(දිල්රුක්ෂි ගේ‍්‍රරු)
කොළඹ අවට ආයතනයක සේවිකාවකගේ මුදල් පසුම්බියක් නැතිව තිබුණේ ඇය රාජකාරි ස්ථානයට පැමිණෙන අතරතුරදීය. කාර්යාලයට පැමිණ බොහෝ වෙලාවක් ගිය පසු සිය මුදල් පසුම්බිය නැති බව දැනගත් එම කාන්තාව සිය මිතුරියන්ට ද ඒ බව පවසා ආයතනයේ ප‍්‍රධානියාට ද දැන්වීය. මුදල් හා වටිනා ලියකියවිලි සියල්ලක්ම මුදල් පසුම්බියේ වූ නිසා මිතුරියන්ගේ උපදෙස් පරිදි පැමිණිල්ලක් කිරීමට පොලිසියට යෑමට සැරසුණා පමණි. ඇගේ ජංගම දුරකතනය නාද විය.
”හලෝ... මිස් මං කතා කරන්නේ පර්ස් එක අරගත්ත හොරා. මට තව රුපියල් පන්දාහක් ඕනෑවෙලා තියෙනවා. මිස්ගේ ඒටීඑම් කාඞ් එකේ අංකය කියන්න පුළුවන්ද?”
නාඳුනන අංකයකින් පැමිණි ඇමතුම ඇසුණු විට ඇයට තරු පෙණිනි. ඒ මොහොතේ කිසිවකුත් කර කියා ගත නොහැකි වූ ඇය සොරාට පැවසුයේ එය තමාගේ ඒටීඑම් කාඞ් පතක් නොවන බවයි.
එය ඇසූ සොරා කීවේ තමාට රුපියල් පන්දහසක් ලබා දෙනවා නම් පමණක් කාර්යාලයට මුදල් පසුම්බිය ලැබෙන්නට සලස්වන බවයි.
සිය කාර්යාලයේ මිතුරන් හා ප‍්‍රධානීන් හා එක්ව කුමක් කරන්නේ දැයි සාකච්ඡුා කර අනතුරුව නැවත හොරාගෙන් ලැබුණූ ඇමැතුමකට ඇය පිළිතුරු දුන්නේ සල්ලි ලබාදෙන බවත් මුදල් පසුම්බිය රැුගෙන කාර්යාලයේ ආරක්ෂක අංශයේ තබන ලෙසත්ය.
කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි පසු දින උදෑසන ඇයට ලැබුණු ඇමතුමින් කියැවුණේ මුදල් පසුම්බිය රැුගෙන හොරා කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටිනා බවයි. සොරා ඔහුගේ බිරිය සහ දරුවා සමග එහි පැමිණ සිටියේය.
සිය මිතුරන් ලවා සොරා සිය ආරක්ෂක අංශ වෙත කැඳවා තොරතුරු විමසීමේදී සොරා පවසා ඇත්තේ අසනීපයකට බෙහෙත් ලබා ගැනීමට ඇති බැවින් මුදල් අවශ්‍ය බවයි. මෙවැනි සොරකමක් කළත් පසුව සොරා ගැන අනුකම්පා සිතූ එම නිලධාරීන් ඔහුට වියදමට ද අතට මුදලක් දී ඔහුට අවවාද කර පිටත් කර හැරියාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් නම්බුකාර මනුෂ්‍යයෙක් (නි)
ඔහුට හොරකම හුරු නැහැ. (නදී)
කියන්න වචන නැහැ (නදී)
අනේ පව්.! අසරණකමට හොරකම් කරලා තියෙන්නේ. ඇත්තටම හොඳ දෙයක් කාර්යාලයේ සේවකයින් කරලා තියෙන්නේ. (ර)
හැම හොරාම මුලින්ම හොරකමට පෙලබෙන්නේ අසරණකමට. නැත්නම් කුඩු,ගංජා,හෝ කසිප්පු බොන්න. ඉන්පසුව මේක පුරුද්දට කරනවා.(නදී)
ඇහැට පෙනී පෙනී හොරකම් කරනවා. (ර)
නාලක හිමියනි භික්ෂූන්ට අන්තර්ජාල පරිහරනය කැපද අකැපද?(නදී)
හොරෙක් උනත් ඔහු අසරණයෙක්. කපටියෙක් නෙමේ. හරි පුදුමයි මේක කියවනකොට. බෙහෙත් ටිකක් ගන්න සල්ලි හොයාගන්න බැරි කි දාහක් මෙරටේ ඉන්නවද? ඉස්පිරිතාලෙන් හැම බෙහෙතක්ම දෙන්නේ නැනේ. කොහොම උනත් කාර්යාලයේ ඉදල තියෙන්නේ මනුස්සුකම දන්නා මිනිස්සු ටිකක්. නැත්නම් පොලිසියට අල්ලද දුන්නනම් කල වරදට දඩුවම් විදින්න සිදුවෙනවා. (ර)
මේක තමයි ආසියාවේ ආශ්චර්ය. කොච්චර හොද මනුස්සයෙක් වුණත් අසරණ වුණාම වැරැදි මඟට අකමැත්තෙන් හරි යොමු වෙනවා.(හේ)
ජීවිතේ හැටි ! (නදී)
ලෝකයේ දියුණුයි කියන හැම රටකම හොරකම සිද්ද වෙනවා , මේ අහංසකයා හොරකම් කරලා තියෙන්නේ කරන්නම දෙයක් නැති තැන (නදී)
මීට අවුරුදු කීපයකටම පෙර සිට ම. සිරිසේන ජනපති වුනානම් අද මේ රට සුරපුරක්. මෙවැනි දේවල් අහන්න නෑ. (නදී)
සොරකමට නව අර්ත දැක්වීමක්. පොලිසියට බාරදෙන්න තිබුනේ. මටත් බොහොම ප්‍රශ්න තියෙන කෙනෙක්, අමාරුවෙන් ජීවත් වුනත් මෙවැනි දේ කරන්නේ නෑ.(නදී)
මේක නම් නියමයි (නි)
හිනා යනවා මේවා දැක්කම.(හේ)
හොරාගේ නෝනාට කාන්තාවක් විදියට ලැජ්ජාවක් තිබුනේ නැද්ද කියල මම කල්පනා කරන්නේ. බෙහෙත් ගත්ත වුනත් ඇඟට අල්ලාවිද මෙහෙම තව කෙනෙකුට ගිනි ගෙඩි දීල සොයා ගත්ත මුදලින්. (නදී)
මේ විදියට තමයි හොරු මිනිස්සු අන්දවන්නේ. (නි)
මේක තමයි ලංකාවේ සැබෑ තත්ත්වය (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මේ පුවත සම්බන්ධයෙන් ලියන්න දෙයක් නොතිබුනත් ගොඩක් ප්‍රතිචර ලැබෙයි (නදී)
හිනා වෙන්න එපා මේක තමයි ඇත්ත තත්ත්වය ,ඔහු අසරණ හොරෙක් වෙන්න ඇති.(හේ)
පුදුම හොරෙක්නේ (දිල්)