දිනපතා තිතට මත්වී, නිවසටත් ගෙනැවිත් බීම පුරුද්දක් කර ගෙන සිටි බේබදු සැමියකුට බිරිය අරළු කුඩු මිශ‍්‍ර බයිට් දීසියක් සාදා දී මතක හිටින පාඩමක් ඉගැන්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
මහනුවර දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින් වාර්තා වන මෙම සිදුවීම සැකවින් මෙසේය.
ඔහු මහනුවරට නුදුරු කුඩා නගරයක පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කළ පුද්ගලයෙකි. බිරිය රැකියාවක් නොකළ අතර දරුවන් දෙදෙනාගේ කටයුතු මෙන්ම සැමියා හා ගෙදර දොරේ දහසක් දේද කරමින් ඇය සැමියාටත් වඩා වැඩි සේවයක් කළාය. එසේ නමුත් සැමියා නිතර මත්පැන් බීමට ඇබ්බැහිව සිටීම නිසා බිරිය සිටියේ දැඩි කේන්තියෙනි. නිතර නිතර සැමියාට අවවාද කළ ද එහි කිසිදු අඩුවක් නොවීය. නිවසට එන විට මත්පැන් බී පැමිණෙනවාට අමතරව නිවෙසට ගෙනවිත් බීමටත් පුරුදු වූ ඔහු බිරිය ලවා බයිට් සාදා ගැනීම ද කළේය.
සැමියාගේ මේ කරදරයෙන් බේරීම සඳහා බිරිය දහ අතේ කල්පනා කර අවසානයේ එක් තීරණයකට එළඹුණාය. ඒ මතට ලොල් සැමියාට මතක හිටින පාඩමක් ඉගැන්වීමය.
ඒ සුපුරුදු පරිදි බීමත්ව නිවසට පැමිණි සැමියා නිවසේදී බීමට ද බෝතලයේ කොටසක් ඉතිරි කරගෙන පැමිණියේය. රාත‍්‍රී කෑමට පෙර ඉතිරි මත්පැන් ද පානය කරන්නට සූදානම් වූ සැමියා සුපුරුදු පරිදි බිරියගෙන් බයිට් සාදා දෙන ලෙස ඉල්ලීය. බිරිය වහාම ක‍්‍රියාත්මක වී කලින් සූදානම් කර ගෙන සිටි අරළු කුඩු මිශ‍්‍ර කර බයිට් දීසියක්ම සාදා දුන්නේය. මත්පැන් බී බයිට් දීසිය ද අහවර කළ සැමියාට තවත් ඉවසා ගත නොහැකි විය. ඒ මොහොතේ පටන් එදින එළි වන තුරු ඔහුට වැසිකිළියේ රැඳී සිටීමට සිදුවිය. බිරියගෙන් බයිට්ස් සාදා ඉල්ලීමට ද එදින පටන් නැවතීමේ තිත තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1. පියතුම බේබදුය නැතහොත් මව නොමැති.......ඉගෙනුම් දක්ෂ දරුවන් අප වට සිටිති......එවන් කැකුලකට අත දෙන්නට හිතැති....රට රැකියා කරන ඕනෑ තරම් වෙති.... 2. පවුලේ ප්‍රශ්න මත දුෂ්කර දිවි ගෙවන...ඇල්මෙන් අකුරු නිසිලෙස කරමින් ඉන්න...හොඳහැටි දන්න කෙනෙකුන් මට දන්වන්න....අකුරට අවැසි දේ මට හැක සපයන්න.... (ස)
