IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සෙරෙප්පුවක් භූතයෙක් පන්නා දමලා

(හසලක වාර්තාකරු)
රාත්‍රී කාලයේ නිවෙස්වලට ගොස් ජනෙල්වලින් එබී බලා කාන්තාවන් බය කරනු ලැබූ භූතයෙකු සෙරෙප්පුවකින් හඳුනා ගැනීමට කාන්තාවකට හැකි වූ සිද්ධියක් හසලක ගම්මානයකින් වාර්තාවෙයි.


සිද්ධිය මෙසේය. 


හසලක පොලිස් වසමේ පිහිටි මෙම ගම්මානය දුෂ්කර ගම්මානයකි. කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ගමේ පදිංචි බොහෝ ගෘහමූලිකයින් කෘෂිකාර්මික කටයුතු නිමාවීමෙන් පසු විවිධ ප්‍රදේශවලට ගොස් රැකියා කර අමතර ආදායමක් සොයා ගැනීම සාමාන්‍ය පුරුද්දකි.


ගෘහමූලිකයා එලෙස පිටත රැකියාවට ගිය පසු නිවසේ තනිවන්නේ බිරින්දෑවරු සහ දරුවන් පමණි. මෙලෙස සැමියන් නොමැති නිවාසවලට රාත්‍රී කාලයේ පැමිණ හොල්මන් කරන භූතයෙකු පිළිබඳව ගැමියන් අතර කතා බහකට ලක්වී තිබිණි. 


තරුණ බිරින්දෑවරුන් සිටින නිවාස විශේෂයත්වයක් විය. රාත්‍රී 8ත් 9ත් අතර කාලයේ නිවෙස්වලට යන භූතයා නිවසේ විවෘත කර ඇති ජනේලවලින් නිවැසි කාන්තාවන් දෙස හෝ තරුණ දරුවන් දෙස බලා සැනෙකින් දිවයන බව කියති. 


මෙදින තරුණ කාන්තාවක් රාත්‍රී කාලයේ නිවසේ කාමරයට වී ඇඳුම් මාරු කරමින් සිටින විට කාමරයේ ජනේලය අසල කිසියම් අයෙකු ගැවසෙන අයුරු දැක ගන්නට ලැබි තිබේ. “මොකාද මේකරක් ගහන්නේ. ඒයි කවුදෝ කෙනෙක් මෙතන ඉන්නවා පොල්ලක් අරගෙන ඉක්මනට එන්නකෝ.” කියා සැමියාට කතාකරන අයුරින් ඇය සෙමින් කතාකර ඇත. ඒ සමඟම භූතයා පලාගොස් තිබේ.


පසු දින සුපුරුදු පරිදි ඇය නිවසේ මිදුල අතුගාමින් සිටින විටදි දැක ගැනිමට හැකිවූයේ තීන්ත ගෑවුණු රබර් සෙරෙප්පු දෙකක් මිදුලේ තිබෙන අයුරුයි. මෙවැනි සෙරෙප්පු තම දරුවන් හෝ සැමියා පාවිච්චි නොකරන හෙයින් කාගේ දැයි සිතමින් සිටින විට අසල නිවසක පදිංචි වැඩිහිටි කාන්තාවක් කිසියම් අවශ්‍යතාවකට මේ නිවසට පැමිණ තිබේ. 


පෙරදින රාත්‍රියේ සිදුවීම සහ උදේ හමුවූ සෙරෙප්පුදෙක ගැන නිවැසි තරුණිය අසල්වැසි කාන්තාවට පවසා ඇත. එම සෙරෙප්පුදෙක දුටු අසල්වැසි කාන්තාව පැවසුවේ “ආ මේක අර මල්ලිගෙනේ මේ තියෙන්නේ තීන්ත පාරවල් එයා කරන්නේ ගෙවල් වල තීන්ත ගාන එකනේ. ඕකා තමයි එහෙනම් මිනිස්සු නැති ගෙවල්වලට රෑට රෑට ඇවිත් හොල්මන් කරන භූතයා.” කියා පවසා ඇත. පසුව ඇය මම ඕකට හොඳ වැඩක් කරන්නම් කෝ කියා සෙරෙප්පු දෙකත් ගෙන ගමේ කඩ පිලට ගොස් එතන සිටි ගැමියන්ට පෙන්නා “මෙන්න අපේ ගමට රෑට ඇවිල්ලා හොල්මන් කරපු භූතයා” කියා රැගෙන ආ සෙරෙප්පු දෙක කඩේ අසල ගහේ එල්ලා තැබුවාය.


එදිනෙන් පසු හොල්මන ගමෙන් අතුරුදන් වූ බව ගමේ අය දැනගත්තේ ගමේ නිවාස වල තීන්ත ගාන තරුණයා ගමේ නැති බව දැන ගැනීමෙන් පසුය.



අදහස් (1)

සෙරෙප්පුවක් භූතයෙක් පන්නා දමලා

sampath Thursday, 17 September 2020 05:13 PM

ගම්වල දුප්පත් තරුණයින් මෙවැනි පීඩාවන්ගෙන් දුක් විඳීම නිසා අන් අයටත් කරදර වෙනවා. කෙසේ වෙතත් මෙවැනි අයට දරුණු ලෙස පහරදීම් සිදුවෙනවා. ඔවුන්ගේ මානසිකත්වය තේරුම් නොගෙන..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site