දකුණු පළාතේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඔහු පසුගියදා රිය ගැටුමකට ලක්වූයේ බීමත්ව යතුරුපැදියක් ධාවනය කරවීමේ හේතුවෙනි. කටේ ඉදිරිපස දත් දෙකක් මේ නිසා ඔහුට අහිමි වූ අතර කඩිනමින් කෘතිම දත් ජෝඩුවක් සවිකර ගත් ඔහු ඥාතීන්ට කීවේ තවත් නම් බීමත්ව රිය නොපදවන බවය.
පසුගියදා ඥාතියකුගේ මංගල්‍ය උත්සවයකට සහභාගිවූ ඔහුට මධුවිත නැතිවම බැරිවිය. හිතවතුන් සමග මත් වතුර බොන අතරේ කට ගැස්මට ගෙනා කුකුළු මස් ද භාවිත කළ ඔහුට මස් කැබැල්ලක වූ කටු ගතිය නිසා එය රැගෙන ගොස් කුණු භාජනයකට දමා ආපසු ආවේ සංවිධායකවරුන්ට ද දෝෂාරෝපණ කරමිනි.
එහෙත් ආපසු පැමිණි පසු කටේ අමුත්තක් දැනුන හෙයින් දිවගින් දත් පරීක්ෂා කර බැලූ ඔහුට දෙවියන් සිහිවූයේ මස් කටුව සමග තම අලුත් දත් දෙක ද කුණු භාජනයට වැටී ඇති බව දැනුණු හෙයිනි.
නැවත කුණු භාජනය පිරික්සීමට තරම් කල්පනාවක් නොවූ හෙයින් කට වසාගෙනම ගෙදර ගිය ඔහු පසුදාම දන්ත වෛද්‍යවරයා හමුවී අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට මුදලක් බැන්දාලු.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලෙට අහන්න වෙන කතා! (නි)
මට නම් හරිම අපුලක් දැනුනා (නි)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු
මේක දකිද්දී මට අපේ පිටබැද්දර ජයා අයියව මතක් වුනා ..!.ඔයා හොදින්ද ජායා අයියේ ..? (බ)
හොඳ වැඩේ! (නි)
රුපවති අක්කේ ඔය කතාවටම හරියන කතාවක් තියෙනවා හැබැයි එක ලස්සන කරලා ලියන්න පුළුවන් අපේ වික්‍රමට තමයි (බ)
මගේ යහළුවෙකුටත් ඔවැනි දෙයක් සිදුවුණා. එනම් ඔහුගේ පෙම්වතියගේ ආරාධනය පරිදි ඉබ්බාගමුවේ නිවසට ගිය පළමු දිනයේ වැවක නෑමට ගිය විට, ඔහු භාවිතා කළ කෘතිම දත් ජෝඩුව වැවට වැටුනා. වැවේ මඩ නිසා ඒක සොයා ගැනීමට කොතරම් උත්සහ කළත් නොහැකි වුණා. ඉදිරිපස උඩු ඇන්දේ දත් නැති බව පෙම්වතියගේ පවුලේ අය දැන ගැනීමට පෙර වැව ළඟදීම ඇයට සමුදීමට ඔහුට සිදුවුණා. (නි)