IMG-LOGO

‘‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර)
 හෙම්මාතගම පෙතිගම්මන ජිවත්වන සර්කස් විජේ නමින් කාඅතරත් ප‍්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකි. ඔහුට ”සර්කස් විජේ” ලෙස නම් තබා ඇත්තේ ඔහු කාලයක් තිස්සේ රට පුරා ගොස් ට‍්‍රැක්ටරයක් උදරය මතින් ධාවනය කිරීම හා තම උදරය මත ගල් තබා කුලිගෙඩියෙන් පහරදී කැඞීම ඇතුලූ අසාමාන්‍ය දක්‍ෂතා පෙන්වීම නිසාය.  නිතරම කාටත් සිනා මුසු මුහුණින් කතා බහ කරන ඔහුගේ එක් විශේෂ ලක්‍ෂණයක් වන්නේ තමන් සිනා නොවී අන් අය සිනා ගැන්වීමය.


 පසුගිය දිනක සර්කස් විජේ තමන්ගේ කොණ්ඩය කැපීම සඳහා හෙම්මාතගම නගරයේ එක්තරා කොණ්ඩා කැපීමේ ස්ථානයකට ගොස් කොණ්ඩය කැපීම සඳහා තමන්ගේ වාරය එළඹෙන තෙක් එහි තිබූ පුවත්පත්  කියවමින් ඒ අතරේ අන් අය සමග විහිළු තහලූ කරමින් කාලය ගත කරමින් සිටියේය. පසුව තමන්ගේ වාරය එළඹීමත් සමග කොණ්ඩය කැපීමට තමන්ට හිමි අසුනේ ඉඳ ගත්තේ සිනා මුසු මුහුණිනි.


 සුපුරුදු පරිදි අන් අයගේ මෙන් ඔහුගේ කොණ්ඩය කපමින් සිටි කරනවැමියා ටික වේලාවකින් පසු ඔහුට පැනයක් යොමු කළේය.


”ආ විජේ අයියා කොණ්ඩය ගොඩක් පැහිලා නේද?”


” ඔව් මල්ලි මේ දවස්වල ඉඩෝරයනේ”


සර්කස් විජේ කී දේයින් කරන වෑමියාට සේම එහි සිටි බොහෝ දෙනෙකු බඩ අල්ලාගෙන සිනා සුනේ මේ අපූරු කතාව නිසයි.



අදහස් (0)

‘‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා

නිශාන්ත Saturday, 07 February 2015 05:17 AM

නියම විහිළුව... (නි)

:       0       0

කුසලාවති Saturday, 07 February 2015 06:49 AM

අනේ! මෙතුමාව ලබනවර ඡන්දයට ඉදිරිපත් කරමු (නි)

:       0       0

සඳුන් Sunday, 08 February 2015 12:28 PM

මටත් කවුරු හරි කිති කවන්නකෝ (නදී)

:       0       0

ටෝනි Sunday, 08 February 2015 12:57 PM

මට හොඳටම හිනා ගියා... (නි)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 07 February 2015 09:36 AM

මම බඩ අල්ලගෙන හිනා හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නේ (නදී)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 08:09 AM

බාල පොහොරවලටද ? (නදී)

:       0       0

ජානක Saturday, 07 February 2015 03:46 PM

මට කවුරු හරි කිති කවනවදෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site