තම සිඟිති දියණියගේ අතින් අල්ලාගෙන අවුරුදු සාප්පු සවාරියේ ගිය තරුණ මවක් තම දරුවා වෙනුවට වෙනත් දරුවකුගේ අතින් අල්ලාගෙන මාතර ආපන ශාලාවකට ගොඩවිය. ඇය පැය ගණනක් දියණිය සමග සාප්පු සවාරියේ යෙදීමෙන් පසු ආපන ශාලාවකට ගොඩ වැදුණේ පිපාසය නිවා ගැනීමටය. දැරියට ද කිසියම් ආහාරයක් ලබාදීමට ඇය දෙස බැලූ විට මවට තරු පෙනුණේ ඒ වෙනත් දැරියක බව පෙණුන හෙයිනි. තමා අවසානයේ රැඳී සිටි රෙදි සාප්පුවට මේ දැරිය සමග කඩිනමින් දිවගිය ඇය දක්නට ලැබුණේ තම දියණිය හඬමින් සිටින බවයි. දැරියක නැති වූ මාපිය යුවළක් එහි කලබලකාරීව හැසිරෙන බවත් ඇය දුටුවාය. මේ වරද නිවැරදි කර දුන් රෙදි සාප්පුවේ ආරක්‍ෂක නිලධාරියා කීවේ පාරිභෝගිකයන්ගේ බඩු ආරක්‍ෂා කරදීමට කුටියක් ඉදිකළාක් මෙන් දරුවන් ආරක්‍ෂාකර දීමටද කුටියක් තනා දරුවාගේ හිමිකරුවන්ට අංකයක් දීමට සුදුසු කාලය එළඹ ඇති බවකි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අම්මේ, දරුවා පරිස්සමින්.පාරට බැහැලා ගියා නම් එහෙම?