IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිවුමස් බිලිඳාත් අරන් නංගිගේ සැමියාත් එක්ක ලැඟුම්හලක පෙම්සුව විඳින්න ගිහින්

(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය)

සිවු මස් බිළිඳකුද රැගෙන විත් අනියම් සැමියකු සමග නිකවැරටියේ ලැගුම් හලක පෙම්සුව විඳිමින් සිටි දෙදරු මවක අනියම් පුරුෂයාද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.

ලැගුම් හල තුළ අතදරුවෙකු අධික ලෙස හඬන බවට ලැබුණු තොරතුරක් අනුව ලැගුම් හල පරීක්‍ෂා කර අනියම් පෙම් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

තිස්හය හැවිරිදි මෙම කාන්තාව තම නැගනියගේ ස්වාමි පුරුෂයා සමග ඇතිකරගත් අනියම් සබඳතාවක් මත මෙසේ පැමිණ ඇත.

මෙම කාන්තාව තම නැගනියගේ නිවෙසට යන බව ඇගේ ස්වාමි පුරුෂයාට පවසා. අතදරුවාද රැගෙන නිවසින් පිට වී පැමිණ එම නැගනියගේම සැමියා සමග නිකවැරටිය ලැගුම්හලක සිටි බව පොලිසියේදී අනාවරණය විය.

අනියම් පුරුෂයා නිකවැරටිය නගරයෙන් මිලදී ගත් රුපියල් විසි දහසක් පමණ වටිනා ඇඳුම් පැළඳුම් සිංහල අවුරුද්ද වෙනුවෙන් එම කාන්තාවට තෑගි කර ඇති බව පොලිසියේදී හෙළි විය.

බිලිඳා, මවගෙන් වෙන්කර තැබීම නිසා මෙසේ හඬන්නට ඇතැයි සැකකළ පොලිසි මෙම අනියම් පෙම් යුවළට දැඩි සේ අවවාද කර අහිංසක දරුවන් පීඩාවට පත්කරමින් තම අවශ්‍යතා ඉටු කරගන්නා පහත් ක්‍රියාවන් සිදු නොකරන ලෙසත් තම තමන්ගේ පවුල් ජීවිත සහ ඥාති සම්බන්ධතා ආරක්‍ෂාකර ගනිමින් සමාජයේ යහපත් ලෙස ජීවත් වන ලෙසත් පොලිසියෙන් දැඩි ලෙස අවවාද කෙරිණි.

අනතුරුව තම තමන්ගේ නිවෙස් වලට යන බවට පොරොන්දු වූ 48 වියැති අනියම් පුරුෂයා සහ 36 හැවිරිදි දෙදරු මව පොලිසියෙන් පිටව ගියහ.

කොට්ඨාස බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති පො.ප. සෙනවිරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. අලෝකා බංඩාර, කා.පො.සැ. විමලා (1602) යන නිලධාරිහු පරීක්‍ෂණ සිදු කළහ.



අදහස් (5)

සිවුමස් බිලිඳාත් අරන් නංගිගේ සැමියාත් එක්ක ලැඟුම්හලක පෙම්සුව විඳින්න ගිහින්

yohan Monday, 03 April 2017 05:22 PM

මේකට ඉතිං අදහස් දක්වන්න කියලා විශේෂයෙන් කියන්න දෙයක් නෑ.

:       1       19

Nandalal de Silva - France Tuesday, 04 April 2017 10:47 AM

බිලිඳු දරුවා වෙන කෙනෙකුට බාරදීල මේ අම්මණ්ඩි, මෙම වනචර රාජකාරියට ගියා නම් ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තිබුණා. ඕකට තමා අපේ සීයල කියන්නේ, "ගෑණු මොලේ හැඳි මිටේ දිගයි" කියල !!!!

:       81       381

Lakvidu Wednesday, 05 April 2017 12:59 AM

මේකේ මොකක්ද තියෙන වනචරකම? හැමෝම දකින්නේ ගෑනිගේ වැරැද්ද, මිනිහ කරපු වැඩේ හරිද?

:       45       65

Sugath Monday, 10 April 2017 04:17 PM

තවත් අනියම් ප්‍රේමයක් විතරයි. ගණන් ගන්න එපා

:       1       4

raone Wednesday, 12 April 2017 10:45 AM

නීත්‍යානුකුලව 4ක් බඳින්න පුද්ගලයින්ට මඩ ගහන, අනියම් සම්බන්දතා පවත් වන පුද්ගලයින්ට අවවාද දෙන රටක් මේක...

:       7       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site