(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය)
සිවු මස් බිළිඳකුද රැගෙන විත් අනියම් සැමියකු සමග නිකවැරටියේ ලැගුම් හලක පෙම්සුව විඳිමින් සිටි දෙදරු මවක අනියම් පුරුෂයාද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.
ලැගුම් හල තුළ අතදරුවෙකු අධික ලෙස හඬන බවට ලැබුණු තොරතුරක් අනුව ලැගුම් හල පරීක්‍ෂා කර අනියම් පෙම් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
තිස්හය හැවිරිදි මෙම කාන්තාව තම නැගනියගේ ස්වාමි පුරුෂයා සමග ඇතිකරගත් අනියම් සබඳතාවක් මත මෙසේ පැමිණ ඇත.
මෙම කාන්තාව තම නැගනියගේ නිවෙසට යන බව ඇගේ ස්වාමි පුරුෂයාට පවසා. අතදරුවාද රැගෙන නිවසින් පිට වී පැමිණ එම නැගනියගේම සැමියා සමග නිකවැරටිය ලැගුම්හලක සිටි බව පොලිසියේදී අනාවරණය විය.
අනියම් පුරුෂයා නිකවැරටිය නගරයෙන් මිලදී ගත් රුපියල් විසි දහසක් පමණ වටිනා ඇඳුම් පැළඳුම් සිංහල අවුරුද්ද වෙනුවෙන් එම කාන්තාවට තෑගි කර ඇති බව පොලිසියේදී හෙළි විය.
බිලිඳා, මවගෙන් වෙන්කර තැබීම නිසා මෙසේ හඬන්නට ඇතැයි සැකකළ පොලිසි මෙම අනියම් පෙම් යුවළට දැඩි සේ අවවාද කර අහිංසක දරුවන් පීඩාවට පත්කරමින් තම අවශ්‍යතා ඉටු කරගන්නා පහත් ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් තම තමන්ගේ පවුල් ජීවිත සහ ඥාති සම්බන්ධතා ආරක්‍ෂාකර ගනිමින් සමාජයේ යහපත් ලෙස ජීවත් වන ලෙසත් පොලිසියෙන් දැඩි ලෙස අවවාද කෙරිණි.
අනතුරුව තම තමන්ගේ නිවෙස් වලට යන බවට පොරොන්දු වූ 48 වියැති අනියම් පුරුෂයා සහ 36 හැවිරිදි දෙදරු මව පොලිසියෙන් පිටව ගියහ.
කොට්ඨාස බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති පො.ප. සෙනවිරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. අලෝකා බංඩාර, කා.පො.සැ. විමලා (1602) යන නිලධාරිහු පරීක්‍ෂණ සිදු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ඉතිං අදහස් දක්වන්න කියලා විශේෂයෙන් කියන්න දෙයක් නෑ.
බිලිඳු දරුවා වෙන කෙනෙකුට බාරදීල මේ අම්මණ්ඩි, මෙම වනචර රාජකාරියට ගියා නම් ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තිබුණා. ඕකට තමා අපේ සීයල කියන්නේ, "ගෑණු මොලේ හැඳි මිටේ දිගයි" කියල !!!!
මේකේ මොකක්ද තියෙන වනචරකම? හැමෝම දකින්නේ ගෑනිගේ වැරැද්ද, මිනිහ කරපු වැඩේ හරිද?
තවත් අනියම් ප්‍රේමයක් විතරයි. ගණන් ගන්න එපා
නීත්‍යානුකුලව 4ක් බඳින්න පුද්ගලයින්ට මඩ ගහන, අනියම් සම්බන්දතා පවත් වන පුද්ගලයින්ට අවවාද දෙන රටක් මේක...