මොකද අප්පේ අපේ සමදරා නැන්දට සේරම බනිනේ. පව් අනේ හොඳින් ඔයාල අදහස් පල කරන්න. මම නිතරම අදහස් දැම්මේ නැතිවට ඔයාල දාන අදහස් සේරම බලනවා. ඔය කවුරුවත් සැබවින් දැකලා නෑනේ රන්ඩු වෙන්නේ නැතිව ඉන්න හොඳ ළමන් වගේ ඉන්න.. (ස)
පහන් මහතා, ඔබව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න (නි)
රූප ආ එක හොඳයි. (නි)
ඔක්කොම එක දවසේ කලවම් කරලද? (නි)
සමදර නගා, නුවර පැත්ත හොඳද? (නි)
මමත් කොල්ලා කාලේ මගේ ඥාති සහෝදරයත් හවුල් කරගෙන අපේ බාප්පා සමහර දවස් වලට ගෙදර ගේන බෝතලේට වතුර කලවම් කරනවා. ඊටපස්සේ බෝතලෙන් අයින් වෙන කොටස අපි දෙන්නගේ බඩවල් වලට දාගන්නවා. (ස)
හේරත් කියල කෙනෙක් කල්ලියේ හිටියා. ඒ නිසා මේවට රැවටෙන්න එපා මගේ දරුවෝ ගෙනෙන දෙයක් කැකුණ දුරට ගේන්න. .(නදී)
ෆස්රුල් ගෆූර් අයියේ, හැබැයි අයියා වගේම දක්ෂ කෙනෙක් වෙන්න ඕනෑ (නි)
දක්ෂයි.මම වගේම තමයි. (නි)
මම නම් කියන්නේ මේ බාර් ටික ඔක්කොම ගිනිතියන්න ඕනෑ.බොන අයට මේ වචන නිකම් පිහියෙන් අනිනවා වගේ ඇති. මමත් මේක අත්හැරගන්න බැරුව ඉන්නේ.මට බලය තිබුණා නම් මම මුලින්ම කරන්නේ අරක්කු සිගරට් තහනම් කරන එකයි (නි)
කටා අයිය හිතන විදිහට මම හරි ආසයි! (නදී)
මේ වගේ නෝනලා පොලිසියෙනුත් කට්ටිය සල්ලි වලට ගන්නවා...බෙර කාරයෝ පස්සේ..මේ කස කාරයෙක් විතරයි..(නදී)
සතුටින් කෑවොත්.... බිව්වොත් .... මහත්වන්නේ නෑ....හිත නරක නම්? (නදී)
සමදරා බැල්ම හෙලා මගේ හිතට වද දෙනවා.... ඕනේ දෙයක් වෙන්න කියල අද හෙට මම බහ දෙනවා......(නදී)
කන්න කන්න කිරිබත් තව වැඩි කාලයක් නැහැ. මම පොල් ගහනවා හතරට පැලෙන්න.මේ සුජීව මට නැන්ද කියන්න ඔහේගේ වයස කීයද? මම බදින කම් ඉවසිල්ලක් නැහැ එනවා මෙතන නැන්ද කියාගෙන ඔයත් එන්න තණකොළ ලැහැස්තියි.(නදී)
රණ්ඩු සරුවල් නොවී හොදට මොලය පාවිච්චි කල කාන්තාවක්! සැමියාගේ බිම නතර කර ගන්නත් ඔබට හැකි වේවි උත්සහ ගන්න!(නදී)
මට නම් ප්‍රශ්නයක් නෑ. මොකද මම බයිට් කන්නේ නෑ බොන වෙලාවට. (ස)
නයි කයිද කිරිබත් කිවලු. මම ආසයි වඩේ කන්න පිට්ටු කන්න. පොල් කෑලි කන්න...තව තව ......කන්න ... .(නදී)
