IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සැමියාගේ හොරේ මඩ පුවක් කෑල්ලෙන් අහුවෙලා

බුලත් විටක් නිසා බිරියගෙන් බැණුම් ඇසූ සැමියෙකු පිළිබඳ පුවතක් දෙල්වල ප‍්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඔහු කාර්යාලයක සේවය කරන්නෙකි. පුරුද්දක් වශයෙන් නිතර බුලත් විට හපයි. ඔහු උදෑසනම බුලත් විටක් මිලදීගෙන පොඞ්ඩක් කා කට සෝදා පිරිසිදු කරගෙන වැඩට යයි.

විටේ ඉතිරි ටික දවල් කැමෙන් පසු හා සවස වැඩ ඇරී ඉතිරිය කා දත් මැද කට පිරිසුදු කරගෙන ගෙදර යන්නේ ඔහු බුලත් විට කන බව බිරිය දැන ගතහොත් බැණුම් ඇසීමට සිදුවන නිසාය. ඔහුගේ බුලත්විට කෑමට ඈ තදින් විරුද්ධය. එහෙත් ඔහු සුපුරුදු පරිදි බිරිඳට හොරෙන් විට හැපීම සිදු කරයි.

දිනක් හවස වැඩ ඇරී ගෙදර ආ පසු තම බිරියත් සමඟ කතා කිරීමට යාමේදී අද කොහෙන්ද ජරා ගොඩක් කාලා ආවේ” යැයි බිරිය ඔහුගෙන් ඇසුවේ නහය වසාගෙනය. තරු විසි වූ ඔහුට මතක් වූයේ අද දිනයේ ගත් බුලත් විටේ තිබුණේ මඩ පුවක් බවය. කොතරම් දත් මැද කට පිරිසුදු කළත් මඩ පුවක් ගඳ නොගොස් ඇති බව ඔහුට වැටහිණි. පසුව බිරිඳට ඇත්ත කියා බුලත්විට කෑමත් නැවත්තුවාලූ.



අදහස් (0)

සැමියාගේ හොරේ මඩ පුවක් කෑල්ලෙන් අහුවෙලා

සමන් Thursday, 30 July 2015 08:04 PM

නෝනට ගෙදර පොලීසිය කියන්නේ නිකන්ද ? (නදී)

:       0       0

මෝරි Thursday, 30 July 2015 11:05 PM

දුමින්ද කාන්තාවන්ට කිසි ගෞරවයක් නැති පාටයි (නදී)

:       0       0

අජිත් Thursday, 30 July 2015 11:38 PM

මටත් ඉදල හිටලා කරපු සිකරට් බිම නවත්තන සිදුවුනේ මගේ බිරිදගේ අසාමාන්‍ය සංවේදී නහය නිසයි. මම අද ඒ ගැන ඇත්තටම සන්තෝශ වෙනවා (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 09:37 AM

අජිත්,ඔයා ඒක තේරුම්ගත්ත එක ලොකු දෙයක් (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 30 July 2015 04:33 AM

බිරිදට හොරෙන් දේවල් කරන්න බැහැ කියන්නේ ඕකටනේ. මොකද කවදා හරි අතටම අහුවෙන නිසා.(ම)

:       0       0

අජිත් Thursday, 30 July 2015 12:06 PM

මොකක්ද බුලත් විටක් කෑවම තියෙන ප්‍රස්නේ. කට ගද ගහන එක නැතිව යනවානේ. මට නම් හිතෙන්නේ ඒ ස්ත්‍රිය කට ගඳ ගහනවට කැමති කෙනෙක් කියලයි. (නදී)

:       0       0

ජයන්ත Monday, 03 August 2015 03:41 AM

මගෙ කට නම් කොහොමත් මඩ පුවක් ගඳයි ඒ නිසා අවුලක් නෑ (නදී)

:       0       0

සෙලිනා Thursday, 30 July 2015 01:04 PM

දුමින්ද තමන්ගේ මව හා සහෝදරියනුත් ගැහැණු බව අමතක උනාද ...? (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 30 July 2015 01:25 PM

ඊට වඩා හොද නැද්ද ගෑනි මිනිහට ඇඳලා මිනිහා නපුංසකයෙක් උනානම්.(නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 08:37 AM

බල්ලන්ට සහ නෝනලට ඇත්තේ අරුම-පුදුම ඉවකි (ම)

:       0       0

දිනේෂ් Thursday, 30 July 2015 03:16 PM

පිරිමියෙක් වගේ ජිවත් වෙයන් මිනිහෝ. ඔය වගේ අයට කියන නමක් තියනවා (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 30 July 2015 04:14 PM

මෙවන් නාසයක් ඇති බිරිඳක් සසර පුරා හමු නොවේවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site