සැමියා පරීක්ෂා කරවන්නට මිතුරියට බාර කළ බිරියකට සැමියා සදහටම අහිමිවූ සිද්ධියක් නදියක් අසබඩ ගම්මානයකින් වාර්තාවේ.
ආදර සම්බන්ධයකින් එක්වූ යුවලකි. තවම දරු මල්ලන්ද නැත. සැමියා රජයේ රැකියාවක නිරතය. උදේ රැකියාවට යන ඔහු සවසට ඉක්මනින් ගෙදර එන්නේ නිවසේ හුදෙකලාව සිටින බිරියගේ පාළුව මකා කල් ගත කරන අදහස ඇතිවමය. ඔහු ඒ තරමට බිරියට ආදරය කළේය.
බිරියට සිය සැමියා ගැන කිසියම් කුකුසක් ඇතිවුණේය. සිතේ තෙරපා ගෙන සිටි මේ කුකුස මිතුරියකට හෙළි කළාය. ‘‘අනේ මට මෙයා ගැන සැකයි’’ ඇය මිතුරියට කීවාය. වෙන්න බැහැ. ‘‘එයා හරිම හොඳයි’’ මිතුරිය කීවේ අවංක අදහසිනි. ‘‘ඒකට කමක් නැහැ. එයා ඔයාව දන්නේ නැහැනේ. ඉඳහිට ටිකක් කතා බහ කරලා බලන්න මෙන්න අංකය’’ ඇය සැමියාගේ ජංගම දුරකථන අංකය මිතුරියට දුන්නාය.
මේ ඉල්ලීම නිසා බිරියගේ මිතුරිය ඉඳ හිට ඔහුට කතා කරන්නට වූයේ කැමැත්තකින් ද නොවේ. මිතුරිය වෙනුවෙන් උපකාරයක් කරන අදහස ඇති නිසාය. ඉඳහිට කතා කළත් ඔහුගෙන් ඇයට අනුබලයක්ද ලැබුනේ නැත. ඈ මේ බව මිතුරියට කීවත් ඇය ඉල්ලා සිටියේ තව දුරටත් කතා බහ කැරමින් විමසිලිමත් වන ලෙසය. මේ ඇමැතුම් ලැබීම සැමියාට කරදරයක් වූයේය. ඔහු මේ ගැන පොලීසියට පැමිනිල්ලක් කරමින් මේ කරදරකාරි ඇමතුම් නවතා දෙන ලෙස ඉල්ලා සිටියේ ඔහුට කාන්තාව කතා කරන අංකයද ලබා දෙමිනි.
මූලික විමර්ශනයෙන් පසු දෙපක්ෂය කැඳවිණි. සැමියා සමග බිරියද පොලීසියට ගියාය. විත්තිියට ආවේ බිරියගේ මිතුරියය. මිතුරියට පොලීසිය අවවාද කරද්දී ඇය සියල්ල හෙළි කළාය.
මෙතරම් ආදරයෙන් සිටින තමා විශ්වාස නැති නම් දැන්ම ඉවත් වෙන ලෙසට සැමියා බිරියට කීවේ හැඟුම්බරවය. මෙසේ නිකරුනේ තමන් සැක කරන බිරියක ගැන තමන්ට විශ්වාසයක් නැති බවද ඔහු කීවේය. මෙතැන් සිට තමන් තනිකඩ දිවියක් ගත කරන බව කී සැමියා පොලීසියෙන් පිටව ගියේ බිරිය දෙසවත් නොබලමිනි. නිකරුනේ ඇති කරගත් සැකයක් නිසා ඇයට අන්තිමේ සිය ආදර සැමියාද හොඳම මිතුරියද අහිමිව යළි මවුපිය සෙවණට ගොස් දැන් කාලය ගත කරන්නේ හැඬූ කඳුළින් යුතුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සරත් , මම එහෙම සවුත්තුව දැම්මා නම් , ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්න. අපි එහෙම ලියන්න ඇති.මොකද අපි සරත්ට විහිළු කරන නිසා. වෙන කෙනෙක් කියලා දැනගෙන නෙමෙයි. අනේ දෙවෙනි සරත් හදුනා ගැනීමේ ලකුණක් සමග අපිට ලියන්න, අපිත් සමග ඉන්න (නි)
මාතර ප්‍රසිද්ධයි කිරි පැණි වලට... දෙන්නම් කන්න ඒවා සුජීවට... (නි)
සුරාව, හා දුම්පානය මෙන්ම රේස් ඔට්ටු ඇල්ලීම තදින් ඇබ්බැහි වූ සැමියා තාවකාලිකව ටික කලක් මහන දිවියකට පත් වෙන්න බිරිදක් විසින් නිතර ඇවිටිලි කරමින් කෙසේ හෝ පොළබවා ගත්තේය ,ඔහුටත් හරි මග යන්න ඕනෑකම නිසාම නුදුරේ ඇති පන්සලක අධිපති හිමිනමක් යටතේ තාවකාලික පැවිද්දට පත් වී දින කීපයකින් විතර බිරිද මහා සගනට දාන පිළිගන්වා සුදානමින් සිට සමූහ ඡායා රූප කිහිපයක් ද ගෙන ලහි ලහියේ ලිපිලේඛන සමග සමූහ ඡායා රූප කිහිපයද අමුණා දික්කසාදය ඉල්ලා නඩුවක් උසාවිට ඉදිරිපත් කරමින් කියා ඇත්තේ ස්වාමියා තමා හැරදා පැවිදි වී ඇති බැවින් අදාළ තොරතුරු පිළිගන්නා ලෙසය, හැදිමිටේ නුවනින් නොහොබිනා සහකරුගෙන් මිදුණි. (නදී)
ඇයි සමදරා අක්කේ එහෙ සර්පයෝ ... විමානේ... හැබැයි මෙහෙ නම් සර්පයෝ නැහැ. .(නදී)
පැන්චියෝ අනේ අපට කොයින්ද කිරි බාප්පල..කිරි කුඩම්මලා. එයාල රා බොනවලු.බෙල්ල ලඟ මිරිකනවට බයලු..රනව(රා) බොනවලු. හකුරු එක්ක.අනේ අපිට හුලන් වත් බොන්ඩ බැරිය. රකිත් යයි කට්ට මාමයි බීලඑයිද? (ස)
12:56:50 කමෙන්ට් එක මගේ නොවේ (නදී)
නාරි චිත්තං න විස්සති... (ස)
නිර්මාල්ගේ කතාවත් ඇත්ත.එහෙම ලෙඩක් තිබෙනවා. මෙතන නම් වෙනස් වගේ.කාන්තාවන්ගේ සැකය තමයි ප්‍රශ්නේ.අපරාදේ ජෝඩුව වෙන්වුණේ (නි)
මොකක්ද සමදරා ඔයාගේ මේ හැමවෙලේම නාහෙන් අඬන්නේ ? (දිල්)
නරන්ප්ප - දැන් ගස් කපල, කෑලා එළිකරලා ඉස්සර වගේ නෙවේ. අපේ පැත්තේ ගඟේ දැන් කිඹුල්ලු නැහැ (නදී)
පෙත්තෝ, සරත්, බදාගෙන හරි බෙදාගෙන හරි දෙන්න ඕගොල්ලෝ එන්නකෝ මෙහෙ. ඉරිදා දවසක ආවා නම් හොදයි (නි)
කිරිපැණිත් අතුරු පසට තිබ්බා නම් අගේ නිම කරන්න බැහැ. (නි)
අපිට ටිකක් හිනා වෙන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් අර " ඇම්ඩම්" ගේ කතා ටිකක් ලියන්නකෝ. (ස)
ඒ කියන්නේ චන්දී ඔයා මේ ඔක්කොටම වඩා උඩින්ද ඉන්නේ? (නි)
මම තමයි කාටත් උදව් කොරන්නේ ...යාලු කමට හොර අල්ලන්න මට පුළුවන්..හැබැයි රා බිල පවුල් අවුල් හදා ගන්න එපා. නේද සමද(රා) නැන්දේ.. (ස)
ඉන්දු /සමාදී ඔයාල මගේ අදහසට තරහ ගන්න එපා . ඕක මේ සුජීව කියපු කතාවක නෙවෙයි ඔයාලගේ කතාවත් ඇත්ත එක මම පිලිගන්නවා. නමුත් මේවගේ වැඩ බිරින්දෑවරු දකිනකොට ගැහැණියෙක් වශයෙන් ඔයාලට තරහ යන්නේ නැද්ද?(දිල්)
චන්දි නෝනා මම කිව්වේ හලාස් කියලා. මං ඉන්න රටේ කියන්නේ ක්ලාස් කියලා. කලාසර් කියන වචනේ ලංකාවේ. මම පෙරේරා අංක එක. අනික් එක්කෙනා නිකන්ම පෙරේරා.ප්‍රශ්නේ ඉවරයි.මට පැටලෙන්න වෙලා නෑ. (ස)
රූප මගෙන් කුණුහරුප අහගන්නේ නැතිව ඉන්න. මගේ නියම (මුළු) නම එදිරිමාන්නගේ සමදරා නන්දිකා බක්මීවැව ආරියදාස (උපත: 13/5/63). මගේ තාත්තා එදිරිමාන්නගේ පොරෝලිස් බක්මීවැව ආරියදාස - ගොවියෙක්. ඔපිසර හැටියටත් වැඩ කළා. අම්මා - පෙදුරුආරච්චිගේ චාලට් නෝනා (නදී)
සරත්, පෙරේරා යනු ඉතාමත් බහුල නම්. මෙතන වුවමනාවෙන් හොර අදහස් දැමීමක් නොවේ. මගේ නමින් හොර අදහස් දැම්මේ වුවමනාවෙන් නම්,ඒ වැඩේ භයානකයි (නි)
මට මොකෝ.? එයාගේ සතුට.. යක්කුන්ට බයේ සොහොනේ ගෙවල් හදන්න මේ පෙරේරා එන්නේ නෑ මල්ලි..(නදී)
ඔයාලා 21 එන්නේ නැත්නම් කියන්න. අපරාදේ තාත්තගේ තුට්ටු දෙක.ලොකු මස්සිනා සුදු ගාන්න හදන්නේ. නිකන් අපරාදේ සල්ලිනෙ (නි)
හොද වැඩේ. පණ වගේ ආදරය කරන තම සැමියාව සැක කරන්න ගියාට. දඩුවමත් හොදයි. හැබැයි තව ටික දවසකින් වරද පහදලා දීලා නැවත එක් වෙන්න හොදේ (නි)
රූපා කියන්නේ මිරිස්සේ රූපරත්න ගොයියා වෙන්නැති කියලා තාත්තා කිවිවා. එයත් ඔපිසර කෙනෙක් මාතර රෝහලේ ගේට්ටුවේ මූර වැඩෙත් කලා. අන්තිම සවුත්තු කෙනෙක්. .(නදී)
අනේ පෙටී..මම කාටවත් ගිනි තියන්නේ නැහැ ..සමදරා නැන්ද..?එලියෙලු මඩුවක් ගහන්නේ අපිට නවතින්න ..? එයා හපලා..හපලා කෙල ගහන බුලත් කෙල ගොඩේ නම්..පැදුරක් නැතිව මට ඉද ගන්න බැහැ.. ඉටි පන්දමක් වත් නැතිව කළුවරේ ...?අර චන්දි නංගි කියනවා වගේ බෙල්ලවත් මිරිකුවොත් මතක නැද්ද පසුගිය කාලේ උන දේවල් ..අනික කන්න දෙන දේවලට ජාපාල දමල දෙයිද කියලත් බයයි. මම එක්ක තමයි ගොඩක්ම තරහ තිබුනේ ...?ඒ මම පොඩි එකී නිසාලු ...? (නදී)
දිසා කල කල දේ පල පල දේ කියන පිච්චර් එක ඔයා බැලුවද? හරි ෂෝක් .(නදී)
තමන්ගේ නමින් විස්තර නොලියා අනුන්ගේ නම් වලින් අදහස් පලකරන කෙනා කව්ද?ශාපම ශාප වෙනවා.ඇයි දෙවියනේ තිරිසන් වෙස් ගන්නේ? (නි)
ඔන්න පන්තියේ ගුරුතුමිය මැක්ක ගැන රචනාවක් ලියන්න කියලා. ඔන්න අපේ සමදරාත් ලිව්වලු ලස්සන රචනයක් .පහුවදා කිවලු බලලා ගැන ලියන්න කියලා. ඉතින් සමදර ලිවලු මෙහෙම .බලල වනාහි සිවිපා සතෙකි. ඌ ගෙවල් වල ඇතිකරයි. උගේ ඇගේ මැක්කන් ඇත. මැක්කා වනාහි කියල එතැන් සිට ලිවලු මැක්කා ගැන. පහුවදා දුන්නලු පුසා ගැන. අපේ සමදරා කෙලි ඒක අවසන් කෙරුවෙත් මැක්කගෙන්ලු. බැරිම තැන ටිචර් කිවලු මාලුවා ගැන ලියන්න කියල අපේ සමදරත් මැක්කා ඇරෙන්න වෙන සතෙක් ගැන දන්නේ නැහැනේ .ඉතින් ලිවලු මෙහෙම මාලුවා ජලයෙහි වාසය කරයි. මාලුවගේ අගේ මැක්කන් නොමැත .බැරි වෙලාවත් මැක්කන් සිටියෙ නම් කියලා. එතැන් සිට මැක්කා ගැන ලිවාලු .......ඒවගේම මේකේ චෙම්මේන්ට්ස් ලියපු අපි ඔක්කොම ලියල තියෙන්නේ කැකනදුරේ මැක්කි ගැන.(නදී)
රනව(රා), සමද(රා), ස(රා), (රා) කිත්, හේ (රා), පෙරේ (රා) මේක රා කාරයන්ගේ සංගමයක් ද කොහෙද? සැකයි..සැකයි.. (ස)
ෂෙරිෆ්, මටත් හිතෙන්නේ ඔය කියන තරම් ආදරෙන් හිටියා නම් එක්කාගෙන යාවි. (නි)
සමදරා නැන්ද සිල් රෙද්ද පැත්තකට දාලා අන්න කරාටේ පුරුදු වෙනවා.එන පොට හරි නෑලු කියලා. (දී)
''දෙයියෝ සාක්කි ''අදහස අනුගමනය කරලා අදහස් දමන්නේ කීයෙන් කීදෙනාද ? පොල්සම්බල් ,,,,,,,,,ලුණුමිරිස් ,,,,,,,,හැට්ටකටු,,,,,,ජී, පී, එස්,,,,,,,,,,අන්තිමට අන්තිමට ගහමරාගන්න සයිස් (ස)
ඕගොල්ලෝ අපේ ගෙදර එනවනම් ඔය සන්ඩු නතර කරගන්න ඕන.ඉරිදා දවසක අවොත් මැම්බර් අයියාගේ වැන් එකෙන් කතරගම ගිහිල්ල ආවැකි - 14ට යන්න පුළුවන් ඩෙලිකා එකක් (දී)
මම දන්නා කෙනෙක් ඔය ස්ත්‍රී පක්සයගේ සැකය කියන වස්තු බීජය නිසා එයාගේ දැන් දෙවෙනි කසාදය දුවන්නේ .පළමු එකෙන් මට්ටුඋන නිසා ,ඒ කතා අහපු දෙවෙනි කෙනත් , ඒ දේමයි දැන් කරන්නේ , මේක මානසික ලෙඩක් ,මිනිහගේ ලස්සන ,උගත්කම,සමාජ සීලිබව ,රැකියා මට්ටම ,මේ වගේ දේවල් තමා සැකයේ බීජය .උගත් ,නූගත් දෙගොල්ලටම මේ ක තියෙනවා (ස)
දාවිත්, දිසා අයිය එක්ක මම රා ටිකක් බිවිවොත් ඒ ගෙදර ඇතුලත විතරයි හොඳේ. මිනිස්සු ගල් ගහයි නැත්නම් (නදී)
දිසා මාමේ ..දින කීපයකට ඉහතදී ..මමත් ඕක කියෙව්වා. ඉන් පසුව පත්තරේටවත් ලියන්න බැරි තරමට හිත කඩා වැටිලා තිබුනා. ඕකුන්ව තමයි ප්‍රසිද්දියේ එල්ලන්න ඕනා. රටේ වගකිව යුත්තෝ ඉන්නේ නොවැදගත් දේවලට බල තල දෙන්න මිසක් රටේ ඉදිරියට බලගතු නීතියක් ඇතිකරන්න කාටවත් ඕන නැහැ ඡන්දෙ ගත්තොත් ඒ ඇති ..? මිනී මරාගන්න බල තල සමග .නොමිලේ ජනතා අයිතීන් භුක්තීන් විදින්න ..අපි හැමදාම දුකේ ඉන්නේ. අපේ දරු පැටව්ට හෙටක් නැහැ රටේ.(නදී)
ඉහත 15:04:40, මම ලියුවේ 'ඇඳුම්' නෙවි, .(නදී)
ටකස්..ටකස්..දොර ඇරපන් බන්..මන් ඔපිසර..මන් ඔපිසර..(නදී)
මම නිර්මාල් සමග 100% එකගයි. එයාට මනසික අසනීපයක් තිබෙනවා. ඉතින් කලින්ම අයින් වූ එක හොඳයි. තත්වය දරුණු වෙන්නට පෙර. නිර්මාල් හරි. මමත් දුක් වින්ද කෙනෙක් නොසෑහෙන විදියට. මමත් මරණයෙන් බේරුන කෙනෙක්. එක්කෝ මැරී මැරි ඉපදෙන්න වෙන්නේ. මේ අසනීපයට නිසි ප්‍රතිකාරයක් නැහැ. සදහටම බෙහෙත් පාවිච්චි කළොත් තරමක් මර්දනය කර ගත හැකියි.පව් ඒ ජෝඩුව. ! (නි)
බෙල්ල - වත් මිරිකුවොත්...ඒවා කොහෙද? ඉටිපන්දමින් පුච්චන්නද? ගිනි පෙට්ටි කෝ? ජාපාල ඇට දුන්නොත් පැදුරේම තමා. බුලත් කෙල තව හොදා..(නදී)
කරුණාකරලා ඔයාලගේ අතේ තිබෙන මාලිමා යන්ත්‍රය අංශක 360ක් කරකවා යා යුතු නිවැරදි දිශාව තෝරා ගෙන ආයෙත් යමින් සිටි ""දිසා "වටම යමින් සිටිනා බව දැනගන්න..(නදී)
බිරිද සැමියාට මෙසේ කීය .ඒයි මගේ හැට්ටේ කටුව ගහනවකෝ.කෝ දෙනවා, තමුසෙලා මහා ලොකුවට අයිතිවාසිකම් ගැන කතාකරනවා, මේ ලෝකේ පිරිමි නැත්නම් තමුසෙලට හැට්ටේ කට්ටක්වත් ගහගන්න කෙනෙක් ඉන්නවද ?අනේ නිකන් ඉන්නවා, මේ ලෝකේ පිරිමි නැත්තම් කටුගහන්න නෙමෙයි, හැට්ට අදින්න ඕනෑත් නැහැ . (නි)
මිනිස්සුන්ව අනවශ්‍ය විදිහට අවිශ්වාස කරනවාට පාඩම් මේවා
