IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර් වෙන්න මුදල් නොදුන්නැයි බිරියත් සමග උරණවී කොන්දත් කඩාගෙන

මත්පැන් පානය කිරීම සඳහා මුදල් නුදුන්නේ යැයි තම බිරිය සමග උරණ වූ පුද්ගලයකු කේන්තිය පිරිමසා ගන්නට ගසක් මතට ගොඩවීමට තැත් කරද්දී එම ගසින් ඇද වැටී කොන්ද කඩාගෙන බිරියගේ පිහිටෙන්ම රෝහල්ගතවීමේ පුවතක් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.

ඔහු මතට ඇබ්බැහිවූවෙකි. තම බිරිය අත මුදල් ඇතැයි දැනගත් හෙතෙම කටගොන්නක් බීගෙන නිවසට පැමිණ ඇගෙන් සුළු මුදලක් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තක් ඇතැයි පවසමිනි. සැමියාගේ තරම දන්නා බිරිය එය එකහෙලාම ප්‍රතික්ෂේප කළේ “බොන්න දෙන්න මුදල් මා අත නැතැ”යි නෝක්කාඩුවක්ද පවසමිනි. මුදල් නොදීමෙන් උරණ වූ හෙතෙම කේන්තියෙන් වෙව්ලමින් නිවෙස අසල වූ සියඹලා ගසකට නැගීමට තැත්කළේ ‘බලා ගනින් අද මම කරන දේ’ යැයි පවසමිනි. නන් දොඩවමින් ගස මතට ගොඩවූ ඔහුට එහි රැඳී සිටින්නට හැකිවූයේ මිනිත්තු කීපයකි.

ගසේ රැඳෙන්නට වාරු නැතිවූ එක්වරම බිම ඇද වැටුණේ ඒ වනවිටත් නිවෙස අසලට රැස්ව සිටි පිරිසගේ මුවගට සිනා රැළි නංවමිනි. එහෙත් හිට ගන්නටවත් වාරු නැතිව කෑ මොර දෙන්නට පටන් ගත් මෙම පුද්ගලයා බිරිය ඇතුළු ගම්වාසීන් එක්ව ඒ මොහොතේම රෝහල්ගත කළ අතර පසුව දැන ගන්නට ලැබුණේ ගසින් ඇද වැටීමෙන් ඔහුගේ කොන්දට බරපතළ හානි සිදුව ඇති බවකි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

සූර් වෙන්න මුදල් නොදුන්නැයි බිරියත් සමග උරණවී කොන්දත් කඩාගෙන

රාධා Tuesday, 24 January 2017 03:17 PM

සියඹලා ගස් ගෙවල් අසල වැවීම තහනම් කළයුතුයි (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site