ගම්පහ පැත්තේ ජීවත්වන මේ යුවළ විශ්‍රාමයෙන් පසු නිවෙසට කොටු වූයේ සිය එකම දියණිය විවාහ වී අගනුවර පදිංචිවීම නිසාය. පසුගියදා බිරිඳ සැමියාට කීවේ “මට නං දැන් බත් තම්බ තම්බ ඉඳල එපාවෙලා. සතියකට හරි ගමනක් ගිහින් විවේක ගන්න ඕනෑ” කියාය. “අර පහළ ගෙදර සුසිලා නං හැමදාම කොහේ හරි යනවා” ඇය කීවාය. සුසිලා චරිතය අතින් එතරම් හොඳ එකියක නොවන බව මේ දෙදෙනාම දනී. බිරිඳගේ අභියාචනයට කන්දුන් සැමියා ඇය කොළඹ දුවගේ ගෙදර යැවූ අතර දෙදිනකට පසු ඇය සැමියාට දුරකතනයෙන් ඇමතුවාය.
සැමියා මෙසේ කීය. “මට කෑම අතින් නං ගැටලුවක් නෑ. සුසිලා නංගි උදේට රෑට ඇවිත් උයලා දීල යනවා. හොඳ කෙල්ල” ඔහු බිරිඳට කීවේ බොරුවකි. “මොකක්” බිරිඳ ඇසුවේ කෝපයෙනි “අනේ ඔව්. මම ඉඳල හිටල පොල් ටිකකුත් ගාලා දෙනවා” ඔහු කිවේය. “පොල්ෟ” ඇය යළිත් කීවේ කෝපයෙනි. ඇය දුරකථන ඇමතුම විසන්ධි කළ අතර එදිනම සවස නිවෙසට දිවගෙන ආවේ “කෝ අරකි” කියාගෙනලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියාගේ උප්පරවැට්ටියෙන් බිරියට යකා වැහිලා