කැඩිලා තියෙන පවුල් අලුත් වැඩියා කර දෙනු ලැබේ. අවුල් පවුල් සුද්ද කර දෙමි. හොර රහසේ ලියන්න. දුක 502300001.(නදී)
චන්දි ඉතින් කියන්නකෝ ගාලු පාරෙන් හැරිලා ඇල්පිටිය පාරේ ඇවිත්....? (දී)
තාත්ත එහෙම කියන්න ඇත්තේ ජාපාල ඇට කතාව හින්ද වෙන්නැති. එයාගේ හිත ඒකට කැඩිලා .(නදී)
සරත්, පෙත්තෝ, හා හා බලාගෙනයි (නි)
පවුල් ප්‍රශ්නෙට දාල තියෙන කමෙන්ට්ස් ටික බලපුවම ,පවුල් ගෝරි වලට අපේ අය කාන්දමට ඇදෙනවා වගේනේ !! අනේ අනිච්චන් (දී)
හොඳ ඇඳුම් තියෙනවා නම් ගේන්න කියල ලිවුවේ නැහැ. අපි දුප්පත් උනත් නම්බුකාර මිනිස්සු .(නදී)
නාමල් අයියාගේ නෑනා සයනු මයනු දයනු රා ළඟට යන්නකෝ කියලා දේවි. හැබැයි කයිවාරුකාරයන්ට වැඩ බැරිලු. (නි)
චන්දි නගෝ මම නම් නිතරම ඇඹුල් තියල උයනවා. යස අගේට හදන්න දන්නවා. සමහර යාළුවො මට කියල හදවගන්නකොට බිරින්දෑවරු ලජ්ජා වෙනවා. (දී)
යාලුවනේ,දැන් මෙතන පිරිමියා පණ වගේ අාදරෙයිලු බිරිදට.එහෙත් වෙන කාන්තාවකගෙන් ඇමතුමක් ආවා කියා කියලා නැහැනේ බිරිදට.ඒක නිසා වෙන්න ඇති තව සැරයක් මිතුරියට කතා කරන්න කියන්න ඇත්තේ. (නි)
සරත්, පෙත්තෝ, කෘමිනාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. (නි)
මගේ පොලොස් ඇඹුලත් බොහොම ජනප්‍රියයි. කටට රසට කන්න ඕනේ නම් චන්දි නගාට මගේ පැල් කොටේ ඉඩක් දෙන්න පුළුවන්. (දී)
මම කිව්වානේ හොඳ ඇඳුම් තියෙනවා,ඒවා ගේන්නේ නැහැ කියලා (නි)
පහන් මඩුගල්ලේ, ඔබ ළඟ ලස්සන පුංචි කතන්දර රාශියක් තිබෙන බව පෙනෙනවා. හැකි වුණොත් කවදාහරි සියල්ලම එකතු කරලා පුංචි පොතක් හදන්න. මම නම් මිළදී ගන්නවා. (නි)
කාට කාටත් පාඩම් මේවා
08.07.43...මේක මම දාපු අදහසක් නෙමෙයි යාලුවනේ (නි)
ඉතින් මට තාම තුන්වැනි විස්සවත් නැහැනේ? (නි)
දැන් මේ කුසුම් අක්කා කියන විදිහට දම්වැල් වලින් බැදලා තිබුණත් යන ගෑනි දම්වැල් කඩාගෙන හරි පැනලා යනවා.ඉබ්බෙක් දාලා තිබුනත් ඉබ්බා කඩලා හරි අාශාවන් ඉෂ්ට කරගන්නවා.නීතිවලට ,උපදෙස් වලටවත් මෙල්ල වෙන්නේ නැහැ.බිරිය සතුටු කර ජීවිතය ජයගත හැකිදෝ?අන්න ඒක මට තේරුනේ නැහැ.මොකද කුසුම් අක්කා කලින් සදහන් කළ කාන්තාව අපේ භාෂාවෙන් කියනවා නම් එසේ මෙසේ එකක් නෙමෙයි.එතකොට සතුටු කරලා පිනවන්න පුළුවන් වෙයිද කියලා සැකයක් මතුවෙනවා.ඒ නිසා මේ වගේ මෝඩ කවි ලියන්න එපා. ඔයා කාන්තාවන්ට අපහාස කරලනේ අක්කේ (නි)
මයේ පෙත්තව මම ඔරුවේ තනි කරන්නේ නැහැ (ස)
චන්දිට මොකද වුණේ? මාත් එක්ක නිදා ගන්න බය නම් ඔයාට රූපත් එක්ක නිදා ගන්න හදලා දෙන්නම්. (නි)
දැන් , දිසාත් හොඳටම නරක වෙලා නේද ....? අර නෑනා ගැන ලියපු දේ.. චික් .., විතරක් ..., මෙයාලා (ස)
අනේ දිසා, මොනවද මේ කීවේ ගැන හූනා... මගහරින්නට නම් බැහැ වගේ හැගුණා.. පැංචි කෙලී පොඩි වැඩි බව දැන දනා.. සඟවනු කෙසේ මතුවන හිතේ යටි සිනා .. (නි)
කුසුම්ගේ අදහස හිතට කා වැදුනා. අද ඉඳලාවත් බලන්න ඕනෑ. (නි)
මේ ඕගොල්ලන්ට මස් මාළු හැදුවට මම උම්බලකඩවත් කන්නේ නැහැ. චූටි නංගීත් එහෙමයි. එයාත් සිල් ගන්නවා (නි)
ඔයා තාම වෙදමහත්තයා ගෙන් බේත් බොනවද? (නි)
දැන් ඔය පැල් කොටේ තියෙන්නේ කොහෙද ...? ඔයා මාතර යන දවසට කියන්නකෝ ..., ඉන් පස්සේ මං අපේ ගෙදර එන පාර කියන්නම් හොදේ .., (නදී)
මමත් බැලුවා දිසෝ ., හරිම අශෝබනයි., අනේ ඉතින් මොකක්ද දීපු දඩුවම ., අළුගෝසු වැඩේ මං හරි අශාවෙන් කරන්නම් මේ වගේ මිනිස්සුන්ට මරණ දඩුවම දෙනවා නම්, ඇත්තමයි මං ඒ අම්ම වුනා නම් ඕකට හිරේ තපින්න දෙන්නේ දෙන්නේ නැහැ., සතපවන්නේ හතර රියනේ තමයි.., ඕන් කිවුවා (ස)
සුදත්, සරත් ඔයාල හරි අම්මා වගේම තාත්තත් උතුම් .ගෙදර බුදුන් අම්මනම් ,ගෙදර දෙවියන් තාත්තා .වලකුලේ දා.... බිදු තවරා ...මහපොළවට මහා... වැසි ගෙනෙනා ....දිවි ගමනේ ඉම ,,කදු මුදුනේ ඉද ,,,පිතු සෙනෙහේ කදුලැලි සලනා.... (ස)
මට ඉස්කෝලේ යන කාලේ මතක් උනා (දී)
ඇත්ත නේන්නම්. මේ ලෝකේ පිරිමි නැත්නම් හැට්ට අදින්න ඕනෑ නැහැනේ. අපෝ ඒ වුණාට පිරිමි නැත්නම් කොහොමද ලෝකය පවතින්නේ? (නි)
ෂෙරිප් හරි, බොරුවට හොර අල්ලන්න හදන එක වරදක් තමයි. එහෙත් මෙතන විවාහයක් කැඩෙන්න තරම් දෙයක් වෙලා නැහැ (නි)
අම්මා තාත්තා දෙන්නා සතුටු නම්... පමා නොවී මගුල ගනින් බන්... (නි)
අනේ මේ පිනි බබා කියන්නේ කවුද? ඉතින් පිනි බබා ඉන්නේ නැතුව ගේ ඇතුළට එන්නකෝ (නි)
මාත් (සුදු.)..කොච්චි අඹරල...සම් (බෝල) හදන්නම්. ඒ උනාට සුරේ එල්ලන් එන අය ඉන්න අහලකට වත් එන්නේ නේ...එයාල රා බිල වැල්ලේ නේ එයාලගේ ප්‍රශ්න හංගනවා කියන්නේ?(නදී)
මේ, මැම්බර් අයියාට විහිලු කරලා වැඩිය අදහස් දාන්න එපා. එයාට ටිකක් තරහ ගියොත් වැඩෙත් කම්මුතුයි (නි)
සැකය නරක දෙයක් ලෙස මා නිර්වචනය නොකරමි. වැරදි සැකය වැරදි ඵල ගෙන දෙන්නට පුළුවන්. නමුත් හොඳ සැකය හොද ඵල ගෙන දෙන්නට පුළුවන්. බුද්ධිමත්ව හිතන පුද්ගලයා, තර්කානුකුලව නිවැරදි නිගමවලට එන්නට පුළුවන් වන්නේ සැකය නිසාවෙනි.නමුත් සාමාන්‍ය ලෝකයේ තත්ත්වය වෙනස් වේ. දැනුම තරාතිරම හා ඩේවිඩ් අයියා කියා ඇති කරුණු මත සැකය නරකය යන පිළිගැනිම දෙදෙනෙකුගේ ආදරය දෙදරවන්නට බලවත් වේ. කෙසේ වෙතත් සැකයේ වාසිය අධිකරණයේදී විත්තියට හිමිවේ. (නි)
ඔන්න ..තිලක් අද ඉදලම පැල් කොටේ සුද්ද කොරනවලු? එහෙනම් වන වනා ඒවී..පොලොස් ඇඹුල කාල...රා..බිල...සුරෙත් අරන් කොයි යනවද මේ උදෑසන.(නදී)
අනුන්ගේ ගෙවල්වලට ගිහින් කන්න ඉල්ලනවට වැඩිය හොඳ නැද්ද පිරිමි උනත් තමුන් උයන්න ඉගන ගන්න එක...... පිරිමි පක්ෂයට හොඳට සුප සාස්ත්‍රය ඉගන ගන්න බැරිකමක් නෑ....... අවශ්‍ය උවමනාව;උනන්දුව විතරයි .....ඉස්සර කාලෙට වඩා අද ඕන කෑමක් හදන හැටි හොඳ සුද්ද සිංහලෙන් ලියල තියෙනවා .ඉතින් ස්ත්‍රී පක්ෂයට බාල්දු වේවි ඉන්නේ නැතිව ,ඉස්සරවෙලා සම්බෝලෙන් වැඩ පටන් ගත්තොත් අනික් දේවල් නිකම්ම හදන්න හිතේවි .... ?උයන්න ඉගන ගත්තේ නැති කමේ අඩුපාඩුව ඔලුවට එන්නේ පිටරටකට රැකියාවට ගියාට පසුව........ඕව මැජික් නෙමේ .අත් දෙකින් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් . හිත තියෙනවා නම් මහත් වරුණේ පත කුඩා නැහැ . (නදී)
මෙන්න වැරදුන තැන.මගේ පණ බිරිදගේ ළඟ. බිරිඳගේ පණ මගේ ළඟ.දෙයියෝ සාක්කි! (නි)
මට තේරෙනවා මාළු ඇඹුල් තියල් අබරලා පොලොස් මාලුවත් උයලා පොලොස් කොට්ටෝරුව මොකටද එන්න හදන්නේ කියලා. තිලකෝ ගාලු පාරෙන් හැරිලා ඇල්පිටිය පාරට ඇවිල්ල එතන හිටගෙන හිටු. මම එන්නම් එක්කන් යන්න ..ආවා මෙතන අපේ පැටික්කිට ඇබුල කවන්න (නදී)
එන කට්ටිය දැන්ම කියන්න. තාත්තා කිවුවා මෙට්ට ටිකක් ගෙනත් දාන්න ඕනෑ කියලා (නි)
ඉන්දු ,අනිත් ඉන්දු , රුපවති, චන්දි, නිලූ වරෙල්ලා අපේ දිසා අයියව තනි කරන්න එපා. (ස)
පෙත්තෝ, මට නම් ඉරිදට වැඩ ගොඩගැහිලා. (නි)
අඩ සද නළල කුංකුම තිළ කය ඈගේ .....රණ තිසරුවට මගේ අස් දෙක නිතර ඇදෙ ...පස්සා පැත්ත හරියට කල ගෙඩිය වගේ .....කුසුමා යන විටදී මගේ හද දෙකට පැලේ......අනේ හනිච්චන් බල්ලොත් නොකන බෝංචි කිව්වලු.(නදී)
චන්දි අක්කි මම ඒක නැන්දම්මා ගෙන් අහන්න කිව්වේ. (ස)
දේවින්ද අයියේ, පොල් සම්බල්, ලුණුමිරිස් එක්ක කොස් ටිකක් ඕනෑ නම් කරුණාකරලා ගලවපු හැට්ට කටු දීලා ඉන්න... (නි)
පොල් ගහනකොට,පොල් මුදලාලිට වාසියි.තෙල් මුදලාලි 'කොට උඩ'. මෙට්ට මුදලාලි ඔන්න පහන් පත්තු කරනවාලු. (නි)
ආර්.කේ. දිසානායක චුටි මල්ලියෝ,ඔයාගේ "සැකය" තමයි මේ හැමදේටම හෙනේ!! මම ලියා තිබෙන්නේ බිරිඳව හරි ලෙස සතුටු කරනවා නම් දම්වැල්, ඉබ්බෝ, නීති, දාන්න අවශ්‍ය වන්නේ නැහැ, සැමියාටත් නිසැකවම ප්‍රීතිමත් ජිවිතයක් ලැබෙනවා කියන එක තමයි. යතාර්ථයත් ඒක තමයි. "අන්ධ භූත ජාතකය" ගැන අහලා ඇතිනේ, දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා දැනගන්න. අනේ මන්දා? බලාගෙන ගියාම මෙයා හරිම කරදරයක්නේ!!!! (නි)
ලන්ඩන් ඉන්දු නගෝ, වැඩේ ඉවරයි. පොඩි පුතා තාත්තාගෙන් අහලා ළමා අයිතිවාසිකම් අම්මා අමු අමුවේ උල්ලංඝනය කරන්නේ ඇයි කියලා. චන්දිට දිසා ලියලා ඒක. හරි ජංජාලයයි. (නි)
බිරිඳගේ හොර අල්ලන්න මිතුරා බාර අරන්, නිසා පවුල ලියලලාලු. (නි)
කවුද බලාගෙන ඉන්නවාලු කොහු, පුළුන් වළඳන්න. (නි)
මෙකෙ තව පැත්තක් තියනවා. ලෙඩක් තියනවා ඔතෙලෝ රෝගය කියලා. ඒක තියන අයට තමන්ගේ සහකරැ/කාරිය සැකයිලු. ඇන්දත්, ලස්සනට හිටියත්, කවැරු හරි කෙනෙක් එක්ක කතා කළත් සැකලු. මේක යාළුවෙලා ඉන්න කාලෙදි අඳුරගන්න හරි අමාරුයි. මොකද හිතන්නේ මගේ කෙනා මාව රකින්න බලාගන්න මෙහෙම කියනවා ඇති කියලනේ. නමුත් මේ තතිවය උත්සන්න වුනාම අැඟපත පවා වෙනත් අවයව පවා පරීක්ෂා කරලා සැකකරනවලු වෙන කෙනෙකේ එක්ක සම්බන්ධයක් ඇති කියලා. මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් නොගත්තොත් තත්වය දරුනු වෙලා සැකය උත්සන්න වෙලා මිනිමැරුම් පවා කරන්න පුළුවන්ලු. මම කියන්නේ තරුණ ළමයින්ට මෙවැනි දේ ගැනත් දැනුවත්වීමක් කරන්න ඕනේ. නිවැරැදි සහකරු/කාරිය සොයා ගන්න. ඉන්න කෙනා මොනවගේ ද කියලා තේරුම් ගන්න යම් තරමකින් හරි උදව් වෙන නිසා. (ස)
සුජීව, අනේ ඔහොම දේවල් නම් ලියන්න එපා.කටට කෙළ උනනවා.ඇත්තමයි.මටවත් අදහාගන්න බැහැ.අපිට ඔහොම දේවල් මෙහෙ දකින්නත් නැහැ (නි)
සුදත්,,, මවත් පියත් එක හා සමානව දුක් මහන්සි වෙනවා දරුවන් හදන්න. ඒක ඇත්ත. ඒ නිසා දෙදෙනාම එක හා සමානව පූජනීයයි. මම කීවේ සුජිත් කියපු "හැඳි මිටේ නුවණ" ගැනයි.. නුවණ අඩු කම ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම තියෙනවා. ඒත් බමුණු මතවාද තියාගෙන ඉන්න අය නුවණ අඩු කම ගැහැණුන්ට පමණක් පටවලා හදපු කියමනක් ඒක.. මම කීවේ අපි එහෙම කතා කියනවා නම් අපිව හදපු අම්මටත් ඒක වදිනවා නේද කියලා.... (ස)
කල්ලියේ අයට පමණයි කවි කිවහැක්කේ..... හිතලා "දිසා" නානවා අද අරුමැක්කේ..... කොට්ටෙ පුළුන් කාගෙන නිදියා ඇත්තේ...... දෙයියො දනියි දිසාගේ ඔලුවේ තත්ත්වේ...... (නි)
සමදර නැන්දේ යනවා නම් යන්න ලියනවා නම් ලියන්න හැම තිස්සෙම හොටු පෙරා ගෙන නාහෙන් අඩන්නේ නැතුව ..යනවා කිවුවට යන්නෙත් නැහැ ...යනවා යනවා කියනවා ....මොනවා උනත් ඔයා යනවට අපි කැමති නැහැ ඔයත් මොනවා හරි ලියන්න .ඔය අපේ පාළුව මකන කෙනා ... අපි ඔයාට අදරෙයි. (ස)
ඇත්තෙන්ම දිසා අයියේ ..! ඇස් වලට කඳුලු ආවා.ඔය වගේ පව්කාරයෝ ගැන අහන්න දකින්න නොලැබේවා ..!!!! මනුස් ආත්මයක් ලැබුනට තිරිසන් සතුන්ටත් වැඩිය පහත් පාපතරයෙක්.තිරිසන් ආත්මයක් වත් ඒ පාපතරයට නොලැබේවා ..!! (ස)
එළියේ මඩු ගහනවට අම්මා කැමති නැහැ, තත්තා කිවුවා කොල්ලෝ ටිකත් ඔහේ ඇතුලේ සාලේ නිදා ගත්තාවේ කියලා. හැබැයි වන්නි තිලක්ව මැම්බර් අයියාලෑ දිහාවේ යවනවා කිවුවා, මොකද දන්නේ නැහැ (නි)
ප්‍රේමදාස කියලා තියන කොට මට හිතුනේ අර අනිත් ප්‍රේමදාස කියලා. බලනකොට අපේ ලොකු අයියා ප්‍රේමදාස නේ ....හොඳා හොඳා පටන් ගැනුම මට ශක්තියක්. (ස)
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් කොට්ටේ පුළුන් කන්නම් ..... කිසිදා ඔබේ අත නොලැබේ නම්... මෙට්ටේ කොහුත් කන්නම් ..... (නි)
