එකම නිවසේ වෙසෙනා මේ අඹු-සැමි දෙපළ ඉකුත් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබුණේ පක්ෂ දෙකකටය. බිරිය සහයෝගය දැක්වූ පක්ෂය ජයග්‍රහණය කර රජයක් පිහිටුවිය.
සැමියා ඡන්දය දුන් අපේක්ෂකයා පාර්ලිමේන්තුවට පිවිසියත් ඔහු විපක්ෂයේ අසුන් ගත්තේය. විපක්ෂයේ උදවිය දේවාල කරා ගොස් කරන පොල් ගැසීම්වලට තම සැමියා වරක් ගොස් ඇති බව බිරියට කණින් කොනින් ආරංචි විය. මෙයට කුමක් කළ යුතුදැයි කල්පනා කළ ඇය වරු තුනක් මස් මාංශ අනුභවයෙන් වැළකුණි. නා පිරිසිදු වී දේවාලයකට ගියේ පොල් ගෙඩියක් ද රැගෙනය. ‘අනේ දෙවියනි, මගේ මනුස්සයා දේවාල ගානේ ගිහින් රජයට විරුද්ධව පොල් ගහනවා. එයා ඉල්ලන දේ ඉෂ්ට කර දෙන්න එපා කියලයි මම මේ පොල් ගෙඩිය ගහන්නේ” කියූ ඇය පොල් ගෙඩිය වේගයෙන් පොළවේ ගැසුවාය. පොල් ගෙඩිය දෙකට මැදින් බිඳිණි. ඇය ඉමහත් සතුටට පත් වූවාය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ උප නගරයකින් වාර්තා විය.
ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.
2025 ඔක්තෝබර් මස 08
1381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1279
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියාගේ පැතුමට එරෙහිව බිරියත් පොල් ගහලා
පිටිගල Sunday, 20 March 2016 03:07 AM
රස්සාව කරන එක නවත්තලා පොල් අක්කර පහක් අරගත්තා නම් ගොඩ වගෙයි. තව අවුරුදු පහක් පොල් ඩිමාන්ඩ්. (නි)