IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සාපෙළ - උසස් පෙළ පැටලී ඡන්ද අපේක්ෂකයාගේ ගෝලයෝ හොල්මන්

උසස් පෙළ සාමාර්ථයෙත් සාමාන්‍ය පෙළ සාමාර්ථයෙත් වෙනස නොදන්නා පළාත් සභා ඡන්ද අපේක්‍ෂකයකු පිළිබඳ සිද්ධියක් පසුගිය දා සබරගමු පළාතෙන් අසන්නට ලැබිණි. මෙවර සබරගමු පළාත් ඡන්ද සටන ආරම්භ වී දැනට සති හතරක පමණ කාලයක් ගතවී ඇත. ඡන්ද අපේක්‍ෂකයෝ තම තමන්ගේ ඡන්ද වැඩසටහන විවිධාකාර අන්දමට කි‍්‍රයාත්මක කරමින් සිටිති. පෝස්ටර්, කටවුට්, ප‍්‍රදර්ශනය කිරීම, සුහද හමු, සාකච්ඡා පැවැත්වීම, කාර්යාල විවෘත කිරීම්,  ගෙන්ගෙට ගොස් පති‍්‍රකා බෙදා හැරීම වැනි කටයුතු ප‍්‍රධාන වශයෙන් සිදුකෙරෙයි. සබරගමුව පළාත් සභාවට මෙවර එක්තරා දේශපාලන පක්‍ෂයකින් තරග වදින තරුණ අපේක්‍ෂකයෙක් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ එක් කොටසක් ලෙස ගෙන්ගෙට යෑමේ  ක‍්‍රමය තෝරාගෙන තමන්ගේ ආධාරකරුවන් කීපදෙනකු සමග ගෙන්ගෙට ගොස් ගෙහිමි ඡන්දදායකයන් දැනුම්වත් කිරීමේ කටයුතු ආරම්භ කළේය. තෝරාගත් ගම් ප‍්‍රදේශයක ගෙයින් ගෙට යමින් පති‍්‍රකා බෙදමින් ගම්වැසියන් හමුවෙමින් ඔවුන් සමග සුහදව කතා බස් කරමින් හෙතෙම තවත් නිවෙසක් ඉදිරියට ගියේය. ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙන්ම සිටි ගෙහිමි කාන්තාව ඉදිරියට පැමිණ අපේක්‍ෂකයා වෙත චෝදනා රාශියක් එල්ල කරමින් මේ පාර නම් තම ඡන්දය නොදෙන බව තරයේම ප‍්‍රකාශ කළාය. උසස් පෙළ සමත් තම තරුණ දියණියන් දෙදෙනාම තවමත් රැකියාවක් නොමැතිව නිවසේ සිටින අතර කුමක් හෝ රැකියාක් එක ළමයකුටවත් ලබාදෙන ලෙස මන්තී‍්‍රගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම මෙතෙක් ඉටු කිරීමට මන්තී‍්‍ර පියවර ගෙන නැති බව ද ඇය ඡන්ද අපේක්‍ෂකයා වෙත දන්වා සිටියාය. ඇයගේ එම දීර්ඝ කතාවට සන්සුන්ව සවන් දුන් ඡන්ද අපේක්‍ෂකයා අවසානයේ ඇය අමතා මෙසේ කරුණු පැහැදිලි කර දුන්නේය. අම්මේ, අපේ මන්තී‍්‍රටයි අපටයි දොස් පවරන එක වැරදියි. රැකියාවක්  ඉල්ලූම් කරන්න මූලික සුදුසුකම තමයි ලොකු විභාග පාස් කරල තිබීම. බලන්න අම්මගේ දුවල දෙන්නම සමත් වෙලා තියෙන්නේ එච්.එස්.සී, විභාගයයි. අඩු තරමින් එස්.එස්.සී. විභාගයවත් පාස් වෙලා තිබුණා නම් මන්තී‍්‍රට කියල එක දරුවකුට හරි රස්සාවක් අරන් දෙන්න තිබුණා යැයි පැවසීය. මේ කතාවෙන් පසු ගෙහිමි කාන්තාවත් ඇයගේ තරුණ දියණියෝ දෙදෙනාත් ඡන්ද අපේක්‍ෂකයා සමග පැමිණි ඔහුගේ ආධාරකරුවෝත් අපහසුතාවකට පත්වූහ. ඒ තමන්ගේ ඡන්ද අපේක්‍ෂකයාගේ අධ්‍යාපන දැනුම ගැන හෙළිදරව් වීම ගැනය.