හිච්චි පැන්චියේ, ඇයි අහල නැද්ද නැකතත් හූනාටමයි කියලා කියමනක්! (ස)
කරුණාකරලා වෙන අයගේ නම් වලින් අදහස් දාන එක නවත්වන්න. ඕගොල්ල දන්නේ නැහැ විපතට පත්වූ කෙනාට එන වේදනාව. (ස)
ඒ සැමියා බොහොම වැදගත් චරිතයක් (දී)
ඉන්දු නංගිට දුකයිද? කොටන පෙත්තට කොළඹ කොටුවත් එකයි.කොහිල කොටුවත් එකයි. (නි)
සුජීව පුතාත් එන්න. ඇතිවෙන්න කිරි පැණි දෙන්නම්. කැකනදුර ආයූර්වේද කඩේ ගාව තියෙන ත්‍රීවීල් පාක් එකෙන් මාව අහන්න. ගෙනත් බස්සයි. රු 200 දෙන්න. පෝයදා එන්න එපා හොඳේ (නි)
කවුද ඔස්ට්‍රලියා ඉඳන් එන්නේ, ඕගොල්ලනට කිඹුල්ලු පුරුදුයිනේ (දී)
සමදරා, මට ඔබ ගැන ආඩම්බරයි. මමත් දකුණේ නිසා. (ස)
බෙල්ල මිරිකන කතාවටත් අම්මලා ටිකක් අප්සෙට් එකේ ඉන්නේ. පවු ඒ අය අසරණයි. .(නදී)
කසාඳ බැඳලා හිටියට දෙන්න ආදරෙන් ඉඳලත් නැහැ, නියම පවුල් ජීවිතයක් ගත කරලත් නැහැ. (ස)
මේ ස්වාමියා ඇත්තටම බිරිඳට ආදරේ නම් ඔහොම දාල යන්න විදියක් නැහැ. ආදරේ කියන්නේ එකට ඉන්න ඕනෑ කියන එකයි (නි)
මම මේක ලියන්නේ අඩ අඩා. දේවින්ද මැතිදුන් කියනවා අපි මාතෘකාවට අදාලව නෙමේ ලියන්නේ කියලා. මම ලියන දෙයින් කාගේ හරි හිත රිදෙනවා නම් මම අයෙත් මෙතන ලියන්නේ නැහැ. මගේ අතින් වැරද්දක් උනා නම් සියලුම ලංකාදීප පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා. (ස)
සකල සිරින් පිරි මගේ ලක් මෑණි කරා..ඉවසුම් නැත එනතෙක් තෑගි බෝග දරා.. කටට රහට කන්නට තලු මර මරා..උඳුවප් පස් එනු මැන ගෙට සමදරා.. (ස)
ගැහැනුන්ට හොදම වැඩේ (දී)
රා සංගමේට දැම්මට නම් කාරි නැතේ.. බිඳුවක්වත් කටේ තියනු බැරිය පුතේ.. මඩිහේ නාහිමිට ගරු කළ යුතුව ඇතේ... අමද්‍යප සහතිකේ තවමත් ගෙදර ඇතේ.. (නි)
සම්බෝලයි බතුයි හැමදාමත් කෑවාට.. කැඩ්බරි චොක්ලට් ක්‍රාෆ්ට් චීස් අඩු නැතුවාට.. ෆූජි ඇපල් ස්ට්‍රොබෙරිස් බහුලව තිබුනාට.. පලක් වේද හෙරලි පොල් රස නැතිදාට.. (නි)
කොච්චරවත් හොඳට ඉන්න පිරිමි නරක් කරන්නෙම මේ බවලත් උදවියගේ බලවත් සැකයමනේ.දැන් ඉතින් දෙපැත්තට වෙලා දුක් සින්දු අහන්න තමයි වෙන්නේ.මොකද සින්දුත් අපේ රටේ ඕනෑ තරම් දැන් ඇහෙනවනේ . (නි)
නිර්මාල්, සැමියා උගතෙක් නම් කරන්න තිබුනේ බිරිඳගේ හිතේ සැකය ඇති වෙන්න හේතුව මොකක්ද කියල හොයල බලල ඒකට පිළියම් යොදන්න නේ .තමන් ආදරය කරලා බැදගත්ත බිරිඳ දාල යන වට වඩා ඒක හොඳයි නේ. (ස)
රා ටිකක් බොන්න දෙන්න ඕනෑ මගේ කොල්ලන්නට. මේ දිනවල කිතුල් රා අඩුයි. නියම පොල් රා තියෙනවා. ගහේ බඩු. බයිට් එකට සැමන් සැලඩ් .(නදී)
කොමෙන්ට් ගොඩයි කචල් ගොඩයි.(නදී)
විවහා වුණහම සිදුවෙන දෙයක් නම් තම ස්වාමියා තනි නොකර, තමන්ට පේන මානයේ හෝ නිතරම ඉන්නවා දකින්න ඇති බිරිදගේ සතුට. පිරිමි ස්වභාවය නම් ඉදහිට හෝ තනියෙන් හුදකලාව ඉන්න ඉඩක් හදාගන්න ඇති ඕනෑකම. මේ අරුත දෙදෙනාම වැටහීමෙන් සමබර තැනක පවත්වා ගතයුතු බව කියවපු පොතක තිබුනා. (නි)
පෙතන්ගොඩ මාමේ නරි විරිත්තන් චීත්තෙන් යති කියන්නේ? සාරි නැතුව ඇති..හොර අල්ලන්න ගියාමද මෙහෙම වෙන්නේ?(නදී)
විවාහය ..එය කෙසේ අර්ථ දැක්විය යුතුද ....පවුල් සංස්ථාව තුල එහි ආයුෂ රැදී තිබෙන්නේ ආදරය .සහ විස්වාසය මතය .... (ස)
මේක දැන් ටික දෙනෙකුගේ පුද්ගලික දේපලක් වෙලා. (නි)
පොලිස් නිලධාරියා වෙත ඉක්මන් ගමනින් ආ පොඩි එකෙක් මෙසේ කිවේය.අනේ අන්කල් විගහට එනවද ?අපේ තාත්තා අතන බාර් එකේ රණ්ඩු වෙනවා.දරුවාද සමග සැනෙකින් බාර් එකට ආ නිලධාරියා එහි තිදෙනෙකු ගහගන්නා අයුරු දැක මෙසේ ඇසුවේය.දැන් පුතා මේ තුන් දෙනාගෙන් පුතාගේ තාත්තා කොයි එක්කෙනාද?හරියටම දන්නේ නැහැ අන්කල්.ඒක දැනගන්න තමයි තුන්දෙනාම මේ රණ්ඩුවෙන්නේ (නි)
ලාල්, උගතටයි නූගතාටයි (විශේෂයෙන් සැකය වැනි ලෙඩ තියන) එකට ඉන්න බැහැ. උගතා අකාලයේ මැරෙනවා. නූගතා කරන ගොන් වැඩ වලට ප්‍රෙෂර්, හාට් ඇටෑක් හැදිලා. මුල් අවස්ථාවේදීම වෙන්වීම හොඳයි. (ස)
දම් වැල තිබියදී ඉතිරිය රිංගනවා... එක්ටැම් ගෙයින් පැන රති කෙළියට යනවා ... අසිපත් මිට දීලා මනමේ මරවනවා... සැකයයි ආදරෙයි අඹරන් සැතපෙනවා.... (නි)
සමදරා නැන්දේ මට ඕන කැකුලු හාලේ බතුයි, කොච්චි මිරිස් දමලා හදන පොල් සම්බෝලයි. (ස)
ගෙනහැර පාන විසදුම් නැති සැනසිල්ල........ දිරිමත් විය අපිව කරගන්නට මෙල්ල ........ තිර අදිටනින් ලියමුකො කැපුවත් බෙල්ල ...... අතුගා දැමිය හැක දේවින්දගේ රැල්ල ..... (නි)
මම නම් තාම බැඳලා නැ. මෙච්චර පොඩි කතාවට අදහස් ගොඩ. මගේ අම්මෝ (ස)
ලාල්, මට හිතෙනවා ඔයා හරි කියලා. එයා බුද්ධිමත් සැමියෙක් නම්, ආදරය කරලා බැන්ඳා නම්, එයාට ඒක පහදලා දෙන්න තිබුණා.ලංකාවේ හැටියට වැරදි කිරීමට වඩා සමාව දීම දේව ගතියක් නේද? (ස)
ලංකාවට අාවිට සමදරා නැන්දා බලන්න යන්න කැමතියි.ඒත් ඉන්න තැන දන්නේ නැහැනේ. කිවුවොත් එන්නම් (නි)
අනේ දිසෝ.., ඕන කෙනෙකුට ඕන දෙයක් ලියන්න කියල, අපි අපේ පාඩුවේ , අපිට ඕනදේ ලියමු අපේ සහයට ගරු,කතෘතුමා ඉන්නවා. එතුමා අපි ලියන දේවල් පල කර දෙන නිසා, අපි ලියමු ..,ඇයි අපි අනුන් කියන දේවල් වලට හිත රිදව ගන්නේ , ඔන්න ආයෙත් නම් ''ජොලිය'' මිසක් ''වලිය'' එපා (ස)
දිසා, තනි ඇහෙන්ද අඩන්නේ ? (ස)
අපෝ, පෙරේරා අංක 1 ට කේන්ති ගියාද?? මං වරදක් කිවේ නැහැ. පැටලෙන්න ආවෙත් නැහැ. මගේ අම්මෝ, සොරි, සොරි ආයේ නම් ඔයාගේ නමට මුකුත් ලියන්නේ නැහැ ඇත්තටම සමාවෙන්න.අපිටත් වෙලාව අඩුයි. අපිත් ජොබ් කරනවනේ ..!! (ස)
ඔන්න හූන කීව වගේ ..මම කියන්නේ .? හේර ඉන්නේ සමදරගේ දිහා ...?ඔය හේරත් අයිය ලියපු කාලේ සමදරෙක් හිටියේ නැහැ ...? ගහෙන් පැන්න වගේ..මේ ඉන්නේ ..අපේ හේරත් අයිය මයි ...? (නදී)
සරත්, අපි ඔක්කොම සහෝදරයෝ, සහෝදරියෝ, මෙහි අදහස් දමන අප සියලුම දෙනාගේ අරමුණු එකයි. එසේ නැතිව මෙය අපගේ දේපලක් හෝ වෙනත් දෙයක් නොවේ. අප සියලුම දෙනා අපගේ විවිධ වූ රැකියාවන් කරන ගමන් මදක් ලැබෙන විවේකයෙන් මෙහි අදහස් දමා මෙන්ම කියවා යම් රස වින්දනයක් ලබමු. ඒ සදහා අප සියලුම දෙනාටම සමාන අයිතියක් ඇත. ඔබ දමන අදහසුත් මම ඉතාම කැමැත්තෙන් කියවමි. ඔබ දිගටම ලියන්න. අපි සියලුම දෙනා මෙහි සිටිය යුතුයි. රූපවතී අක්කා,චන්දි, දිසා,පහන්... මේ සියලුම දෙන මගේ අදහස අනුමත කරනවායයි සිතමි. මෙයට ඔබගේ හිතවත් කොහිල කොටුවේ සරත් (ස)
ඔන්න එක මනුස්සයෙක් කතා කරන කාරෙකක් ගෙනාවලු.මේකේ විශේෂත්වය තමයි කට හඩින් පාලනය කර ගැනීම සහ තේරුම් ගැනීමේ හැකියාව .ඔන්න දැන් ගෙදර බිරිඳ සැමියාට කියනවා දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාව හරි ළමයින්ව ගිහින් එක්ක එන්න කියලා .සැමියා මේ වැඩේ සතුටින් කාරෙකට කියනවා .''කාරෙක ගිහිල්ල මගේ දරුවන්ව එක්ක එන්න ''.කාරෙක හරි සර් කියල යනවා .ඇයි මේ කාරෙක පරක්කු බිරිඳ අහනවා .එතකොටම ළමයි 15 විතර පටව ගත්තු කාරෙක එනවා .සර් මම සර්ගේ ළමයි ඔක්කොම පටවාගෙන එන්න ගියා එකයි පරක්කු උනේ කාරෙක කිව්වා .කොහොමද මෙච්චර ළමයි ගොඩක් තමුසෙගෙ උනේ බිරිඳ යක්ෂාවේශයෙන් ඇහුවා .ඊට කලින් මට කියනවා අපේ ළමයි දෙන්න මෙතන නැත්තේ මොකද කියලා? සැමියා ඇසිය. (ස)
විවාහය ...එය කෙසේ අර්ථ දැක්විය හැකිද? පවුල් සංස්ථාව මත එහි ආයුෂ රැදී තිබෙන්නේ ආදරය සහ විස්වාසය මතය ..කාලයත් සමඟ වගකීමද එක් වූ විට ..එය ශක්තිමත් අත්තිවාරමක් බවට පත් වේ ....සැකය නමැති බීජය හටගත් කල ආදරය නමැති හංසයා පෑල දොරින් පලා යයි .ඒ වෙනුවට ප්‍රධාන දොරටුව තුලින් ප්‍රශ්න සමුදායක් නිවසට ගලා එයි ...දෙදෙනා එකවර එකම ප්‍රශ්නයකට කෝප ගන්නා විනා.පවුල් අසමගිය තව තවත් පෝෂණය කරන්නෙකි.හරි දේ හරි ලෙසත් බැරි දේ බැරි ලෙසත් ප්‍රේක්ෂ කර .නිවැරදි ලෙස මේ පොළෙවේ අඩිය තියා ජීවත් වීමට කුඩා කල සිට දරුවන් ගේ මනස නිර්මාණය කල යුතුයි. සැකය තරම් පවුල් ජීවිත විනාශ කල අන් දෙයක් නැති තරම්ය .සැකයෙන් ආරම්භ වන සමහර පවුල් ආරවුල් කෙලවර වන්නේ ජීවිත වලින් පවා වන්දි ගෙවමින්ය .ඒ නිසා පවුල් සංස්ථාව තුල ඇතිවෙන ප්‍රශ්න තමන්ට නිරවුල් කර ගැනීමට නොහැකි නම් හොඳම කරුණ වන්නේ වැඩිහිටියන්ගේ පිහිට පැතීම සහ දැනට වර්තමානයේ ක්‍රියාත්මක වන උපදේශන ආයතන වල පිහිට පැතිමයි. (ස)
ලාල්, මටත් හිතනවා ඔයා තරමක් දුරට හරි හරි කියලා. මොකද සැමියා බුද්ධිමත් නම් කතා කරලා විසදාගන්න තිබුණා (නි)
ඕනෑ කෙනෙකුට අපේ ගෙදර එන්න පුළුවන්.එන හැටි මම කියලා ඇති. කාර් වල එන්න එපා, ගන්න බැහැ. පෝයට එන්න එපා මම සිල්. (නි)
අජරාමර මඩිහෙ සමිදුගේ නම කියලා - රකිතා කියන දේ බොරු නොවෙතැයි සිතලා - මත් පැන් සුරා සුදුව පැත්තක තියලා - සවියේ තරුණ බලයෙන් අපි ඉමු බැඳිලා...(නදී)
මම නම් කියන්නේ මේ බිරිද එයාගේ ස්වාමියාට තිබෙන ආදරය වැඩිකමටයි එයාව අවිශ්වාස කරලා තියෙන්නේ කියලා. ඇයි ගැහැනුන්ට දොස් කියන්නේ? පිරිමි අපි අතින් වැරදි සිද්ධ වෙන්නේ නැද්ද?පිරිමි කී දෙනෙක් තමන්ගේ බිරිදව දරුවන්ව රවටනවද? එතකොට ඒ අය ගැන අපි මොනවද කියන්නේ? වැඩියෙන්ම එහෙම කරන්නේ පිරිමිද? ගැහැනුද ?මට නම් මගේ බිරිද දෙවැනි මව වගේ තමයි. මම ඇයටත් ඇය මටත් ආදරෙන් ඉන්නවා නම් එතන විශ්වාසය ඉබේම ගොඩ නැගෙනවා කියන එක මගේ හැගීමයි. (නි)
මට නම් හිතෙන්නේ ඒ කාන්තාව අන්ත මෝඩියක්.හැමෝම දන්නවා ගින්දරයි පුලුනුයි එකතු කරන්න හොඳ නැහැ කියලා. වැරදිලාවත් යාලුවා ඒ සැමියත් සමග ගියා නම් මොකද වෙන්නේ? දැන්නම් ඉතින් පහුවෙලා හරි යාලු වේවි. මොකද කියන්නේ චන්දි අක්කේ.. (නි)
සුබ සහ යස කතාව මතක් උනා මට (දී)
අඩන්නෙපා, දැන් ලගින් සිටින්නම්.., සිතේ රැදෙන්නම් සිනාසෙන්න දැන්.., (ස)
දෙවින්ද මැතිදු හරිය දිසා ... අපි ලියන්නේ ආඩපාලි ඕප සොයා ... කදුළු එන්නේ මගේ දෑසින් රිදුනු නිසා ... නොලියා ඉන්නේ මෝඩ දිසත් ලියන නිසා ... (නි)
ඔලු ගෙඩියත් නෑබිලියක් නවල වගේ........බඩ ගෙඩියත් කල ගෙඩියක් වගේ පෙනේ........කකුල් දෙකත් බෝංචි කරලක්ම වගේ.......දිසා මල්ලි කෝටු කිතයියෙක්නේ අනේ......!!!! (ස)
තම සියා ලගට දිව ආ මුණුබුරා "'සියේ අලුත් ෆිල්ම් එකක් ඇවිල්ල තියනවා යමුද බලන්න ''මට මේ වයසේ මොන ෆිල්ම් ද බන් ''කොල්ලෝ සියා කීය. නෑ සියේ ඒ ෆිල්ම් එකේ තියෙන්නේ වදුරු රැලක් එක්ක කැලේ ජිවත් වෙන ලස්සන ගෑනු ළමයෙක් ගැන .කතාවේ මුල ඉඳල අගටම ඒ ගෑණු ළමය ඇඳගෙන ඉන්නේ කොළ අතු කෑල්ලක් විතරයි .හා හා යමන් එහෙනම් කාලෙකින් වදුරු රැලක් දැක්කෙත් නැහැ. (ස)
