IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සැමියාගේ හොරවැඩ අල්ලන්න ගිය බිරියට අපූරු දඬුවමක්

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණපෑමට සිදුවූ අපූරු සිදුවීමක් සක්මන් මළුවක් නිසා ප්‍රසිද්ධියට පත් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය. 


සිල්ලර වෙළෙඳාම සිය ජීවිකාව ලෙස සිදුකළ පුද්ගලයකු වූ ඔහු විවාහකයෙකි. ඔවුන් ජීවත් වූයේ වෙළෙඳසල ආසන්නයේ ඇති නිවසකය. බිරිඳ මූල්‍ය ආයතනයක රැකියාව කළ තැනැත්තියක් වූ නිසා දිවා කාලයේ නිවසේ ගත කරන කාලය අල්ප විය. දරුවන් ද විවාහවී වෙනම ජීවත්වන අතර පනස්විය ඉක්මවා ඇති මුදලාලි කාන්තා ඇසුර ප්‍රියකරන ඔවුන් සඳහා අත දිග හැර වියදම් කරන අයෙක්ද විය. සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට බිරිඳ ද කොතෙකුත් උත්සාහ කළ ද එය නිශ්ඵල කාර්යයක් විය. 


වෙළෙඳසල තුළට සවස් කාලයට රිංගන මීයන් ඇල්ලීම සඳහා මුදලාලි දෛනිකව මී කතුරක් අටවා තැබීම සිරිතක් ලෙස සිදු කරයි. පසුගිය දිනකද සිරිත් පරිදි සිය කාර්යය කළ මුදලාලි විදුලිය විසන්ධි කරන නිසා ඉටිපන්දම් දල්වාගෙන සවස් කාලයේ වෙළෙඳාම් කටයුතුවල නිරත විය. 


ගමේ වෙසෙන හැඩකාර කාන්තාවක් කඩයට එනු දුටු බිරිඳගේ සිතට සැකයක් ඇතිවී අඳුරේම කඩයට ගියේ සිය සැමියාගේ නොහොබිනා වැඩ අතටම හසුකර ගැනීමටය. පිටුපස දොරෙන් අඩ අඳුරේම වෙළෙඳසලට ඇතුළු වූ ඇයට වැඩිදුරක් යාමට නොහැකි විය. මීයන් ඇල්ලීමට අටවා තිබූ මී කතුරට කකුල අසුවී සර්පයකු කපා කෑවා යැයි පවසමින් මරළතෝනි දෙන්නට වූවාය. කලබලයට පත් මුදලාලි දුවමින් බිරිඳගේ කකුල මී කතුරෙන් මුදාහැර වෙළෙඳසල වසා දමා බිරිඳගේ කකුලේ තුවාලයට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයා සොයා ගියේය. 


බිරිඳට සිදුවූ අකරතැබ්බය ගම්මුන්ගෙන් වසන් කිරීමට ඔවුන් උත්සාහ ගත්තද පසුදින උදෑසන වනවිට සිද්ධිය ගම පුරා පැතිරී ගොස් තිබිණි. 



අදහස් (0)

සැමියාගේ හොරවැඩ අල්ලන්න ගිය බිරියට අපූරු දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site