විවාහක බිරිය පොලිසියේ දී මස්සිනාට බාරදී මාපියන් හා සියලූ දෙනාම සිනාමුසු මුහුණින් පොලිසියෙන් පිටව ගිය අපූරු පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. පුලතිසි පුරවරයේ තරුණයකු දඹුල්ලට නුදුරු ගමකින් කෙටි පේ‍්‍රම සබඳතාවක් මත තරුණියක විවාහ කැරගෙන වසරක් පමණ සතුටින් ගත කරද්දී බිරියගේ මස්සිනා කෙනෙකු බිරියට පේ‍්‍රමකරන බව සැමියාගේ කනට වැටී ඇත. දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව ද තොරතුරු ලැබුණු අතර එය දෙදෙනාම පිළිගෙන මස්සිනා සමග දීග කෑමට ඇවැසි බව බිරියගේ මුවින් නිතර නිතර ප‍්‍රකාශ වීමට පටන් ගත්තාය. තරුණ සැමියා මේ බව දෙපාර්ශ්වයේම මාපියන්ට ද දැනුම් දී දඹුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කළේය. පොලිසියෙන් සියලූ පාර්ශ්ව කැඳවීය. කරුණු විමසීමේ දී නෑනා හා මස්සිනා දීග කෑමට අවැසි බව ප‍්‍රකාශ කිරීමත් සමග සැමියා ඒ දෙදෙනාට සතුටින් සිටින්නැයි පොලිසියේ දී ප‍්‍රකාශ කළේය. දෙපිරිසගේ කැමැත්ත ඇතිව නීත්‍යානුකූලව දික්කසාද කර දෙපිරිසම සතුටින් ඉන්නැයි පොලිසියෙන් උපදෙස් ලැබිණි. පොලිස් පොතේ අත්සන් තබා දෙපිරිසම ඉතාම සතුටින් පොලිසියෙන් නික්ම ගියේ පොලිසියට ද ස්තුති කරමිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් හිරෙන් එලියට එද්දි තව එක්කෙනෙක් හිරේට..
අපිට එහෙම මස්සිනාලා නැහැනේ
විවාහ දිවිය ගෙවන්න බැරිනම් එහෙම කළාට වරදක් නැහැ නේද?
නියම ආදර්ශවත් සැමියෙක්. ඔහු නිවැරැදි ක්‍රියාවක් කරල තියෙන්නේ