දිනය සිකුරාදාවකි. දකුණේ කුරුඳුවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක මඟුල් සාදයක් තිබිණි. ප්‍රදේශයේ සමාගමක සේවය කළ තරුණයකු තරුණියක හා අතිනත ගත් සාදයට එම සමාග මේ මිතුරන්ට ආරාධනා ලැබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයටය.
නැටුම් ගැයුම් පිරි සාදය මැද තරුණ පිරිස් මධුවිත ද තොලගාමින් කලකට පසු විනෝද වූයේ පදම ද නොතකමිනි. මනාලයාගේ මිතුරන් කිහිපදෙනකු හතරගාතේ වැටුණු පසු යතුරුපැදිවල පැමිණි සිවුදෙනකු නිවෙස් බලා පිටත්වන්නට පටන් ගත්තේ පදම හරි යැයි දැනුන නිසාය. යතුරුපැදි දෙකකින් තරුණයෝ සිවුදෙනා ගමන් ඇරඹූහ.
පිටුපස යතුරුපැදියේ ගිය තරුණයාගේ සපත්තු තිබුණේ අතේය. කළුවර තැනකදී අතේ දමාගෙන සිටි සපත්තුවක් බිම වැටිණි. යතුරුපැදියේ එළියෙන් අත රැඳි ජංගම දුරකතන එළියෙන් ද සපත්තුව සෙවීමට දෙදෙනා කටයුතු කළේ මත්වතුරෙන් බොඳ වූ නෙත්වලිනි. මහ රෑ ගෙවල් අසල ගැවසෙන තරුණ දෙදෙනා දුටු ගම්මු පැමිණ ප්‍රශ්න කරන්නට වූ පසු එය බහින් බස්වීමක් බවට පෙරළිණ.
එය ගුටිබැට හුවමාරුවක් වන්නට ගතවුණේ ස්වල්ප මොහොතකි. අනෙක් යතුරුපැදියේ දෙදෙනා ද ආපිට ආපසු ගම්මු පොලිසියට දැනුම් දුන්නේ ගුටිබැට හුවමාරුව දරුණු වූ නිසාය.
මඟුලට ගිය මනාලයාගේ මිතුරන් සිවුදෙනාත්, ගමේ දෙතුන් දෙනකුත් පොලිසියේ කූඩුවට දැම්මේ පිරිසකට වෙරි හිඳෙන්නට ද ඉඩ සලසමිනි. මඟුල් ගෙදර ගොස් හිර කූඩුවේ වැටුණු සිවුදෙනා සොයා මනාලයා උදේම පොලිසියට ගියේ ලද ආරංචියකටය. මනාලයා දුටු මිතුරන්ට ලජ්ජා සිතිනි. සපත්තු කතාව සත්‍ය බව තහවුරු වූ පසු දෙපිරිස සාමදාන වී වෙන් වූයේ වැඩට ගිහින් ඉවරයි මචන් යැයි කියමිනි. ඌරගස්මන්හන්දිය බී.පී. අමරසිංහ
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සපත්තුවක් හොයන්න ගිහින් පොලිසියෙත් ලැගලා