නගරයට ගොම්මන ළඟා වෙමින් තිබිණි. අඩ අඳුරේ මහා මාර්ගයේ අසාමාන්‍ය අන්දමින් ගමන් කරන යතුරුපැදිකරුවකු පොලිස් ඇසට අසුවිණි. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු යතුරුපැදිකරුට නවතින්නැයි සංඥා කළහ. යතුරුපැදිකරු බීමත්ව සිටින බව පොලිස් නිලධාරීන්ට අවබෝධ විය. යතුරුපැදිකරු පොලිසියට ගෙන ගිය පොලිස් නිලධාරීහු බීමත්කම පරීක්ෂා කිරීම සඳහා ශ්වසන නළයක් (ඇල්කොලයිසරයක්) ඔහු අතට දෙමින් “
මේ බැලුම පුම්බන්න” යැයි කීහ.
රහමෙර පානයෙන් පදම් වී සිටි යතුරුපැදිකරු “බැලුම් පුම්බන්න අවුරුදු උත්සවයක් මෙතන නැහැනේ” කියමින් බැලූනය පිම්බීම ප්‍රතික්ෂේප කළේ ඒ වන විට පොලිසියේ තිබූ නිහඬතාව ද බිඳ දමමිනි. අනතුරුව යතුරුපැදිකරු මෙල්ල කළ පොලිස් නිලධාරීහු ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර බීමත්ව සිටින බව තහවුරු කර ගත් වෛද්‍ය වාර්තාව සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු පොරක් (බ)
පණ්ඩිත බේබදද්ට හොද පාඩමක් (බ)
1988/89 කාලේ දිනක රාත්‍රියේ මගේ මෝටර් සයිකලය පොලිසියෙන් නැවැත්වුවා. එවිටම මගේ පසුපස සිටි මිතුරා කිව්වා බීලා වගේ ඇක්ට් කරපන් කියලා . මගෙන් තොරතුරු අහනකොට මම ට්කක් ඇදලා පැදලා කිව්වා පාටියකට ගියා, දැන් ආපහු ගෙදර යනවා කියලා. බිව්වද කියලා ඇහුවාම, මම ඔව් කිව්වා. එහෙනම් අතපය කඩා ගන්නේ නැතිව පරිස්සමින් යන්න කිව්වා. කාලය මැව් වෙනසක මහිමේ (බ)
අර විජිත හේරත් කියල මන්ත්‍රී කෙනෙක්වත් ඇල්ලුවලු නේද බිල වාහනේ හප්පගෙන ..එතකොටත් ඔය බැලුම් දුන්නද දන්නෑ පුම්බන්න , අහිංසක ම්නිහෙක් බිව්වොත් තමයි මේ සේරම නීති ,අරුන්ට මොන නීතියක්වත් වලංගු නෑ (බ)
අරක්කු බීලා පාරේ යනවා නම් පොලිසියේ තියාගෙන වෙරි හිඳුනහම ගෙදර යවන්න තිබුණේ. (නි)