අගෝස්තු පාසල් නිවාඩුව සරුංගල්වාරයයි. වෙල් එළිය කොළ පාටට දිලෙන්නේ රෙද්දක් එලූවාක් මෙනි.
අපි පොඩි කාලේ කොයිතරම් ෂෝක් ද මේ කාලේ අපි වෙලේමයි.
පියා කී දෙයින් පුංචි පුතුගේ සිත උද්දාමයෙන් පිරිණි.
තාත්තේ අපිත් සරුංගලයක් හදමු.
සිය අතීත මතකය නැවතත් සිහියට ගනිමින් ඔහු පුතුද සමග සරුංගලයක් සැකසුවේය.
හැඩකොට සවිකඩදාසි ඇලවූයේය. එය නාග සරුංගලයකි. මොහොතකින් දෙදෙනාම වෙල්යායේ කෙළවර දක්වා ගොස් සරුංගලය උඩ යැවීමට පටන් ගත්හ. නමුත් නිෂ්ඵලය.
ඉහළට යැවීම කිසිසේත් කළ නොහැකිය. මාමේ ඕකට දිග වලිගයක් දාන්න. ඒ නිසයි උඩ යන්නේ නැත්තේ අසල සරුංගල් අරිමින් සිටි දරුවකුගෙන් උපදෙස් ලැබිණි.
එය ඇසුණු පුතු වහා නිවෙසට ගිය ගියේය. අම්මේ පරණ සාරියක් දෙන්නකෝ අපේ සරුංගලයට වලිගයක් මදි.
පුතුගේ ඉල්ලීමට මවද තමාගේ පැරණි සාරියක් දුන්නාය.
සාරිය රැගෙන ඔහු වෙල් යායට දිව ආවේය.
ආ තාත්තේ මේක වලිගයට දාමු නිල් පැහැයට හැඩැති සාරියක් පුතු විසින් නාග සරුංගලයේ වලිගයට සවිකිරීමට ගෙනවිත් තිබිණි.
එය ඔහුගේ සිතට වද දෙන්නක් විය.
ඒ මන්ද තමා එය බිරිඳට මුලින්ම තෑගි කළ සාරියයි.
පුතේ මේක තියලා වෙන එකක් ගේන්න. සිය පියාගේ උපදේශයට පුතු නැවතත් නිවෙසට දිව ගියේය.
මවගෙන් වෙනත් සාරියක් ඉල්ලාගෙන ආවේය. ආ තාත්තේ මේක දාමු එවිට පුතු රත් පැහැයට හුරු සාරියක් රැගෙන විත් තිබිණි. එයද සිතට ව්‍යාකූලත්වයක් ඔහුට ගෙන දෙන්නකි.
ඒ මන්ද එය තමා බිරියගේ උපන්දිනයට තෑගි කළ සාරියකි.
පුතේ මේක අලූත්වැඩියි. වෙන එකක් ඉල්ලගෙන එන්න. පියාගේ ඉල්ලීමට පුතු නැවතත් ගෙදරට දිව ගියේය.
ඔහු තවත් සාරියක් රැගෙන ආපසු දිව ආවේය.
ආ මේක හොඳයි මේකනම් මට මතක නෑ. කොයි කාලේ ගත්ත එකක්ද කියලත් ඔහු සිතින් සිතමින් එය සරුංගලයට ගැට ගැසුවේය.
හොඳයි අපි දැන් උඩ යවමු මොහොතකින් සරුංගලය ඉහළ අහසේ පාවිණි.
ඒත් සමග ඈතින් හඬක් ඇසෙන්නට විය.
අනේ අනේ ඔය මොකද කරන්නේ මගේ අලූත්ම සාරිය. වාටියවත් මහල නෑ තවම. මදැයි තාත්තලා පුතාලා සරුංගල් ඇරියා. ඕක බිමට බාපු ගමන් ඔය නයාගේ වලිගය මම ගලව ගන්නවා.
