දුම්වැටියක් ලෙස සකස් කර පානය කිරීමෙන් සුරලොව යා හැකි බව පවසා මිතුරකු විසින් ලබා දුන් මත්වන කුඩු වර්ගයක් දුම්වැටියක් ලෙස සකසා පානය කළ පුද්ගලයකු නිවසේ බඩුමුට්ටු පොළවේ ගසමින් යකා නැටූ බව කියවෙන පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මතට ලොල් වූ මිතුරු පිරිසක් සිටින ගම්බද ප්‍රදේශයක පුද්ගලයෙකි. මිතුරන් මෙන්ම ඔහුද මතට තදින් ලොල් වූවෙකි. පසුගිය දිනෙක ඔහුගේ මිතුරෙකු අමුතු තාලේ කුඩු වර්ගයක් ඔහු අත තැබුවේ එය මත්වන කුඩු වර්ගයක් ලෙස හඳුන්වා දෙමිනි. “මේව ටිකක් අරන් සිගරට් එකක් වගේ හදල බීපන්. දිව්‍ය ලෝකේ ගියා වාගෙයි” මිතුරා වැඩිදුරටත් කියාගෙන ගියේය. රටක් රාජ්‍යයක් පහළ වූවාක් මෙන් කුඩු මුල අතට ගත් හෙතෙම එසැනින්ම ගෙදර බලා පිය නැගුවේ “අද හොඳ ආතල් එකක් ගන්න පුළුවන්” යැයි සිය මිතුරාට ද මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි.
නිවෙසට ගිය හෙතෙම මිතුරාගේ උපදෙස් අකුරට පිළිපදිමින් සකස් කළ දුම්වැටියෙන් උගුරු හත අටක් බිව්වේය. ඔහුට මතක තිබුණේ එපමණකි. අඩු වියදමින් සුරලොව යන්නට තැත් කළ ඔහුට රෝහලක ඇඳක් උරුම වී තිබිණි. දුම්වැටිය ඉරීමෙන් පසුව නිවසේ තිබූ බඩුමුට්ටු සියල්ලක් පොඩි කරමින් යකා නටන්නට පටන් ගැනීම නිසා බැරිම තැන ඔහුගේ බිරිය හා දරුවන් එක්ව ඔහු රෝහලකට රැගෙන විත් ප්‍රතිකාර ලබා දුන් බව පසුව ඔහුට දැනගන්නට ලැබිණි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ පදම වැඩිවෙන්න ඇති (නි)
ගිහින් තියෙන්නේ හරි මාර්ගයේ නොවෙයි. ගෙදර නිසා හොඳයි. පිට තැනක නම් එයාට දිව්‍ය ලෝකේ කෙසේවෙතත් අනික් ලෝකෙට යන්න තිබුනා. (නි)
කියමනක් තියෙනවා මෝඩකමට බෙහෙත් නැත කියා. එහෙම අයට රෝහලේ බෙහෙත් ඇත (නි)