පහන් මම හිතනවා ඔබටත් පුළුවන් ඉතාමත් දුෂ්කර පළාතක මුළු පාසලකටම උදව් කරන්න. ඔයා විනෝද ගමනක් යනවිට ටිකක් විමසිල්ලෙන් බලන්න. ඕනෙ තරම් පාසල් තියෙනවා එකම ගවුම දවසට එක්කෙනා ගානෙ මාරු කරගෙන දවසක් ඇර දවසක් පාසල් යන පවුල් ඉන්නවා.(නදී)
පුදුමයි ගුටි නොකා බේරුනා. (ස)
මත්පැනට ඇබ්බැහි වීමෙන් ආර්ථිකව, මානසිකව, සාමාජිකව පිරිහෙනවා. ඔය කළ දෙයින් බයිට් හදා දීම විතරයිනේ ඉවරවෙලා තියන්නේ. තිබුණු ප්‍රශ්නය එහෙමමයිනේ.. (ස)
සහන් ඔබේ අදහස ඉතා හොඳයි. ගම්බද නගරබද දෙකේම ඉන්නවා එවැනි අසරණ දරුවන්. දැනටත් පත්තර වල පළ වුණාම ගොඩක් අය උදවු කරනවා. ඒත් පත්තර වලත් පළ නොවෙන අසරණ දරුවන් කොතෙක් ඉන්නවා ඇත්ද. මට හිතෙන්නේ පාසැල් මාර්ගයෙන් දැන ගත හැකි එවැනි දරුවන් ගැන. (ස)
සමදරා නංගි, පොඩ්ඩක් අඩු වුණාට කමක් නැහැ නේද? (නි)
පීටර් අයියා අපි ඔබ එනතුරු බලා සිටිමු. (ස)
සමදරා වගේ අය ඉන්නකං මිනිස්සු මේ ලෝකේ රජ කරනවා. එයා දෙයියෝ සාක්කි තීරුවට ආයේ එන්නේ නැති නිසා මම අද කිරිබත් කෑවා. (නදී)
මටත් ප්‍රශ්නයක් නැහැ මම බොන්නේ බාර් එකේ නිසා. (ස)
කටා අයියේ ඔය කුණු මාළු දාලා හදපු කට්ලට් කන්න ඕනේ නැහැ. එන්න අපේ ගෙදර මම රා කට්ටක් එක්ක බැදපු මාළු දෙන්නම්!(නදී)
ඒක නම් මරු. (ස)
හොඳ විරේකයක් දීලා තියෙන්නෙ. බඩ සුද්ධ උනාට පස්සෙ තව යහමින් බොන්න, කන්න හැකිවෙන්න ඇති. (ස)
"වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවක්......ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී!........... (නදී)
පහන්ගෙ කතාවලට මට හොඳටම හිනා....(ස)
අනේ මමත් ඔය වගේ දෙයක් කළා. වැඩක් නැහැ. හැම දේටම තමන්ගේ හිත.(නදී)
වැසිකිලියට ජලය සපයන ජල නලයේ ප්‍රධාන කරාමය වසා තැබුවා නම් එකවර පාඩම් 2 ක් ඉගෙනීමට තිබුණි .(නදී)
මෙතන බොහොම දැන උගත් පාඨක පිරිසක් වැදගත් හා හාස්‍ය ජනක කතා දමමින් වැදගත් විදිහට තිබුන තැනක්. මමත් ගැහැනියක් උනත් බොහොම ලජ්ජාවෙන් කියනවා ගැහැනුන් වන අප නිසාමයි අද මෙම පිටුව මෙවැනි තත්වයකට පත් උනේ.(නදී)