තාත්තේ මම ගේන ගේන සාරිය අම්මට ඔයා අරන් දීපුවානේ ද ඒ හින්දනේ ඒවා එපා කිව්වේ. මම ඉතිං අම්මා ගිය සතියේ අලූතෙන් ගත්ත සාරියක් ගෙනාවා නයාගේ වලිගයට. බිරිඳගේ අලූත්ම සාරිය නිල් අහසේ දිලිසෙන අයුරු බලමින් සිනාසෙන අතරම නයාගේ වලිගය ඊළඟ සතියේ බිරියගේ ගතවටා එතී හැඩවෙන අයුරු සිහි කරන්නට විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ කොහොමද? පොත් කියවන්න අදහසක් නැද්ද? උපන් ගෙයි මෝඩයෝ තමයි පොත් කියවන්නේ නැත්තේ! (නි)
ලලිත්, සාරි අදින අම්මලා කොයිතරම් ඉන්නවාද කියලා පාරට බැහැලා බලන්නකෝ (නි)
සරුංගලයක් නිසා කතාව ගිය දුරක්, මොනවා වුනත් හොද දේවල් කතා කරනවා. (නි)
අම්මා කතාකළේ ඇත්තටම ඔය වචන වලින් නම්, කීය ගියත් එයා නයාගේ වලිගෙ ගලවන්නේ නැහැ. අනික, තාත්තට ඒ වචන අහලා හිනහත් ගියා නම් ඒ පවුල සැබෑවටම සතුටින් ඉන්න ලස්සන වාසනාවන්ත පවුලක් බවට කිසිම සැකයක් නැහැ. (නි)
පහන්!!මමත් මගේ මහත්තයාගේ උපන් දිනේට (ලංකාවට ගියාම )දරුවොත් එක්ක එකතු වෙලා එය පුදුමයට පත් වෙන විදියට තමයි එයාගේ උපන් දිනය සමරන්නේ .., එක වරක් අපි පොඩි සාදයක් දැම්මා. කේක් ගෙනල්ලා රෑ කෑමත් ලෑස්ති කරලා එයා ගෙදර එන වෙලාවට ලයිට් නිවලා අපි කව්රුත් ගෙදර නැති විදියට ඉදලා එකපාරටම කාමරෙන් එලියට ඇවිත් හැපී බත්දේ සින්දුව කියා කේක් කැපුවා දරුවෝ මට ස්තුති කලා මගේ අම්මා කොච්චර හොඳඳ කියා හැබැයි පුතාලත් දන්නවා තාත්තා අම්මට මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. (ස)
ව්‍යාකූල මනස සනසන ලස්සන කතාවක්. පුදුමයි, අද කාලේ තාත්තා කෙනෙකුට පුතත් එක්ක විනෝද වෙන්න කාලයක් තිබුණ කිව්වම. සාමකාමී පවුලක්. සතුවුයි. (ස)
අනේ අම්මපා! මම මුලින්ම අරන් දීපු සාරියයි උපන්දිනේට අරන්දීපු සාරියයි විසිකරලා එයා ගත්ත අලුත් සාරිය පරිස්සම් කරන හැටි? අපි කරන හැමදේම ඔය ගෑනුන්ට පොඩ්ඩට අමතක වෙනවා . (නි)
හරිම සතුටුයි අහන්නත් මේ වගේ පවුල් තවමත් අපේ රටේ ඉතුරුවෙලා තියෙනවා කියලා. එක්කෝ අම්මා රට, නැත්නම් තාත්තා රට. සාරියේ වටිනාකමට වැඩිය වටිනවා පවුලක සන්තෝෂය. (ස)
පද්මිණි ..නංගියෝ ..? ඔයා ක්‍රෙඩේට් කාර්ඩ් එක ගත්තේ එදා අනුරාධපුරේ ගියවෙලේ ..බැංකුවෙන් මහත්තය සල්ලි අරන් ගනුදෙනුවක් කළාට පස්සේ නේද ...? ඒක හොදයි ..කොහොමටත් කාන්තාව දන්නවා අරපිරිමැස්ම...ගෙදර බැංකුව විය යුත්තේ බිරිදයි .(අ)
