(කලවානේ - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
ත්‍රිරෝද රථයක ගමන්ගත් දරුවකු අත තිබූ සෙල්ලම් පිස්තෝලයකට බියවී පොලිසියට ගිය පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

එම පුද්ගලයා වයසක ගැමියෙකි. ඔහු නිතර අනිත් අය සමග අඩදබරවලට යන්නේ ඉඩම් හේතුවෙනි. ඉඩම් කිහිපයක් වෙනුවෙන් ඔහු නඩු පවරා ඇති අතර ඇතැම් ඉඩම් ඔහුට අයත් ඒවාද නොවේ. දූ දරුවන් කොතෙකුත් කීවද ඔහු ඉඩම් අතහැරීමට කටයුතු කළේ ද නැත.
දිනක් ඔහු ඔහුගේ බව කියන ඉඩමක් එළිපෙහෙළි කිරීමට යාමේදී එම ඉඩමේ සැබෑ අයිතිකරුවන් ඔහුට පහරදී එළවා දමා තිබේ. කෙසේ වෙතත් එම හබය ඉවර වුණේ ඔහු රෝහල්ගත වීමෙන් හා අනිත් අය රිමාන්ඞ් වීමෙනි.
එම ආරවුලේ උණුසුම පවතිද්දී ඔහු නගරයට පැමිණ ඇත්තේ පත්තරයක් රැගෙන යාමටය. වර්ෂාව මැද්දේ තමන් දෙසට එල්ලවූ තුවක්කුවක් දැකීමෙන් හීන් දාඩිය දැමූු ඔහු පණ එපා කියා ආපසු හැරී දිව්වේ ත්‍රිරෝද රථයේ අංකය හා පාටද මතකයේ තබා ගෙනමය. මාර්ගයේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු අසල නැවතුණ ඔහු සිද්ධිය නිලධාරීන්ට පවසා ආපසු හැරෙද්දීම එම ත්‍රිරෝද රථය ආපසු ඈතින් එන අයුරු දැක අන්න අරක තමයි ත්‍රීවීල් එක යැයි නිලධාරීන්ට පවසා ඇත.
ත්‍රිරෝද රථය නැවැත්වූ නිලධාරීන් රියැදුරා වෙත තුවක්කු මනාගෙන ආයුධ ගන්නවා යැයි පවසා ඇත. අන්දමන්ද වූ ත්‍රිරෝද රථ රියැදුරා සිහි එළවාගෙන කාරණය වැටහී ත්‍රිරෝද රථයේ පිටුපස රෙද්ද මෑත්කර ඇතුළත පෙන්වා ඇත. එවිට නිලධාරීන් දැක ඇත්තේ මවක් සමග සෙල්ලම් තුවක්කුවක් අතේ තබාගෙන සිටින කුඩා දරුවෙකි. සිනහව ආයාසයෙන් මැඩගත් නිලධාරීන් සිද්ධිය දෙපාර්ශ්වයටම තේරුම් කර දී ඇත.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සෙල්ලම් පිස්තෝලයක් අල්ලන්න පොලිසියත් ඇවිත්
Rathna Wednesday, 30 October 2019 04:34 PM
දරුවන්ට සෙල්ලම් තුවක්කු දීමෙන් දරුවාගේ ජීවිතේ අනතුරේ...