IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්පිට තැඹිලි ගස කපා ගෙඩි තුනක්ම බීලා

මත්පැන් පානය කොට හොඳ පදමට සූර්වූ පුද්ගලයකු ගේ ඉදිරිපිට තැඹිලි ගස කපා තැඹිලි බිවූ රසවත් පුවතකි මේ. සිද්ධිය මෙසේය. ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි. මේ දවසේ ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දින තුනක චාරිකාවකට ගොස් සිටි නිසා නිවසේ සිටියේ ඔහු පමණි. 

උදෑසනම අවදි වී උදය ආහාරය පිළියෙල කර මිදුල අතුගාමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණියේ දිගු කලක් විදේශ ගතව සිටි ඔහුගේ මිතුරෙකි. පෙට්ටියක අසුරන ලද රට වර්ගයේ මත්පැන් බෝතලයක් ඔහු අත තැබූ එම මිතුරා නිවසටවත් ගොඩ නොවී පිටව ගියේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා කොළඹ යාමට ඇති බවත් නැවත දිනයක එන බවත් පවසමිනි.

මත්පැන්වලට දැඩි ගිජු බවක් දක්වන මෙම පුද්ගලයා එම රට බීම බෝතලය කඩා බීමට පටන් ගත්තේ හිස් බඩටමය. පැය දෙකක් පමණ ගත වන විට බෝතලයෙන් තුන් කාලක් පමණ හිස් වූ අතර ඔහුද හිටියේ හොඳ පදමට සූර්වීය. ගමේ නිෂ්පාදන කරන කසිප්පු බීමට පුරුදුව සිටි ඔහුට මේ රට වර්ගයේ බීම බී එතරම් පුරුද්දක් නොතිබුණ අතර හදිසියේම බඬේ දැවිල්ලක් හට ගැනිණ.

තැඹිලි ගෙඩියක් බීමට වුවමනාව ඇති වූ ඔහු නිවෙස ඉදිරිපිට තැඹිලි ගසට නැගීමට කීප වරක් උත්සාහ කළද අධික වෙරිමත නිසා උත්සාහය අසාර්ථක විය. කෝපයට පත් මේ පුද්ගලයා වහා නිවස තුළට ගොස් පොරව රැුගෙන තැඹිලි ගස කපා එය බිම හෙළා තැඹිලි ගෙඩි දෙක තුනක්ම එක හුස්මට පානය කළේ මහත්වූ ප‍්‍රීතියකිනි.



අදහස් (0)

සූර්පිට තැඹිලි ගස කපා ගෙඩි තුනක්ම බීලා

තුෂාර Thursday, 17 December 2015 02:46 AM

අපරාදේ තැඹිලි ගහ (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 17 December 2015 11:32 AM

එහෙනම් මෙයා ඇට්ටි හැලෙන්න අරවා බිලා තියෙන්නේ, නුපුරුදු රට බිම බිව්වම මොලේ ඔල්මාද වෙනවලු සමහරුන්ට. (ර)

:       0       0

සොපී Friday, 18 December 2015 02:59 AM

කිවුවත් වගේ මෙයාව දේශපාලනයට ගෙනල්ලා ඇමතිකමක් දෙමු (නි)

:       0       0

සමන්ති Wednesday, 16 December 2015 02:50 PM

මිනිහට කවුරුහරි ජ්‍යෙතිෂ්‍යකාරයෙක් දොරකොඩට තැඹිලි ගස තිබීම අපල දායකයි කියන්න ඇති (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 17 December 2015 04:25 AM

ලංකාවේ මුදල් ඇමැතිකමට සුදුසු පුද්ගලයෙක්. (ම)

:       0       0

බණ්ඩාර-රුසියාව Wednesday, 16 December 2015 04:32 PM

යහළුවා රටබීම බීලා හිස් පෙට්ටියට කසිප්පු බෝතලයක් දාලා දෙන්න ඇති. අපිට වුණත් නුහුරු වෙනස් කෑමක් සමහරවිට අගුණවෙන අවස්ථා තිබෙනවා. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 17 December 2015 01:50 PM

වෙලාවට යාළුවා පිටවෙලගියේ....නැත නම් යාලුවට තැඹිලි කඩන්න ගිහින් මිනිහ අතපය කඩාගන්නවා...කොහොම වුණත් රුසියන් බණ්ඩාට වඩා හොඳ යාලුවෙක්. එයාගේ යාළුවො ඉන්නවනම් පොඩ්ඩක් ඉදිරිය ගැන හිතන්න වේවි.... (අ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 16 December 2015 09:35 AM

පදමට සූර් වෙලා හිටියත් මොලේ තියෙන කෙනෙක්. බීමතින් ගස් නැගල, බිමවැටිලා අතපය කඩා ගන්නේ මොකොටද කියලා මෙයාට හිතෙන්න ඇති. එ්කයි ඔහොම කළේ. මෙයා ඉස්සර හිටපු " මහදැනමුත්තගේ " පරම්පරාවෙන් එන කෙනෙක් වෙන්න බැරිද ? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 16 December 2015 06:15 PM

නන්දලාල් ප්‍රංශය වැනි කෙනෙක් වන්නට ඕනෑ මොහුත්. ඔහුත් මේ වාගේ සමාන දේවල් ප්‍රංශයේ කරනවා කියලා බොහෝ දෙනා කියනවා (නි)

:       0       0

නුවන් Wednesday, 16 December 2015 09:46 AM

නෝනා ආවාම හම්බෙන වැඩක්නේ කරලා තියෙන්නේ. (බ)

:       0       0

සංජීව Wednesday, 16 December 2015 11:44 PM

ඔය කවුරු කොහොම කිවුවත් මට කියන්න තියෙන්නේ මේ මොළේ ලංකාවටම එකයි. තව මේ වගේ මොළ දෙකක් තුනක් තිබුනා නම් ලංකාවම ඉවරයි. (නි)

:       0       0

මානවි Wednesday, 16 December 2015 10:20 AM

හොඳටම වෙරි නම් තැඹිලි ගහ කැපුවේ කොහොමද ? (ම)

:       0       0

නුවන් Wednesday, 16 December 2015 10:32 AM

සුපිරි පොරක් නේ මෙයා නම් (ම)

:       0       0

කමල් Thursday, 17 December 2015 01:44 AM

පුදුම මිනිහෙක්නේ! (නි)

:       0       0

රූපවතී Thursday, 17 December 2015 06:33 PM

කවට අන්දරේ කෙනෙක් වගෙයි (නි)

:       0       0

චන්න Friday, 18 December 2015 10:20 AM

නියම කළු සිංහලයෙක් . හිතුවොත් බැරි නෑ අනික කාටවත් කරදරයක් කරල නෑ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site