විශේෂයෙන්ම මෙවැනි ප්‍රශ්නයකදී ගම්වල ඉන්න අම්මාවරුන් දැනුවත් කල යුතුයි .වැඩි මහලු වූ දියණියකගේ ශරීරය ස්පර්ශ කිරීමට සීමාව ඉක්මවා පියෙකුට උවත් බැහැ.මොකද ඇය යුවතියක් කුඩා දියණිවරුන් දැනුවත් කල යුතුයි .කවුරු හෝ ඔයාගේ ඇඟ ස්පර්ශ කලොත් අම්මට කියන්න කියල දැනුවත් කල යුතුයි. විශේෂන්ම මේ අපරාධ කරන්නේ ළඟම නෑදෑයා පවුලට වැඩි වශයෙන් හිතවත් පුද්ගලයින්. දියණිවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳ ප්‍රශ්නයේදී කිසිම විටක තමන්ගේ පිරිමි නෑදෑයන් විශ්වාස කරන්න එපා. වැඩිහිටි කාන්තාවන් මීට වඩා දැනුවත් විය යුතුයි .වරද දුටු විට හංගන්න එපා. පොලිසියට ඉක්මනින් ගිහින් පැමිණිලි කරන්න. ඒ වෙනුවෙන් කාන්තා නිලධාරිනියක් ඉන්නවා .පවුල ඇතුලේ එවැනි අපරාධයක් සිදුවෙනවා නම් ඔබ අසරණ නම් ඉක්මනින් වැඩිහිටියන් දැනුවත් කරන්න. විශේෂයෙන්ම ගැහැණු දරුවන් සමඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න. එවිට මේ දුශ්ට සමාජය අපිට මෙල්ල කල හැක. (ස)
කව්ද මේ සිරිපාල අයගේ නමින් අදහස් දාන්නේ. මම ඉස්සර තරහ ගියහම රටේ තියන සේරම නම් කියල අනිත් අයට බැන්න. මම හරි දේ කියල දීල යහපත්ව ලියන්න පුරුදු කලේ සිරිපාල අයියා. කරුණාකර කාගේ නමින් වෙන අදහස් දැම්මත් කමක් නැහැ සිරිපාල අයියා නමින් වෙන අය අදහස් දාන එක නවත්තන්න .(නදී)
දිසා, පවුල් සංස්ථාව කියන්නේ පාඩු ලබන සංස්ථාවක්.අපේ තාත්තා අම්මාත් එක්ක කේන්ති ගිහාම කියන්නේ ආයි නම් ජීවිතේට කසාද බදින්නේ නැහැ කියලා (නි)
ඇත්තම කියනවනම් පැටියො කතන්දරේ..සුපුරුදු බියර් තොල ගෑවෙමි නිරන්තරේ..දවසක් සොයන විට උප්පැන්නේ ජර මරේ..හමුවිය සහතිකේ අත්සනින් නාහිමි අමරපුරේ...(නදී)
කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා කරලා කටට ගන්න අයියලා අක්කලා විනෝදෙයි විහිළුවයි සමගියයි අඳුනන්නේ නැහැ. නමින් කපුරු හාමිලා -කට ඇරියොත් හඳුන්කූරු කට්ටකුමංජල් මදි නේද, අංක එකේ මාමේ. (නි)
අදහස් ගොඩාක් දාලා තියෙනවා (දී)
පහන්, හිනා හිනා පොඩ්ඩක් වෙන්න හිනා, කරදර ඉවත දමා, පහන් එක්ක වෙන්න හිනා. (ස)
ගෙදර ගිනි පිටට දීම නුසුදුසුය.ගෙදර ගැටළු දෙන්නා ආදරයෙන් කතාකර විසදාගන්න.වැරදි හදා ගන්නවා මිසක සැකය ඇති කරගත්තොත් එය විනාශයේ ආරම්භය බව හිතන්න (නි)
දිසා, කැකනදුරේ තියෙන්නේ හක්මන ආසන්නයේ. ලස්සන ගමක්. කුඹුරු තමයි. අපි ගොඩක් පිටිසර - තව කිලෝ මීටර් 7ක් ඇතුලට එන්න ඕනෑ. එන්න. දිය පාර ෂෝක් නාන්න. නිල්වලා ගඟ තියෙනවා.මොනවත් ගෙනෙන්න එපා. ගහේ බඩු රා දෙන්නම්. හැබැයි වේල් 3ම බත් හොඳේ (නි)
හැට්ටේ කටුව ගහනවා, කිරි පැණි කනවා ,දුන්න අදිනවා, පෙත්තා නලවනවා..කෘමිනාශක ඉහිනවා, පවුල් කනවා .. (නි)
අනේ දිසා කොලුවා අඩනවලු සමු අරගෙන යන්ඩ. යාලු චාන්දි නංගි මැදට පැනල ඒ ගමනට හරස්වෙලු (නදී)
තක්ක තරිකිට ඩුම් ඩුඩුම් ඩුම්.. සමදරා ඇත අඩව් අල්ලා... ගෙජ්ජි සද්දෙන් සත්තමක් දා... චන්දි රූපා නැටුම් පාලා.. ටක්ක ටක ටක සරත් පහනුත් බොරු කකුල් රැගුමක් රගාලා.. විලක්කුව අතරින් පෙනෙන්නේ 'දිසා'දෝ කසකරුට ඇදලා.... (නි)
පෙරේරා 2013-11-05 04:56:40 මට මොකෝ නෙමෙයි තමුන් ලජ්ජා වෙන්න ඕනේ මේ වගේ අනිත් අයගේ නම් වලින් අදහස් දාන්න. මේවා නියම පිරිමි කරන වැඩ නෙමෙයි ..(නදී)
ලජ්ජා නැති කමක මහතා
කාලයක් තිස්සේ දිනපතා රාත්‍රී යාමයේ කුමක් හෝ කාරණයකට තම බිරිදට තඩිබාන බේබදු සැමියා හදිසියේ මළේය.එතැන් පටන් රෑට රෑට ගුටි කෑම පුරුද්දට ගිය කාන්තාවට නින්ද නොයෑමේ ලෙඩේ සෑදී බැරිම තැන වංගෙඩිය බාල්කයක එල්ලා එය පද්දා රිදෙන්න අැගට කිහිප සැරයක් වද්දාගෙන කාගෙන් හරි ගුටි කනවා වගේ බෙරිහන් දෙනවලු නිදාන්න පෙර රෑ ජාමෙට හැමදාම.. ආසියාතික රටක කතාවක්. (නි)
මම කවදාවත් මෙතන ලියපු කෙනෙක් නෙමෙයි . මම දැක්ක කිසියම් පුද්ගලයෙක් මගේ නම පාවිච්චි කරලා මෙතන අදහස් දානවා. අපි මේවගේ දේවල් වලට ඉඩ දෙන්න හොද නැහැ. කරුණා කරලා මේ පුද්ගලයට තව දුරටත් මේ දේ කරන්න ඉඩ දෙන්න එපා . මගේ යහළුවෙක් නෑදෑයෙක් දැක්කොත් හිතයි මේ මගේ අදහස් කියලා .(නදී)
අයියෝ ප්‍රේමදාස අයියා,අපි එහෙම තනි කරනවද අපේ දිසා අයියාව? දැන් ඔයත් ඉන්නවනේ අපිත් එක්ක. (නි)
විවාහය යනු "අනෙක් පාර්ශවයෙන් සිදුවූ වැරදි එකතු කර මතක තබා නොගැනීමයි" (ස)
ඒ මනුස්සයට වෙන වැඩක් නැතිවෙයි, කරන කරන දේ පහද පහදා ඉන්නවට වැඩිය. ඔය වෙන් වෙනවා කිව්වට ඒ වෙලෙට තරහට කියන ඒවනේ. ආපහු ටික දවසකින් එකතු වෙයි. හැබැයි අර මනුස්සයට මේ අාත්මෙදිමත් සැනසීමක් නැහැ, ඔය වගේ ස්ත්‍රියක් බිරිද කරගෙන නම්. (නි)
අත්තටහ්ටම ලජ්ජා වෙන්න ඕනේ (දී)
ලොකු මස්සිනා සුදු ගහන්න සැරසෙනවා නොවේ සුදු හුණු ගාන්න සැරසෙනවා ඕගොල්ලෝ එන නිසා. වැරදීමක් වුනේ. එන කට්ටිය ඉක්මනට කියන්න. නැත්නම් අපරාදෙනේ සල්ලි (නදී)
පිරිසිදු ආදරයක් තියෙන මිනිහෙක් උනාම දුක හිතෙනවා (දී)
දිසා අයියේ ...!!!!! අපි මේ තීරුවේ ලියන නිසා අපේ කතෘ තුමාගේ අවසරේ විතරයි අවශ්‍ය.දැන් වෙලා තියෙන්නේ එක නෙමේනේ.අනේ පින් සිද්ධ වෙයි කාගෙවත් හිත් රිදවන්න එපා කවුරුවත් ආයේ.අපි ඔක්කොම ලක් මෑනිගේ දරුවොනේ නේද. (ස)
වරෙල්ල වරෙල්ලා ඩේවිඩ් අයියාගේ බනට වරෙල්ලා. අත් දෙකෙන් උයන්න. තනි අතෙන් නාන්න...තනියම බඳින්න..ලෝකෙට පරකාශ් අයියා .ගෙදරට් මරගාත්. තමයි. ඇයි අයියා මේ නෝක්කාඩු..(නදී)
මේ බබා කාගේද? (දී)
ඔය සමදරාගේ බොරු...මොනවා වුණත් වෙන කෙනෙක් ඒ නමින් ලිවුවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක්.. (නි)
දැන් ඔක්කොම හරිනේ (දී)
12;26;04 මගේ නමින් සෙල්ලම පටන් අරගෙන මේ වගේ බොලද කතා මම ලියන්නේ නැහැ .අපේ සස්කාරක හිතවතුන් කරුණාකර මට සදාරණයක් කරන්න මේ නිවට අදහස් දාන්නේ අපේ නමින් කොන්ද පන නැති නපුන්සකයෝ කියල මට හිතෙන්නේ මගේ යහළුවෝ මේවට රැවටෙන්න එපා මම මේ පහත් වැඩේට එදා ඉදල විරුද්ද උනා. මේක කරන්නේ එකම එක විලි ලැජ්ජාවක් නැති අසත් පුරුෂයෙක් (නදී)
දැන් වත් සුරා සුදුව පැත්තක තියලා - පෙන්නමු අපෙ සවිය රට ගැන පෙම් බැඳලා.. .(නදී)
ඒ මනුස්සයා 100% නිවැරදියි (දී)
හරි එහෙනම්, දෙසැම්බර් 21 හමුවෙමු. කවුද එන අය? (නි)
මෙදා ජනවාරි ලබන්නේ රා පාටිය ඉවර වෙලා වගේ...නිල්වලා ගගේ වැල්ලේ ...හහීස්..හචීස් ...හචීස් ...පරිසරය දුෂණය කරාවි..ගැට පොලොස්... පිනිජම්බු...ගස් අවාරෙත් පීදීවී..(නදී)
හා හා පෙත්තෝ, කොළඹ වගේ නෙමෙයි කොහිල කොටුව පැටලුණොතින් ඉවරයි (නි)
ඔව් ඉන්දු , මේ දෙන්න ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක් නම් ළගදීම සමාව දීලා බිරිදව ගෙදර එක්කාගෙන යාවි (නි)
පව්ලේ හොද සැකය..අනේ එයා බඩගින්නේ...මම එක්කම් බලන් ඇති... අනේ බඩ ගිනියි.. එත් පව් අරය දැන් ඒවි..දවසෙම බඩගින්නේ නේ? මම තව ලුණු මිරිසක් හදන්නම් එයා එන කන් ....නියමිත දවසට බබා ලැබේද?...හැම වෙලාවකම සැකය සුබවාදී පැත්තට හරවන්න.එතැන් සතුටත් සාමයත් රජකරාවී..ඔබ යුතුකම ගැන හිතන්න..හොඳ සැමියෙක් හොඳ බිරිඳක් වන්නේ ඒ සුබ සැකය වැපුරුවොත් පමණයි..(නදී)
චන්දි. රුපට ගැහුවා සමදරට ගැහුවා දැන් මගේ නමින් අදහස් දානවා හොදයි බලමු ඔයාලට ඔරජිනල් දිසා කවුද අනිත් කාලකන්නියා කවුද කියල තේරෙයි. ඒ නිසා මගේ නමින් මීට පසු පලවෙන ඒවාට උත්තර දෙන්න එපා .මම අසාදාරනයක් උනහම හැමෝම එක්ක හිටියා. මම ඔයාලගෙනුත් ඉල්ලා සිටිනවා මාව තනි කරන්න එපා කියලා.(නදී)
අනවශ්‍ය සැකය හොඳ නෑ නංගි. (ස)
දිසාගේ 'හොර' අල්ලන්නට ඕන උනා රූපක්කට....චන්දි වගේ යාළුවෙක්ව තෝරගත්තේ විශ්වාසෙට......වැට නියරම ගොයම කාපි වාවනු හැකිවෙද හිතකට.....දැන් යනවලු රූපක්කා පොල් අරගෙන දේවාලෙට.....(නදී)
මොළේ කලඳක් නැති බිරිඳක් (නි)
ඉඳා අම්මා..දිසමාමිට මුලග්ගාය තද වෙලා "ආවා මෙතන අපේ පැටික්කිට ඇබුල කවන්න" - ඇදල ගනින් මෝල් ගහක් මුට තලන්න... මාර ජවනිකාව..රිපීට්..රිපීට්..(නදී)
කොළඔ කොටුවෙ ගිහින් පාර වරදගන්නෙපා.... කොහිල කොටුවෙ කටු ඇනිලා කෑගහන්නෙපා... මට දුක හිතුණා කියලා අඬන්නට එපා..(දිල්)
හරිම මෝඩ මහත්තයෙක්. මම නම් මිතුරියටත් හා කියනවා., බිරිඳටත් හා කියනවා. සුළු ප්‍රශ්නයක් දුර දිග යවා ගෙන තියෙන්නේ. (නදී)
දිසා අයියේ,දුක තමා.සදාකල් කොහු ඔබගේ ආහාරය නොවේවා කියා පතමු. (නි)
දිසා අයියේ, මෙට්ටයේ අවසානය ඔබේ අවසානය වෙන්න දෙන්න එපා අයියා. අසරණ කොට්ටයට දෙයියන්ගේම පිහිටයි.ඇන්දේ පොලු රැක දෙන්න දෙවියනි! (නි)
ව්වහයක් යනු එයා මන් වෙනුවෙන් මන් එයා වෙනුවෙන් ටිකකලකින් අපි එයාල වෙනුවෙන් තවත් අන්තිමේදී නැවතත් එයා මන් වෙනුවෙන් මන් එයා වෙනුවෙන්. (දී)
මැණිකක වටිනාකම දන්නේ නැති ගොන් ගැනියෙක්. කතාව සම්පූර්ණ වෙන්නනම් සැමියයි මිතුරියයි එකතු වෙන්න ඕන. (ස)
දෙයියෝ සාක්කි ...!! !සමදරා නැන්ද ආගිය අතක් නැ. (ස)
එක්වරක් මගේ නමිනුත් වෙන කෙනෙක් අදහසක් දාලා තිබුනා (නි)
මෙහෙම ගියොත් කුසුම්, චන්දී, ලෝකෙත් අහවරයි.සතුටු කරන්නත් බැහැ. සතුටු වෙන්නත් බැහැ. (නි)
අනේ නැන්දේ, මට නම් 21 එන්න බැරිවෙයි. මම ජනවාරි මුල ආවම එහේ එන්නම්. මට හොඳ පැණි හකුරු ටිකක් අරන් තියන්න හොඳේ. (අර 21 එන අයට ඔක්කෝම හකුරු දීලා මට නැහැ කියන්න එපා ඕන්) (නි)
පොත් පෙරලමින් කවි ලියනවා කුසුමො ඔයා. හත්දෙයියනේ තවමත් තනිකඩද ඔයා - වල්මත් වෙච්ච නාකින් අඹරනවා ඔයා - තාමත් හන්දියේ මැද මොනවද කන්නේ ඔයා...(නදී)
කොළඔ කොටුවෙ ගිහින් පාර වරද්දා ගන්න එපා.... කොහිල කොටුවෙ කටු ඇනිලා කෑගහන්න එපා... මට දුක හිතුණා කියලා අඬන්නට එපා... දෙයියො සාක්කියට එන්න පමාවෙන්න එපා..... (නි)
ඉරිදා දවසේ ඩිංගක් නිදියන්න කියා, හැදුවත් අනේ , නැහැ නින්දක් දෙනෙත් පියා ,ඔබලාට ලියුවේ නැහැ කිසි දින ඕපයක් සොයා , සතුටට,දුකට දෙකටම දැම්මේ අදහසක් ලියා ....!!! (දී)
මගේ නමිනුත් කීපවරක් වෙන අය ප්‍රතිචාර දාල තිබුනා (නි)
පහන් - පවුල් සංස්ථාව පාඩු නම් හොඳම දේ ජනසතු කිරීම හරි පොදු සමාගමක් බවට හරි පත් කිරීම. එතකොට කැමති අයට ආයෝජනය කරලා (ප්‍රති)ලාභ ලබා ගන්න පුළුවන් නේ. (ස)
සුජීවට රතු බත් සමඟ ලුණුමිරිස් දෙන්නම්... රාමා ඔරුවේ තබා මෙගොඩට පදවන්නම්... ගජබා ඔබට රස කතා කියන්නම්... පැණි රස ජම්බු පෙත්තප්පුට දෙන්නම්.... (නි)
ඒ සැමියා 100% හරි (දී)
සුළුදේටත් තරහවෙලා දින ගණන් කතානොකර සිටින සැමියයි බිරිදයි එකිනෙකා වචනයක්වත් නොදොඩා සිටියාලු. අවශ්‍ය දේ,අවශ්‍ය වෙලාවට කොළ කෑල්ලක ලියා තබමින් කාලය ගෙවන විට දිනක් ස්වාමියාට උදේ පාන්දරින් ගමනක් යාම සදහා අවදි වීමට වූ හෙයින් නින්දට පෙර පාන්දර 4 ට මට නැගිටින්න ඕනෑ කියා කොලේක ලියා ඔහු නින්දට ගියාලු.පාන්දර 4 ට බිරිද නැගිට දැන් වෙලාව 4 යි නැගිටින්න කියා කොලේක ලියා මේසය මත තබා නැවත නින්දට වැටුනාලු (නි)
කෙලින්ම මාතරට ඇවිල්ල කැකනදුර බස් එක ගන්න. මයේ එසැණ මිතුරන්ට කන්න දෙන එක මට ලොකු සතුටක්. හැබැයි උදේට අපි කන්නේ හීල් බත් හොඳේ, තෙම්පරාදු කරපු කුනිස්සෝ සම්බල් එක්ක. දවල්ට දෙනවා කුකුල් මස්. හැබැයි කොල්ලෝ ටික හොඳට බීලා, ගඟේ නාල එන්න ඕන. දිසා කැමති නම් එළියේ දර ලිප තියෙනවා බත් ටික ඔයාම උයන්න. මමනම් උයන්නේ ගැස් එකෙන්. රැටත් අපි කන්නේ බත්, තාත්තා කන්නේ දවල් හෙරලි තම්බපුව පොල් එක්ක. අම්මට ඇස් පේනවා අඩුයි, කලින්ම නිදා ගන්නවා. ගෙදර කැරම් බෝඩ් එකක් ඇති කොල්ලෝ කට්ටියට ගැහැතකි. ඕගොල්ල කට්ටියකට නිදා ගන්න වෙන්න පළාත් සභාවේ මැම්බර් කෙනෙක්ගේ ගෙදර -අපේ ගෙදර ඉඩ නැති නිසා. චන්දි එන්න ඇතුලේ කාමරට.පෙත්තපුට පුළුවන් එළියේ කා මරේ නිදාගන්න හොඳේ , තරහ නැනේ මගේ පෙත්තප්පු (නදී)
