IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සේවිකා නංගිට වහවැටුණු කම්හල් හිමියාගේ පුතා කොක්කක දැවටිලා

ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි.


රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක් ද ලැබුණි.


ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක්හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරීන්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.


ඉකුත් දිනක සවස දෙදෙනා ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණියහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. දැන් කොහෙද යන්නේ ඔහු ඇසුවේය.


මම ගෙදර ගිහිල්ල හෙට එන්නම් ඇය පිළිතුරු බැන්දාය.


පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කථනයට කතා කර ඉන්නේ කොහේ දැයි විමසීය. මම මේ මහ වීදියෙ කඬේකට ආවා. ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.


මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන්ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත්අල්ලා ගෙනය. මෙයට පෙර දැන හැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු ඇයි මට බොරු කිව්වේ කියමින් අත මිට මොළවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ල කර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්දමන්ද වී බලා සිටියේය.


මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහ ඔහු ඇසුවේය.


ඒ මම අඳුනන යාලුවෙක්. ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණි. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය. පැමිණිල්ල සටහන් විය. ඇය රෝහල්ගත වූවාය.


මේ අතර ඇයගේ නිවසේ ඥාතීන් දියණිය අතුරුදන්වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි. ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය සහ සැරයන් සමරනායක 25312 මහතා සැකකරු අත්අඩංගුවට ගත්හ.
(උණවටුන ඩී.ජී. සුගතපාල)

 



අදහස් (0)

සේවිකා නංගිට වහවැටුණු කම්හල් හිමියාගේ පුතා කොක්කක දැවටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site