(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අගනුවර පිහිටි ප‍්‍රධාන පෙළේ මංගල්‍ය උත්සව ශාලාවකි. පසුගියදා එහි විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූයේ නගරයෙන් බැහැර වූ පවුල් දෙකක සහභාගත්වයෙනි. උත්සවයට ප‍්‍රදේශයේ ප‍්‍රභූන් රැසක්ද එක්ව සිටියහ.
රසමසමුළුවලින් පිරුණු උත්සවයේ මධුවිතද නොඅඩුව තිබුණි. දිවා භෝජන සංග‍්‍රහයට පසුව එක් වූ මධුවිතද තොලගා සිටි අයකු කෑම කා අවසානයේ ඉඳුල් කොළ දැමීමට වට පිට බලන විට අසල වූ මැටි කළයක් දැක ඉඳුල් සියල්ල ඊට දැමීය. තම සගයෝද එය අනුගමනය කළහ.
ඉඳුල් හා අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය කලින් පිරී තිබූ නිසා එය ඉවත්කොට තවෙකක් රැගෙන ආ සේවකයාට තරු පෙනුණේ උත්සව ශාලාවේ අලංකාරයට තබා තිබූ මැටි කළය ඉඳුල් සහ අපද්‍රව්‍ය පොලිතින් ආදිය දමා ඇති ආකාරය දුටුහෙයිනි.
සේවකයා මේ පිළිබඳව ‘‘අපහාසාත්මක’’ ප‍්‍රකාශයක් කිරීම නිසා ගැටුමක් ඇතිවීමට ගියත් කීප දෙනකු සහභාගි වී එය සමථයට පත් කළාලූ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සූර්පිට කෑම කා ඉඳුල් කොළේ කළයකට දාලා
ලසිත් Wednesday, 03 December 2014 12:02 PM
අමුත්තන්ගේ ඉඳුල් කෑම පිගන් වේටර් වරුන් ඇවිත් ගෙනියන ක්‍රමයක් මේ ප්‍රධාන හෝටලයේ නැහැ කියන එක ටිකක් විශ්වාස කරන අමාරුයි. (ර)
වරුණ Wednesday, 03 December 2014 02:46 AM
අපද්‍රව්‍ය දැමීමට තිබූ භාජනය නැති නිසා ඉතින් මේකේ වරදක් කියන්නත් අමාරුයි (නි)
වාස් Wednesday, 03 December 2014 12:44 PM
මේවත් විහිළුද? (ර)
සඳුන් Wednesday, 03 December 2014 03:53 AM
දමන්න භාජනයක් නැතිවුණාම කොළේ කන්නද? තැන තැන නොදමා කලයට දැම්ම එක හොඳයි. (නි)
හසාන් Wednesday, 03 December 2014 08:38 AM
මේවා පත්තරේ දාන්න ඕන දේවල් නෙමෙයි (දිල්)
චමිලා Wednesday, 03 December 2014 05:04 AM
මගුල් ගෙවල්වල පිගන් හෝදන සිරිතක් තියනවද? (නදී)
පබ්ලිස් Tuesday, 02 December 2014 07:34 PM
හිතාමතා කළදෙයක් නොවේ. මිස්ටර් මධුවිතලාගේ වැඩ ඕවා (නි)
අසෝකා Wednesday, 03 December 2014 10:02 AM
සමහරු මගුල් ගෙවල් වල ගිහින් බොනපාට් එක දාලා, ගොරියක්ට මග පාදාගෙන එතන අවුලක් ඇතිකරන්නම හිතාගෙන යන කට්ටියත් ඉන්නවා. මොනවා වෙතත් ගෝරියක් නැතිව මංගල උත්සවය නිමවූ එක හොදයි. (ර)
වාසනා Thursday, 04 December 2014 09:55 AM
අනේ මන්ද මටත් පොඩ්ඩක් හිනා ගියා ඉතින් (නදී)
නිමල් Tuesday, 02 December 2014 09:45 PM
බඳුන ඉවත් කරන්න පෙර වෙන බඳුනක් තියන්න ඕනෑ. සේවකයාගේ හෝ හෝටලයේ වරද. (නි)
ජයනි Tuesday, 02 December 2014 09:51 PM
ඉතින් මේ ප්‍රධාන පෙළේ උත්සව ශාලාවේ මොකද්ද මේ අමුත්තන්ට ඉඳුල් කොළ බැහැර කරන්න වෙන කෑම සපයන ක්‍රමය? එතන තියෙන්නේ පිඟන් නෙමෙයිද? අනෙක ප්‍රධාන උත්සව ශාලා වල අමුත්තන් කෑම කා අවසානයේ වේටර්වරු පැමිණ ඉඳුල් පිඟන් ආදිය ගෙනයනවා. (නි)