සෑහෙන්න රා බොන්න ඕනෑ ප්‍රශ්නයක් පාටයි.(නදී)
මම මේ කල්පනා කරන්නේ,කොහොම හොටේ බේරා ගන්නද කියලා.පුංචි අල්මාරියක් කොටුවෙන්වත් බලන්න ඕනෑ. (නි)
ඔන්න මං ආවා චන්දි අක්කේ, අදහස් ගොඩයි.... මම හුඟක් පහුවෙලා වගෙයි.... කොතනින් පටන් ගන්නද දන්නේ නෑ... කට්ටියම යනවා නම් මාත් එන්නම් මාතර යන්න... දිසා අයියේ මමත් අර ජරා නිව්ස් එක කියෙව්වා... දැන් දැන් මෙහෙම ඒවා ඇහෙනවා වැඩියි. අපේ රටට මොකක් වෙලාද දන්නේ නෑ....(නදී)
කුසුම් අක්ක කවියක් ලියල තිබුන ..ඒකත් උඩින් පල්ලෙන් කියෙව්වා. දවස් දෙක තුනයි සතුටින් හිටියේ ආයිත් කවුද කාපලුවෙක් අපේ මැද්දට පැනල අදහස් දාන්න ගත්තා .කවියට පිළිතුරු පස්සේ අක්කේ එන්නේ නැහැ හිතට.(නදී)
විශ්වාසා පරමා ඥාති! විශ්වාසය පලුදු වූ විට එය අලුත්වැඩියා කිරීම එතරම් ලෙහෙසි නැත. ඒ වගේම "ඇතුලත ගින්දර පිටතට නොදීමත්, පිටත ගින්දර ඇතුලට නොගැනීමත්" සාර්ථක විවාහයකට බෙහෙවින් උපකාරී වේ.(නදී)
පිස්සුද දිසෝ, මං කවදාවත් ඔයා , තනි කරන්නේ නැහැ. අපි ඔයා එක්ක ඉන්නවා.., හ්ම්ම්ම්ම් ,මේක (13:18:08) ලියල තියෙන්නෙත් අපේ දිසා ද කියල සැකයක් ආවා කොහොම වුනත් කලබල වෙන්නැතුව අපි ලියමු , බොරුවට ආයුෂ අඩුයි දිසෝ .....!!!(නදී)
සමදරා අක්කේ, මෙට්ටේ ගේනකොට කොහු කන්න පුළුවන් නේද? (නි)
රා බී වැඩි වෙලා වෙරි වූ පසුව අනේ.... උස්සන් ගිහින් වතුරට දැම්මොත් හරිනේ.... මාතර ගඟේ කිඹුලී තව ඉන්නවනේ .... වැඩිය වතුරේ දඟලන්නට එපා අනේ.... (නදී)
අදහස් ඉදිරිපත් කිරීමේදී ,පිරිමි හිටපු ගමන් ගැහැණු වෙනවා, නියම ස්ත්‍රියක් සොයාගන්න බරිවෙවිද දන්නා නෑ.(නදී)
සරත්, ඔබතුම කලබල වෙන්න එපා. අපේ කතෘ තුමා දන්නවා මම කවුද කියලා. අද නම් ඉස්සරවෙලාම ආවේ ලියන්නකෝ නමට තව කොටසක් එකතු කරලා. එතකොට ඔයාගේ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි දැක්කත් ලජ්ජා හිතෙන්නේ නැති වේවි. .(නදී)
සමදරා අක්කේ, මීට වඩා හොද නැද්ද පෙත්තව ඇතුලට අරගෙන චන්දිව එළියේ කාමරේට දැම්මා නම්.මට නම් එයාගේ ගෙදර යන්න බැහැ. පැංචි පැහිලා වැඩියි.එන්න එපා වැඩිහිටියන්ගේ කතාවලට කට දාන්න.රකිත්ව මේ තීරයෙන් ගොඩක් කාලයකට පස්සේ දැක්කේ (නි)
මට ලැජ්ජාවේ බැහැ අනේ.ලොකු නැන්දා තාමත් හකුරු මුලේ පැටලිලා වගේ (නි)
දිසා මමගේ,,උපදේශය කියවල අපේ සමාජයේ ..ගොඩක් දෙනාට ..ඉගන ගෙන ප්‍රශ්න නිරවුල් කරගන්න ගොඩක් ලෙහෙසි තැන එහි ඇත ..? විශ්වාසය තමයි ගොඩාක්ම ..ශක්තිමත් වෙන්න ඕන අන්‍යෝන්‍ය අවබෝධය නැතිනම් කොයි දේ තිබුනත් ජීවිතේ හිස් ..ප්‍රශ්න ගොඩයි ..? (ස)
අනේ, ඉන්දු කොහේ යන්නද , කට්ටිය එනවා කියල සෙට් වුනා විතරයි.., සමදරාගේ කිසිම සද්දයක් නැහැ, බය වුනාද දන්නේ නැහැ...? (ස)
මෙන්ඩිස් ..? ඔයාගේ සංස්ථාවත් දැන් ජනසතු කරලද ..? ලාභ ලබනවද ..? (ස)
රූප නිලූවත් එහි ඇදගෙන යමුකෝ.... චන්දි අක්කේ සංගීතය අපි දෙමුකෝ... වැඩි හොඳ නිසා එළියෙ අපි ඉමුකෝ... රෑ යාමයට හොඳ සෙල්ලම් නරඹමුකෝ..... (ස)
අනේ මට නම් දිසා අයියා කියන්න බැහැ. මට නෑකමට මාමා වෙන්නේ (නි)
සමදරා නැන්දේ, එතකොට කැකනදුරේ තියෙන්නේ කොහෙද? කොළඹ ඉදල එනවා නම් අපි කොහොමද එන්න ඕනෑ? ඔය නම කිවුවහම ඇද්ද? (නි)
ඇත්තටම මේකේ අදහස් දාන අයට පිස්සුද ? (නි)
නැහැ නැහැ චන්දි ඒක මම ලිව්වේ. ඒ මම මේක ඔයාට කියන විදිහට ලිව්වේ තවම එක අදහසයි මගේ නමින් වැටිලා තියෙන්නේ. බලමු කවුද කියලා. එයා තවම දන්නේ නැහැ මම කවුද කියලා. මට මොනවාද කරන්න පුළුවන් කියලා. කට්ටිය අර තිරිසන් තාත්ත ගේ දියණියන් දෙදෙනාට කරපු අපරාදය සම්බන්දව අදහස් නැවත කියවන්න. මම මට පුළුවන් යුතුකම කලා.(නදී)
මහා මුදලිකමටත් වඩා ලොකුලු අර ලැජ්ජා නැත කම,නේද කංකානම? (නි)
ඔය ගෑණු කෙනාට හොඳ වැඩේ ....... (ස)
සම්බෝලයි බතුයි හැමදාමත් කුසට වැටෙයි.. රසකර බුදිමි කට ඇරියොත් එයද නැතේ.. කුකුල් මසක් කාපු කලක් මතක නැතේ.. සමදරා සොයුරිගේ වේලක රස බලනු සිතේ.. (නි)
අපේ පෙත්ත පිණි ජම්බූ කන්න කියා.... සමදරා නැන්දා හොයලා ඉගිලිලා ගියා.... සැකයක් ඇතේ මොනවද සිදු වූවෙ කියා.... ඔරුවෙම රැය ඉන්නව දැන් කියන නිසා....(නදී)
හිතවත් කුසුම් අක්කේ, මම දන්නා අන්ධ භූත ජාතකයක් නැත.මම දන්නා ජාතකයක් ඇත. ඒ මගේ ජාතකය පමණි.මට අක්කා කියන හරි විදිහට සතුටු කිරීමේ ක්‍රමය ගැන දැනුමක්ද නැත.ඔබට හැකිනම් මට එය පහදා දෙන්න. ප්‍රායෝගික පුහුණුවක් වුණාටද කම් නැත.මම අක්කාට කරදරයක් වදයක් නොවෙමි. (නි)
අපි කට්ටියට නිදා ගන්න ඉඩ හොයන්න මැම්බර් මහත්තයාගේ ගෙදරට ගිහින්ලු සමදරා නැන්දා.... හවස් වෙලා එයි...(නදී)
ඈ දිසා, කොට්ටේ පුළුන් සහ මෙට්ටේ කොහු කාපුවහම ඊටපස්සේ මොකද වෙන්නේ? (නි)
එහෙනම් දැන් දිසා රා බොන්නයි හදන්නේ ..ආ.., හොදා හොදා ... මි කිරි ටිකකුත් කාලම එන්නකෝ.......!!!(නදී)
සමදරා නැන්දේ, ඔය සුදු ගහන වැඩෙන් ලොකු මස්සිනා තාත්තාගේ තුට්ටු දෙකට විදින්න හදන්නේ... ඔය වැඩේ වහාම නවත්තන්න. නැත්නම් ඔයාට දෙන්න තුට්ටුවක්වත් නැතිවෙයි තාත්තා ළඟ.. (නි)
සමදරා නැන්දේ, ඔයාට හොදට හිටිවන කවි කියන්න පුළුවන් වගේ. ශෝක් හොදේ. මට ලුනු මිරිසුයි බතුයි නම් එපා. ඒවා දෙන්න රූපවති අක්කට (නි)
දෙයියෝ සාක්කි! ''දෙයියෝ සාක්කි" වලට වෙච්ච දෙයක්? (නි)
දිසා සොයුර මේ රුපවතී නමින් දමා ඇති කවිය 10;02;37)මගේනමින් යමෙකු පල කර ඇති බව කනගාටුවෙන් සදහන් කරමි...? (නදී)
කටා මාමාත් නියම කතාවක්නේ කියලා තියෙන්නේ (නි)
අදහසට ලිංග බේදයක් නැත. පියුමේ පැණි බොති වන බඹරෝ -මලෙ නම නො අසති පැණි බඹරෝ (නදී)
අයියල අක්කලට සමදරා නැන්දා දිරවන්නේ නැති කෑමක් දෙන්නයි සැරසෙන්නේ .(නදී)
නම් පටලැවිල්ල නම් බැහැ නොවැ ඉවසන්න..සිතුවෙමි කලින්ම අනතුරු අඟවන්න..තව රකිතෙක් එබිකම් කෙරුවොත් මෙතන..නොම්මර එකේ රකිතා නම් මම ඔන්න..(නදී)
මගේ නමින් හොර අදහස් දාන අය සමඟ මම තරහ නැහැ. මම මේ තීරයෙන් අයින් වෙනවා. මගේ හිතේ අමාරුව ඉතා අධිකයි. (ස)
ඒ තිරිසන් තාත්තගේ නිව්ස් එක ඉස්සරහින් ඇති " පපුව පලාගෙන ''ගිය වෙඩි උණ්ඩය ගන්න කල විශ්මිත ''සැත්කම'' කියවා ඉන්දික මහත්මාට ඉක්මන් සුවය පැතුවොත්, කට්ටියම හොදයි වගේ , මට හිතෙන්නේ...! (නදී)
අනේ සරත් අයියේ, "අර ඒ දවස් වල සමදරාලා,ඉන්දුලා, පෙත්තලා කව්රුත් හිටියේ නැහැ. රූපවතී අක්කයි, චන්දී, දිසා,හේරත් ආදී කීපදෙනක් විතරයි හිටියේ." කියලා තිබුනා. හැබෑටම ඒ හේරත් මාමට මොකද කලේ කට්ටිය එකතුවෙලා? රා බොන්නවත් එක්කගෙන ගියාද?සද්දයක් නැහැ. කල්පනා කරන්නකෝ හොයන්නේ කොයි ක්‍රමයකටද කියලා (නි)
කොමල ගති ගැහැනුන්ට පිහිටන්නේ පැවැත්ම හරියාකාරව ගෙනියන්නයි. ඔලුගෙඩිය අවුල් කරගත්විට කඩා වැටෙනවා ජීවන ඉනිමග. (නි)
අනේ සමදරා නංගියේ ඔයා දන්නා හොඳම කුණුහරුප දෙක තුනක් අහන්න බලන්න මන් හරි ආසයි. මොන නැකතකටද කියන්නේ? ඔයාල ඔක්කොමල එදිරිමාන්න (ගේ) පරම්පරාවේ නේ?(නදී)
මට බය කැකුණ දුවට ගියාට පස්සේ සමදරා නැන්දා සමදරා මාමා වෙයිද කියලා. චන්දි මම රා බොනවට වඩා කිරි කන්න කැමතියි. දකුණේ මී කිරි ...බොරු නෙමෙයි මගේ යාලුවන්ගේ ගෙවල් වල මම යනවා චන්දිත් දෙසැම්බර් වල එන්න පුලුවන් නම් .මට මුකුත් එපා බත් කටක් කන දුන්න නම් ඇති ..ලංකාවේ කෑම කන්නත් ආසයි දැන් මෙහෙ අපි පුන්නක්කු කන්නෙ (නදී)
කුසුමේ ...සැකය...සැකය..සැකය...සද්ද බද්ද...ලට්ට පට්ට...කොට්ට මෙට්ට..සැකය...සැකය..සැකය. මොන යාලුවද උදව් කරේ.. (නදී)
මම හිතුවේ මේ සැමියා යාලුවත් එක්ක යාළු වෙලා කියලා....බිරිඳට අනුකම්පා කරලා සමඟි වුනා නම් හරි....ඇය වැරැද්ද තේරුම් ගනී...අපේ දෙමවුපියන් උගැන්වූ පරිදි සමහර දේවල් තියනවා ජීවිතයේ එක් වරක් පමණක් කරන...විශේෂයෙන් විවාහය ජීවිතයටම එකක් විය යුතුයි.අඩුපාඩු තිබෙන්න පුළුවන්.නමුත් සමහර දේවල් ඉවසල හදා ගන්න ඕන. (ස)
ඔය සමදරා ..?ඔයාගේ නමින් අදහස් දමා ගන්න මගේ නමින් අදහස් ලියන එක වහාම නවත්වන්න ..? ඇත්තටම ඔහේ මෙළවට බිහිඋනේ මිනිස් ගැහැණියකගේ කුසින්ද ?නැතිනම් ...?ඔයාගේ හරිනම භාවිතාකරන්න හුරුවෙන්න ..? නියම පිරිමියෙක් විදියට ...? (නදී)
රූපා ඇන්ටියේ, හූනා කිවුවා වගේ කිව්වේ .චික් ..චික්..චික් විතරක් කිව්වද? හුනා වෙන මොනවත් කිව්වද? (නි)
රූපවතී - තාම සංස්ථාව ලාභයක් නැතත් ඇදගෙන යන්න පුළුවන්. අනෙක් කොටස් කරුවාගේ 50% ට හරි යන්න ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. මම ට්‍රයි කරන්නේ කොටස් අයිතිය 51% වත් මගේ ළඟ තියා ගන්න. කොහෙද ඉතින් සාකච්චා කොරාට පලක් තියෙන එකක්යැ. අනිත් සංස්ථා එක්කයි ඒවායේ සභාපතිලා එක්කයි සංසන්දනය කරන එකම නේ කරන්නේ. (ස)
අනේ ශාන්ති, ඊටපස්සේ මොකද වෙන්නේ දන්නවද? පුළුනුයි, කොහුයි, කාලා දිරවාගන්නත් බැරුව, වමාරන්නත් බැරුව, දිසා කෙදිරි ගගා අරහෙටයි, මෙහෙටයි, දුවනවලු.අපේ රූපා අක්කා දොස්තරලා හොය හොයා ඔලුවේ අත් බැදගෙන හැමතැනම දුවනවලු (නි)
සමදරා මට කොහෙත් එකයි...මම ඔරුවේම නිසා ගන්නයි හිතුවේ. (ස)
කෝ අනේ මේ සමදරා? මේ පිනිජම්බු ගැටයකට මගේ හොටේ පැටලිලා.ගලවා ගන්න එන්න කෝ..හනික (නි)
ආදරය කියන්නේ විස්වාසය එක්ක බැදුන පූජනීය හැගීමක්.විස්වාසයක් නැති තැන කවදාවත් ආදරේ රඳා පවතින්නේ නැ.මේ දේ තේරුම් ගන්න ගොඩක් දෙනාට කල් යනවා.ඒ කාලය ඇතුලත ජීවිතේ ආපහු අරගන්න බැරි තරම් දුරට අපි ආදරේ කල දේවල් අපෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි.හැම දේ ගැනම ගොඩක් සංවේදීව අපට හිතන්න පුලුවන්නම් ගොඩක් දුරට අපේ ජීවිත ලස්සන කරගන්න පුළුවන් වෙයි .විවාහක දෙන්නෙක් අතරේ සිද්ධ වෙන ප්‍රශ්න වලට කවදාවත් තුන් වැන්නෙක් ලං කර ගන්න හොඳ නෑ.පවුල් ජීවිතේ සිද්ධ වෙන ගැටුම් පිට අයට නොපෙන්වා විසදගන්න පුලුවන්නම් මේ වගේ කතා අපට බලන්න නැති වෙයි. (ස)
පොලීසියට පැමිණිල්ලක් කරමින් එකම නමින් මේ තීරුවට මේ කරදරකාරි තරඟකාරී අදහස් දැමීම නවතා දෙන ලෙස ඉල්ලා සිටියේ ඔහුට කාන්තාව කතා කරන අංකයද ඊ මේල් ලිපිනයද ෆීමේල්ට ද ලබා දෙමිනි. ප්‍රතිචාර නැත. කට්ටියම පෙරහරේ යති. ගමනේ යා... (නි)
කොහිල කොටුවේ, අපේ හිතවත් සරෝ,ඔයා ලියපු දේ හරි. මමත් ඒක අනුමත කරනවා. දෙවැනි සරතුත් ලියන්න අනේ.මෙතන අපි කාටත් , ලොකු,පොඩි,බාල , තරුණ ,මහලු ඕනෑම වයසක කෙනෙකුට වගේම ඕනෑම තරාතිරමක කෙනෙකුටත් ලියන්න අපේ කතුතුමා අවසර දීලා තියෙන්නේ. ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් ලියන්න. (නි)
සශිමාල් ඔයා කවදාවත් කාවවත් සැක කරලම නැද්ද???? (ස)
කොට්ටේ පුළුන් සහ මෙට්ටේ කොහු කාපුවහම ශාන්ති අක්කේ,කොට්ටේත් ඉවරයි.මෙට්ටේත් ඉවරයි.ඊළඟට ඇදේ පොලු කකා පැදුරේ නලියනවා... (නි)
අපේ ගෙදර එන්න...මෙන්න ලිපිනය... පෙත්තා අට ලෝ දහම,අංක 1 කෙලින් පාර මානිවත..අභික්කම. ..