චන්දි, ඔයා උත්සාහ කරන්න ඔයාට ලබෙයි. ඊට කලින් හිතන්න ඔයා මහත්තයට මොනවද දීලා තියෙන්නේ කියලා. පිරිමි අපිට හැමදාම හැමදේම ලැබෙන්නේ අඩුවෙන් කවදාවත් පිරිමියෙකුගේ දුක අහන්න කෙනෙක් නෑ. කාන්තාවන්ට අඞලා දොඩලා මේවා කියන්න පුළුවන් වුනාට පිරිමි හැමදාම හිතින් දුක් විදිනවා. පිරිමි අපිට ජීවිතේ කාලෙදී අඩු තරමේ දරුවෙකුගේ ආදරයත් වැඩියෙන් හිමිවන්නේ අම්මට එහෙව් එකේ චන්දි හිතල බලන්න මම වැරදිද කියා තරහ ගන්න එපා. මට ඔයා ගැන වගේම පිරිමියෙක් වුඛ ඔයාගේ මහත්තයා ගැන දුක හිතුණා.(ස)
ඇත්තමයි බණ්ඩාර. (ස)
මෙතෙක් කියවූ හොඳම කතාව.සමන්ත ගේ අදහස නම් පංකාදුයි. (නි)
ඔව් සමන්ත,මගේ ජිවිතය නැමැති ''සරුංගලේ '' නුල මොනවා වුනත් මං හොද ශක්තිමත්ව . හයියෙන් අල්ලාගෙන ඉන්නේ !!! කවදාවත් ඒ නුල මං අත්හරින්නේ නැහැ (තෑගි බෝග නැතුවට )විහිළුවක් කලේ හොදේ (නි)
ඒ කියන්නේ කිරි මාමාගේ හාමිනේ මේ වෙනකම් නිර්වස්ත්‍රවද හිටියේ? (නි)
අපේ හාමිනේටත් සාප්පුවල ඇදුම් හරියන්නේ නැහැ වෙනම මහන්න ඕනේ අලින්ට අන්දන ඇදුම් වගේ ලොකු ඒවා මීටර් 5 ක් ඕනේ එක ඇදුමකට (අ)
චන්දි, ඔයා වගේමයි මමත්. අපේ මහත්තයට කියලාවත් තෑග්ගක් ගෙන්න ගන්න බැහැ. මට කියන්නේ මම සල්ලි දෙන්නම් ඕනෑ දෙයක් ගන්න කියලා. මම ඉස්සර ගන්නේ නැහැ, දැන්නම් මට ඕනෑ දේ ගන්නවා. මොනවා කරන්නද? එයාලගේ හොද ගති බලලා සැනසෙන්නයි තියෙන්නේ. (නි)
ඔය එළියට එන්නේ ...? මම කීවා දිසානායකට ටිකක් වැඩියෙන් පින් කරන්න කියල ..ඇහුවද ...?එහෙම වුණා නම් මීටර් 5 කට වියදම් කරන්න ඕනද ...? (ස)
කොහොමත් ජිවිත ගමනේදී පිරිමි හම්බ කලාට, ඉතුරු සේරම බර දරන්න වෙන්නේ ගැහැණු අපිටම තමයි. දරුවන්ගේ ප්‍රශ්න,ගෙදර ප්‍රශ්න ,සැමියාගේ ප්‍රශ්න, නමුත් පොඩ්ඩ එහා මෙහා උනොත් අම්ම තාත්ත නෙමෙයි අත්ත,මුත්තා ගැන පවා ජීවිතේටම අහපු නැති දේවල් අහන්නත් වෙන්නේ ගැහැණියටම තමයි. ඒ කියන්නේ ගැහැණු අපි හොද ශක්තිමත් , ඒක හිතල නොලැබුන දේට වඩා ලැබුණ දේ ගැන හිතල සතුටුවෙන්න. වෙන මොනවා නැතත් අනුන්ගේ ගැනු පස්සේ යන්නේ නැති බීගෙන ගෙදර ඇවිත් දරුවෝ ඉස්සරහ කුණු හරුප යෙන් බැන බැන ගැනිට ගහන මිනිහෙක් නොවුන ඒක ගැන හිතල සතුටු වෙන්න.(අ)
චන්දී අක්කාගේ අදහස කියවනවිට හිතට දුකක් දැනෙනවා.ගැහැණු අපියි ඒක විදවන්නේ. ඒ දුක දන්නේ.ඒක වචනෙයන් තේරුම් කරන්න බැහැ.අපි පින් කරලා මදි ඒ වගේ පිරිමි ලබන්න. (නි)
හරිම සුන්දරයි. හරිම සුන්දරයි.සොඳුරු කෙටි කතාවක්, කවියක් වගේ.කතාවේ හැම තැනම ආදරය උතුරා යනවා. හරිම සුන්දරයි. හරිම සුන්දරයි...... (ස)