මේක කියවද්දි මට පරණ හොඳ කතාවක් මතක් වුනා. අපේ අම්මගේ අක්ක බඳින්න පෙර මනමාල මහත්තයෙක් ගෙදරට ආවලු. ඉතින් මේ මඟුලට ගෙදර දෙමුපියෝ කැමති නැතිලු. මනමාලයට මේකට අකමැති බව දැන්නුවත් මනාලයාගේ ගමන නතර කර නැතිලු.ඊට පස්සේ දෙමාපියන්ට හොඳ අදහසක් ආවලු . මොකද දන්නවද කලේ කොළඹ කට්ටිය නම් දන්නවත් ඇති අර ගම්වල තියන තිත්ත තිබ්බටු උයල මනමාලයට කන්න දුන්නලු. ගමන නතර කර ගන්න හිතා ගෙන, අනේ බැලින්නම් තිත්ත තිබ්බටු දෙපාරක්ම ඉල්ලගෙන කාලා රස නිසා දිගටම ගෙදර ආවලු. කොහොමද ටිකිරි මොලේ. (ස)
නංගි නිකන් රැවටෙන්න එපා . 'දිලිසෙන සියල්ල රන් නොවේ' (නි)
පීටර් අයියේ, හිට් වෙන්ඩ අදහසක් ලියන්නේ කොහොමද ?.අනේ මට කියාදෙන්ඩකෝ. (ස)
වචනයට පමණක් සීමා වුනු මතට තිත තැබීමට ගෘහණියන් දරන උත්සාහය ප්‍රශංසනීයයි. හැබැයි ඔහොම ගිහිල්ල ඉවසීමේ සීමාව පැනපු දවසක් අරළු වෙනුවට වස මිශ්‍ර කරන්නත් වෙයි. (ස)
අයි රූපවතිට දොල දුකක්වත් හැදිලද කිරිබත් කන්න. අනේ වාසනාවන්, (ස)
සහන් බණ්ඩාර දුෂ්කර රජයේ පාසලක විදුහල්පතිවරයෙකුට කතාකරන්න. ඔබට උදව් කිරීමට දරුවකු සොයාගත හැකි වෙයි. මාත් රජයේ පාසල් අමතා රැකියා ඇති අවස්ථාවල කළහැකි දෙයක් කිරීමට උත්සහ ගෙන තිබෙනවා. (නදී)
නින්දෙන් මගෙ මැණිකා - දැක්කම නොවී නරකා - කැකනදුරෙ පැණි වරකා.....වළදමි මම පොර කා.(නදී)
ආඩම්බරයි.අහන්නත් සතුටුයි.වාසනාවන්! (නි)
මෙවැනි බුද්ධිමත් කාන්තාවන් අනාගත පරපුරට හොඳ ආදර්ශයක්. සරල විදියට ප්‍රශ්න විසදන ක්‍රම කොච්චර තියෙනවද? (නි)
මගේ තාත්තා කොච්චර හොඳඳ, ඔය කියන කිසි කරදරයක් ගින්දරක් දුන්නේ නැහැ අපට. මතු බවයක බුදු වෙන්න ඕන මගේ තාත්තා. අම්මා යසෝදරාව වෙන්න ඕන ඒ භාවයේදී. (ස)
අපේ පැත්තේ ගල්කඩන බාස් කෙනෙක් හිටියා. මේ මිනිහ තමුන් අවුරුදු 16 ක විතර පුතාට කියල කසිප්පු ගෙන්න ගත්තා. ටික කාලයක් යනකොට කොල්ලත් බොන්න පුරුදු උනා. ගමේ අය කොල්ලට පැණි කුරුල්ලා කියලා නමකුත් දැම්මා. දවසක් පුතාට සල්ලි නැතුව තාත්තාට ගෙනෙන ඒවායින් ටිකක් කොල්ල මගදීම බීල මදි හරියට වෙළෙන් වතුර ටිකක් දමාගෙන ආවා. තාත්ත කසිප්පු ටිකක් බීලා ඈ බන් අද බඩු හොද නැහැ නේ කිවුවා. ඔව් බන් මාත් බීල බැලුව කියල කොල්ලා කිව්වා. නමුත් දැන් තාත්තයි පුතයි දෙන්නම් පරලොව.(නදී)
නොබී ඉන්න පුලුවන්නම් හොඳයි. ඒත් බෝතලේ දැක්කම ඔක්කොම අමතකනේ. මම නම් බොන කොට බයිට් එකට කන්නේ දත් මිටි නිසා නෝනා ජාපාල දාල දුන්නත් ප්‍රශ්නයක් නැහැ. (ස)
