IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සපා කෑ සර්පයා පෙට්ටියක දමාගෙන පැමිණ රෝහලේ යකා නටලා

 

(වියලූව වාර්තාකරු)

මැදියම් රැයේ පදමට වෙරි වී නිවෙස බලා යමින් සිටියදී සර්පයෙකු දෂ්ඨ කළ පුද්ගලයකු, එම සර්පයා ටින් එකක දමාගෙන රෝහලකට පැමිණ සර්පයා ප‍්‍රදර්ශනය කරමින් රෝහල තුළ යකා නටන්නට වූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ගම්බද රෝහලකි. මැදියම් රැයේ වෙරි මර ගාතේ එහි පැමිණි මැදිවියේ අයකු ටින් එකක දමාගෙන ආ සර්පයෙකු පෙන්වමින් ඌ තමාට දෂ්ට කළ බව රෝහල් කාර්ය මණ්ඩලයට කියා සිටියේ ඉදිමී තිබූ පාදයක්ද ඔවුන්ට පෙන්වමිනි.

විෂ සහිත සර්පයෙකු බව හඳුනාගත් කාර්ය මණ්ඩලයද වහ වහා ඔහුට ප‍්‍රතිකාර කරන්නට සැරසුනද ඒ වන විටත් පදමට වැදී සිටි ඔහු ඊට බාධා කරන්නට වූවේ ඇඳ මත දඟලමින් හා පරුෂ වචන දොඩවමිනි.

ඔහුගේ දැඟලිල්ලත් සමගම ඔහුගේ අතේ වූ ටින් එකේ සිටි සර්පයාද පිටතට පැමිණ එහේ මෙහේ ඇදෙන්නට පටන්ගත් අතර කාර්ය මණ්ඩලය ඉන් දැඩි භීතියට පත් වූවද මෙම පුද්ගලයා ඉන් ලැබුවේ අපූරු ආශ්වාදයකි.

අවසානයේදී කාර්ය මණ්ඩලයට අවසිහියෙන් දඟලන එම පුද්ගලයා පමණක් නොව සිමෙන්ති පොළවේ ලිස්ස ලිස්සා ඇදෙන සර්පයාද මෙල්ල කර ගන්නට සිදුවූවේ දන්නා සියලූ ශිල්ප අනුගමනය කරමිනි.



අදහස් (0)

සපා කෑ සර්පයා පෙට්ටියක දමාගෙන පැමිණ රෝහලේ යකා නටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site