IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සල්ලිකාරකම පෙන්වන්න ගිහින් දුරකතනයත් විසන්ධි කරලා

ප‍්‍රදේශයේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන එකතු කර තොග වෙළෙඳුන්ට ලබාදී කොමිස් මුදලක් ලබාගෙන ජීවත් වන ඔහු සමාජයට පෙන්වන්නේ මහා පරිමාණ තොග වෙළන්දකු ලෙසය.

එම තත්ත්වය තම හිතවතුන්ට, අසල්වැසියන්ට ඒත්තු ගැන්වීම සඳහා තමා අත ඇති මුදල් අතපය දිගහැර වියදම් කරයි. නමුත් මේ වියදම් කරන්නේ පිට පළාත්වල ලොකු ව්‍යාපාරිකයන්ගේ මුදල් බව ඔහුට හැඟීමක් නැත.

තමා හොඳ සල්ලිකාරයකු බව පෙන්වීමට දානමාන කටයුතුවලදී ද අතදිගහැර වියදම් කළේය. ඒ නිසාම ගමේ පොඩි පොඩි උත්සව අවස්ථාවලදී ඔහුද ආරාධිත අමුත්තෙකි. මිතුරන් අතර මත්පැන් සාදවලදී මුදල් වියදම් කිරීමට පෙරමුණ ගත්තේ ද ඔහුය.

මෙම තත්ත්වය දිගින් දිගටම සිදුවීමෙන් ඔහු ආර්ථික දුෂ්කරතාවට ලක් වූයේ පිට වෙළඳුන්ටද විශාල ලෙස ණය වීම නිසාය. සිය ජංගම දුරකතනයේ බිල ගෙවා ගැනීමට හෝ නොහැකිව එය ද විසන්ධි කළේය.

”මචං උඹෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරල මොකද? බිලවත් ගෙවා ගන්න බැරි වුණාද?” සිය මිතුරන් එක් වූ අවස්ථාවක එක් මිතුරෙක් විමසුවේය.
”පිස්සුද බං..... ගමේ ගිය වෙලාවෙ ඒ්ක අමතක වුණා. ෆෝන් එක  ඕෆ් කරල ඇත්තෙ. ඒකයි වැඩ නැත්තෙ” ඔහු බොරුවක් ගෙතුවේය.
”ඒක වෙන්න බෑ..... කෝල් ගත්තම කියන්නෙ ඔබ ඇමතූ අංකය තාවකාලිකව විසන්ධි කරල කියලනේ.....”

”ඈ..... කෝ බලන්න....” සිය මිතුරාගේ දුරකතනය ගෙන තම අංකයට ඇමතුමක් ගෙන සවන් දෙද්දී මිතුරා කී හඬ පටය ඒ අයුරින්ම විකාශය විය.
”ඔය ඉලව්ව හැම මිනිහටම කියන්න  ඕන නෑනේ. මම බිල ගෙවනවනේ......” උන් හිටිතැන පවා අමතක වූ ඔහුට ඉබේම කියවෙද්දී මිතුරන් කොක් හඬලා සිනා සුණේ මිතුරාගේ බොරුව අතේ පත්තුවීම නිසාය.
 



අදහස් (0)

සල්ලිකාරකම පෙන්වන්න ගිහින් දුරකතනයත් විසන්ධි කරලා

කුමාරි Wednesday, 26 March 2014 11:32 AM

උබ නාඩන්.....උබ නාඩන්.... උබට ඕව ....හොඳ පාඩම්.... යාලුවනේ මෙයා සමග ඉදිරියටත් ඉන්න. යහ මග කියා දී සුගතියට ගන්න. (ස)

:       0       0

සජී Wednesday, 26 March 2014 12:02 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. (ස)

:       0       0

සමන් Wednesday, 26 March 2014 12:20 PM

මෙහෙම ගියොත් අපිට වෙන්නෙත් ඒකම තමා (දිල්).

:       0       0

ශාන්ති Wednesday, 26 March 2014 12:21 PM

බොරු ලොකුකම් නිසා කී දෙනෙක් ඔය වගේ අමාරුවේ වැටෙනවද? (ස)

:       0       0

ගුරුගේ Wednesday, 26 March 2014 12:39 PM

හැම තැනම තියෙන්නේ රැවටීම,ඒත් එයා හිතන්න නැතුව ඇති මේ රැවටෙන්නේ තමන්ම බව (දිල්)

:       0       0

සඳුන් Wednesday, 26 March 2014 03:03 PM

මෙයාගේ නම "ශ්‍රී ලංකාව" ද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 31 March 2014 03:30 AM

මෙය සාමාන්‍ය වෙළඳුන්ට සිදු වන සංසිද්ධියක්. මට තේරෙන්නේ නැහැ අපේ පාඨකයෝ උඩ පැන පැන ගරහමින් ප්‍රතිචාර දාන්නේ ඇයි කියලා?(නදී)

:       0       0

සම්පත් Friday, 28 March 2014 01:31 PM

රටට වෙලා තියෙන්නෙත් මේකම තමයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිව්වනේ. කවුරු හරි පොඩ්ඩක් ඔලුව උස්සනවා නම් හැමෝම එයාව මෝරා කරන් සුද්ද කරනවා. මේක සිංහල මිනිස්සු අතර වැඩිපුරම තියෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site