ගුවන් තොටුපලේ හිස් බෝතලයකුත් කිහිල්ලේ ගසාගෙන වැලපෙන මිනිසෙකු දුටු ආරක්ෂක නිලධාරියෙකු ඔහු වෙත ගොස් කාරණය විමසීය .මගේ බඩු ටික ඔක්කොම නැති වෙලානේ .අයි මොකද උනේ කවුරු හරි හොරකම් කරලද ?නෑ නෑ මම දන්නෙම නැතුව මූඩිය ඇරිලා තිබිලා. (ස)
සමදර,මට ඔය කාවවත් ඕනෑ නැහැ (නි)
බුද්ධිමත් කාන්තාවකගෙන් අනාගත පරපුරට හොඳ ආදර්ශයක් (නි)
අපේ කකුනදුරේ රජයේ පාසලේ විදුහල් පතිතුමා මාව දන්නවා පත්මේ. (නදී)
ලුණු මිරිස තාම මේසේ යට... (ස)
කටාගේ සින්දු ලස්සනයි (නි)
අරළු බිලා බඩ බුරුල් වෙලා හීතලේ මැරුණා නම්? නියම ආදර්ශය... (නි)
සමදරා නංගි හැපින්න වගේ කිපිලා ඉන්නේ. බුදු අම්මෝ ඇයට කවුරුවත් විහිලු කරන්න එපා. සමදරා ඔයා කොහොම කිව්වත් මම ඔයාට වැඩියා බාල බව මම දන්නවා .නමුත් මම ඔයාට වරදක් කිව්වේ නෑ. ඔයා මට තණකොළ කන්න කියන්න තරම් ඔය සැහැසි උනේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ .සීලාචාරව කතා කරන්න පුරුදු වෙන්න. ඔය නිකම් පිරිමියෙක් වගේ කතා කරන්නේ. (ස)
පහන් ,වන්නි තිලක් වැනි අයගේ අදහස් ඵල නොකරනවා නම් ඒක හොද මදී .මම හිතන්නේ එයාල ලියනවා පලවෙන්නේ නැහැ.(නදී)
මම දැක්ක පහන් වෙනත් පුවත් යටතේ අදහස් පලකරලා තිබුනා ඇයි දෙයියෝ සාක්කියට එන්නේ නද්ද්ද ?(නදී)
අපේ තත්තා නැති උන දවසේ ඉදල අම්ම කලේ ඔය රස්සාව තමයි අපි ලජ්ජා නැහැ කියන්න. අපිට කවුරුත් කන්න දුන්නේ නැහැ හැබැයි වැරදි හොයන නෑදෑයෝ ඕන තරම් හිටියා. නීතිය අපිව තවත් අසරණ කලා. දැන් මම ලොකු ව්‍යාපාරයක කොටස් කරුවෙක්.(නදී)
අනේ මේ මොහොමඩ්, ඔයාලා නිකන් සුදනෝ වෙන්න එපා. (නි)
ෆස්රුල් ගෆූර් අයියේ මට හොඳ මුස්ලිම් ඉලන්දාරියෙක් බලන්නකෝ .ඔයාවත් මට පිහිට වෙන්න. හොට බිම ඇනෙන්න ඉස්සෙල්ලා. (ස)
හැකිනම් ඔබටද එයට දායක වීමට ඉතා මහගු දෙයක්.ඔබ ලංකාවට එන විට හෝ ඔබගේ අයෙක් පොත්, පන්සල් පෑන් සමග යවන්න හැකිනම් ඔබගේ දෑතින්ම එම පුණ්‍යකර්මයට දායක වෙන්න පුළුවන්.කැමති නම් මට ලියන්න. (herathmng@yahoo .com) (නි)
හේරත් කියන දේ පැටලිලි සහිතයි. (නි)
අරළු මිළ නගීද? (නි)
නුවණක්කාර ගැහැණියක් (නි)
ඩේවිඩ්, වන්නි තිලක් රාජකාරී ගමනක් නිසා තව මාසයක පමණ යනතුරු වැඩිය එන්න වෙන්නේ නැති බව පවසා තිබුණා. (ස)