මෙම ,ලිපියට අදහස් යොමු කරන සියල්ලටම කියන්නේ, කරුණාකරලා ඔයාලගේ අතේ තිබෙන මාලිමා යන්ත්‍රය අංශක 360ක් කරකවා යා යුතු නිවැරදි දිශාව තෝරා ගන්න. (නි)
කෝ සමදරා ඇන්ටි හැමවෙලේම යනවා යනවා කියා කියා ඇඩුවට තවම ඉන්නවනේ! නිකන් බොරු නොකර ඔහේ ඉන්න ඇන්ටි! (ස)
තමන්ගේ නමින් අදහස් ලියන්නට., කොන්දක් නැතිලු මේ හොර දෙටුවාට, අනුන්ගේ නමින් ලියලා දැම්මාට,කොටවන්නට නොහැක මේ වර නම් තොපට....!!., අපි එකමුතුයි එක අම්මගේ දරුවෝ අපි.., එකට සැලෙනවා එකටයි මල් ඇත්තේ පිපි .. හොරට ලියන ඒ යකා කොටියම කාපි.., මිනිමුතු වලට වැඩි වටිනා එකමුතුයි අපි...!! (ස)
සරත් 2013-11-05 08:17:05 මම හිතන්නේ ඔයාට වෙරදිල! වෙලාවක් තියෙනවනම් පරණ දෙයියෝ සාක්කි ලිපි කියවල බලන්න ! නියම සරත් කව්ද කියල ඔයාට හදුනාගන්න පුළුවනි. අර ඒ දවස් වල සමදරලා.ඉන්දුල, පෙත්තල කව්රුත් හිටියේ නැහැ. රූපවතී අක්කයි, චන්දී, දිසා,හේරත් ආදී කීපදෙනක් විතරයි හිටියේ. හොදයි ඔයා ඒ දවස්වල ඉදලම හිටියා නම් කියන්න බලන්න රූපවතී අක්ක ඉස්සර තවත් නමකින් හිටියා. මොකක්ද ඒ නම කියලා? එහෙම නෙත්නම් කියන්න කව්ද ඉස්සෙල්ලම මෙම පිටුවට කවියක් දැම්මේ සහ එයට පිළිතුරු කවියක් දැම්මේ කියලා. මොකක්ද සරත් දැම්ම පළමුවෙනි කවිය කියලා. උදේ පාන්දර වියායාම කරන්න කියල පිට්ටනියට වෙලා බලා හිටිය දෙන්න කව්ද?විල්පත්තුවේදී අලියෙක් එනකොට සරමත් නැතිව ගහක එල්ලිලා හිටියේ කවද කියල?... වැවක් ළඟ වැටි වැටි දිව්වේ මොකද කියල ? .ඔය ඇති හැකිනම් හොද මල්ලි වගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන්න. නියම සරත් කව්ද කියල හදුනාගන්න පුළුවනි.(නදී)
සමදරා නැන්දේ කොලඹ ඉදලා එන විදිහ කියන්නකෝ (නදී)
දිසා අයියේ, ඉන්දු ,රුපවති, චන්දි, නිලූ, සමදරා, ඔයාලට හිතෙන්නේ නැද්ද මිනිහ ප්ලේන්ටියක් බීලා ආයෙත් ඇවිත් බිරිඳව කැන්දන් යාවි කියා? (නදී)
මං හිතන්නේ නෝනටත් මොකක්හරි හොරයක් ඇති (නි)
මෙන්ඩිස් මාමේ ආයෝජනය කරපුවම ලැබෙන ලාභෙ ගන්නේ කව්ද දන්නේ නැති නිසයි ඔයාට ලොකු ලාභයක් ලැබෙනවද ? (නදී)
ඉඳල හිටලා දැම්මත් මා ප්‍රතිචාර..පසෙකට වී නරඹමි ගුටි බැට පහර...දිසා සොයුර, මා හිතවත් කවිකාර..අගයමි ඔබේ නිසඳැස් හැම විට වාර.. (ස)
පිස්සු නම් මොකෝ..ඔල්මාදේ..ගැහෙනවා..(අ)
දිසෝ, දැන් ප්‍රශ්නයක් නැහැනේ. මං හිතනවා දැන් තියෙන්නේ ඔයාගේ අදහස් කියලා. මගේ යෙහෙළියකගේ අතක අමාරුවක්. ඉතින් මම ගිහින් අත තවලා බෙහෙත් ටිකක් ගාලා එනවිට ප්‍රමාද වුණා.සමදරෝ, මේ දෙසැම්බර් 21 මට නම් එන්න බැරි වෙයි. ඔයා කට්ටියට එන්න කියන්නේ පිළිගන්නද...? පළිගන්නද ..? (නි)
කෝ අනේ මේ නිලූ , මොනවා වෙලාද මන්දා? හේරත් ඇත්තෙත් නැහැ. මේ පිටුව සරසන,අපිට විනෝදය හා සිනහව ගෙනෙන පහන්,අනේ තව කතාවක් ලියන්නකෝ.ඉන්දු නංගි, ලියනවකෝ හොද කවියක් ....!!!! දිසා කෝ හලෝ කවි ...? (නි)
කොහු කකා කොහොමද මාලිමා යන්ත්‍රය අංශක 360ක් කරකවන්නේ? අපේ අතේ යන්තර නැහැ ලොක්කෝ... (නි)
දිසෝ..උඹ කොළඹට එන හැටි දන්නවද?ගුවනෙන්ද?බරබාගෙන්ද? අපරාදේ පුන්නකු ටික?(නදී)
අනේ පැන්චියෝ, ඔය කියන අයියලා අක්කලා ටික ඉන්නේ කොහෙද කියලා කියපන්කො මට හොද කෙල්ල වගේ! (නි)
ඒ මනුස්සයා බේරුනා. උගත් කමක් නැති හුචක්කුවක් බැඳගෙන ගෙදර තියාගෙන සැප දුන්නට ඔහොම වෙලා මදි ගොන් මිනිස්සුන්ටත්.(නදී)
සමදරා නැන්දේ, ඔයා පෝයට සිල්ගන්නවද? (නි)
දිසා මාමේ, පැංචි පැහිලා වැඩි වුණාට තාම කොස්... (නි)
මට මගේ තාත්තගේ නම පාවිචිචි කරන්න අවසර ගන්න ලජ්ජා වෙන්න කාරී නෑ. ඔයාටත් ඒ නම පාවිචිචි කරන්න මට බැහැ. කරුණා කරලා ඔයා පෙරේරා නමේ මුල් අකුර දාන්න. බැරිනම් මට කියන්න මට මගේ නමේ මුල් අකුර දාන්න පුළුවන්. ප්‍රශ්නය හලාස්.(නදී)
මම හැම වෙලාවේම කියන්නේ ගැහැනියගේ නුවන හැදි මිටට උපමා කරලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ. මෙහෙම කිව්වම මේකට ලියන අනිත් බවලත්තුන්ට තරහ යයිද දන්නේ නහැ. එහමනම් සමාවෙන්න.(නදී)
කට්ටියම දැන් කැකනදුරේ යනවදෝ. අනේ මාත් එන්ඩ දෝ... නිල්වලාවේ නාන්න හැකිදෝ... අමුඩ ලේන්සුවක් අරන් එන්න දෝ. (නදී)
වන්නි තිලක්, නිල්වලා ගඟ අසබඩට නම් එනවාමයි. ආයේ දෙකක් නැහැ (නි)
ලිපිය කියවන්න කලින් මම හිතුවේ මිතුරිය එක්ක ගිහින් කියලා. ඒත් මේ ස්වාමි පුරුෂයා හොඳ මොලේ තියෙන කෙනෙක්. ඒක නිසා ඔය මෝඩ බිරිඳට සමාව දේවි. (ස)
සමදරා අක්කේ, හෙරලි පොල් රස බලනකන් මට සිහියක් නැහැ.තාත්තගේ කැලැන්ඩර් නම් ප්‍රශ්නයක් නැහැ.හැබැයි, මෙහෙ සුවඳ සබන් ගාන්නේ නැහැ.ගාන්නේ බොඩි වොෂ්.අම්මා කැමති වෙයිද?කැඩ්බරි, කිට් කැට් චොක්ලට් ගේන්නම්.ක්‍රාෆ්ට් චීස් ආසා නැද්ද? (නි)
දී කිරට සාක්කි කියන රකිතා.. දිසාට පාන ආලේ... හරියට කුන්ඩසාලේ වගේ... (නි)
පැංචි, අනේ මම ලොක්කෙක් නෙමෙයි (නි)
අනේ මෙ පද්මේ, කැත නම් මේකප් කරලා හරි වහගන්න පුළුවන්. සමහර ගෑනු කරන ගොන් වැඩ මකලවත් හදන්න බැහැ. ඔය මනුස්සයා ඒකට සමාවදීලා සමඟි වුනත් ළමයි ඉන්න කාලෙක හරි මය ස්ත්‍රියාව ඔයිට එහා වැඩක් නොකෙරුවොත් මෙන්න කැට.(නදී)
අපිව මහා අනර්ඝ වස්තුවක් සේ ආරක්ෂා කරමින් දසමාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහිකර අපිරිමිත කරුණාවෙන් දයාවෙන් පෝෂණය කර නොවිඳිනා දුක් විඳ, ලොකුමහත් කළ අම්මා අයත්වෙන කාන්තා පරපුරට "හැඳිමිටේ නුවණ" ගැන කියමින් අපහාස කරන අතීත පරපුරේ නූතන බමුණන් ගැන දුක හිතෙනවා. (නි)
අනේ යාළුවනේ ඔය එක එක්කෙනා මෙතන විනෝදය දරාගන්න බැරිව කරන මෝඩ වැඩ ගණන් ගන්න එපා... අපිට තේරෙනවා හරි කෙනා ලියපු එක මොකද්ද කියලා. (ස)
යන්තර මන්තර කරකවන අයට අපේ ගමේ කියන්නේ ලොක්කෝ කියලනේ අයියේ? ඒ නිසා මං එහෙම කිවුවේ? (නි)
සමදරා නගෝ පසුගිය කාලේ පත්තර වල නරක ආරංචි වලින් බොහොමයක් තිබුනේ මැම්බර්ලගේ වැඩ තමා. මම පොල් ගහක් යට හරි ඉන්නම්. එහෙ යන්න නම් කියන්න එපා..(නදී)
පෙත්තෝ වැඩිපුර සරමක් අරන් එන්න (නදී)
යාලුවනේ යෙහෙලියනේ මට වැඩ වැඩි කමටයි නොලිව්වේ. මෙන්න බොලේ මන් නැති අතරේ කට්ටිය සෙට් වෙලා සමදරා නංගිගේ ගෙදර යනෝ. සතුටේ බෑ. ඔහොම තමා සමගියෙන් ඉන්න ඕනේ. රුහුණු කුමාරි එකේද යන්නේ. (නදී)
සැමියාගේ හොර අල්ලන්න යාලුවෝ දාන බිරින්දැලා...? ගෙදර ගිනි පිටතට දීලා ගෙදර තිබෙන සාමය ආදරය නැති කර ගන්නවා. (නි)
ලඟදි "දිසා" බැන්දානේ තොරන් ගසා..... පොරොන්දමත් හරියට හරි නැකත් බලා....... ආදරයට කිව්වේ මගෙ මැණික කියා...... කනෙන් රිංගුවේ දිසා ගෙ ඇසත් වසා...... (නි)
දිසා මල්ලි ඇයි මේ හැටි පුප්පන්නේ......වැල හොයමින් තැන් තැන් වැල ඇවිදින්නේ ........කාපු පුළුන් තවමත් දිරවා නැත්තේ.........ගමෙන් වෙදෙක් හොයා ගන්න අනේ අප්පේ!!!!! (නදී)
ඔව් පැංචි, මමත් දවස් ගානක් හෙවුවා. හොයාගන්න බැරි වුණා. මං හිතනවා හේරා ඉක්මනටම අපිට ලියයි කියලා (නි)
මේ පුවතේ කියැවෙන විදිහට නම් මෙතන සැකය කියන විෂබීජය ඇතුළු වෙලා තිබෙන්නේ කාන්තාවකට තමයි. නමුත් සැකය කියන එක වැඩිපුරම තියෙන්නේ ගැහැනුන්ට ද පිරිමින්ට ද කියලා සමාජ සිදුවීම් නිරීක්ෂණය කළහම හොඳින් අවබෝධ කර ගත හැකියි. මෙතැනදී උගත්කමට වැඩිය බලපාන්නේ, තමන් සතු යහපත් ආකල්ප හා පෞරුෂයයි. (නි)
අම්මා ගෙදර බුදුන්.දුව බුදු වෙන්නේ අම්මා කෙනෙක් වෙලා වෙන ගෙදරක.තාත්තා කෙනෙක් නැතුව අම්මා කෙනෙක් වෙන්නත් බැහැ. නොගැළපෙන වැඩ වුණහම බමුණෝ ඔය කතා කියනවා. (නි)
අනේ බුදු සරත් අයියේ, ඔය ඇත්තමද? මැදපු කමිස තුනම නැද්ද? ආයේ දෙකක් නැහැ..අනේ කාට කොහොම කියන්නද? (නි)
අනුරාද, මොකද මෙච්චර ප්‍රමාද වෙලා? ඒකට උත්තර දෙන්න හිතුනේ ? දැන්ද ඒක ඔයා දැක්කේ?ඕක සුජීවගේ කියමනක් නොවේ. (නි)
අමුඩ ගහන්න වෙලා නෑ තිලකෝ..සරම කෝකටත් ලේසියි..ඉහලට පහලට බිමට..හීතට..වැස්සට ..පින්නට කෝකටත් හොඳා..(නදී)
රූපා අක්කේ,දිසා අයියා මාතර යන්න හනි නනිකට සුදානම් වෙනවා.හදිස්සියේම කිරිපැණි කන්න ඕනෑලු. අපි නම් දන්නෙ නැහැ.නේද චන්දි අක්කේ. (නි)
සමදරා නැන්දේ, දැන් නම් ඔයා හොදයි. (නි)
කවුද කුසුමෝ , අපේ දිසාට එහෙම කළේ? හපොයි අපේ දිසා..!!! (නි)
කොළඔ කොටුවෙ ගිහින් පාරක් වැරදුනත් දෙපාරක් වරද්දා ගන්නේ නැහැ.... කොහිල කොටුවෙ කටු ඇනුනත් පසුබහින්නේ නැහැ... දුක හිතුණා කියලා ඉකි ගැහුවත් පේන්න අඬන්නේ නෑ.... ලුණු දාලා වතුර ඉහලා මම ලියන්නේ නෑ... (නි)
දෙන දෙයියෝ බදාගෙන දෙනවලු සරත් අයියේ,හොද කල ආදා.. (නි)
කම්මුතුයි.කුකුල් කොටුවට කෑම දැම්මා වගෙයි. (නි)
සමාධි - ජනසතු කරාට පස්සේ ඉතින් කැමති කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන් නේ. (නදී)
කුසුම පිපුන නිසා... බඹරු පිරෙන නිසා... බැන්දා නේ දිසා... කුරුළු තොරන් ගසා.. (නි)
අනේ දිසෝ මේ දෙසැම්බර් වල නම් බැරි වෙයි, කමක් නැහැ ඔලුවේ පන තිබුනොත්, කොලඹ ඉදලා මාතර යන ගමන් හෝ එන ගමන් (කවදාහෝ) ගාලු පාරෙන් හැරිලා ඇල්පිටිය පැත්තට ටිකක් එන්නකෝ.., බත් කටක් නෙවේ පිගානක්ම දෙන්නම් ., දකුණේ අපි හොදට ආගන්තුක සත්කාර දන්නවා .., ඇත්තටම ආසයි , මගේ එසැන මිතුරු,මිතුරියන් සමග මගේ නිවසේ පුංචි සාදයක් දාන්න...!!(නදී)
ඉබ්බෝ දාලා,දම්වැල් දාලා ඕවා කොහොම නවත්වන්නද? තණ්හා, ආශා,ක්‍රෝධ,මාර සේනා... (නි)
යාලුවනේ, අවදි වන්න, අවදි වන්න,දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.(නදී)
අම්මෝ මේක තාම ඉවර නැද්ද..(නදී)
අද අපිට නිවාඩුයි. පහන්ගේ කතා වලට හිනාවෙවී ඉදල ගිහින් බලද්දී මගේ මුන් කිරිබත හොදටෝම රොස් වෙලා. දෙයියෝ සාක්කි! අදින් මගේ දීගෙත් ඉවරයි! (නදී)
දෙන්නම ආදරේ නම් මේවා මොන ප්‍රශ්නද? (නි)
නොගැළපෙන වැඩ වුණහම බමුණෝ ඔය කතා කියනවා කියන්නේ මොකක්ද මාමේ? (නි)
අනේ ඔව් නිලූ නගෝ .., කාට කාට හරි ,හරියනවා නම් අපිත් පැත්තකින් ඉදන් සතුටු වෙමු.., දිසා කිරි-පැණි කෙසේ වෙතත් දිරවන්න බැරි කෑමක් කන්න වගෙයි හදන්නේ .., (නදී)
සමදරා ඇන්ටි, ඔයා යනවා යනවා කියලා කියනකොට මම හිතුවේ ඇත්තටම යයි කියලා. ඔන්න ඔහේ ඉන්න මෙයා! (නි)
පවුල් කෑමත් කලාවක්. ඒකටත් හොඳ මොලයක් තියෙන්න ඕනේ. තමන් පිච්ච මලින් උපන් කුමාරි වගේ සුපිරිසිදුයි. ඒත් මාව දාලා ගියානේ කියල වැලපෙන බහුතරයක් ගැහැණු නොදැන සිටියේත් එම කලාවය. බෙහෙත තමයි " ලෙඩෙත් එක්කම මැරෙන්න අරින එක". වෙන බොහත් වලට සුව නොවේ. ගෙවල් වල නිකන් ඉන්න ගෑනුන්ට ඔය සැකය කියන ලෙඩේ එනවා පුරුද්දට වගේ. ඒකට නූගත් කමත් ගෑවුනි නම් වැඩේ අති භයානකයි. (ස)
මාමේ? මම නැන්දා දුවේ...හැඳිමිටේ නුවණ (කෙටි දැකීම) නිසා තමයි තාත්තලා නැති දරුවෝ හදාගෙන දරුවෝ ලොකු මහත් කරගන්න වද විඳින අම්මලා ගැන කතා එමට අහන්න ලැබෙන්නේ.ඒ නිසා බමුණා කිව්වෙත් සාධාරන පැවැත්මේ එක කතාවක් විතරයි දුවේ. (නි)
