැනකට යන්න යැයි කියමින් විදුහල්පතිවරයා යන්න ගියේය.
  තමා බැන්න විසේකාර කොල්ලකු ඔහු සොයාගත්තේ විදුහල්පතිට මේ කේලම කියූ සිසුවා හොයාගැනීමටය.විනාඩියෙන් දෙකෙන් විදුහල්පතිගේ කනේ මේ කේළම තැබූ සිසුවා සොයා දෙකක් කීමටය.
මම බැන්න එක තමුසෙලා ගිහිල්ලා විදුහල්පතිට එහෙනම් කිව්වා නේද යැයි ගුරුවරයා කොල්ලාගෙන් ඇසුවේය,අනේ සර් අපි නම් ඕවා කියන්න යන්නේ නැහැ.අපිත් එක්ක හිටිය එක්කෙනෙක් විදුහපල්පතිගේ පුතානේ.ඇයි සර් දන්නේ නැද්දැයි කොල්ලා කීවිට ගුරුවරයාට සිදුවී ඇති දේ තේරුම් ගියේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිසුවාගේ ටොක්කෙන් ගුරුවරයා මට්ටු