IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ස්මාට්ර් කතාවට අත්තම්මාගේ හිත ගිහින්

(දූනගහ බටේපොළ විජයසිරි)
සිරිපාලගේ අත්තම්මා දඹදිව වන්දනාවේ යන්නට මහත් ආශාවකින් සිටියාය.


මේ බව දත් සිරිපාලත් පවුලේ ඥාතීනුත් ඇය දඹදිව වන්දනාවේ යැවීමට හොඳ නඩයක් ගැන විමිසිලිමත්ව සිටියහ.


මේ අතර ගමට යාබද ගමක පිරිසක් දඹදිව වන්දනා සමාගමක් සමග වන්දනාවේ යාමට සූදානම් වන බව ඔවුනට සැලවිය. මේ අවස්ථාව යෙදුණේ ඉතා කලාතුරකින් බැවින් සිරිපාලත් පවුලේ අනෙක් පිරිසත් අත්තම්මා දඹදිව යැවීමට සියලු කටයුතු සූදානම් කළහ.


වන්දනා සමාගමට මුදල් ගෙවා අල්ලපු ගමේ වන්දනාකරුවනට අත්තම්මා බලා ගන්නට යැයි දන්වා ඇයට ජංගම දුරකතනයක්ද ලබා දුන්නේ එය ක්‍රියා කරවන අයුරුද ඇයට කියා දෙමිනි.


අත්තම්මා ගමනට සූදානම් වුවද දුරකතනය ගෙන යාමට නම් කැමැති වූයේ නැත.


මේ පෝන් එක නම් මට එපා. ඔය අලුත් ජාතියෙ එකක් මටත් ඕන. ලැජ්ජයි නෙව මේ වාගෙ බාල ජාතියෙ පෝන් එකක් දඹදිව අරගෙන යන්න යි අත්තම්මා සිරිපාලට ඇත්තම කීවාය.


හරි අත්තම්මගෙ ආසාවනෙ මගේ ස්මාර්ට් පෝන් එක අත්තම්ම අරගෙන යන්න. මේක වැඩ කරවන හැටි අත්තම්ම දන්නවද සිරිපාල ඇසීය.


මට පුළුවන් පුතේ. මම දැකල තියෙනවා අපේ කෙලීත් ඕකෙන් කතා කොරනව.


අත්තම්මා සිරිපාලගේ අලුත්ම ජංගම දුරකතනයද ගෙන නියමිත දිනයේ දඹදිව ගියාය.


දින පහළොවකට ගිය වන්දනා ගමනේදී අත්තම්මා ගෙන් කිසිම පිළිතුරක් තොරතුරක් නැත.


පවුලේ ඥාතීහුද කලබල වූහ. දහවන දිනයේදී සිරිපාල දඹ දිව ගිය අල්ලපු ගමේ අයකුට කතා කළේය. අත්තම්මා ගැනත් ඒ සමගම විමසීය.


ඔහුගේ පිළිතුර වූයේ අත්තම්මා වන්දනා ගමනේ සුවසේ යෙදෙන බවය. ඇයට ගැටලුව වී ඇත්තේ ඇය ගෙන ගිය දුරකතනය ක්‍රියා කරවීමට නොහැකිවීම පමණකැයිද ඔහු දන්වා තිබිණි.



අදහස් (0)

ස්මාට්ර් කතාවට අත්තම්මාගේ හිත ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site