IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැමියාගේ හොර අල්ලන්න ගිහින් රස්සාවටත් තට්ටු වෙලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
සැමියාගේ හොර අල්ලන්නට රාජකාරි කරන ස්ථානයේ සිට බිරිය නිවෙසට පැමිණි අතරවාරයේ ඇයට සිදු වු අකරතැබ්බයක් පිළිබදව පුවතක් රජරට පුරවරයට අයත් මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට  ලැබුණි.


සිද්ධිය මෙසේය,


දෙදෙනා විවාහක අඹු සැමි යුවළකි.දෙදෙනාම රාජ්‍ය ආයතන දෙකක සේවය කරන්නෝය. ඔවුන් අඩ දබර නොවී සමඟියෙන්  වාසය කරන නමුත් ,බිරිය සැමියා කෙරෙහි සැකය හා කුතුහලයෙන් යුතුව පසුවුවාය.


 ඇය සේවා ස්ථානය වෙත ගිය නමුත් සැමියා අසනීප ගතියක් නිසා එදින නිවසේ රැදි සිටියේය. එහෙත් සැමියාගේ දුරකතනයට එදින උදේ කාන්තාවකගෙන් පැමිණි දුරකතන ඇමතුමක් නිසා ඇය එදින සැමියා කෙරෙහි දැඩි කුතුහලයකින් පසු වූවාය. ඇය යාබද නිවෙසකට සැමියා කෙරෙහි විමසිල්ලෙන් පසුවන ලෙසට උපදෙස් දී ඇය සේවා ස්ථානයට නික්ම ගියාය.


ඒ අතරවාරයේ යාබද නිවෙසක පණිවිඩකරුගෙන් ඇයට පණිවිඩයක් ලැබුණේ නිවෙසට නාඳුනන කාන්තාවක පැමිණ සිටින බවටය. වහා රාජ්‍ය ආයතනයේ කරමින් සිටි සේවාව පසෙකට තබා ඇය වහ වහා කුලී පදනමට ගත් ත්‍රීරෝද රියකින් නිවෙසට පැමිණියාය. නිවස වසා ඇත.නිවසේ කිසිවෙකුත් නැත.


ඇය සැමියාගේ ජංගම දුරකතනයට පණිවිඩයක් දෙයි.


සැමියා එයට පිළිතුරු දෙමින් දොර ඇරගෙන එළියට එයි.


ඒ අතරවාරයේ නිවසට ආවේ කවුදැයි ඇය විමසුවාය.


රක්ෂණයට බදවා ගන්නට කියා කවුදෝ නෝනෙක් ආවා. අර ගෙදර ඇති ඔහු යාබද නිවසක් පෙන්වා කියා සිටියේය.


ඒ සමඟම ඇයට ඇයගේ සේවා ස්ථානයෙන් පණිවිඩක් ලැබුණි.


විගණන නිලධාරින් පැමිණ සිටිනවා. වහාම එන්න යනුවෙන් ඉන් කියැවුණි. එන පොට වැරදුණ බව දත් ඇය නැවතත් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම ආයතනය කරා පිය මැන්නාය.


ඒ වනවිටත් විගණන නිලධාරිහු ආයතනයෙන් නික්ම ගොස් සිටියහ.


ආයතනයේ සටහන් පොතක ස්ථානයෙන් බැහැර යාම හා ආයතනයේ නොසිටීම සම්බන්ධව ඇයට එරෙහිව රතු පාටින් තිබූ වදන් දැක ඇයට දෙලොව රත්විය.


ඒ වෙනුවෙන් කට උත්තර දීමට ඇයට ආයතනයේ විගණන අංශයට යාමට ද සිදු වී ඇත. සැමියා ගැන නිකරුණේ සැක කිරීමටත්, යාබද නිවසියැන් විශ්වාස කිරිමටත් ගොස් ඇයට සිදු වු අකරතැබ්බය නිසා ඇය දැන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින්නේලු.



අදහස් (0)

සැමියාගේ හොර අල්ලන්න ගිහින් රස්සාවටත් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site