බිරියට සැමියා එපා වී ඔහු අත්හැර යාමෙන් ඇතිවූ අඹු පුරප්පාඩුව පියවා ගැනීමට සැමියා බිරියගේ ලේ ඥාති සහෝදරයකුගේ බිරිය සමග හාද වී ඇයත් සමග හොර රහසේ පැනයාමක් හා ඊට ප්‍රතිචාර දැක්වූ ඥාති සහෝදරයා පෙර කී සැමියාගේ බිරිඳ සමග පෙමක් ගොඩනගාගෙන ඇයත් සමග පැනයාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණි.
මෙහි මුලින් සඳහන් කළ බිරිඳ එක් දරු මවකි. සිය සැමියා ගංජා ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින්නකු නිසා ඔහුත් සමග දීග කෑමට තවදුරටත් නොහැකි යැයි කියා ඇය ඔහු අත්හැර ගොස් ඇත. ඒ සිය කුඩා දරුවා ඇගේ මවට බාර දීමෙනි.

ටික කලක් හුදකලාවේ විසූ ඔහුට බිරියක නැති පාඩුවත්, පාළුවත් තදින්ම දැනෙන්නට විය. සිය කසාද බිරියගෙන් පලිගැනීමට ඇවැසි සිතුවිල්ලක්ද ඔහුට පහළ වී තිබේ. කාරණා දෙකම ඉෂ්ට කර ගැනීමේ අරමුණෙන් ඔහු බිරියගේ ලේ සහෝදරයකුගේ බිරිඳ සමග හාදකමක් ගොඩනගාගෙන තිබේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයත් සමග ඔහු නිවෙස්වලින් පැනගොස් දීග කෑමට පටන් ගැනීමය.
කසාද බිරිඳ ඥාති සහෝදරියගේ සැමියා සමග පැනයාමෙන් හුදකලා වූ මෙහි සඳහන් දෙවැනි සැමියා ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ බිරිය රැගෙන ගිය පුද්ගලයාගේ බිරිය සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇයත් රැගෙන පැන ගොස් තිබේ.
කලක් ගතවූ පසු මෙහි දෙවැනි වරට පැන ගිය යුවළ ගල්ගමුව පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පැමිණිල්ල විභාගයට කැඳවූ අවස්ථාවේ දික්කසාද වීමට අවශ්‍ය සිවිල් නඩුවක් පැවරීමට මේ පැමිණිල්ල දැමූ බව ඔවුන් පවසා ඇත. “ඇයි දික්කසාද වෙන්න හිතුවේ”යි පැමිණිල්ල විභාගයට ගත් විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් (48369) මහතා විමසුවේය. “නෑ... නෑ. අපි දෙන්නට නෙමෙයි. මට මගේ සැමියාගෙන්” කාන්තාව කීවාය. ‘මට මගේ බිරිඳගෙන්” පුරුෂයා කීය. පැමිණිල්ලක් දැම්මේ අපි දෙන්නට නීත්‍යානුකූල විවාහයක් වෙන්න ඔවුහු කීහ.
ඒ ගැන තොරතුරු විමසන විට මේ කතාව අනාවරණය වී ඇති බවත් “මඟුලක්, දෙමඟුලක්, දෙමඟුලක් විතරක් නෙමෙයි, දැන් සිව් මඟුලක් වෙන්නයි යන්නේ හා.... හා සිවිල් නඩුවක් දමා දික්කසාද ගන්න” යැයි පොලිසිය ඔවුන්ට උපදෙස් දී තිබේ.
(ගල්ගමුව නිහාල් ජයවීර)
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැමියාගේ අඹු පුරප්පාඩුව බිරියගේ නෑනාගෙන් පිරිමහගෙන