අදහස් (0)

සාපෙළ - උසස් පෙළ පැටලී ඡන්ද අපේක්ෂකයාගේ ගෝලයෝ හොල්මන්

සමන් Saturday, 18 August 2012 09:39 PM

උපාධිය කියන එකත් දැං පහළට වැටිලා.. !(නු)

:       0       0

නිශාන්ත Wednesday, 08 August 2012 02:40 PM

රටට ආදරය කරන කිසිම මිනිහෙක් දේශපාලනය කරන්නේ නැහැ. පොදුවේ සමාජ මෙහෙවරවල් වල යෙදෙනවා. (නි)

:       0       0

වසන්ත Monday, 06 August 2012 09:38 AM

අපේ රටේ උසස් අධ්‍යාපනේ වෙන දේවල් වල හැටියට මේක මොකක්ද? (නි)

:       0       0

අනුර Monday, 06 August 2012 10:15 AM

මෙහෙම පුද්ගලයින්ටද රට හදන්න දෙන්නේ? (නි)

:       0       0

කුරේ Monday, 06 August 2012 10:24 AM

ඒත් කොහොම හරි එයාවම තමයි තේරෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 06:47 AM

මටත් පැටලෙනවා. (ත)

:       0       0

සිසිර කුමාර Monday, 06 August 2012 11:03 AM

අනිවාර්යයි එයත් මේ චන්දෙන් දිනයි ? (දී)

:       0       0

ෂෙරීෆ් Tuesday, 07 August 2012 07:38 AM

ගුණවතී අක්කේ, අපි යමුද සබරගමු? (නි)

:       0       0

රන්ජන් Monday, 06 August 2012 11:21 AM

"ඇයගේ එම දීර්ඝ කතාවට සන්සුන්ව සවන් දුන් ඡන්ද අපේක්‍ෂකයා...." මේකම මදිද මේ අපේක්ෂකයාට චන්දෙ දෙන්න(වි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 07:55 AM

දැන් මටත් පුලුවන් දේශපාලඥයෙක් වෙන්න. (නි)

:       0       0

ශානිකා Wednesday, 08 August 2012 04:49 PM

විහිලුවට නෙමෙයි මේ අහන්නේ. ඇත්තටම මේ වචන දෙකේ තේරුම මොකක්ද? (නි)

:       0       0

චමිලා ගුණවතී Monday, 06 August 2012 11:34 AM

මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා(වි)

:       0       0

ෂහිවාල් Tuesday, 07 August 2012 08:39 AM

අපේ රට පාලනය කරන්න 8 පාස් වුණත් ඇති කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

හසිත් Monday, 06 August 2012 11:41 AM

අනේ පවු. (නි)

:       0       0

දයා-සවුදි Monday, 06 August 2012 12:02 PM

ඔන්න බලන්න ඉතිං රටක් හදන්න යන වගකිවයුත්තන්ගේ දැනීමේ තරම. (නි)

:       0       0

ගොපල් Monday, 06 August 2012 12:15 PM

මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා.............. මෙන්න තව දෙයියෝ සාක්කි එකක් ..... (දී)

:       0       0

ජනක Monday, 06 August 2012 12:19 PM

අද ඉන්න ප්‍රාදේශීය දේශපාලකයන් 99% ඔහොම තමා.(දී)

:       0       0

සිසිර කුමාර Monday, 06 August 2012 12:26 PM

චමිලාටත් තියෙන්නේ ඡන්දය ඉල්ලන්න. (නි)

:       0       0

ජනක-බහරේන් Monday, 06 August 2012 12:34 PM

ගුණවතීට නම් තියෙන්නේ හොර උපාධියක් වගෙයි. (නි)

:       0       0

සම්පත් Monday, 06 August 2012 01:10 PM

අධ්‍යාපන ඇමතිකමට මොහු සුදුසු බව මම යෝජනා කරමි. (නි)

:       0       0

සංජු Wednesday, 08 August 2012 07:15 PM

මම නම් උපදේශකයෙක් නෙමෙයි. ඒ වුණාට ඒ දෙකේ තේරුම දන්නවා. (නි)

:       0       0

මාර්ලොන් Tuesday, 07 August 2012 11:44 AM

චමිලා ගුණවතී 2012-08-06 11:34:44 මම උපාධිධාරියෙක් ඒත් මටත් ඔය දෙක පැටලෙනවා(වි) කොහෙන්ද උපාධිය ගත්තේ? (නි)

:       0       0

උපාලි Tuesday, 07 August 2012 05:40 PM

මෙහෙම අයද ගම රට හදන්නයි කියල අපේ ඡන්දෙ ඉල්ලන්නෙ..?? අයියෝ ශ්‍රී ලංකා... අපි ඉවරයි.!!(නු)

:       0       0

සුජිත් Thursday, 09 August 2012 12:51 AM

දැන් භාවිතා වෙන්නේ ඒ ලෙවල් , ඕ ලෙවල් නේ . ඒකත් නිකන් දැන් ලංකාවට තම්බපණ්ණි කියන්නේ නැහැ වගේ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 06 August 2012 04:49 PM

චමිලාට ඇත්තේ බී.එස්.සී.(සාමාන්‍ය පෙළ) වෙන්න ඇති. (නි)

:       0       0

ජයරත්න Tuesday, 07 August 2012 12:57 PM

අනේ ගුණවතී, ඔයා සරසවි ගියේ පරිඝණකයක සිදුවූ දෝෂයකින්ද? (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 01:44 PM

දෙයියෝ සාක්කි! මෙන්න දැන් කාන්තාවන්ටත් මේ දෙක පැටළෙන ලෙඩේ හැදිලා. (නි)

:       0       0

ලාංකිකයා Monday, 06 August 2012 08:35 PM

අන්න , ඔක තමයි දේශපාලනඥයෙක් විමේ මුලික සුදුසු කම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 315 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 558 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 562 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1195 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 694 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 731 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 460 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 117 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site