IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සොරකම වැරැදී අතේ තිබූ සල්ලි ගෙහිමියාට පුදලා

නිවෙසක දුම්ගැසූ රබර් ෂීට් සොරකමකට පැමිණි සොරුන් සොරකම වැරදී ගෙහිමියාට සල්ලි දී පැනයාමේ අපූරු සිද්ධියක් කිරිඇල්ලෙන් වාර්තා වෙයි. 

එය සිදුව ඇත්තේ මෙසේය. පරණ පොලිස් ස්ථානයට ආසන්නයේ ඇති නිවෙසක විකිධෑමට සූදානම්කර තිබුණ දුම්ගැසූ රබර් ෂීට් කිලෝ 20ක් පමණ තිබී ඇත. ගෙහිමියා නිදන්නේ ඊට යාබද කාමරයේය. අලූයම 3.00ට පමණ ඇසුන ශබ්දයක් නිසා ගෙහිමියා අවදිවී විදුලි පන්දම දල්වා බලන විට රබර් ෂීට් තිබුණ කාමරයට ඇතුළුවිය හැකි ආවරණයක් නැති කුඩා කවුළුව අසල සිට පුද්ගලයෝ දෙදෙනෙක් අඩ අඳුරේම පැන ගියහ. රබර් ෂීට් සොරාගැනීමට ඔවුනට හැකිවී නැත.

සොරු පැනගිය දිසාව සෝදිසි කිරීමේදී සොරකම සඳහා පැමිණ රැුඳී සිටි ස්ථානය දැකගත හැකිවිය. බුලත් විට හා එහිවූ කඩදාසි කැබලි ඊට සාධක විය. ගෙහිමියා තවත් සෝදිසි කරන විට රුපියල් දෙදහසේ නෝට්ටුවක් ද එහි තිබී හමුවිය. සොරකමේ පැමිණි සොරුන්, සොරකම වැරදී අතේ තිබුණ මුදලූත් අහිමිකරගෙන පැනගොස් තිබිණි.



අදහස් (0)

සොරකම වැරැදී අතේ තිබූ සල්ලි ගෙහිමියාට පුදලා

කුමාරි Thursday, 08 May 2014 06:36 PM

පරණ ණය කාරයෙක් ණයක් ගෙවලා ගිහින්. (නි)

:       0       0

ප්‍රසන්න කුමාර Saturday, 10 May 2014 02:30 PM

පට්ට හොරු තමන්ගේ වස්තුව පුදර හිස් අතින්ම යති......(අ)

:       0       0

අබ්දුල් Thursday, 08 May 2014 07:41 PM

ඔවු. පරණ ණයකාරයෙක් තමයි කුමාරි (නි)

:       0       0

අල්මේදා Thursday, 08 May 2014 12:58 PM

සමහරවිට මේක හොර 2000 නෝට්ටුවක් වෙන්න ඇති. (ස)

:       0       0

මධුෂානි හේවාදේව Friday, 09 May 2014 08:42 AM

මෙහෙමත් මිනිස්සු.(නදී)

:       0       0

සලීම් Monday, 12 May 2014 10:40 PM

හොරු ගැන දුකත් හිතනවා ගෙදර අඩුපාඩුවකටවත් ආවද ? (ස)

:       0       0

අසෝකා Thursday, 08 May 2014 03:39 AM

මම හිතන්නේ ගෙදර හිමියාගේ වෙලාව හොඳයි.පුදුමේ කියන්නේ හොරකමේ ආ මිනිහා සල්ලිත් දාලා ගිය එකනේ! (නි)

:       0       0

දිනේෂ් පුමාල් Friday, 09 May 2014 04:22 PM

නියම හොරු නේද? (ස)

:       0       0

විපුල Thursday, 08 May 2014 08:32 PM

වාසනාව තමයි. (නි)

:       0       0

විදූෂ චිිරත් Friday, 09 May 2014 10:47 AM

ඔහොම තමයි වෙන්න ඕනි. (ස)

:       0       0

නිශාන්ත Thursday, 08 May 2014 09:54 PM

මොනවා වුණත් සාධාරණ හොරු (නි)

:       0       0

අමිළ Friday, 09 May 2014 12:21 PM

ආයේ හොරකමේ නොයන්න හොද පාඩමක් වේවි.(නදී)

:       0       0

දිලුෂි Thursday, 08 May 2014 10:22 AM

හරියට දන්නේ කොහොමද ඒ සල්ලි හොරුන්ගේ කියලා.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 08 May 2014 10:28 AM

දෙන දෙයියෝ ගෙටම ඇවිත් දෙනවා කියන්නේ ඕවට තමා. (ස)

:       0       0

නිලන්ති Thursday, 08 May 2014 10:35 AM

මීට පස්සේ ඔය හොරු ටික හොරකම් කරන්න යන එකක් නෑ මං හිතන්නෙ. (ස)

:       0       0

තුෂාරිකා Thursday, 08 May 2014 11:03 AM

දෙයියෝ සාක්කි හොරාට වෙච්ච දෙයක්. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 09 May 2014 01:59 AM

වැඩි වැඩියෙන් හොයන්න ගිහින් අතේ තිබුණු දේත් නැති වුණා.අනුන්ට ගින්දර දෙන්න ගියාට තමාටම පත්තු වෙලා නොදැනම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 619 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site