(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)
සුරා මතින් හොඳ හැටි පදම්ව දඩාවතේ ගිය බල්ලකුට ආලවන්තකම් පා සුරතල් කිරීමට ගොස් අන්තිමේදී එම බල්ලා ලවා තම කට සපාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
වයඹ පළාතේ ප්‍රදේශයක වෙසෙන අවිවාහක තරුණයෙකි. මොහු උදේ සිට සවස් වනතුරු කය වෙහෙසා වැඩ කරමින් මුදල් උපයන කම්මැලිකම යනු කුමක්දැයි වත් නොදන්නා හිත හොඳ තරුණයෙකි. නමුත් දිනපතා සවසට ඇඟේ මහන්සිය නිවා ගැනීමට යැයි කියමින් මධුවිත පොදක්
තොලගෑම මොහු කාලයක සිට පවත්වාගෙන එන පුරුද්දකි.
එසේ මත්පැනින් සප්පායම් වූ විට මොහු ඉතාමත් හැඟුම්බර පුද්ගලයෙක් බවට පත්වන අතර අසල සිටින ඕනෑම කෙනෙකු වැළඳගෙන සිප ගනිමින් මිතුරුකම් පෑම ඔහුගේ ස්වභාවයයි. දිනක් මෙසේ සුපුරුදු පරිදි හොඳහැටි මත්පැන් පානය කර ගමේ කඩමණ්ඩිය වෙත පැමිණි අපේ මිත්‍රයා ඒ අසල කොටයක් මත වාඩි වූයේ කවුරුන් සමඟ හෝ කතා කිරීමේ අදහසින්ය.
නමුත් ඒ මොහොතේ කිසිවකුත් අසල නොසිටි බැවින් දඩාවතේ යන බල්ලකු නගුට වනමින් මොහු අසලට ආ අතර ඔහු උගේ හිස අතගාමින් මැක්කන් කඩමින් බල්ලා සුරතල් කිරීමට පටන් ගත්තේය. බල්ලා ද හදිසියේ හමු වූ මේ අපූරු අමුත්තා කෙරෙහි ස්නේහයෙන් තව තවත් තුරුලට ළං වූ අතර ඔහු බල්ලාගේ මුහුණ තම මුහුණට තබා සිප ගන්නට පටන් ගත්තේ වෙරි මතත් සමඟ එන සත්ව කරුණාව ඉහවහා ගිය බැවිනි. බල්ලා ද කෙඳිරි ගාමින් නගුට නොනවත්වා වනමින් සතුටු වූ අතර අවසානයේ අපේ මිතුරා බල්ලාගේ හොම්බ තම කට තුළට දාගෙන සෙමෙන් සපන්නට විය.
එවිට නම් බල්ලාගේ නාසය ඔහුගේ දත්වලට අසු වූ බැවින් බල්ලාට තරු පෙනිණි. බල්ලා දඟලමින් වැරෙන් පොරෙන් තම හොම්බ අපේ මිත්‍රයාගේ කටින් එළියට ගත් අතර සැණෙකින් පැන මිතුරාගේ මුහුණ සපා කෑවේය. අපේ මිත්‍රයාගේ අවාසනාවට බල්ලාගේ දත් පහරට ලක් වූයේ ඔහුගේ තොල් දෙකයි.
2025 ඔක්තෝබර් මස 08
1659
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1405
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සූර්පිට බලු සුරතල් බලද්දි කට සපාකාලා
හේමන්ත Friday, 24 June 2016 12:53 AM
කොහේද ඉතින්, අනුමානයක් නැහැ කුලියාපිටියේ වෙන්න ඇති. (නි)
උපාලි Friday, 24 June 2016 02:37 AM
මම නම් හිතන විදිහට නිකවැරටියේ කොල්ලෙක් වෙන්න ඇති (නි)
අසෝකා Friday, 24 June 2016 10:10 PM
මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන මත්පැන් නතරකරලා හම්බ කරන දෙයින් දෙපයින් නැඟීසිටින්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! (නි)
ගුණවර්ධන Saturday, 25 June 2016 12:57 PM
ඉතින් මොනවා කරන්නද? බල්ලන් සිපගන්නේ එහෙම තමයිලු (නි)
පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:53 AM
මේ බල්ලත් ඩෝප් සීන් එකේ කොත්තු කන්න ගිය කතාවේ මුදලාලිට දෙවෙනි නැහැනේ (නි)
නුවන් Friday, 24 June 2016 06:01 AM
පව් අහිංසක කොල්ල. කොච්චර මහන්සි වෙලා වැඩ කළත් වැඩක් නැනේ මත්පැන් නිසා විනාශ වෙනවා ජීවිතේ. (බ)
ආනන්ද දොඩන්ගොඩ Sunday, 26 June 2016 06:13 PM
බල්ලා මොකාද මිනිහා මොකාද කියලා තේරෙන්නේ නැහැ ඔය ජරාව බිව්වහම (නි)
දුමින්ද Friday, 24 June 2016 07:16 AM
සුරාවේ ආදීනව! (නි)
බස්නායක පේරාදෙණිය. Friday, 24 June 2016 07:17 AM
තරුණයා නම් ඉබ්බාගමුවේ පැත්තේ වෙන්න ඇති. බල්ලා නම් ඔය කියන විදිහට පිට පළාතකින් ආව එකෙක් වෙන්න ඇති. (නි)