චන්දි නංගි, බලාගෙන යනකොට දිසානායක මාමගේ නෝනා හාමි වාසනාවන්තයි අපිට වඩා. නුවර ගියාමයි කියමුකෝ. අලින්ට අන්දවන පරණ ඇදුමක් හොයාගන්න.පරණ වුනත් ඔයා දන්නවද ඒවගේ ගණන්..? අයින් කරන එකක් උනත් ලක්ෂ 2 ක් , 3 ක්, ඇති මගේ හිතේ. එච්චර ගානකක් දීලා ඇදුමක් ඇන්දා කියන්නේ, අපිටවත් හිතා ගන්න බැහැ.දිසානායක මාමට දළදා සමිදු පිහිටයි...!! (නි)
කාලකින් සුන්දර කතාවක් කියවන්න ලැබුණා ගොඩක් සන්තෝසයි. (ස)
රූපවති, අනුන්ගේ කුණු කන්නේ නැතුව මේක කියවලා අදහස් දැම්මා නම් නේද හොද? (නි)
ආදරණීය කතාවක් (නි)
වැඩ නැතිව ඉන්න අයට හොඳ පාඩම් විකාර ......... (ස)
ආදරණීය කතාවක් (නි)
සරත්, හැම ගැහැනියක්ම එකම මිම්මෙන් මනින්න එපා.බිරිඳට එහෙම සිතුනට ඔයාගේ සොහොයුරියට ඔය විදියට නොසිතෙන්න ඇති. (නි)
සිරිමෙවන් කන්දනර්චි !!ඇයිද අනේ!! ඔයා දුකෙන් පාලුවෙන් ඉන්නේ කියන්න මේ අපේ පවුලේ නාලිකාවට ..!!!!(නදී)
ලස්සන කතාවක්. හුඟක්ම ලස්සනයි (නි)
මම තාම කල්පනා කරනවා මේ ගෑනී හිතක් පපුවක් නැතුව මම මුලින්ම දීපු තෑග්ග දුන්නනේ සරුංගලේ වලිගෙට දාන්න. (නි)
අපි චුටි කාලේ නම් උපන් දිනයක් කියලා දවසක් දැනගෙනවත් හිටියේ නැහැ.ඒ වගේ දේවල් කරන්න පුළුවන් තරමට අපේ දුප්පත් දෙමාපියන්ට දරුවෝ 5 දෙනෙකුත් සමග ඉඩ අවකාශ තිබුනේ නැහැ පවුලේ ආර්ථික වටපිටාවත් සමග. ඒත් අපි , ඉගනගෙන, සමාජයේ හොද නරක දැනගෙන සිරිත් විරිත්,චාරිත්‍ර සමග ලොකුමහත් වුණාට පසුව, දෙමා පියන්ගෙන් අතපසු වුණ දේවල් ,අපේ දෙමාපියන්ට අපෙන් ලැබෙන කොට ඒ ආදරණීය ඇස් වලින් වැටුණු කදුලුවල සුවද තාමත් මට මතකයි...!!! (නි)
පුතා දන්නවා අම්මලා දැන් සාරි අදින්නේ නැති බව. ඒ නිසා සාරියෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. (නි)
ඔයාල ඔක්කොටම ගොඩක් ස්තුතියි !!! අනේ මන් නිකමට මේක ලිවේ මට මේ ලෝකේ තියේන උතුම් තෑග්ග තමයි මගේ දරු දෙන්න මන් ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙලා තියෙන්නේ ''එත්'' වෙලාවකට නෙතට කදුලක් එනවා මටත් නොදැන ඒ ඉතින් ගැහැණු ගතියනේ නේද යාලුවනේ !!!!මගේ අදහස අනුව අදහස් ලියපු සැමටම ස්තුතියි මේ සියල්ලම පළකර කතෘ තුමාටත් මෙගේ හදපිරි ස්තුතිය පුදමි සැමට සාමය සතුට පිරි ජිවිතයක් ''ලැබේවා'' (අ)
උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්න... ලෝකේ වටේ සිදුවෙන හැම දේ දැනගන්න ...රූපවති මුකුළු කරන දිසාලා ,චන්දිල රැස්වෙන ලිදලග සංගමය මුල් තැන ... (නි)
