IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැලූන් පුටුවේ නින්ද ගිහින් නිවාස අඩස්සියේ

මාතරට නුදුරු උප නගරයක උපන් ඔහු පිළියන්දල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියේ අගනුවර රැුකියාව කරන කාලය තුළ වූ විවාහයක ප‍්‍රතිඵල හැටියටය. 


පසු කලෙක සේවය කළ පෞද්ගලික ආයතනයෙන් ඉවත්වූ ඔහු පසුගියදා ඥාතියකුගේ මරණය නිසා දින දෙකක්ම නිදි වරමින් ඒ කටයුතු කළේය. 


පසුවදා නාන කාමරයට ගොස් සිටි ඔහුට බිරිය කීවේ ‘නා ගැනීමට කලින් කොණ්ඩය කපා ගත්තොත් නරකද?’ කියාය. ඊට එකඟවූ ඔහු හිතවත් කරණවෑමියා සොයා බාබර් සාප්පුවට ගියත් එහි සිටියේ ගෝලයා පමණකි.  


සැලූන් පුටුවේ වාඩිවූ ඔහුට ගෝලයාගේ හිස පිරිමැදීමත් සමග තදට නින්ද ගියේය. 


ඔහු අවදි වූයේ ‘හරි සර්’ කියා ගෝලයා  තුවායෙන් පිටට තට්ටු කිරීමත් සමගය. 


කණ්ණාඩියෙන් තම හිස දෙස බැලූ ඔහුට දෙවියන් සිහිවිය. කපා තිබුණේ තමා කවදත් අප‍්‍රිය වූ කොණ්ඩා කැපිල්ලකි. ‘කමක් නෑ ඉතිරි ටිකත් කපනවා’ කියා කොණ්ඩය කොටටම කපාගත් ඔහු ගෙදර විත් කොණ්ඩය වැවෙනතුරු නිවසේම සිටින අතර හදිසි ගමන් යන්නේ හිස් වැස්මක් පැළඳගෙනලූ. 



අදහස් (0)

සැලූන් පුටුවේ නින්ද ගිහින් නිවාස අඩස්සියේ

පිටබැද්දර ජයා Monday, 21 December 2015 11:12 AM

මම නම් හිතන්නේ නෑඹිලි කට් එක (බ)

:       0       0

චාරු Tuesday, 22 December 2015 03:40 AM

පිටබැද්දර ජයාට තමන්ගේ කොණ්ඩ විලාසිතාව මතක්වෙලා වගේ! (නි)

:       0       0

මේනක Monday, 21 December 2015 06:14 AM

අර සුප්පු කල අඹ ඇටේ වගේ කට් එකද දන්නේ නැහැ කැපුවේ. දැන් ඒකනේ අලුත්ම විලාසිතාව! (කෞ)

:       0       0

දුල්මි Monday, 21 December 2015 06:31 AM

කොණ්ඩය කපන ගමන ගමන් ගෝල බාබර් ටත් නින්ද යන්න ඇති. ! (බ)

:       0       0

අමිල Wednesday, 23 December 2015 11:57 AM

නෝනට කියලා කපාගත්තා නම් ඉවරනේ (නි)

:       0       0

අමල් Monday, 21 December 2015 02:17 PM

පව් අසරණයා. (ර)

:       0       0

දිව්‍යානි Monday, 21 December 2015 02:33 PM

නැහැ,ලේන් කට් එක. මැද්දෙන් දිගට ටිකක් ඉතුරුකරලා මුළු ඔළුවම බු ගාලා මදිවාට එක එක පාටින් විචිත්‍රවෙලා. (නි)

:       0       0

දිව්‍යානි Monday, 21 December 2015 02:39 PM

ලේන් කට් එකද දන්නේ නැහැ. (බ)

:       0       0

තුෂාරී Monday, 21 December 2015 07:29 PM

දින දෙකක් නිදිවරමින් තෙහෙට්ටුවෙන් සිටි කෙනෙකුගේ හිස පිරිමදිනවිට නින්දයාමත් පුදුමයක්ද? අනෙක ඉතින් බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ඔහොම දේවල් වෙන එකත් අහන්න දෙයක්ද? (ප්‍රස්ථා පිරුළක් කිවුවා මිසක් අපහාසයකට නොවෙයි) (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Monday, 21 December 2015 11:03 PM

තද නිදිමතක් තිබෙන මොන වෙලාවකවත් බාබර් සාප්පුවට යන්න එපා කියලා මගේ සීයා කිවුවේ එයාගේ කට කහනවට නෙමෙයි කියලා මට දැන් තේරෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 22 December 2015 12:40 AM

අපි නම් ඒ කාලේ කැපුවේ "කෲ කට්" එක. ඒකට ගොරෝසු කොණ්ඩයක් තිබෙන්න ඕනෑ. (නි)

:       0       0

සරසි Tuesday, 22 December 2015 12:58 AM

මිට හොඳයිනේ නෝනාටම කියලා කොණ්ඩය කපාගත්තා නම්. මම නම් හදිසියකට අපේ මහත්තයාගේ කොණ්ඩය කපන්න පුරුදුවෙලා ඉන්නේ. (නි)

:       0       0

ජයරත්න Tuesday, 22 December 2015 10:56 AM

නෝනට කියල කපා ගත්තනම් ඉතින් ගොයම් කට් තමයි (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site