(ඉබ්බාගමුව - සම්පත් සෙනෙවිරත්න)
ඉබ්බාගමුව, කුඹුක්වැව පිහිටි කුඩා අවන්හලකට පෙරේදා (21) සවස සුඛෝපභෝගී කාරයකින් පැමිණි හොඳින් හැඳ පැළඳගත් වැදගත් පෙනුමැති මහත්මයකු කොත්තුරොටී දෙකක් මිලට ගෙන අවන්හලේ තිබූ ඉතා වටිනා පැරණි පෝසිලේන් පිඟානක් ද සොරකම් කරගෙන පලා ගිය බව එහි හිමිකරු පවසයි.
ඉබ්බාගමුව, කුඹුක්වැව මංසන්ධිය අසලම ඇති පැරණි ආප්ප කඩයකි. මෑතක සිට කුඩා අවන්හලක් ලෙසින් කොත්තුරොටී, ෆ‍්‍රයිඞ් රයිස්, ඩෙවල්, පරාටා වැනි කෑම ද අලෙවි කරන අතර සැමදා සවස් භාගය වන විට සැලකිය යුතු ගනුදෙනුකරුවෝ පිරිසක් මෙහි පැමිණෙති. පෙරේදා (21) සවස මෙම කඩයට සුඛෝපභෝගී කාරයකින් පැමිණි වයස අවුරුදු 40ක පමණ වැදගත් පෙනුමැති මහත්මයෙක් එළවළු කොත්තුරොටී දෙකක් ඇණවුම් කර ඇත්තේ එකක් කෑමට හා අනෙක පාර්සල් යනුවෙනි.
අවන්හලේ හිමිකරු ද මොහු වැදගත් ගනුදෙනුකරුවකු බැවින් තම කඩයේ තිබූ කලාතුරකින් භාවිතයට ගන්නා පැරණි නමුත් වටිනාකමින් ඉතා ඉහළ අගනා පෝසිලේන් පිඟානකට කොත්තුරොටිය බෙදා අනෙක පාර්සල් කර දුන් විට ඔහු මුදල් ද ගෙවා පිඟානෙහි ඇති කොත්තුරොටිය අනුභව කරන බව අඟවමින් සෙමෙන් කාරය අසලට ගිය බවත් තමා මදක් කාර්යබහුල වූ සැණෙන් මොහු පිඟාන ද රැුගෙන කාරයෙහි නැගී ඉගිලී ගිය බවත් පවසන ආපනශාලා හිමිකරු කොත්තුරොටී දෙකෙහිම මිලට වඩා සොරකම් කළ පැරණි පෝසිලේන් පිඟානෙහි වටිනාකම වැඩි බව ද වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලාලිට සීසීටීවී කැමරාත් ගන්න වෙයි, ඉතිරි පිඟන් ටික රැකගන්න. (අ)
සැප රියවලින් එන අය තමයි වැඩියෙන්ම ඔවැනි කැත වැඩ කරන්නේ..(අ)
මුදලාලිට කොන්දක් නැහැ (දී)
අපි වගේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සු මේ වගේ කපටින්ට අහුවෙනවා.දැන් ඉතින් මුදලාලි මහත්තයෝ සීසීටීවී කැමරාත් ගන්න වෙයි, ඉතිරි පිඟන් ටික රැකගන්න. (නි)
වැදගත් පෙනුමැති සැම,වැදගත් යැයි නොසිතන්න. (නි)
දැන් හොරු,මංකොල්ලකාරයින්,කුඩු මුදලාලිලා කොහොමත් එන්නේ සැප වාහන වලින් තමා. (නි)
බුදු බන අනුව කෙනෙකුගේ පෙනුම අනුව ඔහු ගැන තක්සේරු කිරීම සැලකිම නොවටිනා දෙයක් , කඩේ කන කෑම විකුණන කෑම සෑම දෙනාටම එකසේ සැපයුවා නම් , විශේෂයක් නොකර , මෙම පාඩුව සිදුවන්නේ නැහැ , මේවා හොඳ පාඩම් (දී)
වැදගත් මහත්වරුන්ට වැදගත් විදිහට සළකන්න ගියාම අන්තිමට වෙන්නේ ඔය දේ තමා. තියෙන දේත් නැතිකර ගන්නවා. (නි)
කතාවෙන් හෝ සිනාවෙන් මනින්නට බෑ මිනිසා (නදී)
මුදලාලිට හොඳ වැඩේ. හැම ගනුදෙනු කරුවෙකුටම එකවගේ සැලකුවනන් ප්‍රශ්නයක් නෑ. වැදගත් මහත්තය වැඩේ දුන්න. (දී)
ඒ කට්ටිය කොත්තු කනවද (දී)
ලොකු අයට කොන්ද නමන කාටකාටත් හොඳ පාඩමක් (දී)
වාහනයේ නොම්බරේ බලාගෙන 119 ට දැනුම් දෙන්නනේ තිබුනේ.(දිල්)
ඒ කියන්නේ මුදලාලිත් කඩේට එන අයට සලකන්නේ තරාතිරම අනුව නම් එහෙම උනාට කමක් නැහැ. නම ගම නොදැම්මට පත්තරේ දැක්කම හිතෙන් විඳවන තරම තමයි දිට්ට ධම්ම වේදනීය කියන්නේ! එතකොට පිගාන ගෙනිහින් දෙන්න හිතෙයි. (ස)
මගේ කඩේට මේ ලඟදි ආව ෆයිල් ටිකක් සහ පොත් කීපයක් අරගත්ත නෝනා කෙනෙක්. ඇවිත් සන්ලයිට් කුඩ පැකට් එකක් ඉල්ලන ගමන් හිමින් සැරේ එතන තිබුන බැටරි දෙකකුත් බෑග් එකට දාගත්ත. මම ගැන කීවහම, මම ගත්තේ සන්ලයිට් කුඩ පැකට් එකක් විතරයි කිව්වා. මම ඇහුව එතකොට ගත්ත බැටරි කෝ කියල. මොන බැටරිද කියල වේගයෙන් දිව්වා. (නදී)
එයාට අපි වැදගත් හොරෙක් කියමු (දී)
සමානාත්මක තාවය නැති උනාම මෙහෙම වෙනවා (දී)
ලොකු ලොකු මිනිස්සුන්ටත් පොඩි මිනිස්සුන්ගේ ආහාර කන්න ඕන වෙනවා නේද (දී)
කවුරු නමුත් නියම වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)
මම දන්නා එක කඩයකට මවක් එක්ක පොඩි ළමයෙක් ගියා. පොඩි ළමයා යමක් ගෙන සාක්කුවට දාගත්තා. හිමිකරු පොඩි එකා පරික්ෂා කළා. ලැජ්ජාවට පත් මව ළමයාට මුදලාලි කරදර කළා කියලා ප්‍රසිද්ධ කරලා මිනිස්සු ලවා කඩයට ගිනි තිබ්බා. (නි)
සල්ලි වැඩි වෙලා (දී)