මටත් තියෙනවා ලියන්න දෙයක්.මට පුතාල දෙන්නෙක් ඉන්නවා. ඒත් මම නම් කවදාවත් මහත්තයා ආදරෙන් ''තෑග්ගක් ගෙනත් දීපු '' දෙයක් ඇත්තෙම නැහැ. ඒ ගැන එයා කියන්නේ මට ඕවට සල්ලි නැහැ කියලා. මේක ලිවුවේ එයාට අපහාස කරන්න නම් නොවෙයි. මට ඇත්තටම දුකක් දැනුන නිසයි. මේ අම්මයි පුතයි හරිම වාසනාවන්තයි. (ඔබලාගේ පවුලට තව තවත් සතුට සැනසුම ළගා වේවා) (නි)
චන්දි, ඔය තත්වයේ ඉන්න එකම ගැහැණිය ඔයා නෙමෙයි.සියයට අනුවක්ම බිරින්දෑවරුන්ටත් පෙම්වතියන්ටත් ඔයාට වගේ තමා.දුක් වෙන්න එපා.අපි ශක්තිමත් කාන්තාවන්. (නි)
හරිම සතුටින් ඉන්න පවුලක්. මේ ගැන හිතන කොටත් හරිම හැගීමක් දැනුනා.. (ස)
දෙමව්පියෝ අතර තෑගි බෙදාගැනීම අපේ සංස්කෘතියට අනුව කෙරෙන්නේ නැහැ. ඒවා බටහිර සිරිත්. නමුත් ආදරය, රැකවරණය, සහ නිදහස තමා මම නම් අගයන්නේ. මගේ සැමියා මට තෑගි දෙන්නේ නැතුවට එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක තියෙන්නේ මම ළග. (නි)
අයියෝ දිසානායක! ඔයාට එහෙනම් යන්න වෙන්නේ නුවර මාලිගාවට.මොකද අලින්ට අන්දලා අයින් කරන ඒවා ඇති! (නි)
මගේ හිතේ තියෙන දුක, පාළුව ඕගොල්ල්ල දන්නේ නැහැ.(නදී)
චන්දි ද මෙතන දැන් මාතෘකාව? (නි)
සරුංගල් කතාව ගොඩක් දෙනාගේ හදවතටම දැනිලා තියෙනවා. බොහෝ භාර්යාවන් තමන්ගේ ස්වාමි පුරුෂයන් ගෙනත් දෙන තෑග්ග ගොඩක් අගය කරලා තියනවා. මමත් අපේ හාමිනේට දැන හඳුනා ගත් මුල්කාලේම ඒ කාලේ හැටියට වටිනා සාරියක් ගෙනත් දුන්නා කියමුකෝ. ඒක බලලා පාට සවුත්තුයි කිවුවා. ඊට පස්සේ තෑගී ගෙනත් දීම කලේ නැහැ. පස්සේ ඇඳුම් අරගෙන දෙන්න රෙදි කඩේකට එක්කගෙන ගියා. බුදු අම්මෝ අක්කර ගණනක් පුරාවට එක එක ජාතියේ ඇඳුම් එල්ලලා බලන්න ලස්සනයි. අපි දෙන්නත් පැය ගණනක් පෙරලලා බැලුවත් හාමිනේට හිතට අල්ලන එකක් දැකගන්න බැරි වුනා. ඔය වගේ රෙදිකඩ කීපයකටම ගියත් ඇඳුම් නොගෙනම ආපසු ආවා. එයින් පස්සේ ඇදුම් අරගෙන දෙන්න මම යන එක නවත්වලා ඇඳුම් ගන්න සල්ලි දුන්නා. මොකද මට ඒ කාලේ තිබුන වැඩ රාජකාරිත් එක්කලා ඕවාල රස්තියාදු වෙන්න වෙලාවක් තිබුනේ නැහැ. හැබැයි ළමයිනේ අපේ හාමිනේ දැන් මට බනින්නේ මෙච්චර කාලෙකට ඇඳුමක් අරගෙන දුන්නේ නැහැ කියලයි (නි)
ලස්සන කතාවක්. තෑගි දෙන්නත් තෑගි ලබන්නත් උතුම්ම වියයුතුයි. (නි)
දැන් කමල්ගේ නෝනා දන්නවද ඔයා මේ තෑග්ග දීපු බව ....? ඔයාට ඉරිසියා හිතිලා (ඒ පවුල සතුටින් ඉන්නවට )හැදුව පදයක් නේද ...? (නි)
චන්දී, මේ කතාව මහත්තයාට පෙන්වන්න (නි)
