IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන්

(තිහගොඩ උපසේන ලියනගම)
තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත‍්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව මහ ? නිවෙසට දිව ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා දකුණු ග‍්‍රාමීය ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ප‍්‍රදේශයේ මේ වන විට පවතින වල් ඌරු උවදුර නිසා රතික්‍ද්ක්‍දා පත්තුකරමින් උන් පලවා හැරීමට ගිය ඔහු පෙර දින පැලේ සඟවා තිබූ මත් බෝතලයෙන් මඳක් පානය කොට බිරිය දුන් බත් පාර්සලයද අනුභව කොට පැලේ දිගාවූවත් තද සීතල හා මදුරු උවදුර මහා වදයක් විය.


පසෙකින් මහා ගිනිගොඩක් අවුලූවා ඒ අසල දිගාවූ ඔහුට මඳ සුුවයක් ලැබිණ. මොහොතකින් ඔහුට අහැරුණේ ප‍්‍රදේශය මහා ගිනි ජාලාවක් බවට පත්ව තම ඇඳි වතද ගිනි ගත් බව දැනුන හෙයිනි. දෙවියන් සිහිවූ ඔහු ඇඳි වත කඩා දමා පරණ කමිසයකින් විලි වසාගෙන ගෙදරට දිව ගියත් මහ ? ගෙදර අය අවදිකර ගැනීමට නම් සෑහෙන වේලාවක් ගත වුණාලූ.



අදහස් (0)

සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන්

සිරිපාල Friday, 06 February 2015 03:17 AM

කොච්චර නම් ආසද මේ වගේ පැල් රකින්න තියෙනවා නම්... එළිවෙනතුරු වුණත් අවදියෙන් ඉන්න පුලුවන් මට නම්. ඒත් ඉතින් වල් ඌරා කියනකොට කටට කෙළ උනන එක නම් වළක්වන්න බැහැ. (නි)

:       0       0

ජයන්ත Sunday, 08 February 2015 04:54 PM

අපි කන බත් වේල පිගානට එන්නේ ඕවට හිනාවෙන ලොකු මහත්තුරු යැයි කියල හිතන් ඉන්න ඔහේලගෙ සල්ලි බලේටම නෙමේ. මේ වගේ පැල් රකින අහිංසක ගොවි මහතුන්ගේ අපමණ දහදියෙන් බව අමතක කරන්න එපා. ඕං කිවා (නදී)

:       0       0

ලින්ටන් ප්‍රනාන්දු Friday, 06 February 2015 03:43 AM

මෙය සිහනවට කාරණාවක් නොවේ. එය තමයි නියම ගොවියකුගේ ඇත්ත. ටිකක් බිවුවේ නිදිමරන්න ඕනෑ නිසා. නින්ද ගියේ මහන්සියට. ගින්න ඇඟට ආවා නම් මොකද වෙන්නේ? තවත් ජීවිතයක් ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 07 February 2015 01:14 AM

ඇඳිවතට නිසා කමක් නැහැ (නි)

:       0       0

අශෝක Friday, 06 February 2015 12:08 PM

අපට අාහාර වේලක් හදන්න ඒ මිනිසා කොතරම් මහන්සි වෙනවද කියල හිතන්න. එ්ත් ඔහුට විපතක් උනාම හිනාවෙන එක හොඳ ලකුණක් නෙමෙයි. (නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 07 February 2015 05:16 AM

සිරිපාලගේ ආසාව තව කෙනෙක්ගේ රැකියාව. සිරිපාලගේ කටට කෙළඋනන කෑම තව කෙනෙක්ගේ කෑම විනාශ කරන හතුරා. අනේ සිරිපාල! (නි)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 07:24 AM

සුරාව සහ විනාශය යනු එකම කාසියක දෙපැත්ත (බ)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 06 February 2015 12:24 AM

මේක දැකපු ඌරන්ටත් හිනායන්න ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1287 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site