(තිහගොඩ- උපසේන ලියනගම)
හෝටල් කාමරයක දෙදෙනකු නතරවී සිටීමේ බිල් පතක් තම සැමියාගේ කමිස සාක්කුවේ තිබී හමුවූ බිරියක් සැමියා සමග මහා අඩව්වක් ඇල්ලීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ කළුතර නාගරික ප‍්‍රදේශයකිනි.
පසුගිය සතියේ රාජකාරි ගමනක් ගොස් සිටි ඔහු දින තුනකට පසු ගෙදරට පැමිණ විවේක ගනිද්දී ඔහුගේ කමිස සෝදමින් සිටි බිරිය සාක්කුවේ වූ කොළ කැබැල්ලක් රැගෙන ඔහු වෙත ආවේ දෙ අතේවූ සබන් පෙණද ගසා දමමිනි. ‘‘රාජකාරියෙ ගියාද? හෝටෙල් ගානෙ ගියාද?’’ ඇයගේ වේගවත් ප‍්‍රකාශයෙන් අන්දමන්ද වූ ඔහු ඇයගෙනා බිල්පත පරීක්‍ෂා කළේය.
රාජකාරිය කරද්දී තම හිතවතකුගේ දුරකථන ඇමතුම් අංකයක් ලියා ගැනීමට ඉල්ලාගත් මේ කොළ කැබැල්ල හෝටලයක බිල්පතක් බව ඔහු මේ වනතෙක් දැන හිටියේ නැත. එම බිල්පත පසුපස වූ දුරකථන අංකය පෙන්වා සත්‍ය තොරතුරු කීවත් බිරිය එය පිළිගත්තේ එහිවූ අංකයට කතාකිරීමෙන් පසුවලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරාජ්, මොනවද අනේ "අරවයින් එකක් තමයි" කියලා කිව්වේ.අනේ කියන්නකෝ අපිටත් ඇහෙන්න.... (නි)
අපේ ගෙදර දරුවෝ තුන්දෙනා සහ ඔක්කම පස් දෙනෙකුගේ රෙදි හේදිල්ල රැකියාවට යන ගමන් මට දවස ගානේ කරන්න අමාරු නිසා මම මහත්තයට කිව්වා ගෙවන ක්‍රමයට හරි රෙදි සෝදන් යන්ත්‍රයක් ගනිමු කියලා. අපෝ බැහැ කරන්ට් යනවා මදිවට සල්ලි නැහැ කිව්වා. ඊට පස්සේ එක දවසක් රෙදි සෝදන්න කලින් සාක්කු වල හේදිලා යන්න දේවල් බැරි වෙලා තියද කියල බලනකොට බිලක් අහු වුනා. . එයාගේ නංගිට වොෂින් මැෂින් එකක් අරන් දීලා. මම මොනවත් අහන්න ගියේ නැහැ . ඊළඟ සතියේ අපි නංගිලාගේ ගෙදර ගියාම අලුත් රෙදි සෝදන යන්ත්‍රය පෙන්නලා එයා කියනව " අනේ අක්ක මේකට සැහෙන ගානක් ගියා එත් ඉතින් හරි පහසුයි අක්කටත් තියෙන්නේ එකක් ගන්න කියල. " මම ඉතින් පවුලේ සමගිය තකා සද්ද නැතිව හිටියා. (අ)
තිලක් මහතා , සල්ලි ගෙව්වේ නැත්නම් බිල අයියාගේ සාක්කුවට යන්න තියන අවස්ථාව ටිකක් අඩුයි නේද? මේ වැඩේ සමජායේ සිද්ධවෙනවා. සමහර උදවිය නෝනලාට හොරෙන් ගෙදර අයට ආර්ථික උදව් කරනවා. දැනුවත් කරලා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර සහෝදරියෝ හිතන්නෙත් හරිම ආත්මාර්ථකාමී විදියට. අයියලා විවාහ වෙන්න කලින් ගෙදරට කළ වියදම් තමන්ට කළ වියදම් ඊට පසුවත් කරන්න ඕනෑමයි කියලා. අනෙක් අතින් නෝනලාත් මහත්තයාගේ නෑයින්ට ඉඳහිට හෝ උදව්වක් කරන එකට විරුද්ධ වෙන එක හරි මදි. (නි)
සැමියා කරන සමහර දේවල් බිරිඳව දැනුවත් කරලා තියන එක හොඳයි. පීටර් ජේම්ස්ට ඩොලර් 100 ක ණයක් දුන්නලු. පීටර් මේක ඉල්ලන්න ගෙදර ගියහම කිව්වලු දැන් නැහැ පස්සේ දෙන්නම් කියල. දවසක් ජේම්ස් සල්ලිත් අරන් පීටර් හම්බවෙන්න ගියාලු. පීටර් ගෙදර නැහැලු. පීටර්ගේ නෝනා ඉන්නවලු. නෝනා ඇහුවලු මොකද පීටර්ව හොයන්නේ කියලා. මොකුත් නැහැ කියල ඩොලර් 100 පෙන්නලා කිව්වලු හාද්දක් දුන්නොත් ඩොලර් 100ක් දෙනවා කියලා. ඩොලර් 100 ට ආස වෙලා හාද්දක් දීලා ගත්තලු. පීටර් ගෙදර ආවහම කිව්වලු බලන්න ජේම්ස් මට එක හාද්දකට ඩොලර් 100ක් දුන්නනේ කියලා. පීටර් කටවහගෙන හිටියලු. (නදී)