මගේ දරුවොත් සාරී කෑලි අරන් සරුංගල් හැදුවා. (හැබැයි පරණ සාරී) මේ සරුංගලේ ලොකු සුළඟකට අහුවෙලා නුල කැඩුනොත් අම්මට සාරිය නැතිවෙනවා. නමුත් ඒ ජාතියේ සාරියක් ආයෙත් මිලට ගතහැකියි. ඒත් දරුවට ප්‍රීතිමත් නිවාඩුවක් ලබාදීම සාරියේ මිලට වඩා වටිනවා. (නි)
බුදු අම්මෝ ! වලිගෙ ඔහොම නම් නයා කොහොම ඇතිද ? මොනවා වුණත් බොහොම වාසනාවන්ත සැමියෙක්. හැමෝටම ඔය වගේ බිරින්දෑවරුන් ලැබෙන්නේ නැහැ. ඔය සමගිය සැමදා රැදේවා ! (නි)
මගේ අම්ම ඉතා දැහැමි ජීවිතයක් ගත කරමින් මතු නිවන් දකින්නට පෙරුම්පුරනවා අපේ උපන් දිනයට බත් පාර්සල් හදල දුප්පත් අයට බෙදල මුදලක් අතට දෙනවා .පිංදී එය ලබාගන්නා අහිංසක මිනිස්සුන්ගේ සතුටු සිනහව ඉස්තුතිය සහ අසිර්වාදය තමයි අපේ උපන්දින තෑග්ග . අපහසුවෙන් උවත් මගේ බිරිදට මෙම උතුම් ක්‍රියාව පුහුණු කිරීමෙන් පසු මෙත් සිතින් ඇය මෙම සත්ක්‍රියාව අදටත් අත පසු කරන්නේ නැත . (අ)
චන්දි, ඔබ ලියු දෙයින් මම යමක් ඉගෙන ගත්ත. ස්තුතියි. (ස)
සරුන්ගලේ අපිවත් අරගෙන සාරියත් අරගෙන ගොඩක් දුර ගිහින් වගේ. චන්දි, නුල හයියෙන් අල්ලා ගන්න (නි)
මේ තීරුව අයියලා නංගිලාගේ පවුලේ නාලිකාව වෙලානේ දැන්. (නි)
රූපවති අක්කේ, අලින්ගේ ඇදුම් දෙකම ඔය කියන තරන් ගණන් නම් අපේ හාමිනේට චීත්තයක් තමා අදින්න වෙන්නේ. (නි)
මට කතාවත් අමතකයි. හැබැයි මගෙන් වෙච්ච අඩු පාඩුවකින් හිත රිදිච්ච මගේ නෝනට සොරි කියන්න ඕනෑ. (නි)
අය්යෝ සරත් ඔයා නම් ගැලපෙන්නේ පෙර පාසලකට. (ස)
කටා මාමේ,ඔයා ඇයි එහෙම කියන්නේ? ඔයා මේ පැත්තේ උන්නද මන්දා අර අම්මයි දුවයි දෙදෙනාගේම කකුල් කපල ඇක්සිඩන්ට් එකකින් මහජන ආධාර පතලා තිබුණු වෙලේ? මේ අයියලා නංගිලාගේ පව්ලේ නාලිකාව තමා පිහිට වුනේ. මේ තීරයට අපි එවන සෑම වැකියක්ම කතෘ තුමා පල කරන්නේ ඒ වටිනා මිනිසුන්ගේ සිත් හොදින් දන්නා හදුනන නිසයි කිවුවොත් ගොඩක් නිවැරදියි.අපි මෙහෙමවත් කතා කරමින් අපේ මිය යන්න හදන මිනිස්කම් දෑතින් අල්ලාගෙන තුරුළු කරගන්නවාලෝකය පුරා විසිරි ඉන්න, රට වෙනුවෙන් තම දරු පව්ල් වෙනුවෙන් හුදකලාව දහදිය කදුළු වගුරන අසරණයෝ යම් කිසි මානසික සතුටක් ලබනවා. එකිනෙකා ගැන කතාකරමින් හිතේ පීඩාව තුරන් කරගන්නවා.ඉතින් අපිත් ගොඩක් දේවල් ඉගනගන්නවා එකිනෙකාගේ අදහස් කියවලා (නි)
චන්දි, මේ වගේ දේවල් වලින් ගන්න බොහෝ දේවල් තියෙනවා. ඔයාගේ මහත්තයා තෑග්ගක් කියලම යමක් ගෙනත් නොදුන්නත් ගෙදර ඇතුලේ තියෙන සමාදානය එකමුතුකම තෑගි වලින්වත් සල්ලි වලින්වත් ගන්න බැහැ. අඩුපාඩු නැති පවුල් ඇත්තෙත් නැහැ. ලෝකෙට පේන දේට වඩා ඇතුලේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.(ස)