කොහොමද මගේ ටිකිරි මොලේ නියම හරක් ටික තමයි අන්තිමේ මෙතන ඉතුරු උනේ .දැන් මගේ පාඩුවේ කොල්ලොත් එක්ක චැට් කරන්න පුළුවන්. (ස)
මත් වතුර වල ආදීනව කියාදීමට ග්‍රාමීයව පැවැත්වූ සම්මන්ත්‍රනයක අවසානයේදී, එය ප්‍රායෝගිකව පෙන්වීමේ අදහසින් පිරිසිදු වතුර වීදුරුවකට සහ මත් වතුර වීදුරුවකට පනුවා බැගින් දමා ටික වෙලාවකින් සිදුවන දේ බලා සිටින ලෙස කතිකයා දැන්වීය. මද වෙලාවකින් මත් වතුරේ හුන් පනුවා දගලමින් මරනයට පත්වෙනු දක්නා ලදී. 'දැන් පේනවා නේද වෙච්ච දේ?. මේකෙන් පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට ඒ ගැන කියන්න' කතිකයා ජයග්‍රාහී ලීලාවෙන් පැවසීය. කොනක සිටි මැදිවියේ පුද්ගලයෙක් වටපිට බලමින් මෙසේ කීවේය.'මහත්තයෝ, අද වෙනකන් මම දැනන් හිටියේ නෑනේ පණු අමාරුවට මේ තරම් හොද බෙහෙතක් ඇතිය කියාලා.'(නදී)
මේ වැඩ වලට අපිට හරි හිනා. (නි)
කුණු මාළු කට්ලට් බෙදන්නේ මේ තීරුවට ලියන අයයි. ඔබ කෙලෙසා ගන්නේ ඔබගේම ප්‍රතිරූපය බව නොවැටහීම අවාසනාවකි.. දුක-වේදනාව-කදුල නිවාලන දැනුම-සතුට බෙදා හදා ගත හැකි අදහස් තීරුව එලිය කරන්නෝ කරන්නේ තවත් එක් උදාර සමාජ මෙහෙවරකි. එය ඇගයිය යුතුයි. ඒ තැන ගොබ්බයන්ගේ රැගුම් මඩලක් වීම කාගේත් අවාසනාවමයි. (නදී)
සමදරා, මා ලියන දේවල් හිට් වෙනවද නැද්ද කියා මම නම් දන්නේ නෑ. නමුත් ඇතැම් අයගෙන් යහපත් ප්‍රතිචාර තිබෙන බව පේනවා. එය මට සතුටට කරුණක් මෙන්ම ඉදිරියට ලිවීමට දිරි ගැන්වීමක් වෙනවා. මා ලියන දෙයක් කියවා යමෙක් කිසියම් වින්දනයක් හෝ දැනුමක් ලබනවා නම් එයයි මගේ සතුට. මෙහි ලියන සැමට තම ජීවිතයේ විවිද අභියෝග වලට මුහුණ දී ලබා ගත් සුන්දර අත්දැකීම් මෙන්ම කටුක අත්දැකීම්ද එමටය. අපිට ඒවා මෙහිදී ලියා සොඳුරු අතීතයට නැවතත් මොහොතකට හෝ පියමැනිය හැක. මෙහිදී අපේ අධ්‍යාපන මට්ටම කිසිම බාදාවක් වන්නේ නෑ .මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ අධයාපනය ලබා ඇත්තේ 5 වන ශ්‍රේණිය දක්වා පමණයි. නමුත් ඔහු හැදු වැඩුන පරිසරයෙන් ලබාගත් මහා දැනුම් සම්බාරය ඔහුගේ ග්‍රන්ථ කරණයට ඉවහල් උනා. පසුකලෙක ඔහු ලියු ග්‍රන්ථයන් විශ්වවිද්‍යාල වල පවා පරිශීලනය කලා. (නදී)
