කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
 ඉණේ ගසාගෙන සඟවා සිටි දත් බුරුසුවටත් ගණන් හදා පාරිභෝගිකයා හොල්මන් කළ සුපිරි වෙළෙඳසල් හිමියකු පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ඉණේ ගසාගෙන සඟවා සිටි දත් බුරුසුවටත් ගණන් හදා පාරිභෝගිකයා හොල්මන් කළ සුපිරි වෙළෙඳසල් හිමියකු පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
 මේ වෙළෙඳසලේ පුංචි පුංචි සොරකම්, එය විවෘත කළ දා සිටම තිබුණේය. මෙය අල්ලා ගැනීම සිතන තරම්ම පහසු නොවීය. සුවඳ විලවුන් වර්ග, දත් බුරුසු ඒ අතරින් ප්‍රධානය. මක්නිසා ද යත්, ඒවා හසු නොවුණේ ඉණේ ගසා ගෙන යා හැකි භාණ්ඩ නිසාවෙනි.
එන සෑම පාරිභෝගිකයා පිළිබඳවම ඇස ගසාගෙන සිටීමට බැරි වූයේ දිනකට සිය දහස් ගණනක්ම මෙහි එන පාරිභෝගිකයන් නිසාය. අනෙක, එය ඉතාම සීරු මාරුවට කළ යුතු එකක් වීම ද මෙයට තවත් හේතුවකි.
මේ ඊයේ පෙරේදා මහත්මයෙක් මේ සුපිරි වෙළෙඳසලට පැමිණ භාණ්ඩ රැගෙන, ඒ සඳහා බිල ගෙවීමට අයකැමි ළඟට ගියේය. එදා සිටියේ එහි හිමිකරුය. ඔහු මහත්මයා ගත් භාණ්ඩවලට මිල ගණන් සෑදුවේ එකින් එක මහ හඬින් කිය කියාය. අන්තිමට ඔහු ‘දත් බුරුසු එකයි’ කියා එයට ද මිල දැමුවේය.
මේ සමගම මහත්තයා, “මම දත් බුරුසුවක් ගත්තේ නැහැනේ” යැයි කීවේය. “ඇයි මහත්තයා, ඔයාගේ ඉණේ තියෙන්නේ දත් බුරුසුවනේ” යැයි වෙළෙඳසල් හිමියා කී විට, මහත්තයාට තුන් මුහුණින් දහඩිය දමන්න පටන්ගත්තේය. දත් බුරුසුවකින් දැන් දැන් තමාගේ රෙදි ගැලවෙන බව මහත්මයා සිතුවේය. “අනේ සොරි, මට ඔක්කෝම අතේ ගේන්න බැරි නිසයි මම මේ දත් බුරුසුව ඉණේ ගහගත්තේ” යැයි මහත්තයා කීවේය.
“ඕ... ඒක එහෙම වෙන්න ඇති” යැයි කියූ වෙළෙඳසල් හිමියා, කිසිදු දෙයක් සිදු නොවූ ගණනට, “ඒකට කමක් නැහැ. හෙටත් අපේ කඩේට බඩු ගන්න එන්න. මට ඉතින් දිවැස් තියෙනවා” යැයි කියමින් ළඟදී වෙළෙඳසලට සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය බලා සිනාසී මහත්තයා පිටත් කර යැව්වේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සොරකම් කළ දත් බුරුසුවත් බිලට වැටිලා