මට මතකයි, මට මතකයි. රූපා නේද දවසක් සැන්දෑවේ මාව ඈත ඉදන් නොපෙනී යනකම් බලාගෙන ඉදලා පහල ළිදෙන් වතුර ඇදලා නෑවේ? (නි)
ඔව් .සරත් අපිට ජිවත් වන තාක් කල් ඉගෙන ගන්න දේවල් තියෙනවා !!! ඕනෑම බිරිදක් තමන්ගේ සැමියාගෙන් ආදරය කරුණාව වගේම පුංචි හරි දෙයක් බලාපොරොත්තු වෙනවා ඒක ගැහැණු ගතිය..,(උපන් දිනයකට වගේ )තෑග්ගක් ලැබුනම (සුළුවෙන් හෝ)මොනතරම් සතුටක් ලබනවද කියල දන්නේත් ගැහැණු හිතක්ම තමයි සරත්!! ඒවා ලබන්නට'' පින් මදි'' වෙන්නැති.. (ස)
අපේ දිසානායක අයියා, දම් පාටවෙලා.අනුමානයක් නැහැ උපන්දිනේ පසුගිය සතියේ වෙන්න ඇති. (නි)
චන්දි ඔය දුකෙන් ඉන්න එපා රත්තරන්. ඔය මට කෝල් එකක් දෙන්න (නි)
මහත්තුරුනේ, අපි නම් පොඩි කාලේ සාරී දාලා නයි සරුංගල් ඇරලා තියෙනවා.චන්දි අක්කා පව් කියලත් හිතෙනවා.ඒත් ගැහැණු කියන්නේ කොච්චර හොඳට සැලකුවත් මොන දේ දුන්නත් දීර්ග කාලීනව සතුටු කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි.කරන වෙලාවට සතුටු වුනාට පස්සේ කළගුණ අමතක කරනවා.හැමෝම එහෙම නැති බව මම අත්දැකීමෙන් දන්නවා. (නි)
මේ කොල්ල ඇම්ඩම් කෙනෙක් .මගේ එකත් ඔය වර්ගෙම එකම තමයි.(ස)
පව් චන්දි, ඒකයි තවමත් සංසාරේ ! (ස)
ඔය ස්වාමියා ඇත්තටම බිරිඳට ආදරේ නම් දැන ගන්න ඕනෑ බිරිඳ කවදාවත් අලුත්ම අලුත් සාරිය උඩ යවන්න ඉඩ නොදෙන බව. මිනිහා ආත්මාර්ථකාමී නිසා මිනිහා දීපු සාරි විතරක් උඩ අරින්න දුන්නේ නැහැ. මේක සතුටින් පිරි පවුලක් කියලා හිතන්න අමාරුයි. මිනිහ දන්නෙත් නැහැ වගේ බිරිඳගේ අලුත් සාරිය.මම සාරියක් ගත්තොත් ඉස්සෙල්ලාම පෙන්වන්නේ මගේ මහත්තයට. චන්දි, මිනිහා තෑගි දුන්නේ නැහැ කියලා මිනිහට බනින්න එපා. ලෝකේ මිනිස්සු එක එක විදියයි. ඔයා බොරුවට නාහෙන් අඬන කෙනෙක් වගේ, කොන්ද කෙලින් කරගෙන ඉන්නකෝ (නි)
චන්දි හරි උපන් දිනයට තෑගි දෙන එක හොද සිරිතක් (උපන්දින සුභ පැතුම් පතකුත් එක්ක )ඔය වගේ දේ සුද්දාගෙන් අපි ලබපු හොඳ දේවල් .මගේ බිරිඳට උපන් දිනේට තෑගි ප්‍රමාදයක් වුනොත් ඊලඟ අවුරුද්දේ උපන් දිනේ වෙනකල්ම කියවනවා .ඒ හින්දා මම මාසයකට කලින් ඉඳලම ලෑස්ති වෙනවා .ඒ වගේම තමයි .මගේ උපන් දිනේටත් පුතා එක්ක එකතුවෙලා විශේෂ යමක් කරනවා.(ස)
