එකම නිවසේ වෙසෙනා මේ අඹු-සැමි දෙපළ ඉකුත් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පක්ෂ දෙකකටය. බිරිය සහයෝගය දැක්වූ පක්ෂය ජයග්‍රහණය කර රජයක් පිහිටුවිය.
සැමියා ඡන්දය දුන් අපේක්ෂකයා පාර්ලිමේන්තුවට පිවිසියත් ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය. විපක්ෂයේ උදවිය දේවාල කරා ගොස් කරන පොල් ගැසීම්වලට තම සැමියා වරක් ගොස් ඇති බව බිරියට කණින් කොනින් ආරංචි විය. මෙයට කුමක් කළ යුතුදැයි කල්පනා කළ ඇය වරු තුනක් මස් මාංශ අනුභවයෙන් වැළකුණි. නා පිරිසිදු වී දේවාලයකට ගියේ පොල් ගෙඩියක් ද රැගෙනය. ‘අනේ දෙවියනි, මගේ මනුස්සයා දේවාල ගානේ ගිහින් රජයට විරුද්ධව පොල් ගහනවා. එයා ඉල්ලන දේ ඉෂ්ට කර දෙන්න එපා කියලයි මම මේ පොල් ගෙඩිය ගහන්නේ” කියූ ඇය පොල් ගෙඩිය වේගයෙන් පොළවේ ගැසුවාය. පොල් ගෙඩිය දෙකට මැදින් බිඳිණි. ඇය ඉමහත් සතුටට පත් වූවාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උප නගරයකින් වාර්තා විය.
ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාව කරන එක නවත්තලා පොල් අක්කර පහක් අරගත්තා නම් ගොඩ වගෙයි. තව අවුරුදු පහක් පොල් ඩිමාන්ඩ්. (නි)