මේ ප්‍රවෘත්තිය නිසා සමහරු ගිහින් ඉන්න උඩ....මේ ඔය කොයි කාටත් මේ ලෝකේ එලිය දකින්න පින තියෙන්නෙත් හැදී මිටේ නුවන තියෙන ගැණු නිසා තමයි කියල අමතකයිද?මෙහෙම වැරදි ගැණු අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් වෙනවා.. (නදී)
අනේ මන්දා,කවුරු ගැනද අනේ මේ චන්දි නැන්දා දොඩන්නේ?හේරත් කෙනෙක් ගැන...සද්ද නැත්තේ එපා වෙලාද දන්නේ නැහැනේ මේ අලකලංචි. (නි)
චන්දි අක්කේ,රූපා අක්කේ,ඉන්දු,ඔන්න මං අාවා.මං නොලිව්වට ඔයාලගේ අදහස් බැලුවා.මේ ටිකේ අන්තර්ජාලය ලෙඩ වෙලා. මං නෙමෙයි.ඉතින් ගොඩක් ස්තුතියි මාව මතක් වුණාට (නි)
"බත් කටක් නෙවේ පිගානක්ම දෙන්නම්." කියන්නේ ආදරේ නොදන්නා හෝටල් කාරයෝ...පිගන් කන්න බෑ යෝදියේ...බත් කටක්... හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි කිව්වේ අම්මගේ ආදරේට නගෝ...(නදී)
මේ පැටික්කිට ඇඹුල් කවන්න ගියේ නරක හිතකින් නොවේ දිසෝ .., ආ ආ ඔයාට ජෙලස් හිතුනා නේද....?(නදී)
ඒ පාර , පෙත්තත් කොහිල වලේ බහින්නද හදන්නේ?! හපොයි අපේ සරා ....! (නි)
ඕක මානසික රෝගී තත්ත්වයක්. ඒකෙන් තමයි අනවශ්‍ය සැකය ඇතිවෙන්නේ (නි)
මෙතන දාල තියෙන්නේ පවුල් සැකය ගැන ආටිකල් එකක්නේ පෙත්තෝ !!! එක කොහොමද හොඳ සැකයක් වෙන්නේ ?දැන් කාලේ ඔය වගේ දේවලට නඩු ගියාම , විත්තියයි , ,පැමිණිල්ලයි දෙකේම පෙරකදෝරුවෝ දෙන්න එකතුවෙලා කහවනු වැඩි පැත්තට ,නඩුව හරවනවා. නඩුකාරයා අහක බලාගන ඉන්නවා .මේවට කියන්නේ තිත්ත ඇත්ත කියල දැන් බලන්න දිසයි....සමදරා දෙන්න රා කට්ටක් ගහල නාන්න යනවලු (නදී)
නෑ පෙටී සරම කොහොමටත් එපායැ. අමුඩේ ගහන්නේ පරෙස්සම් කරගන්න නැත්නම් ඉතින් ගෙදර ගිහිල්ල හමාරයි . මට හුඟාක් බය සමදරා නංගි ගැන. (නදී)
සරත්, 2013-11-05 08:17:05.., ඇත්තටම මේ සරත් ලියන්නේ අද ඉඳලා නම්, ඔයාගේ නමට තව මොකක් හරි (ඉලක්කමක්., ගමේ නම) එකතු කර ගන්න., එතකොට අපිටත් පහසුයි අපේ ''සරත්ව ''හදුනා ගන්න.අද ලියපු සරත්ට පුලුවන්නම්, අපේ සරත් අහපු ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන්න (අපේ සරත් ඔයාට ස්තුතියි පරණ සිදුවීම් ටිකක් මතක් කර දුන්නට පාන්දරම හිනාවක් ගියා) (ස)
චෝගම් එක නිල්වලා ගං තෙර දී.... දෙසැම්බර් මුල. පැල් කොටයා සරතා, දිසා සමග පෙත්තා අමුතුම රංගනයක.සමදරා රුපගේ සමයන්. සංගීතය ඉන්දුලා චන්දිලා ...ඔරුවක පාවෙන මේ මහා අඳුරේ...කොටියෙකි රා බී වෙරි උන පඳුරේ//(නදී)
මේ අහන්න වන්නි තිලක්., මොකේ ගියත් නැහැ අවුලක් ., ඔයත් එන්න යමු ගමනක් ., විද ගන්නට ලොකු සතුටක්......!!!(නදී)
විවාහ ජීවිතයේ විනාශයට මුල තමා සැකය. ඇතුවත් බැරි,නැතුවත් බැරි සැකය..! හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ. (නි)
ඔන්න අපේ පෙර තිබුණු සතුට නැවතත් ඇවිල්ලා. අනේ මේ අපේ සතුට නැති කරන්න, කවුරුවත් හිතන්නවත් එපා., අනේ මන්ද ...?ඉන්දු ඉන්නකොට - නිලූ නැහැ , නිලූ ඉන්න කොට ඉන්දු නැහැ , කෝ මේ ඉන්දු (ස)
කම්මුතුයි..මෙතන කෑම දාපු කුකුළු කොටුවක් වගේ..අනේ මන්ද අදහස් ලියන අය ඉන්නේ කීප දෙනයි..සමහරු පොත් අතේම තියන්..ඔන්න එලියට පැනල ඇතුලට දා ගත්ත නම් නරකද අහනවා..තව කට්ටියක් හිනාවෙන්න පාලුවට මඩුවක අල්ලාප සල්ලාප..විනාඩියෙන් මිනිසාගේ පරිනාමය අතට අරන් කෙල ගන්න හදනවා..දෙයියෝ සාක්කි ..පොල් ගහන්න තමා වෙන්නේ.(නදී)
ආලෙන් වෙලී හදිසියේම බැඳ ගන්නේ.......පසුදා පටන් දෙන්න එක්ක විඳ වන්නේ......හිතේ සැකේ තියාන ඇයි ලත වෙන්නේ.........මැරුණ දාට සියල්ල දාලයි යන්නේ....... (නදී)
එක හොඳයි තිලකෝ...ගැලවිජ්ජාව අනික් විජ්ජා ඔක්කොම පරදවනවා. හැබැයි යක්කු ඔය කියන තරම් කළුත් නෑ. අර එල්ලගෙන ඉන්න සුරේ දැක්කම ගෑනු යක්කු මෙල්ල කර ගන්න පුළුවන්. හරියට මතුරන් ගියොත්...(නදී)
හරි දැන් ඔක්කොම යාළුවෝ පැටලුම් හැර ගත්තනේ... තාමත් පැටලිච්ච තැනින් එන්න බැරිව ඉන්න පෙත්තාටත් උදව් කරමුද අපි. (ස)
පහන්ගේ කාර් කතාවට මට තාම හිනා. කවදාවත් අහලා නෑ.... (ස)
හුගක් අය අනිත් කෙනාව සැක කරන්නේ තමන්ගේ අඩුපාඩු තියනවනම්. සැමියා රජයේ රැකියාවක් කරනවා. මෙයා ගෙදර නිකන්. සැමියා උගත් ඇති. මෙයා කුකරි ක්ලාස් විතරක් වෙන්නැති යන්න ඇත්තෙ. සමහර විට සැමියා හැන්ඩ්සම් ඇති. ඉතින් සැකේ. මේකෙ සම්පූර්ණ වැරැද්ද තමන්ට නොගැලපෙන, තමා ගැන අවබෝධයක් නැති, කෙනෙක් බැඳගත් පිරිමියාගෙමය. (ස)
අයියලා අක්කලා ටික ඉන්නේ ගෙදර නේ?ඉඳලා හිටලා වැසිකිළියටත් යනවා නාමල් අයියේ? රෑට කනත්තටත් යනවලු කට්ටියම. ඔයා කොහෙද ඉන්නේ? (නි)
සමදරා ඔයාගේ ගමේ විස්තර කියනකොට මට සාගර පලන්සුරියගේ සුදෝ සුදු කවි කතාව මතක් උනා . කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරද. (නදී)
පෙටී, ඔන්න සුරේ එල්ලන් ගියාට කමක් නැහැ, හැබැයි වතුරේ දාන්න එපා මාතර ගිහින් ...!!!(නදී)
කට්ටා, වුවත් කුහක නොවෙන් කට්ටා.. පසුබට නොවෙන් හොඳ දේ ඇගැයීමට මගේ කට්ටා... (නි)
ඔව් සමාදී, සමහර අයට අමතකයි ඒ හැදී මිටේ නුවන තියෙන ගැණු කෙනෙක් තමයි කියලා තමන්ව උපද්දවලා, හොඳ නරක කියලා දීලා, ලොකු මහත් කරලා, තමන්ව මේ තරම් රට පණ්ඩිතයෝ කරලා තියෙන්නේ... (ස)
ඔලුව බදාගෙන අඬනවා අපේ දිසා..... බැලුවා මේ මොකද කියලා සැකේ තමා...... වයිෆ් ගිහින් ෂොපින් උදේ එන්න පමා..... වුණා කියලා දිසා ඉන්නෙ "ඩෝප් " දමා...... (නි)
පෙරේරා , මහත්තයා ඉන්නේ මැදපෙරදිග රටක නේද ..? මමත් මැදපෙරදිග රටක ඉන්නේ. මේ රටේ කියන්නේ හලාස් '' කියල නෙමෙයි කලස් (ඉවරයි,අවසානයි ) කියන තේරුම තියෙන්නේ. මං අහල තියෙනවා අරාබි වචන රටින් රටට වෙනස් කියලා. තරහ ගන්න එපා හොඳේ. (ස)
සැමියාගේ හොර අල්ලන්න යැවූ මිතුරිය සමදරා අක්කද?අබ කෑවොත් ඉහ මොලේ දැවිල්ල හැදේවි..දෙයියෝ සාක්කි ..දෙසැම්බර් මාසේ නිලවලා ගඟ පිටාර ගලාවි..(නදී)
මේ පෙටී හදන්නේ , මාතර කෝලම් මඩුවක් දාන්නද ....?කොහොමත් සංගීතය මටයි , ඉන්දුටයි , දුන්න එක හොදයි , මගේ ආහාරයත් ඒකම තමයි.., '' කුමටද රා බි ගහ බැන ගන්නේ -සතුටට, ජොලියට සින්දු කියන්නේ , සින්දු කියන්නේ.., (ස)
එන වේදනාවට ඉක්මන් සුවය රණවරා හකුරු කෑල්ලක් සමග බොන්න...ආපසු නොබලන්න නොනවතින්න ඉදිරියටම යන්න..රා ද ඇත..(නදී)
සරත්, හැම දේටම උත්තර දෙන්න පුළුවන්. ඒත් අනවශ්‍ය දෙයකට අපරාදෙනේ කලේ නාස්ති කරන්නේ. නෝනයි නැන්දම්මයි නානවා බලපු කෙනෙක් මහත්මයාගේ අතටම අහුවුනා, කතාවක් මේ තිරයේ පලවුනා මතකද?. එතැනදී මම ලිවුවා "ඔය වගේ අයගෙන් ලොකු කරදරයක් නැහැ, බලල ඇති උනාම යයි කියලා". ඕකට රුප අක්කයි චන්දියි මට ටිකක් සවුත්තුව දැම්මා. බොරු නම් අහල බලන්නකෝ කට්ටියගෙන්. මම තීරණයක් ගත්තා අයේ මේ තිරයට නොලියා ඉන්න. ඔබතුමා දිගටම ලියන්න. මගේ තුන් හිතකවත් තරහක්ක් නැහැ. "ආල වඩන යන තේරුම බෝසත්කම සකි" (චිත්‍රපටය වන්නි තිලක් දන්නවා) මම එසැනට අද මෙන්ම හෙටත් ආදරෙයි. මගේ සියලුම යහළු යෙහෙළියන්ට දළදා සමිදු පිහිටයි. සුභ අනාගතයක්. (ස)
ඇත්ත තමා,පැංචි. මෙතන විරසක වුණානේ කට්ටිය, ඒ නිසා වෙන්න ඇති හේරත් නොලියන්නේ. ඉතින් පැංචි දැන් එහෙම නැහැනේ. සමදරාත් දැන් ඔය හොදට ලියන්නේ. නිලුත් නැහැනේ. ලියන්නකෝ නිලූ මොනවාහරි (නි)
2013-11-03 20:59:26 වන්නි තිලක් ගේ අදහසට මට හයියෙන් හිනා ගියා.., අනේ ඔව් අමුඩේ ගහල හරි පරිස්සම් කරගන්න., මාතර ගගේ කිබුල්ලු ඉන්නවාලු .....!!(නදී)
පැංචි ළමයෝ, හුනාගේ නැත්තේ මොනවාද කියලා අහන්න පෙර හුනගේ චි චි ...සද්දේ අහලා ඉන්න (නි)
හරි හරි චන්දි නගෝ මාතර ගිහින් වතුරේ නොදා ඇල්පිටියේදී දාන්න පරෙස්සම් කරගෙන එන්නන් (නදී)
මගේ පපුව දාවන්නේ නැහැ. හරිම දුකයි. ඕගොල්ල සන්ඩු කරගන්නේ නැතුව සංයමයෙන් සහ සතුටින් ඉන්න හොඳේ . මම යනවා. මගේ යාලුවන්ට මම කලින් කියල ඇති මාතර මගේ නිවසට එන හැටි. අපිට පුලවන් හැටියට සලකන්නම්. සැමට සුභ පැතුම්. ආදර නැන්දා (ස)
ඔන්න දවසක් සැමියා පත්තරයක් කියවමින් ඉන්නකොට, බිරිය කේන්තියෙන් ඇවිල්ලා කොසුපාරක් දීලා බනින්න ගත්තලු. සැමියාට හිතාගන්නත් බැරිලු මොකද මේ කියලා. බිරියට සැමියාගේ සාක්කුවේ තිබිලා "ජෙනි" කියලා ලියපු කොලයක් අහුවෙලා. කවුද ඒ කියලා ඇහුවලු. සැමියා, අනේ ඩාර්ලිං ඒ මම ඊයේ ඔට්ටු අල්ලපු අශ්වයනේ කියලා කියුවලු. වයිෆ් ලැජ්ජාවෙන් හිනා වෙලා සමාව ගත්තලු. ඊළඟ දවසෙත් මෙන්න බොලේ එකපාරටම මේ මනුස්සයට නොනවත්වා තඩිබාන්න ගත්තලු.මොකද මේ අදත් මට තඩි බාන්නේ කියලා ඇහුවලු. ඇය තරහෙන් පුපුරමින් " අන්න තමුසෙගෙ අශ්වයා ෆෝන් එකෙන් තමුසෙව අහනවා" කියලා කියුවලු (නි)
හුග කාලයට පසුවයි කුසුමව දැක්කේ ...... මට නම් මැරෙන්නත් පුළුවන් නුඹ මත්තේ ..... උපමාවක්ය අක්කේ මට දිය හැක්කේ ... වැල ගෙඩියක් වගෙයි හරියට කොස් වත්තේ .... (නි)
තරහ වෙන්න එපා චන්දි පුංචි විහිළුවක් කෙරුවට-- මට නම් දැන් වයසත් හරි පෝය හතර සිල් ගන්නට-- තියෙනවනම් පන්සල් හෙම ඔය පැත්තෙන් මහන වෙන්ට-- හැකි වෙයි මට චන්දි නගා උයන දානේ වළඳන්නට. (නදී)
ඇ බන් සමදරෝ බොලා සිල් ගන්නේ බැල් පොයටද (නදී)
අප්පේ ඇති යන්තම්! ඔන්න නිලූ කෙල්ල ඇවිල්ලා දොර ඇරලා තිබුනා දැක්කා (නි)
අන්න කුඩුවේ මයිනා පැටියා සුරේ ..සුරේ..කියනවා ඇහෙනවා...(නදී)
රකිත් බට්ටට තද වෙලා - කට්ටාට ගානක් වත් නෑ .දෙයියෝ රකිත් මගේ බට්ටා.. (ස)
ඕගොල්ල හිතන තරම් අපි නොදියුණු නැහැ. අපිට හොඳට ලයිට් තියෙනවා - සාලේ ටියුබ් ලයිට් . හයි කරලා තියේන්නේ. කාමර 5ක ගෙයක්. ටයිල් නම් නැහැ රතු සිමෙන්ති. ගෙදර ඇතුලෙම ටෝයිලේට් හොඳට තියෙනවා, හැබැයි ලිං වතුර, පම්ප් එකෙන් ලොකු මස්සිනා උදේට ගහල යයි. ඉන්දු ඕගොල්ල ආපු ගමන් පිළිගන්නේ උණු රණවරා දීලා කිතුල් හකුරු එක්ක. ඔයාට තනියම ඉන්න බය නම් එන්න මගේ කාමරේට. කොල්ලෝ එකෙක් වත් ඇතුල් කාමරවල නිදා ගන්න ගන්නේ නැහැ. ඕන්න හැම එක්කෙනාම තම තමන්ගේ රටවලින් මොනව හරි ගෙන්න ඕන හරිද, මට වෙනම චොක්ලට් ඕන, තාත්තට කැලැන්ඩර්, අම්මට සුවඳ සබන්. චුටි නංගිටයි මටයි හොඳ ඇඳුම් තියෙනවා නම් ගේන්න. ස්තුතියි. (ස)
චීස් කැල්ලක් කාපු කාලයක් මතක නැහැ මයේ පුතේ. රාණි සබන් වගේ සුවඳ ගහන සබන් ගේන්න, අම්ම ආසයි. හොඳ සපත්තු දෙකක් හම්බවුනොත් ගේන්න. මගේ සයිස් එක 6 (ස)
නම පැංචි උනාට පැහිල වැඩි ද මන්දා.... (ස)
සමදරා අක්කට කේන්ති ගිහින් වගේ...නැතිනම් කුණුහරුප පොත කියවනවද බන පොත් කවරේ දමන්..සද්ද නෑ නේ?(නදී)
පෙත්තෝ, හොද කියන්නේ 'හොදම' නොවේ. (නි)
අනේ චන්දි නංගි,දොස්තර කෙනෙක් ළගට රැගෙන යන්න දිසාව.පුළුනුයි කොහුයි උගුරේ හිරවෙලා නම් ..? (නි)
උපමා උපමේය දම දම පුරාණේ ......කුසුමා කවි ලියයි දම දම හිනාව .....වයසට ගියත් කොල්ලන් වර්ණනාව ...හොද නැහැ වගේ කුසුමාගේ කල්පනාව ....(නදී)