චන්දි! ඔයා " ගෑනු ගතිය" ගැන කතා කරපු නිසා මට ලියන්න හිතුනා! මම නිවාඩුවට යනකොට බිරිඳට සාරි 3 ක් සහ එම පාටට හරියන පාවහන් යුගල 3 ක් සහ අත් බෑගයන් 3ක් සහ එම පාටම අත් ඔරලෝසු 3ක් සහිත තෑගි පර්සලයකුත්, මගේ විවාහක සොහොයුරියට එසේම ගැලපෙන 1 සෙට් එකකුත් ගිහින් දුන්නා! නමුත් බිරිඳගේ හිත අර අක්කට ගිහින් දුන්න එකටයි! ඔන්න ගැහැණුන්ගේ සිතුවිලි සහ ගති! (ස)
සමදාරා ආරියදාස, ඔයාගේ අදහස කියෙව්වේ පරක්කු වෙලා. මන් නම් කොන්ද කෙලින් තියන් වැඩ කර ජිවිතේ ලොකු ජයක් ගත්ත කෙනෙක්. ඔයා ගේන හැම සාරියම මහත්තයට පෙන්නන්නේ එයාට ඔයාව ගොඩක් සැක ඇති ගෑනිගේ තරම මිනිහ හොදට දන්නවා ඇති ඒකයි. අපි කතාව කියෙව්ව විදියට ,අපිට වැටහුන විදියට ඒ පවුල සතුටින් ඉන්නේ. ඔයා නම් මහා කුහක ගැහැණියෙක්.(නදී)
මට හැමෝගෙම අදහස් කියෙව්වට පසුව ලියන්න හිතුනා. චන්දි නංගි ගේ වැකිය කියෙව්වට පසුව ඇහැට පුංච් කදුලක් ආවා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.අනේ මේ පාඨක ඔයාලා හැමෝම බිරිදට ස්වාමියට දරුවට විශේෂ දිනකට ජීවිතේ පුංචි තෑග්ගක් පිරිනමන්න හුරුවෙන්න. ඇත්තටම අපි අතර ඇති අමනාපකම් මග හැරෙනවා වගේම, හිත්වල ලොකූ ගරුත්වයක් දැනෙනවා. ඒ ලෙන්ගතුකම සමගින් එකිනෙකාව අවබෝධ කරගන්න පුළුවන් . (නි)
ඇයි වදේ මේ දිසානායකට මාත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ. (නි)
සෑම්,ඔයා කිවුවට මහත්තයා කොපමණ සල්ලි දීලා ඕනෑ දෙයක් ගන්න කිවුවත් ,මට නම් ඒක මම එයාගේ මුදල් වියදම් කරලා ගන්න දේට වඩා කැමතියි, මගේ මහත්තයා මට තෑග්ගක් විදියට එයාම තෝරලා මට ගෙනත් දෙන ඇදුමක් හෝ පර්ෆියුම් එකක් හෝ කොස්මටික් අයිටම් එකකට. ඒකේ වටිනාකමකුයි ආදරයකුයි ගැබ්වෙලා තියනවා. (නි)
චන්දි නංගියෝ, සමහර විට ඔයාගේ මහත්තයා එසැන තුලින් ඔයාගේ අදහස් කියවනවා ඇති. එහෙම වුනොත් ඊළග වතාවේ ඔයා ලංකාවට යනකොට ඔයාට "සර්ප්‍රයිස්" එකක් තියාවි ෂුවර් ...අනේ ඔයාගේ මහත්තයා මේ ඔයාගේ අදහස් දකීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! ඒ නැතත් ඔයාලා පවුල් ජීවිතේ ගොඩක් සතුටින් ඉන්න දරු දෙන්නත් සමග.ඒක ඇති ඔයාට සැනසෙන්න තෑගි වලට වඩා ...!!! (නි)
මං නම් ඇහුවමයි සරුංගලයකට සාරි ගැට ගහලා උඩ අරිනවා කියලා. (ස)
චන්දී, ඔයාගේ සැමියාගෙන් ඔයාට අමිල වස්තු දෙකක් ලැබිලා තියෙන්නේ? තව මොනවද? (නි)
අසෝක!! ඔයා කියපු එක හරි ..,මම ලෝකෙට පේන්න හිනා වෙලා !! ඇතුලතින් අඬපු කෙනෙක් !! ඒ වුනාට මං මගේ පවුලේ සැම දෙනාම සතුටින් තියන හිතෙන් දුක් විඳින අම්මා කෙනෙක්.(ස)