(ගලගෙදර - ජී.ජී.එම්. රත්නායක)
සමිතියේ ප‍්‍රධාන කාර්යාලයකදී එහි ලේකම් වශයෙන් කටයුතු කරන ලේලිය හා අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන නැන්දම්මා අතර ඇතිවූ ගුටි හුවමාරුවක් හේතුවෙන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
ප‍්‍රධාන කාර්යාලයේදී දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් දෙදෙනාම ගුටි ඇනගෙන තිබේ. පළමුව පහර දුන්නේ යැයි කියන නැන්දම්මා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇපමත නිදහස් කර මැයි මස 8 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ බවත් ප‍්‍රතිකාර සඳහා දෙදෙනාම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමට ඇතුළත් කළ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට මඩු වලිගෙන් තලන්න කියලා කවුරුවත් කියන්නේ නැහැ වගේ !
අපේ රජතුමා සමුපකාරේ සබපතිවෙලා විශ්‍රමයන්න හිතන් ඉන්නේ . එමනිසා සණ්ඩු සරුවල් දැන්මම නවත්ත ගත්තොත් හොදයි.
දැන් ඉතින් පුතාට වෙන්නේ මොකද? අම්මද නැත්නම් බිරිඳද කියල ප්‍රශ්නයක් වෙනවා. ඕකෙන් වෙන වැඩේ මට ඔතන ඉන්න බැහැ කියල බිරිඳ ගෙදර යයි, පුතා බිරිඳ නැතිව ඉන්න බැහැ කියල ගෙදරින් යයි. හරිම ජංජාලයක් වෙන්න යන්නේ. ඒ මදිවට උසාවි ගානෙත් රස්තියාදු වෙන්නයි වෙන්නේ. මුළු ලෝකෙම දැන ගන්නවා මේ පලහිලවුව.