මාතරට නුදුරු උප නගරයක උපන් ඔහු පිළියන්දල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියේ අගනුවර රැුකියාව කරන කාලය තුළ වූ විවාහයක ප‍්‍රතිඵල හැටියටය.
පසු කලෙක සේවය කළ පෞද්ගලික ආයතනයෙන් ඉවත්වූ ඔහු පසුගියදා ඥාතියකුගේ මරණය නිසා දින දෙකක්ම නිදි වරමින් ඒ කටයුතු කළේය.
පසුවදා නාන කාමරයට ගොස් සිටි ඔහුට බිරිය කීවේ ‘නා ගැනීමට කලින් කොණ්ඩය කපා ගත්තොත් නරකද?’ කියාය. ඊට එකඟවූ ඔහු හිතවත් කරණවෑමියා සොයා බාබර් සාප්පුවට ගියත් එහි සිටියේ ගෝලයා පමණකි.
සැලූන් පුටුවේ වාඩිවූ ඔහුට ගෝලයාගේ හිස පිරිමැදීමත් සමග තදට නින්ද ගියේය.
ඔහු අවදි වූයේ ‘හරි සර්’ කියා ගෝලයා තුවායෙන් පිටට තට්ටු කිරීමත් සමගය.
කණ්ණාඩියෙන් තම හිස දෙස බැලූ ඔහුට දෙවියන් සිහිවිය. කපා තිබුණේ තමා කවදත් අප‍්‍රිය වූ කොණ්ඩා කැපිල්ලකි. ‘කමක් නෑ ඉතිරි ටිකත් කපනවා’ කියා කොණ්ඩය කොටටම කපාගත් ඔහු ගෙදර විත් කොණ්ඩය වැවෙනතුරු නිවසේම සිටින අතර හදිසි ගමන් යන්නේ හිස් වැස්මක් පැළඳගෙනලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ නෑඹිලි කට් එක (බ)
පිටබැද්දර ජයාට තමන්ගේ කොණ්ඩ විලාසිතාව මතක්වෙලා වගේ! (නි)
අර සුප්පු කල අඹ ඇටේ වගේ කට් එකද දන්නේ නැහැ කැපුවේ. දැන් ඒකනේ අලුත්ම විලාසිතාව! (කෞ)
කොණ්ඩය කපන ගමන ගමන් ගෝල බාබර් ටත් නින්ද යන්න ඇති. ! (බ)
නෝනට කියලා කපාගත්තා නම් ඉවරනේ (නි)
පව් අසරණයා. (ර)
නැහැ,ලේන් කට් එක. මැද්දෙන් දිගට ටිකක් ඉතුරුකරලා මුළු ඔළුවම බු ගාලා මදිවාට එක එක පාටින් විචිත්‍රවෙලා. (නි)
ලේන් කට් එකද දන්නේ නැහැ. (බ)
දින දෙකක් නිදිවරමින් තෙහෙට්ටුවෙන් සිටි කෙනෙකුගේ හිස පිරිමදිනවිට නින්දයාමත් පුදුමයක්ද? අනෙක ඉතින් බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ඔහොම දේවල් වෙන එකත් අහන්න දෙයක්ද? (ප්‍රස්ථා පිරුළක් කිවුවා මිසක් අපහාසයකට නොවෙයි) (නි)
තද නිදිමතක් තිබෙන මොන වෙලාවකවත් බාබර් සාප්පුවට යන්න එපා කියලා මගේ සීයා කිවුවේ එයාගේ කට කහනවට නෙමෙයි කියලා මට දැන් තේරෙනවා. (නි)
අපි නම් ඒ කාලේ කැපුවේ "කෲ කට්" එක. ඒකට ගොරෝසු කොණ්ඩයක් තිබෙන්න ඕනෑ. (නි)
මිට හොඳයිනේ නෝනාටම කියලා කොණ්ඩය කපාගත්තා නම්. මම නම් හදිසියකට අපේ මහත්තයාගේ කොණ්ඩය කපන්න පුරුදුවෙලා ඉන්නේ. (නි)
නෝනට කියල කපා ගත්තනම් ඉතින් ගොයම් කට් තමයි (කෞ)