IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා

කාර්යාලය මගින් සංවිධානය කළ විනෝද චාරිකාවකට එක් වී ගමන ආරම්භයේදීම පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකු ජනප්‍රිය ගීතයක් උච්ඡස්වරයෙන් ගායනා කිරීමට ගොස් හක්ක පන්නා ගැනීම නිසා චාරිකාව පසෙක තබා ඔහුගේ මිතුරු පිරිසට පැය කීපයක් රෝහලක රස්තියාදු වීමට සිදු වූ බව කියවෙන පුවතක් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


ප්‍රදේශයේ එක්තරා ආයතනයක් වසරක් පාසා දින දෙකක විනෝද චාරිකාවක් සංවිධානය කරයි. මෙවර ද ඊට එක් වූ පිරිමි පාර්ශ්වය කල්තබාම මත්පැන් බෝතල් කීපයක් මිලදී ගත්තේ අතරමගදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් එල්ල වන විරෝධතාව දන්නා නිසාය. කාලය එන තෙක් ඉවසා සිටිය නොහැකි වූ කීප දෙනකු උදෑසනින්ම බෝතලයක් හිස් කළේ ගමන ආරම්භ වන්නටත් මත්තෙනි. තවදුරටත් අවශ්‍යය අඩුම කුඩුමද රැගෙන බස් රථයේ පසුපසට ගිය පිරිස පැරණි ගීත කීපයක් ගායනා කරමින් සංගීතයකට මුල පිරුවේ ගමනට සහභාගී වූවන්ටත් පුංචි විනෝදයක් එක් කරමිනි.


මේ අතර එහි සිටි පදම ඉක්ම වූ මැදිවියේ පුද්ගලයකු මේ දිනවල රූපවාහිනී නාළිකාවක විකාශය වන හින්දි ටෙලි නාට්‍යයක තේමා ගීතය ගැයීමට සූදානම් වූයේ තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් කර ගනිමිනි. තම සියලු හැකියාවන් පෙන්වමින් එහි ස්වර හැසිර වූ ඔහුට විටෙක ඒ සඳහා අසුනෙන් නැගිටීමට
පවා සිදුවූයේ ගීතය ඒ තරමටම ගායනා කිරීම අපහසු නිසාය.


උච්ඡස්සවරයෙන් ගීතය ගායනා කළ හෙතෙම කීප විටක්ම තම හකු ප්‍රදේශයට අත යවමින් ගීතය ගායනා කළේය. අවසානාවක තරම, මොහොතක් ගතවෙද්දී ඔහු ගීතය නවතා මර හඬ තලන්නට වූයේ තම අතපයද එහේ මෙසේ විසුරවමිනි. කලබැගැනිය කුමක්දැයි සොයා බලද්දී මිතුරු පිරිසට දැන ගන්නට ලැබුණේ මිතුරාගේ හක්ක පැන ඇති බවකි. අතර මග හමු වූ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර රැගෙන යළි පිරිස පිටත් වනවිට ඉර මුදුන් වීමටද ආසන්න වෙමින් පැවැතිණ.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා

බටගල Sunday, 28 August 2016 03:39 PM

ආයෙත් නම් මෙහෙම මෝඩ වැඩ කරන්න යන එකක් නැහැ (නි)

:       0       0

මහේෂ් Wednesday, 24 August 2016 01:15 PM

රාධා, ඈනුමක් යැවීමේදී කොහෙත්ම හක්ක පැනීමක් සිදුවිය නොහැක. (නි)

:       0       0

රාධා Tuesday, 23 August 2016 11:59 PM

දැන්නම් ඈනුමක් ගියත් හක්ක පනිනවා. ඇනුම් පිටකිරීමේදීත් වැඩිය කට අරින්න එපා. (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 25 August 2016 04:51 PM

වෙරි හිඳෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site