IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සුරලොව යන්න ගිහින් අන්තිමේ රෝහල් ගතවෙලා

දුම්වැටියක් ලෙස සකස් කර පානය කිරීමෙන් සුරලොව යා හැකි බව පවසා මිතුරකු විසින් ලබා දුන් මත්වන කුඩු වර්ගයක් දුම්වැටියක් ලෙස සකසා පානය කළ පුද්ගලයකු නිවසේ බඩුමුට්ටු පොළවේ ගසමින් යකා නැටූ බව කියවෙන පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

මතට ලොල් වූ මිතුරු පිරිසක් සිටින ගම්බද ප්‍රදේශයක පුද්ගලයෙකි. මිතුරන් මෙන්ම ඔහුද මතට තදින් ලොල් වූවෙකි. පසුගිය දිනෙක ඔහුගේ මිතුරෙකු අමුතු තාලේ කුඩු වර්ගයක් ඔහු අත තැබුවේ එය මත්වන කුඩු වර්ගයක් ලෙස හඳුන්වා දෙමිනි. “මේව ටිකක් අරන් සිගරට් එකක් වගේ හදල බීපන්. දිව්‍ය ලෝකේ ගියා වාගෙයි” මිතුරා වැඩිදුරටත් කියාගෙන ගියේය. රටක් රාජ්‍යයක් පහළ වූවාක් මෙන් කුඩු මුල අතට ගත් හෙතෙම එසැනින්ම ගෙදර බලා පිය නැගුවේ “අද හොඳ ආතල් එකක් ගන්න පුළුවන්” යැයි සිය මිතුරාට ද මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි.

නිවෙසට ගිය හෙතෙම මිතුරාගේ උපදෙස් අකුරට පිළිපදිමින් සකස් කළ දුම්වැටියෙන් උගුරු හත අටක් බිව්වේය. ඔහුට මතක තිබුණේ එපමණකි. අඩු වියදමින් සුරලොව යන්නට තැත් කළ ඔහුට රෝහලක ඇඳක් උරුම වී තිබිණි. දුම්වැටිය ඉරීමෙන් පසුව නිවසේ තිබූ බඩුමුට්ටු සියල්ලක් පොඩි කරමින් යකා නටන්නට පටන් ගැනීම නිසා බැරිම තැන ඔහුගේ බිරිය හා දරුවන් එක්ව ඔහු රෝහලකට රැගෙන විත් ප්‍රතිකාර ලබා දුන් බව පසුව ඔහුට දැනගන්නට ලැබිණි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

සුරලොව යන්න ගිහින් අන්තිමේ රෝහල් ගතවෙලා

යෝනක Thursday, 26 January 2017 04:00 PM

මට හිතෙන්නේ පදම වැඩිවෙන්න ඇති (නි)

:       0       0

ජනහිත Friday, 27 January 2017 02:14 AM

ගිහින් තියෙන්නේ හරි මාර්ගයේ නොවෙයි. ගෙදර නිසා හොඳයි. පිට තැනක නම් එයාට දිව්‍ය ලෝකේ කෙසේවෙතත් අනික් ලෝකෙට යන්න තිබුනා. (නි)

:       0       0

සරත් Friday, 27 January 2017 02:54 AM

කියමනක් තියෙනවා මෝඩකමට බෙහෙත් නැත කියා. එහෙම අය‍ට රෝහලේ බෙහෙත් ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1337 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site