IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


සාස්තරේ වැරදී කපුවාගේ රෙදි ගැලවිලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
දෙවියන්ගේ පිහිට පතා ගිය අයකු රැස්ව සිටි පිරිස මැද ආරූඪව සිටි කපුවා අසරණතාවයට පත් කළ පුවතක් යාපහුව පුරවරයෙන් අසන්නට ලැබුණි.
විවාහක තරුණ යුවළකි. ඔවුනට එක් අත දරුවෙක් සිටී. ජීවත්වීමේ අරගලයට මුහුණ දීම සඳහා දෙදෙනාම උත්සහා කරති.
බිරිය පෞද්ගලික රැකියාවක නියැළෙන අතරේ සැමියා රාජ්‍ය සේවයේ යෙදී ඇත. අත දරුවා මවගේ මව් පාර්ශවය විසින් රැක බලා ගනියි.
කෙසේ හෝ ඔහුගේ බිරියට යම් ඉහළ වැටුපක් ලබන රැකියාවකට යාමේ මංපෙත් විවර වෙයි. ඒ සඳහා දන්නා හඳුනන දේශපාලකයන් මෙන්ම ඊට සම්බන්ධ අය උදව් උපකාර කරති.


රැකියාවට සම්මුඛ පරීක්ෂණ සඳහා යාමට දින වකවානු පවා ඇවිත් ඇත. මේ නිසා විශ්වාසයක් ඇති දේවාලයක දෙවියන්ගේ පිහිට පැතීමට ද ඔවුනට අවැසිය.
ඒ සම්බන්ධව දන්නා අයගෙන් බලගතු දේවාල ඇත්තේ කොහිදැයි දෙදෙනාම විපරම් කරමින් සිටින අතරේ කීප දෙනෙක් එවැනි ස්ථානයක් ගැන පවසා සිටියහ.
ඒ අනුව බිරිය සුපුරුදු රැකියාවට ගිය පසුව සැමියා කෙම්මුර දිනයක තම අත දරුවාත් වඩාගෙන දේවාලය සොයා ගියේය.
දේවාලයේ විශාල පිරිසක් රැස්ව සිටිති. අංක පෝලිමට ඇතුළට යා යුතුය. එය එසේ වුවත් මොහු අත දරුවා වඩාගෙන එනවා දුටු ආරූඪව සිටි දේව ගැති කපුවා හූ කියමින් කඩුල්ලෙන් ඇතුළට එන මෙම තැනැත්තාට එන ලෙසට අණ කළේය.
ඇතුළත ආවතේව කරන අය මෙන්ම පිටත සිටි අයත් ඔහුට දෙයියෝ කතා කරනවා කියා ඉක්මනට එන්න කීවේය.
වහා දිව ගිය ඔහු බුලත් අත කහ දියරයෙන් සෝදා රුපියල් පන්සියක් තබා එය යහන මත තැබුවේය.
බුලත් කොළයක් අතට ගත් කපුවා පැමිණි තැනැත්තාට දොස් කියමින් සාස්තරේ එකින් එකට කියන්නට වුණි.
“තෝ යන්න පුළුවන් හැම තැනටම ගියා නේද? බැරිම තැන සොහොන් කාලි සොයාගෙන ආව එක හොඳයි. මම කරකෙන් හරි කෙමනෙන් හරි තොගේ ප්‍රාර්ථනාව ඉටු කරනවා කරනවාමයි. 
හැබැයි ඒකිගේ නාඩගම් නිසා මේ අත දරුවා තමයි දුක් විඳින්නේ. මං ඕකි ගෙනැත් දෙන්නම්. තොගෙත් වැරදි තියෙනවා. ඒකිගෙත් වැරදි තියෙනවා. ඒ හින්දා ආයේ තෝ වැරදි කරන්නේ නැති බවට යහනේ අත තියලා දිවුරපිය.”
දෙවොලේ හාස්කම් බලන්නට රැස්ව සිටි අයත් ඒ වටා රොක් වී බලා සිටිති.
අත දරුවා කැටුව ගිය තැනැත්තා දෙවියන් ඉදිරියේ කට හඩ අවදි කළේය.
“මමයි, මගේ ගැනියි කිරියි පැණියි වාගේ ඉන්නේ. අපි කවදාවත් දබර වෙලා නැහැ. අත දරුව වඩාගෙන එනවා දැකල ඔය වාගේ බොරු කියන්න එපා. මං ආවේ බිරියගේ රැකියාව ගැන අහන්නයි. මේ වාගේ බොරු කියලා අසරණ අය තවත් අසරණ කරන්න එපා. මට කරන්න පුළුවන් දෙයක් කරපන්.” කියා යහනේ තැබු රුපියල් පන්සියත් අරගෙන ඔහු එතැනින් නික්ම ගියාලු‍.

 



අදහස් (0)

සාස්තරේ වැරදී කපුවාගේ රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17345 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site