අපේ කොල්ලෝ කට්ටියක් හිටිය ගම පලාතේ මම වාසය කරන අවදියේ සිගරට් බොනවා වත්තට ඇවිල්ලා .ලොකු උන්නාන්සේට හොරෙන්.ආසාවට මමත් ඉතින් උරණවා .නිකන් දෙන දෙමල පත්තරේ හරි වටිනවා කියල අපේ ලොකු තැන මට නිතරම අවවාද දෙනවා (ස)
තමන්ගේ සැමියා මත්පැන් වලට පුරුදු වී නම් එයින් ගොඩක් අසරණ වෙන්නේ සහ ලැජ්ජා වෙන්නේ බිරිදයි (නි)
පීටර් අයියා මාටින් වික්‍රමසිංහ 5 ට ගියත් ඔහුගේ ඉංගිරිසි දැනුම ඉතා ඉහල තත්වයක තිබුන ඔහු රිචඩ්සන්,ෆීල්ඩින් ,ස්මොලට් සහ ස්ටර්න් යන පැරණි ඉංගිරිසි නවකතාකරුවන්ගේ පොත් කියව ලබාගත් අද්දැකීමුත් ඔහුගේ නවකතාවලට ඉවහල් වූ බව ඔහුගේ විචාර වල මා කියවා තිබෙනවා .(නදී)
අර අපේ දිසා ඔය පැත්තේ ආවද අක්කේ? (නි)
පීටර් අයියේ ඔයාගේ වැදී බන අහන්න මට ඇවැසි නැහැ. මම කාටවත් දෙවෙනි වෙන්න උවමනා නැහැ. මොකද මම වරදක් නොකරන නිසා .මමත් කලේ කාට හරි සදාරණයක්. ඔයාල වගේ විශ්ව විද්‍යාලවල ගිහින් නැතුවට මමත් මාටින් වික්‍රමසිංහ වගේ තමයි. මට ඕනේ ආදරේට ආදරේ කරන පිරිසක් මිසක් පණ්ඩිතයෝ නෙමෙයි.(නදී)
ඕව් ඩේවිඩ්, මමත් දැක්කා පහන් වෙන ඒවාට ලියලා තියෙනවා. අනේ පහන් නැවත ලියන්න.(නදී)
පහන් ඔයාගේ කතා දෙකම පංකාදුයි. පීටර් අයියා දීපු උපදෙස් මසුරන් වගෙයි. ස්තුතියි ඔබ දෙපලටම (නදී)
සමහර පියවරුන්ගේ සෝචනීය ක්‍රියා කලාපය නිසා කොතෙකුත් අහිංසක දරුවන් බිරින්දෑවරුන් දුක් විදිනවද. මේ මත්පැන් පානය නිසා අතේ ඉතුරු වෙන මුදල අපතේ යනවා වගේම මේ පියවරුන් තම දරුවනට දරා ගන්නට බැරි මානසික බරක් පටවනවා . (නදී)
හරක් එක්ක මොන චැට් ද සමදරා , ඔයත් එක්කම පටවන්ඩ ඕනේ මස් කඩයකට නේ. (ස)
හේරත් අයියේ, ඉදිරිපත්වෙලා ඔයා කරන වැඩේ බොහොම හොඳයි, මමයි, සරායි, රූපායි, නිලූ විදානගෙයි එකතුවෙලා මොනවාහරි එවන්නම්. මේ තීරයේ අපි 4දෙනා ඇරුණහම අනිත් ඔක්කොම නොමිනිස්සු අයියේ (නි)
සමදරා සොයුරිය, මම නම් ඕනෙ තරම් කිරිබත් කෑවා. යහපත් පවුල් ජීවිතයක් ගත කරන මට ඕනෙ නම් තවත් ඉදිරියටත් කිරි බත් කන්න පුළුවනි. මට දුක ඔයා ගැනයි. (ස)
බුද්ධිමත් බිරියක්. (ස)
සමදරා නමින් කීප දෙනෙක්ම ලියනවා, නියම සමදරා යන්නම ගිහිල්ලා. දැන් අපි අපේ වැඩක් බලා ගනිමු (නි)