(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා අසවලා යැයි රුපියල් 10,000 කට ඔට්ටු ඇල්ලූ අයකුට බිරිඳ බැන වදින අවස්ථාවේ සැමියා දුන් පිළිතුරෙන් බිරිඳ අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය.

සැමියා රැකියාවක නියුක්ත වූවෙකි. ඔහු තම ගමේදී ද දේශපාලනය ගැන නිතර නිතර නන් දොඩවයි. ඔහු අසල්වැසියෙකු සමග රුපියල් දසදහසක ඡන්ද ඔට්ටුවක්ද ඇල්ලුවේ ප්‍රධාන පක්ෂ දෙකෙහි එක් අපේක්ෂකයෙකු දිනන බවටය.
මේ පිළිබඳව බිරිඳ මහත් සේ උරණ වී සිටියාය. “පඩියෙන් එහෙම සත පහක් දෙන් නෑ.” බිරිඳ සැමියාට තර්ජනයක් ද කළේය. සැමියා දේශපාලන උණ නිසා ඔට්ටුවක් ඇල්ලුව ද, බිරිඳගේ කේන්තිය සාධාරණ බව ඔහුට ද වැටහිණි.
සැමියා ඔට්ටුවෙන් බේරීමටත් බිරිඳගෙන් බේරීමටත් හොඳම උපායක් කල්පනා කළේය. තම කාර්යාලයට ගොස් කපටි ලෙස එම උපාය ක්‍රියාවට නැංවීය.
මෙදින නිවසට පැමිණි සැමියාට බිරිඳ සුපුරුදු දෝස් මුරය ආරම්භ කළේය. “යෝදියේ කෑගහන්න එපා. ඔට්ටුව පැරදුණත් මම පරදින්නේ නෑ.” යි සැමියා බිරිඳට පැවැසූ විට බිරිඳ ද වහා ඒ ගැන සැමියාගෙන් විමසුවාය.
“නෝනේ මෙහෙමයි ප්‍රධාන පක්ෂ දෙකේ අනික් අපේක්ෂකයා දිනනවා කියලා මම ඔෆිස් එකේ එකෙක් එක්ක තව ඔට්ටුවක් ඇල්ලුවා. දැන් හරිනේ.” සැමියා බිරිඳට සිනාසෙමින් කීවලු.
සැමියාගේ උපායෙන් ලැජ්ජාවට පත් බිරිඳ අන්දමන්දව, කාමරයට රිංගා ගත්තාලු
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියාගේ උප්පරවැට්ටියට බිරියත් හොල්මන්