හොර ගමන් ගියාම බිල්පත් ළඟ තබාගන්නේ මොන මෝඩයද? (නි)
පෙර වැරදි නැත්නම් සැකකරන්නේ නැහැ. හොඳ විශ්වාසයක් ගොඩනඟා ගන්න හොඳට ඉන්නම ඕනෑ කාලයක්.... (නි)
මොකද පිටිගල එකපාරටම කලබල උනේ? ඔයාගේ නෝනා ළඟ තිබිල හම්බ උන බිල ගැන මතක් උනාද? ගණන් ගන්න එපා ඒක වෙන කෙනෙක් ගෙවපු එකක්. (නදී)
බමුණූගේ සාක්කුව ඉරිලා කියලා නොකියා කිවුවා (නි)
ඇති ඔයින් බේරුනා (නි)
නාලිකා ඒ බිල අයියගේ සාක්කුවේ තිබුනට සල්ලි නංගිගේ වෙන්න බැරිද අයිය ගියේ නංගිගේ උදව්වට වෙන්න ඇති. ප්‍රශ්න හිතේ හිර කරගෙන ඉඳීම සමගිය නොවෙයි. (නදී)
දවසක්ද අපේ නෝනටත් අහුවෙලා සාක්කුවේ තිබිලා යමක්.පස්සේ මට කනක් ඇහිලා ඉන්න නැති වුණා.(හේ)
නුවණ හැඳි මිටේ දිගයි කියන්නේ නිකන්ද? (නි)
ඕවා ඔහොම තමා. දෙන්නට දෙන්නා විශ්වාස කරන්න බැරි කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. (නදී)
සාදාරණ සැකයක් (නදී)
ඇති ඔයින් ගියා ගුටිකන්නේ නැතුව. (නදී)
සැකය මේ හැම දේටම මුල.(හේ)
අැති උන කේන්තිය සාදාරනයි. (නදී)
මාර වැඩේ! මටත් දැනුයි මතක් වුණේ. (නි)
මටත් ඔහොම දෙයක් වුණා මට තරු පෙනුණා ඉතින් එහෙම දෙයක් නැහැ කියල පසුවදාම බිරිදට අලුත් කරාඹු ජෝඩුවක් අරගෙන දුන්න නෝනා හොඳට සතුටු උණා මම යන්තම් ෂේප් දැන් .(අ)
ඒ ඇත්ති ඔහොම කෑගහන්න ඇත්තේ ඒ ඇත්තාට තියන ආදරය හින්දනේ. ගැහැනියක් මොන දේ බෙදාගත්තත් තමන්ගේ ස්වාමියාව තව කෙනෙක් එක්ක බෙදාගන්න මනාප නැහැ (නි)
ඇත්තටම හෝටලේකට ගියානම් බිලක් ඉල්ලන්නේ නැහැනේ. වැරදිලා හරි සාක්කුවේ තියෙන්න ඇත්තේ එහෙනම් අරවයින් එකක් තමයි (නදී)
අනිත් කෙනා ගෙවපු බිල නෙමෙයි පිටිගලට හමුවෙලා තියෙන්නේ. නැවත යන්න කාමරයකට ඇඩ්වාන්ස් එකක් ගෙව්ව කොලයක් (නි)
" මම සාක්කු අදින්නේ නැති නිසා" ඔව් සැමියාගේ උනත් සාක්කුවට අත දන්නා එපා සාක්කුව ඉරිලා තිබුනොත්? (නදී)
මේ වගේ බිරින්දෑවරු අනිවාර්යෙන් සරත් විජේසුරිය මහතාගේ දේශන වලට සවන් දෙන්න. ගැහැණු හරි ඉක්මනට කේන්ති අරගෙන පවුල් අවුල් කරගන්නවා. පොඩ්ඩක් මේක අහලා බලන්න. මහාචාර්ය සරත් විජේසුරිය කියල නෙට් එකේ ගහල බලන්නකෝ. ජීවිතයට හරිම වැදගත් වෙයි (නදී)
මට නම් කවදාවත් ඔය වගේ ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නම් නැහැ! මොකද මගේ රෙදි සෝදා මදින්නේත් මමම නිසා (නි)
මහත්තයාගේ කලිසම් සාක්කු , පසුම්බිය අදින්නයි ජංගම දුරකතනයෙන් ආ ඇමතුම් මොනවද කියලා හොරෙන් බලන්නයි ගියාම තමයි ගෙවල් වල ප්‍රශ්න වැඩි. මම නම් ඕවා එකක්වත් කරන්නේ නැහැ. එයත් සතුටින්, මාත් සතුටින්. මම කියලා තියෙන්නේ මම සාක්කු අදින්නේ නැති නිසා ඇඳුම් සෝදන්න කලින් ඒවායේ තිබෙන සබ්බ සකලමනාවම අරගන්න, නැත්නම් මම වගකියන්නේ නැහැ කියලා. (නි)
බලන්නකෝ ඒකෙත් හැටි.අනුන්ගේ දේවල් හොයන තරම! (නි)