IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සේසතම පැරැදී ත්‍රිරෝද රියත් උකස්කර බූරු ගහලා

බූරු පොළකට ගොස් සන්තකයේ තිබූ සියලු දේ පරාද වූ තරුණයකු අවසානයේදී ඔහු පැමිණි තුන්රෝද රථයද උකස් කර බූරු ගසා රුපියල් එක්දහස් පන්සියයක් ගෙවා කුලී රථයකින් නිවසට පැමිණි බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.

සිද්ධිය මෙසේය. එය ප්‍රදේශයේ මළ ගෙදරක පැවැති බූරු පොළකි. කල් තබාම සැලසුම් කළ බූරු පොළට ගමේ උදවිය පමණක් නොව අවට ගම්වල බූරු කප්පිත්තන් සැලකිය යුතු පිරිසක්ද පැමිණ සිටියේ සැලකිය යුතු මුදල් ප්‍රමාණයන්ද සිය පසුම්බිවල සඟවාගෙනය. වටින් ගොඩින් අඳුර වැටෙද්දී ආරම්භ වූ බූරු පොළ මැදියම් රැය වෙද්දී එහි උච්ච අවස්ථාවට එළැඹියේ රුපියල් ලක්ෂ ගණනක මුදලක් අතින් අතට මාරු වෙමිනි.

සැලකිය යුතු මුදලක්ද රැගෙන කිලෝමීටර් විස්සකටත් එහා ගමක සිට පැමිණි තරුණයකුද බූරුපොළේදී තමන් රැගෙන පැමිණි සියලු මුදල් පමණක් නොව අතේ තිබූ වටිනා ජංගම දුරකතනයද, අත් ඔරලෝසුවද සෙසු බූරු කප්පිත්තන්ට දන් දුන්නේ අනුන්ගේ මුදල් කොයි මොහොතක හෝ දිනාගැනීම කෙරෙහි තිබූ කෑදරකම නිසාමය. කෙසේ වෙතත් සියල්ල පරාජය වීමෙන් පවා පාඩමක් ඉගෙන නොගත් හෙතෙම අවසානයේදී තමන් ජීවිකාව කරගෙන යනු ලබන තුන් රෝද රථයද උකස් කර සුළු මොහොතකදී එම මුදල් ද පරාජය වූයේ ජීවිතයට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. අවසානයේ ඔහු ණයට ගත් රුපියල් 1500ක මුදලක් කුලී තුන්රෝද රථයකට ගෙවා මහ රෑම නිවස කරා පැමිණියේ පසුදින සිට ජීවත්වන ආකාරය ගැන කුලී රථ රියැදුරු සමග සාකච්ඡා කරමිනි.



අදහස් (0)

සේසතම පැරැදී ත්‍රිරෝද රියත් උකස්කර බූරු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1552 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1357 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site