මේ කලාව හරියන්න තව දසක දෙකක් විතර යනවා මට හිතෙන විදියට .බටහිර රටවල වගේ සතියෙන් සතිය පෙම්වතා පෙම්වති මාරු කරනකොට ,අපේ අයත් අඬන එකක් නැහැ .අපූරුවට රෙදි බෑග් එකත් අරගන තවත් කෙනෙක් හොයාගන ඒ කෙනා ලඟට යාවි .කසාදෙ මොකක්ද ? ලංකාවේ කසාද නොබැඳ කොච්චර පවුල් කනවද . අඬන්න එපා නගෝ !(නදී)
බැන්ද ළගදි දිසා, කුසුම් තොරණ ගසා..... සද්ද බද්ද නිසා .,... එළවා දැම්මා ගසා .... වට්ටි අම්මා නිසා ... කුසුම රෙද්ද වසා .... හට්ටි පෙට්ටි යවා.... දීගේ කැඩුවා දිසා ... ලට්ට පට්ට නිසා ... කොට්ට මෙට්ට ඉරා.... ඒවා කාපු නිසා ... ඇටිකුකුළෙකි දිසා (නි)
දවසක් මාතර ගිහිල්ල කාපු ඇඹුල් තියල් රහට මතක් කලත් බත් කෑවැකි තාමත් කෙළ උනයි කටට(නදී)
මේ වගේ මෝඩ කාන්තාවන් ඉන්නවා සමාජයේ (දී)
ඔන්න සරත් අයියාට සැකයක් පහළ වෙලා බොලේ. (නි)
ඕගොල්ල ගොඩක් කාලෙකින් පස්සේ එන හින්ද කොස්, පොලොස්, දෙල්, කිරිබත්, අච්චාරු. ගොටුකොල, ඇඹුල් තියල්, හැලප, කොහිල, කතුරුමුරුංගා, වටලප්පන්, වගේ ඒවා තමා දෙන්නේ. (ස)
අපොයි ඇති යාන්තම්, දෙයියනේ! නිලූ ඉන්නවා... (නි)
යාලුවා හොදට වැඩේ කරලා තියෙනවා (දී)
හිටියොත් හොඳට හැදී මගේ කට්ටෝ.. දෙවියොත් නමට වඳී (නි)
ඔන්න ඉස්සර වෙලාම .මම සමාව අයදිනවා ..සරත් මල්ලිගෙන් .ඇත්ත තමයි? මමයි චන්දියි විහිළු කළා තමයි කොහිල වලේ වැටි වැටී ..දුවපු දා ඒ කතාවට ..අනේ හිත රිදුනා නම් ..සමා වෙන්න ..අපි කලේ විහිළුවක් ..පමා වෙලා හරි ඔයා අපිට ඒ වග කියුව නිසා අපි දැන ගත්තේ සමා වෙන්න මල්ලි ...!!මම ආදරේ කොහිල වලේ අපේ සරත් මල්ලිටයි...? ඒත් අනික් දෙවෙනි සරතුත් මෙහි ලියන්න ..ඒත් ඔයා තව නමේ කොටසක් එකතු කරගන්න එවිට අපිට ලේසියි ඔයාව අදුන ගන්න ..?තැන්ක්ස් අපේ සරත් මල්ලි ඔයාට.අතීත කතා හැමදේම මතක් කරලා තිබුනට ...?ඒවා කියද්දී පුංචි සතුටක් දැනුනා ...? (ස)
දිසා මාමා පුලුන් කෑවේ හිතේ තිබුණ ආදරේට.... දාලා ගියේ මෙදා සැරෙත් නොකියා නිදිගත් පැදුරට.... දැන්වත් තේරුනොත් හොඳයි පමා වැඩියි ආදරේට.... පන්සලක් පැත්තේ ගියොත් හොඳයි කිට්ටු වෙන්න නිර්වානෙට......!! (නි)
සමදරා නගේ හදපන් ඇඹුල්තියල මාලු රසට - කැකුලු බතට ඇඹුල් තියල ගැලපෙනවා යස අගේට - කිතුල් රාත් හරිම හොඳයි මඤ්ඤොක්කත් කටගැස්මට - දිසයි මායි සරත් එක්ක යනව නිල්වලා වැල්ලට (දී)
අනේ මමත් ආසයි සමදරා නැන්දලාගේ ගෙදර යන්න ..කුණුහරුපෙන් කෑගහනවා නෙවේ ඔන්න ..?මම යන හැටි නම් දන්නේ නැහැ ..?අප්‍රේල් වල නිවාඩු ආවම, පාර කීවොත්නම් හොයන ආහැකි ..? මටත් එක්කම උයනවා නේද සමදරා නැන්දේ ..හැබැයි රෑට මැම්බර් ලගේ දිහාට නම් යන්න බැහැ නිදියන්න ...? අපේ එසැන හැමෝටම වකුටු වෙලා නිදා ගන්න ඔය ඉඩ තියන තැනකින් එළියේ මඩුවක් ගහල තියන්න ..පැදුරක් දෙකකුයි ..ඉටිපන්දම් ටිකකුයි තිබුනොත් ඇති ...?අනික අපි කවුරුවත් රෑට නිදියන්නේ නැහැ එළිවෙනකම් ..අපේ පහන් මල්ලි අපිට කතන්දර කියල දෙනවා කීවා..අනික් කට්ටිය රා බීපුවාවේ ..අපිට කහට ටිකක් තිබුනොත් හොදයි ..කිතුල් හකුරුත් එක්ක ...? (ස)
සමාධි , ඉන්දු. ඔයගොල්ලො ගැහැනියෙක් කිව්ව ගමන් මනසින් මවා ගන්නේ ඒ තමන් වගේ ගහැනියක්ය කියලා. අම්ම කෙනෙක් කිව්වොත් අපි හිතන්නේ අපේ අම්ම වගේ කෙනෙක් මෙහෙම කියන්නනේ කියලා. ඒක වැරදියි. සමාජයේ දරුවන්ව නොමඟ යවන, පවුල ගැන නොහිතන මෝඩ තකතීරු අයත් බිරින්දෑවරු අම්මල වෙලා ඉන්නවා. අපි කතා කරන්නේ ඒ අය ගැන මිසක් හොඳ අම්මලා හෝ හොඳස් ස්ත්‍රින් ගැන නොවේ. සමාධි කෙහොමත් වැරදියි. මේ ලෝකෙ එලිය දකින්න තාත්ත අම්ම දෙන්නනෙක් ඕනේ. ඇයි අනේ තාත්තව අමතක කලේ. " සිරැරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනි" ........කුසේ බරට වඩා "දිවි බර" හරි වැඩියි දරුවෝ......(නදී)
අනේ අඬන්න එපා දිසා .ඔයාට කියල පුද්ගලිකව මං කිව්වේ නැහැනේ. කොස්, පොල්සම්බල්, ලුණුමිරිස් බතල කාල මට ඇති වෙලා තියෙන්නේ. (ස)
වන්නි,ඔයා ඇබුල් තියල් කිවම මගෙත් කටට කෙල ඉනුවා., හැබැයි අපේ අම්මල, ආච්චිලා වගේ රසට ඇබුල් තියල් හදන්න අපිට නම් බැහැ, අම්මල හදන ඒවා පුදුම රසයි අනේ...!! (දී)
දුන්න අදින්න අදින්න හීය ගිහින් වදින දුර ඈතයි. ඒ වගේම තමයි ගැහැණිය නීතියෙන් බැද තබන්න තබන්න ඉඩක් ලද විට එයා ගොඩක් දුර යයි කියන එක. ඒ හින්දා දුන්න බුරුලෙන් තියා ගන්න එක හොදයි. කුසුම් කියන්න අදහස් කළෙත් එය නේද දිසා? (නි)
අනේ මන්දා. චන්දි නංගි, රූපක්කාත් මොන කරදරයක් කර ගත්තද කියලා, මේ දිසාව ළගට අරගෙන. පැන්චිටවත් කියලා බලන්න අදුරන කට්ටඩියෙක්වත් හොයලා දෙන්න කියලා නුල් පොටක්වත් මතුරලා ගැට ගහන්න (නි)
හොද වැඩේ...හොද වැඩේ...හොද වැඩේ... නියම කතාව (දී)
ඇයි පෙරේරා , මයිනා සුරේ සුරේ ගාන්නේ ඔයාගේ නම සුරේන්ද්‍ර ද....? (දී)
දෙවියොත් රකිත් මගෙ රන්වන් රකි පැටියා.. (ස)
මගේ නමිනුත් වෙනත් සිරිපාල කෙනෙක් අදහස් දාල තිබුනා. මේවා ලජ්ජා නැති වැඩ. (ස)
රූප නගා සද්ද නැත්තෙ අකමැතිවද මේ ගමනට -යමුකො නගෝ ගතට සිතට මූදු හුළං වැදිල එන්ට (දී)
පෙරේරා 2013-11-04 21:50:11 මේ කෙනා නියම පෙරේරා නෙමෙයි. අර රුපවති කියනවා වගේ සාපම වෙන්න ඕනේ මෙහෙම වෙනත් නම් වලින් අදහස් දාන අයට.(නදී)
රුප අක්කේ, රා පෙරන නිසා, කිතුල් හකුරු නම් නැහැ ඔන්න. (ස)
මම නම් ඒකටත් කොහොම හරි කතා කරනවා. කොහොමත් එකයිනෙ... (නි)
පොත් හොය හොය කවි ලියනව ඔහේ දිසා.......වළන් ගොඩත් හේදුවෙ නෑ නේද දිසා......වැඩ ඇරිලා වයිෆ් එනව වගෙයි දිසා.......අදවත් ගුටි නොකා ඉන්න අනේ දිසා....... (දී)
ලජ්ජත් හිතෙනවා (දී)
අනේ දිසා අයියා බබා වගේ.. දැන ගන්නම ඕනෑම නම් මාමගේ බිරිඳ ගෙන් වන්දනාවේ යන කොට අහන්නකො.. අයියාගේ මාමත් නැන්දත් හරි ගුණයහපත් අය.ඔයා වගෙ නෝටි නෑ අයියේ. (ස)
සිරිපාල අයියාගේ නමින් වෙන කෙනෙක් අදහස් දානවා නම් ඒක සම්පුර්ණයෙන්ම වැරදියි. මෙතන ඉන්න දිසානායක වගේ අයට යහපත් වචනයෙන් ලියන්න පුරුදු කලේ සිරිපාල අයියා. ඔහු මේ තීරුවට සම්පතක් .ඔහු හැම වෙලේම යහපත් දේ ලියන්න අන් අයව හුරු කරවපු කෙනෙක්. .(නදී)
සමදර අක්කේ අර රුපවති කියල ඔයාට බැනල අදහස් දල තියෙන්නේ ඇත්ත රුපවති වෙන්න බැහැ ඇත්ත රුපවති කවදාවත් කාටවත් ඔය විදිහට අපහස කලේ නැහැ ඒ නිසා ඉවසේමෙන් ලියන්න අපිව කොටවන්න වෙනම නරුමයෝ ටිකක් ඉන්නවා මෙතන .බලන්න දැන් කොයි තරන් සතුටුද මේක බලනකොට හොටු කනෙන් බේරෙනවා (දී)
කාලීන කොටසේ තම දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට දුන් දඩුවම යන මැයෙන් තියන ප්‍රවෘත්තිය හැමෝම කියවන්න.මගේ හිත නම් අද හරි නැහැ. පිරිමි විදිහට අපිටත් ලැජ්ජයි.මනුස්ස ආත්ම ලබන තිරිසන්නුත් ඉන්නවා මේ වගේ.අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් දරුවන්ට සහ කාන්තාවට පුරුෂාධිපත්‍යයෙන් සිදුවන කෙනෙහිලිකම් වලට විරුද්ධ විය යුතුයි.අපි ඔවුන්ට පිහිට වෙන්නේ නැත්තම් කාගේ සරණක්ද එයාලට?ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් තමන්ගේ අදහස් එතන දාන්නත් අමතක කරන්න එපා.මම හැම තිස්සෙම කියනවා වගේ විනෝදය සමග අවට සිදුවන දේ ගැනත් විමසිලිමත් වෙන්න.මොකද අපෙන් ඉටුවිය යුතු යුතුකම් තව තිබෙනවා (නි)
දම් වැල් දමා ගැහැනුන් බැඳ තැබිය හැකිදෝ..... ඉබ්බන් දමා පතිවත රැක දිය හැකිදෝ...... නීතිය දමා බිරියන් මට්ටු කළ හැකි වේදෝ...... බිරිය සතුටු කර ජීවිතෙ ජයගත හැකි නේදෝ..... (නි)
අප්‍රේල් 1 ට දාලා රූපවතී අක්කා හදන්නේ අපේ දවස සමරන්නද? පැදුරු දෙකකුයි, ඉටිපන්දම් ටිකකුයි තිබුනොත් ඇති කියන්නේ ගිනි දෙවි පුජාවටද? (නි)
අනේ පවුනේ සමදරා නංගියේ තාත්තා කියන හන්දම ඔන්න ඔහේ කොල්ලෝ ටිකටත් ඇතුලෙම නිදා ගන්ඩ. හදල දීපන් බලාගෙන පරිස්සමට .(නදී)
සරත් මල්ලි, එහෙනම් මට හකුරු කෑල්ලක් අරගෙන එන්න (නි)
දෙන්න - මගේ පෙනීම කවදාවත් හිරු එලිය නොදුටු මිනිසකුට දෙන්න - මගේ හදවත නිමක් නැති වේදනාබර දවස් ගෙවන මිනිසකුට දෙන්න - මගේ රුධිරය තමන්ගේ සුන් බුන් උන කාරය ඇදන් යන මිනිසකුට දෙන්න - මගේ වකුගඩු යුවලය යන්තරය මත ජීවිතය ගෙවන්නකුට ගන්න - මගේ ඇටකටු , නහර , නාඩි හැමදේම සොයා ගන්න අබ්බගාත පොඩි එකෙකුට ඇවිද යන්න මගක් දෙන , දවාලන්න - මා හැර ගිය දේ එහි අළු විසුරවන්න සුළගට ඉඩ දෙන්න මගේ දුර්වලකම් වැරදි ලෙස මගේ මිතුරන්ට එරෙහි නොවන්නට දෙන්න - මගේ ආත්මය දෙවියන්ට හදිසියේ හෝ මා සිහිපත් කරන්නට ඔබ සිතනවා නම් එය කරන්න කාරුණික ක්‍රියාවකි , හැකිනම් වචනයකින් ඔබව උවමනා කරන්නකු වෙනුවෙන් මං ඉල්ලන හැමදේම ඔබ කරනවා නම් , 'සදාකාලිකව මම ජිවත් වේවි ' (ස)
මට ලියන්න දෙයක් ඉතිරි නොකරම ඔයාලා ලියලනේ. හරි ෂෝක්.ගොඩක් ලස්සන , වැදගත් ,අර්ථවත් , ඒ වගේම අවවාදය හැම දෙයක්ම ගැබ් වෙලා තිබෙන අදහස් ටිකක් (නි)
ඕකනේ කියන්නේ. පවුල් කෑවම ඉතුරුවෙන දෙයක් නැහැනේ (නි)
අනේ මටත් ඒ වගේ කෙනෙක් එවන්න බැහැනේ? (නි)
මේක බොරු කතාවක්ද? (නදී)
වඩේ පාටියට කිට්ටු කරන්නේ නැද්ද නැන්දේ? රා තියෙනකොට කොච්චි වඩේ නැතුව කොහොමද? (නි)
ඔව් රූප අක්කේ එහෙම හොඳයි තමා ...., ඒත් සමදරා අක්ක මට ඇතුලේ කාමරේ දෙනවලු, අනේ මට බයයි අයියෝ, නින්ද ගියාම මගේ බෙල්ලවත් මිරිකයිද දන්නේ නැහැ. පහුගිය ටිකේ වෙච්ච දේවල් වලට, අනේ මමත් රූප අක්ක ගාවින්ම ඉන්නම් හොඳේ .., ඇත්තටම එහෙම වෙයිද, සරා,දිසා,වන්නි,රා බොන වෙලාවට අපි රණවරා තම්බපුව බොමු.., හකුරුත් එක්ක .., (ස)
ඩේව්ඩ් - "බටහිර රටවල වගේ සතියෙන් සතිය පෙම්වතා පෙම්වති මාරු කරන කොට" - වගේ මොකක්ද? දැන් හැදෙන පරම්පරාව මේ වෙද්දීත් එහෙමයි. අඩුවකට තියෙන්නේ ලිවින් ටුගෙදර් විතරයි. (ස)
සරත් අයියා වක්කඩේ හකුරු හංගන්න දෙයියා. (නි)
පහන් මල්ලි ...!දවසක් ඔය ඊ මේල් .එක දීල තිබුන ..අපිට එසැනින් ..මම එය ලියා ගත්තේ වෙලාවක් ඇති විට ඔයාට ලියන්න අනේ කොලේක ලිව්වට ..මට කොන්ටක් එකට ඇතුලත් කර ගන්න බැරි උනා ..අද මම සර්ච් ..කරා හැම තැනම ..පසුගිය දෙවියෝ සාක්කි ..අනේ මට කියන්න ඔයා ඊ මේල් එක පල කලේ ..මොන දෙවියෝ සාක්කියටද කියලා ..මම හොයා ගන්නම් ..? (ස)
දිසෝ කදුලැලි වන්නම් නෙත නොතෙමනවා නම් ...තනියට ඉන්නම් තනි නොකරනවානම් ... (දී)
මම පහන් මල්ලිව හොයද්දි ..? පරණ දෙවියෝ සාක්කි ( කුරුලෑ ක්‍රීම් ගාලා රැවුල බාපු එක )කියෙව්වා. අනේ අම්මේ ..අපේ පිස්සොන්ගේ කතා ඇහුව වැඩ නවත්තගෙන හිනා වරුවයි ..අපේ සරත් මල්ලි මාව කාටද උගස් කරන්නත් අහල බලල ඒ මැද්දෙන් ..?අනේ අනේ ..? (ස)
සරත් 2013-11-05 09:30:13 මම ලියපු එක හොදට කියවලා බලන්න. මම ලියලා තියෙන්නේ මම කවදාවත් මෙතන ලියපු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඔබතුමා ඉස්සර ඉදලා ලිව්වා වෙන්න පුළුවන්. මම නැහැ කිව්වේ නැහැනේ (නි)